Ugulai Magulai

Ugulai Magulai

Colour Yet to be released

Yet to be released

61.33% · 1,499 votes
Rate this film

Summary

NameUgulai Magulai
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Tennyson Cooray Main Actress: Amavi Dhanansuriya

සේනක ඉපදුණේම දුප්පත්කම මිට මොළවාගෙනය. පුංචි සන්දියේ සිටම අනේක දුෂ්කරතා විඳ ජීවිතේ ගෙන ගිය ඔහු තරුණ වියට එළඹුණ ද දිළිඳුකම නමැති රකුසා සේනකව ලුහුබැඳීම නවතා තිබුණේ නැත. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් සේනකගේ මව ලෙඩ ඇඳට වැටෙයි. බෙහෙත් හේත් ගෙන ඒමට මුදල් අවශ්‍ය වන බැවින් සේනක ඊට විසඳුමක් සෙවීමට අහස පොළව ගැටලමින් කල්පනා කරයි. ඇත්තේ එකම විසඳුමකි.

ඒ නිවස උගසට තබා මුදල් කීයක් හෝ ලබා ගැනීමය. සේනක එසේ කරයි. එලෙස ලැබුණු මුදල් උපයෝගී කර ගනිමින් මව සුවකර ගැනීමේ අරමුණින් කල් ගෙව්ව ද අවාසනාව තවමත් සේනක වටා සක්මන් කරයි. නොබෝ දිනකින් මව මිය යයි. සේනක මෙලොව තනි වෙයි. නිවස ද නැත.

එය උගස් කොට ගත් මුදල් ද මවගේ අසනීපයට වියදම් කළේය. ඒත් ඵලක් වූයේ නැත. මව ජීවත් නොවීය. සේනක දැන් කබලෙන් ළිපට වැටුණු ගාණය. උගස්කරුවා ගෙයින් සේනකව පන්නා දැමීය. අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් සේනක ඉබාගාතේ ඇවිද යමින් සිටියි. එලෙස වුව ද ඔහුගේ අධිෂ්ඨානයෙහි මඳකුදු අඩුවක් නැත.

සේනක දන්න කියනා මුදලාලි කෙනෙකු ගාව වැඩට යන්නේ කෙසේ හෝ ජීවිතේ ගොඩ යන්නෙමි යන අධිෂ්ඨානයෙනි. සතෙන් සතය රුපියල රුපියල එකතු කරගෙන උගස නිමා කොට නිවස බේරා ගැනීම සේනකගේ ඒකායන පැතුම වේ. මේ අතර සේනකට රමණී නමැති තරුණියක් යෝජනා වෙයි. එම යෝජනාව කෙළවර වන්නේ සේනක හා රමණී විවාහ දිවියට ඇතුළත් වෙමිනි. ඔවුන් දෙපොළ රමණීගේ බාල සහෝදරයාගේ නිවසේ පදිංචි වෙයි.

ක්‍රමයෙන් කාලය ගත වී යයි. හදිසියේම සේනකව සොයා අමුත්තෙක් පැමිණෙයි. ඒ සේනක වැඩ කරන තැන අයිති මුදලාලිගේ පුතා වන රවීය. ඔහු පැමිණ සේනකට පැත්තකට අඬ ගසයි. කාටත් රහසින් රවී පැමිණ සේනකගෙන් ඉල්ලීමක් කරයි. ඒ තමාගේ පෙම්වතිය වූ සෝභාව මෙම නිවෙසේ තාවකාලිකව නවත්වා ගන්නා සැටියටය.

එසේ නොවුවහොත් රැකියාව ගැන බලාපොරොත්තු අතහැර ගන්න කියා ද රවී තර්ජනය කරයි. සෝභාව නිවසේ නවත්වා ගැනීමට රමණී දැඩි අකැමැත්ත ප්‍රකාශ කරයි. එසේ වුවහොත් මඟුල ද අතහරින බව ඇය කියයි. සේනක හිතාගත නොහැකි උගුලකට හසු වී සිටියි.

Cast

Crew

Other Crew