Weli Pawuru

Weli Pawuru

වැලි පවුර

Colour

Film No: 1303  ·  Released: 16 Apr 2019

58.16% · 1,563 votes
Rate this film

Summary

NameWeli Pawuru / වැලි පවුර
Film No1303
Released Date16 Apr 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Mahendra Perera Main Actor: Hemasiri Liyanage Main Actress: Dilhani Ekanayake Producer: Dhammika Athapaththu Director: Sunil Premarathna

Trailer

Description

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ වැලි පවුර සිනමාපටයේ මුහරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. හේමසිරි ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, අකිල සඳකැළුම්, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි නිෂ්පාදනය දම්මික අතපත්තුගෙනි. සජිත වීරප්පෙරුමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද, තරංග රුක්මල්වල අංග රචනයෙන් ද, දර්ශන වික්‍රමතුංගගේ සංගීිතයෙන් ද වැලිපවුර හැඩවේ. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද සුනිල් ප්‍රේමරත්නගෙනි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූපකරණය උපුල් නිශාන්ත විසින් සිදු කරයි. සේයාරුවෙන් දැක්වෙනුයේ වැලි පවුරු සිනමාපටයේ පිරිවර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ සිට මෙරටට පැමිණි සුරූපිණියකි. ඇගේ නම මෙලීෂාය. ශ්‍රී ලාංකික තරුණියකු වූ ඇය හැදී වැඩුණේ එංගලන්තයේය. මෙලීෂා මෙලෙස ලංකාවට පැමිණෙන්නේ ඇගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. ඒ මෙරට පවතින වැඩහිටි නිවාස පිළිබඳවය.

මෙලීෂා හා හා පුරා කියා එවන් වූ ස්ථානයකට පැමිණෙයි. එතැන සිටින වැඩිහිටියන් පිළිබඳ ඇය මහත් සංවේගයකට පත්වේ. ඔවුන් සමඟ කතාබස් කරන මෙලීෂා තම පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයා ගනියි. වැඩිහිටි නිවාසයේ හුදකලා වූ තැනැත්තෙකි. ඔහු සිසිරය. කා සමඟවත් වැඩිපුර කතාවට නොයන සිසිර කල්පනා කරමින් දිවි ගෙවන්නෙකි. මෙලීෂාට ඔහුව හමුවීමට සිත් විය. එහෙත් එතැන පාලිකාව ඊට කැමැති වූයේ නැත.

එහෙත් ඇයට එකඟ නොවන මෙලීෂා සිසිරව හමුවන්නේ තවත් මොනවා හෝ දත්තයන් එකතු කර ගැනීමේ අභිලාෂයෙනි. ඇය සිසිර ළඟට යත්ම ඇයට මොකක්දෝ වෙනසක් දැනිණ. ඒ මොකක්දැයි පැවසීමට මෙලීෂාට හැකියාවක් නොවීය.

ඒ සියලු දේ යටපත් කොට ඇය සිසිර අසල වාඩි ගනියි. බලවත් වූ පෙරැත්තයකින් අනතුරුව සිසිර හඬ අවදි කරන්නට පටන් ගත්තේය. මෙලීෂා සාවධානව ඔහුට ඇහුම්කන් දුන්නාය. සිසිරගේ කතාවේ අවසානයට ළඟා විය. මෙලීෂා හුන් තැනින් නැගිට්ටාය. ඒ අවසානය තමන්ගේ ජීවිතයට ද බලපෑමක් ඇති කරන්නට පුළුවන් වූ එකක් බැවිනි. සුනිල් ප්‍රේමරත්න මෙකී කතාව ඔබට ගෙන එන්නේ වැල්පවුරු නමින් සිනමාපටයකට කැටිකොටය. එය ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය වේ. වැලිපවුරු දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.

Cast

Crew

Other Crew