ප්‍රධාන නගරයෙන් පිටත අර්ධ නාගරික ගම්මානයක අමරබන්දු නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මල් ශාලාව, ගම්මුන් විසින් අමරබන්දු මල් ශාලාව ලෙස නම් කර ඇත. අමරබන්දුගේ බිරිඳ ඉතාමත් චාම් ගති පැවතුම් ඇති නිහතමානී තැනැත්තියකි. ඔවුන්ගේ තරුණ වියේ පසුවන එකම දියණිය අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයට සාරංග නමින් පෙම්වතෙකු සිටින අතර ඔහු විනෝදකාමී කෙළිලොල් තරුණයෙකි. මල්ශාලාවේ වැඩකටයුතු සඳහා ගෝලයන් තිදෙනෙකි. ඔවුන් බාසුන්නැහේ, ගෝලයා පින්තු සහ මිනී කාර් රථය පදවන රත්නා වෙයි. මල්ශාලාවේ වැඩ කටයුතු බොහෝ විට අවුල් කරන්නේ ද මොවුන් තිදෙනාමය. මේ තත්ත්වය නිසා දිනෙන් දින පාඩු ලබන මෙම ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබා දී ලාභ ලබන තත්ත්වයට පත් කර දෙන ලෙස අමරබන්දු මුදලාලිගේ බිරිඳගේ ඥාති පුත්‍රයෙකු වන විශ්ම කර්මගෙන් ඉල්ලා සිටියි. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දෙස් විදෙස් අධ්‍යාපනය ලද ධනාත්මක ගති පැවතුම් ඇති තරුණයෙකි. විශ්ම කර්ම දැන උගත් දේ අනුව අමරබන්දු මල් ශාලාව ලාභ ලබන ආයතනයක් කිරීමේ වගකීම බාර ගනී. ඉන්පසු සිදුවන පෙරළිය “කාසි වාසි” තුළින් ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට හැකි වනු ඇත.