INFOPLOT
Kaasi Vaasi / කාසි වාසි
[ Colour ]
Film No : 1413
Released Date : 2025-01-23
61.854838709677
62% |   248  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

ප්‍රධාන නගරයෙන් පිටත අර්ධ නාගරික ගම්මානයක අමරබන්දු නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මල් ශාලාව, ගම්මුන් විසින් අමරබන්දු මල් ශාලාව ලෙස නම් කර ඇත. අමරබන්දුගේ බිරිඳ ඉතාමත් චාම් ගති පැවතුම් ඇති නිහතමානී තැනැත්තියකි. ඔවුන්ගේ තරුණ වියේ පසුවන එකම දියණිය අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයට සාරංග නමින් පෙම්වතෙකු සිටින අතර ඔහු විනෝදකාමී කෙළිලොල් තරුණයෙකි. මල්ශාලාවේ වැඩකටයුතු සඳහා ගෝලයන් තිදෙනෙකි. ඔවුන් බාසුන්නැහේ, ගෝලයා පින්තු සහ මිනී කාර් රථය පදවන රත්නා වෙයි. මල්ශාලාවේ වැඩ කටයුතු බොහෝ විට අවුල් කරන්නේ ද මොවුන් තිදෙනාමය. මේ තත්ත්වය නිසා දිනෙන් දින පාඩු ලබන මෙම ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබා දී ලාභ ලබන තත්ත්වයට පත් කර දෙන ලෙස අමරබන්දු මුදලාලිගේ බිරිඳගේ ඥාති පුත්‍රයෙකු වන විශ්ම කර්මගෙන් ඉල්ලා සිටියි. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දෙස් විදෙස් අධ්‍යාපනය ලද ධනාත්මක ගති පැවතුම් ඇති තරුණයෙකි. විශ්ම කර්ම දැන උගත් දේ අනුව අමරබන්දු මල් ශාලාව ලාභ ලබන ආයතනයක් කිරීමේ වගකීම බාර ගනී. ඉන්පසු සිදුවන පෙරළිය “කාසි වාසි” තුළින් ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට හැකි වනු ඇත.
 

antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS