INFOPLOTPHOTOS
A Level / A ලෙවල්
[ Colour ]
Film No : 1262
Released Date : 2017-12-18
58.362720403023
58% |   1588  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.
 
උසස් පෙළ සදහා පාසලට අලුතින් ඇතුලුවුනු කන්ඩායමේ අහිංසාත් හිටියා. අලුතින් පාසලට ඇතුලුවුනු පිරිමි ළමයි කෙසේ වෙතත් ගැහැණු ළමයි ගැනනම් විශේෂ උනන්දුවක් ඇතිවී තිබුණා. අහිංසාට ඒ අවධානය නොවඩුව ලැබැණා. අනුත්තරට මෙන් සුන්දර වටපිටාවක් අහිංසාට කවදාවත් තිබුනේ නෑ.විභාග ප්‍රශ්න පත්‍රයෙන් එහාට ගිය ප්‍රශ්නාවලියක ඇය ගිලී සිටියා. ඒවා වරින් වර ඇගේ පාසල් ගමනද අඩාල කලා. නිතර පාසලට නොපැමිනීමත් අහිංසා ගැන අනුත්තරගේ අවධනය යොමු වෙන්න එක හේතුවක් වෙන්න ඇති.
 
අනිත් හැමෝම වගේ අනුත්තරලත් පාඩම් කලා. අමතර පංතිවලටද සහබාගී වණා. විනෝද චාරිකා ගියා. සොදුරු යෞවනයේ අවසන් කඩ ඉම ගෙවමින් අවුරුදු 18 සම්පූර්න වෙමින් නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත් වුණා. විශ්වවිද්‍යාලය පේන මානයට ආවත් යෞවන ප්‍රේමය හා අඩදඔර ඔවුන්ටත් පොදු මාතෘකා වුණා. මේ හැමදේමත් එක්කම ඔවුන් විභාගයට සූදානම් වුනා. අනුත්තරලා අහිංසාලාගේ විතරක් නොව අපි හැමෝගේම උසස් පෙළ කතාව මෙහෙම වෙන්නැති. ආපහු ගිහින් එන්න හිතෙන තරමට ඒක සුන්දරයි
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS