අසූව දශකයේ එක්තරා කාලවකවානුවක දකුණේ හම්බන්තොට ග්‍රාමීය ප්‍රදේශයක එකල පැතිරී ගිය මැලේරියා රෝගයෙන් පීඩා විඳීමින් සිටින ගැමියන් අතර, එම රෝගයෙන් මියැදුණ සිය සැමියාගේ දේහය අසල කුසුම්ලතා වැලපෙමින් සිටී. කුසුමලතා එක්දරු මවකි. ඇයට වයස අවුරුදු හතරක පිරිමි දරුවකු සිටී. නන්දනී හා සෝමපාල කුසුමලතාගේ සමීපතම අසල්වැසියන් ය. ඔවුන්ට දරුවන් නොමැත. කුසුමලතාගේ දරුවාට දැඩි ළෙන්ගතුකමක් දක්වන්නේ ඒ නිසාය. නන්දනී කීප විටක්ම ඇයට දරුවා දෙන ලෙස ඉල්ලා සිටියත් කුසුමලතා එයට අවනත නොවේ. සේපාල පුරුෂාධිපත්‍ය පතුරවාලු, ස්ත්‍රී ලෝලී සල්ලාලයෙකි. දරුවා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නන්දනී කුසුමලතා සමඟ අමනාපව සිටී. කුසුමලතාගේ සැමියා ජීවත්ව සිටියදී ලබාගත් ණය මුදලක් ලබා දෙන ලෙස නන්දනී ඇයට නිතර කරදර කරයි. සේපාලද අසරණ වූ කුසුමලතාගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට මාන බලයි. එය ඉටු නොවූ තැන ඔහු ඇයට වෛර කරයි. දැඩි නියඟය නිසා ගොවිතැන් පාළු වී ගැමියන් දැඩි අර්බුදයකට මුහුණ දෙයි. සැමියා නැති කුසුමලතාට එය තදින්ම බලපායි. ස්වභාවධර්මය සහ මිනිසුන් නිසා වඩාත්ම අසරණ වන කුසුමලතා දරුවා සමඟින් ජීවන අරගලයට මුහුණ දෙන අයුරු දිසිදිපත් හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු