Divya Premaya

Divya Premaya

දිව්‍ය ප්‍රේමය

Black & White & Tone 35mm

Film No: 4  ·  Released: 22 May 1948

57.38% · 2,155 votes
Rate this film
Special Message

ලයිලා මජ්නු හින්දි චිත්‍රපට කතාව ඇසුරින්

Summary

NameDivya Premaya / දිව්‍ය ප්‍රේමය
Film No4
Released Date22 May 1948
ColorimeterBlack & White & Tone
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
StudioSouth India Shanmuga & Madras Neptune
Main Actor: Luman Rajapaksha Main Actress: Srimathi Karuna Dewi Producer: M.K. Kuppusami Producer: N. Thureisigham Director: D.S. Babu Director: N.V. Javeri

Description

ප්‍රදර්ශනය මුලින්ම - ජින්තුපිටිය ටෝකීස් - කිංස්ලි - ක්වින්ලන් නුගේගොඩ - මෝහිනී ගාල්ල, නිව් ට්‍රිවෝලි නුවරඑළිය - මොඩර්න් – බදුල්ල

මංගල දර්ශනය - කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් කිංස්ලි තියටර්ස්හිදී

චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය - අවුරුදු 2 මාස 06 යි

ලලිතා සහ පැරකුම් අතරේ මිතුදහම ඇතිවූයේ ඔවුන් පාසැල් ළමාවියෙහිදි සිටය. කිසියම් වරදකට ගුරුතුමා පැරකුම්ට වේවැල් පහර දෙද්දී පවා ලලිතා දුකින් වැළපුනාය. සිතින් තැවුනාය. ලලිතාගේ පියා සිංහබාහු වූකලී මහා සිටුවරයෙකි. පැරකුම් දහය නමැති සාමාන්‍ය සෙනෙවියෙකුගේ පුතෙකි. ඔවුන්ගේ සමාජ තත්වය අහසට පොළොව මෙන් දුරස්තය. එහෙත් ලලිතා සහ පැරකුම්ගේ සබැඳියාව නොවෙනස්ව පැවතිනි.

ඔවුන් තාරුණ්‍යයට පත්වීමත් සමඟ පෙර මිතුදම දැඩි ප්‍රේම සබැඳියාවකට පෙරළින. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඔවුනොවුන් නොදැක සිටීමට පවා අපහසු විය. සිංහබාහුගේ සේවකයෙකු වන ටිකිරා විසින් ලලිතා සහ පැරකුම් අතරෙහි පවත්නා පෙම් සබැඳියාව හෙළිදරව් කිරීමෙන් පසු කෝපයෙන් වියරු වැටුනු සිටුවරයා පැරකුම්ගේ පියාට තර්ජනය කරමින් තම දියණිය සමඟ පවතින සම්බන්ධය වහා නවත්වන ලෙස පැරකුම්ට අවවාද කරන ලෙසට දැනුම්දෙයි. ඉන් සිදිවූයේ පැරකුම්ගේ සහ ලලිතාගේ ප්‍රේමය තවදුරටත් වර්ධනය වීම පමණි. පැරකුම් වැනි සිය තත්වයට නොගැළපෙන තරුණයෙකු සමඟ තම දියණිය ප්‍රේමයෙන් බැඳී සිටීම සිටුවරයා සැලකුවේ එය තම කුල අභිමානයට සිදුවිය හැකි නොමැකෙන කැලලක් ලෙසටය.

ඊට පිළියම් ලෙස ඔහු ලලිතාව කැටුව වෙනත් දුරබැහැර මන්ධිරයක වාසයට ගියේය. තම පෙම්වතිය එසේ දුරස්වීමෙන් පසු පැරකුම් උම්මත්තකයෙකු සේ ඇයව සොයමින් ගමින් ගමට සැරිසරයි. මේ අතර සෙංකඩගල රාජධානියේ රජකම් කරන රජුගේ පුත්‍රයෙකු වන නරේන්ද්‍රසිංහයෝ රූමත් ලලිතා පිළිබඳව තොරතුරු දැන ඇයව ආවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටුවරයා වෙත යෝජනාපත් යවයි. එම යෝජනාවට කැමතිවුනු සිටුවරයා, ලලිතාගේ දැඩි අකැමැත්ත ගැනද නොසලකා ඇයව නරේන්ද්‍රට සරණපාවා දෙයි. නරේන්ද්‍රගේ වාසභවනයට පැමිනි දා පටන් තම පෙම්වතා ගැන සිතමින් දිවා රෑ ශෝකයෙන් කාලය ගතකරයි. ඇයගේ මෙම දුක්ඛිත තත්වය සැකහැර දැනගත් නරේන්ද්‍රසිංහ සානුකම්පිතව සිතාබලා තම පියානන් වෙතට ආපසු යැවීමට කටයුතු සම්පාදනය කළේය. ඇයව දෝලාවකින් ගෙනයාම සඳහා සේවකයින්ද යොදවයි. මෙසේ වනදුර්ග තරනය කරමින් දෝලාව ගෙන යන සේවකයින්, ලලිතාගේ භාරකාරයා ලෙස යන ටිකිරාව මරා දමා ලලිතා සතු රන් මුතු මැණික් ආභරන පැහැරගැනීමට කුමන්ත්‍රණය කරයි. එම කුමන්ත්‍රනයේ ප්‍රථිඵලය වූයේ සේවකයින් අතරෙහි දරුණු ගැටුමක් ඇතිවීමයි. ඉන් ටිකිරා මරුමුවට පත්වුනු අතර ලලිතා ඔවුන්ගෙන් මිදී තම පෙම්වත් පැරකුම් සොයමින් නිරාහාරව ඉබාගාතේ ඇවිදියි. එසේ යන ඇය, කඳුගැටයකට නැගී අවට විමසුම් ඇසින් බලද්දී උමතුවෙන් ගමන් කරන පැරකුම් දැකගත හැකිවිය.

ඇය කලබලයට පත්ව පැරකුම් වෙත යාමට තැත් කරත්ම පය පැකිළී කඳුගැටයෙන් පහළ පාතාලයට ඇදවැටින. එය දුටු පැරකුම් තම පෙම්වතිය බේරාගනුවස් පාතාලයට පැන්නේය. එම පාතාලය තුලදී ඔවුනොවුන් එකිනෙකා වැළඳගෙන ප්‍රේමයේ අමරනීයත්වය පසක් කරවමින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

-කලාභූෂන- වැළිහිඳ මුනිරත්න-

Film No: 4 - Year: 1948

Cast

Crew

Other Crew