දිව්‍යමය ප්‍රේමය

දිව්‍යමය ප්‍රේමය

Black & White & Tone 35mm

Film No: 4  ·  Released: 22 May 1948

57.38% · 2,155 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ලයිලා මජ්නු හින්දි චිත්‍රපට කතාව ඇසුරින්

සාරාංශය

නමදිව්‍යමය ප්‍රේමය
චිත්‍රපට අංකය4
තිරගත වූ දිනය22 May 1948
වර්ණ ක්‍රමයBlack & White & Tone
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
චිත්‍රාගාරයSouth India Shanmuga & Madras Neptune
ප්‍රධාන නළුවා: ලූමන් රාජපක්ෂ ප්‍රධාන නිළිය: ශ්‍රීමති කරුනාදේවි නිෂ්පාදනය: එම්. කේ. කුප්පුසාමි නිෂ්පාදනය: එන්, තුරෙයිසින්ග්හම් අධ්‍යක්ෂණය: ඩී. එස්. බාබු අධ්‍යක්ෂණය: N.V. Javeri

සිනමාහල් සහ ප්‍රදර්ශන

Tokies

කොළඹ
ප්‍රථම ප්‍රදර්ශනය ස්ථිරව වසා ඇත

Mohini

ගාල්ල
ප්‍රථම ප්‍රදර්ශනය ස්ථිරව වසා ඇත

New Trivoli

රාගල
ප්‍රථම ප්‍රදර්ශනය ස්ථිරව වසා ඇත

Modern

බදුල්ල
ප්‍රථම ප්‍රදර්ශනය ක්‍රියාත්මකයි
මංගල දර්ශනය ක්‍රියාත්මකයි

කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන්

විස්තරය

ප්‍රදර්ශනය මුලින්ම - ජින්තුපිටිය ටෝකීස් - කිංස්ලි - ක්වින්ලන් නුගේගොඩ - මෝහිනී ගාල්ල, නිව් ට්‍රිවෝලි නුවරඑළිය - මොඩර්න් – බදුල්ල

මංගල දර්ශනය - කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් කිංස්ලි තියටර්ස්හිදී

චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය - අවුරුදු 2 මාස 06 යි

ලලිතා සහ පැරකුම් අතරේ මිතුදහම ඇතිවූයේ ඔවුන් පාසැල් ළමාවියෙහිදි සිටය. කිසියම් වරදකට ගුරුතුමා පැරකුම්ට වේවැල් පහර දෙද්දී පවා ලලිතා දුකින් වැළපුනාය. සිතින් තැවුනාය. ලලිතාගේ පියා සිංහබාහු වූකලී මහා සිටුවරයෙකි. පැරකුම් දහය නමැති සාමාන්‍ය සෙනෙවියෙකුගේ පුතෙකි. ඔවුන්ගේ සමාජ තත්වය අහසට පොළොව මෙන් දුරස්තය. එහෙත් ලලිතා සහ පැරකුම්ගේ සබැඳියාව නොවෙනස්ව පැවතිනි.

ඔවුන් තාරුණ්‍යයට පත්වීමත් සමඟ පෙර මිතුදම දැඩි ප්‍රේම සබැඳියාවකට පෙරළින. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඔවුනොවුන් නොදැක සිටීමට පවා අපහසු විය. සිංහබාහුගේ සේවකයෙකු වන ටිකිරා විසින් ලලිතා සහ පැරකුම් අතරෙහි පවත්නා පෙම් සබැඳියාව හෙළිදරව් කිරීමෙන් පසු කෝපයෙන් වියරු වැටුනු සිටුවරයා පැරකුම්ගේ පියාට තර්ජනය කරමින් තම දියණිය සමඟ පවතින සම්බන්ධය වහා නවත්වන ලෙස පැරකුම්ට අවවාද කරන ලෙසට දැනුම්දෙයි. ඉන් සිදිවූයේ පැරකුම්ගේ සහ ලලිතාගේ ප්‍රේමය තවදුරටත් වර්ධනය වීම පමණි. පැරකුම් වැනි සිය තත්වයට නොගැළපෙන තරුණයෙකු සමඟ තම දියණිය ප්‍රේමයෙන් බැඳී සිටීම සිටුවරයා සැලකුවේ එය තම කුල අභිමානයට සිදුවිය හැකි නොමැකෙන කැලලක් ලෙසටය.

ඊට පිළියම් ලෙස ඔහු ලලිතාව කැටුව වෙනත් දුරබැහැර මන්ධිරයක වාසයට ගියේය. තම පෙම්වතිය එසේ දුරස්වීමෙන් පසු පැරකුම් උම්මත්තකයෙකු සේ ඇයව සොයමින් ගමින් ගමට සැරිසරයි. මේ අතර සෙංකඩගල රාජධානියේ රජකම් කරන රජුගේ පුත්‍රයෙකු වන නරේන්ද්‍රසිංහයෝ රූමත් ලලිතා පිළිබඳව තොරතුරු දැන ඇයව ආවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටුවරයා වෙත යෝජනාපත් යවයි. එම යෝජනාවට කැමතිවුනු සිටුවරයා, ලලිතාගේ දැඩි අකැමැත්ත ගැනද නොසලකා ඇයව නරේන්ද්‍රට සරණපාවා දෙයි. නරේන්ද්‍රගේ වාසභවනයට පැමිනි දා පටන් තම පෙම්වතා ගැන සිතමින් දිවා රෑ ශෝකයෙන් කාලය ගතකරයි. ඇයගේ මෙම දුක්ඛිත තත්වය සැකහැර දැනගත් නරේන්ද්‍රසිංහ සානුකම්පිතව සිතාබලා තම පියානන් වෙතට ආපසු යැවීමට කටයුතු සම්පාදනය කළේය. ඇයව දෝලාවකින් ගෙනයාම සඳහා සේවකයින්ද යොදවයි. මෙසේ වනදුර්ග තරනය කරමින් දෝලාව ගෙන යන සේවකයින්, ලලිතාගේ භාරකාරයා ලෙස යන ටිකිරාව මරා දමා ලලිතා සතු රන් මුතු මැණික් ආභරන පැහැරගැනීමට කුමන්ත්‍රණය කරයි. එම කුමන්ත්‍රනයේ ප්‍රථිඵලය වූයේ සේවකයින් අතරෙහි දරුණු ගැටුමක් ඇතිවීමයි. ඉන් ටිකිරා මරුමුවට පත්වුනු අතර ලලිතා ඔවුන්ගෙන් මිදී තම පෙම්වත් පැරකුම් සොයමින් නිරාහාරව ඉබාගාතේ ඇවිදියි. එසේ යන ඇය, කඳුගැටයකට නැගී අවට විමසුම් ඇසින් බලද්දී උමතුවෙන් ගමන් කරන පැරකුම් දැකගත හැකිවිය.

ඇය කලබලයට පත්ව පැරකුම් වෙත යාමට තැත් කරත්ම පය පැකිළී කඳුගැටයෙන් පහළ පාතාලයට ඇදවැටින. එය දුටු පැරකුම් තම පෙම්වතිය බේරාගනුවස් පාතාලයට පැන්නේය. එම පාතාලය තුලදී ඔවුනොවුන් එකිනෙකා වැළඳගෙන ප්‍රේමයේ අමරනීයත්වය පසක් කරවමින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

-කලාභූෂන- වැළිහිඳ මුනිරත්න-

රංගන ශිල්පීන්

ලූමන් රාජපක්ෂ
ලූමන් රාජපක්ෂ
පැරකුම් ලෙස
ශ්‍රීමති කරුනාදේවි
ශ්‍රීමති කරුනාදේවි
ලීලා ලෙස
පීටර් සිරිවර්ධන
පීටර් සිරිවර්ධන
ජනරාල් ලෙස
කමලා සෙනෙවිරත්න
කමලා සෙනෙවිරත්න
නිළිය
සත්‍යාවති
සත්‍යාවති
නිළිය
රාණි මොල්ලිගොඩ
රාණි මොල්ලිගොඩ
නිළිය
රොබට් රත්නායක
රොබට් රත්නායක
නළුවා
එම්. සයිමන් පෙරේරා
එම්. සයිමන් පෙරේරා
නළුවා
එම්. එම්. සුමනාවතී
එම්. එම්. සුමනාවතී
නිළිය
පී. කේ. ජයන්ත රාජදාස
පී. කේ. ජයන්ත රාජදාස
නළුවා
ටි . ඩී. බැසිල් බොතේජු
ටි . ඩී. බැසිල් බොතේජු
නළුවා
විමලා කාන්ත
විමලා කාන්ත
නිළිය
ඕගන් රොද්‍රිගු සේනානායක
ඕගන් රොද්‍රිගු සේනානායක
නළුවා
ප්‍රැන්සිස් මොල්ලිගොඩ
ප්‍රැන්සිස් මොල්ලිගොඩ
නළුවා
චන්ද්‍රා දසනායක
චන්ද්‍රා දසනායක
නළුවා
සීතා රණසිංහ
සීතා රණසිංහ
නිළිය
ඇස්ලින් රණසිංහ
ඇස්ලින් රණසිංහ
නිළිය
එම්.ඒ .  සොමිපාල
එම්.ඒ . සොමිපාල
නළුවා
බී. රොබට් පෙරේරා
බී. රොබට් පෙරේරා
නළුවා
ශ්‍රීමති ෆ්ලොරිඩා දේවි
ශ්‍රීමති ෆ්ලොරිඩා දේවි
නිළිය
ටී.එල්. සිමියොන් ද සිල්වා
ටී.එල්. සිමියොන් ද සිල්වා
නළුවා
ශ්‍රීමා කමලා කාන්ති
ශ්‍රීමා කමලා කාන්ති
නිළිය
ඩේසි හැනෙල්ල
ඩේසි හැනෙල්ල
නිළිය
ෆ්‍රීඩා හනැල්ල
ෆ්‍රීඩා හනැල්ල
නිළිය
සෝමාවතී පෙරේරා
සෝමාවතී පෙරේරා
නිළිය
බේබි යසවතී
බේබි යසවතී
නළුවා

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play