Eka Thamai Meka

Eka Thamai Meka

ඒක තමයි මේක

Colour Digital

Film No: 1463  ·  Released: 19 Jun 2026

0% · 0 votes
Rate this film

Summary

NameEka Thamai Meka / ඒක තමයි මේක
Film No1463
Released Date19 Jun 2026
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryComedy
Director: Suranga De Alwis Producer: Evoke Films

Trailer

මෙහිදී හමුවන ලකා-සිකා-ජනා-ප්‍රියා-ලෝචි සහ රැට්ටා යන අය විදේශ ගත වීමේ සිහිනය සිත දරා පැමිණ, වංචනිකව පවත්වාගෙන යනු ලැබූ විදේශ රැකියා ඒජන්සි ඒජන්සිකරුවකුගේ ප්‍රෝඩාවට හසුවූ තරුණ කණ්ඩායමකි. ඔවුන් ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය හා ජර්මනිය වැනි විදේශයන් වෙත ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු විය. විදේශ ගතවීමේ සිහිනය බිඳී ගියද, ඔවුනට තම තමන්ගේ නිවෙස් වෙත යාමට නොහැකි වූයේ සියලු දෙනාම විවිධාකාරයෙන් ණයවී මෙම ගමන සඳහා මුදල් සොයාගෙන තිබීම හේතුවෙනි. බොහොමයක් ඉඩම් උකස් කර, පොලියට සහ බැංකු ණය මගින් මුදල් සොයාගෙන තිබිණි.බැරෑරුම් ගැටලුවකට මැදිව සිටියදී අහඹු ලෙස හමුවන පත්තර කොළයක සඳහන්ව තිබූ එක්තරා දැන්වීමක් ඔවුනට නව බලාපොරොත්තුවක් එක් කිරලීමට සමත් වෙයි. එහි තිබුණේ ජාත්‍යන්තර නාට්‍ය තරඟයකට අයදුම් පතක් වන අතර, තරඟයේ පළමු වටයෙන් ජය ගතහොත් ලොව පුරා සංචාර රැසක් හිමිවන බවයි. රට පැනීමට මෙය හොඳ අවස්ථාවක් යැයි සිතා ඔවුන් සියල්ලන් නොහඳුනන නගරයක බෝඩිමක් ගෙන නතර වී මෙම තරඟය සඳහා ඉදිරිපත්වීමට තීරණය කරයි.ඔවුනට සිරිල් අයියා හමුවන්නේ ඔය අතරතුරදී වන අතර, මෙම පිරිසට උදව් කිරීමට ඔහු එකඟ වෙයි. ඔවුන්ගේ ඉලක්කයන් වෙත ගමන් කරන්නේ කෙසේද යනු, ‘ඒක තමයි මේක’ තුළින් පැහැදිලි කරදී ඇත. මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි.

sarasaviya.lk

Cast

Crew

Other Crew