PLOT
මේ රජාධි රාජසිංහගේ මරණ මංචකයයි. ඔහු මහනුවර රජ කරන තෙවැනි නායක්කාර වංශිකයාය. ඔහුගේ ප්‍රධාන අමාත්‍ය පිළිමතලාවේ මහ අධිකාරම්ගේ සිත තුළ කාලයක් පුරා මේරූ කුමන්ත්‍රණය මුදුන් පත්වන්නට නියමිතය. රජුගේ අග බිසවගේ නැඟණියගේ පුතු වූ සොළොස් හැවිරිදි වියේ පසු වූ කන්නසාමි එවකට හඟුරන්කෙත වී කෙත් සහ ගබඩා බාරව සිටියේය. පිළිමතලාවේ විසින් වහාම ඔහු රජ වාසල වෙත කැඳවන ලදී. නොබෝ දිනකින් රජාධි රාජසිංහ මෙලොව හැර ගියේය.
කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක කරන ලදී. මේ ගෙවෙන්නේ 1798 වර්ෂයයි. නායක්කර් වංශිකයන්ගේ සිව් වැනි රජු ලෙස ශ්‍රී වික්‍රම රාජ්‍ය පාලනය ගෙන යයි. මේ අතරවාරයේදී රජතුමෝ තවත් තීරණයක් ගත්හ. ඒ තමන් වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ පිළිමතලව්වේට බලතල රාශියක් ලබාදීමය. එය ඔහුට රජකම ලැබුණා හා සමාන විය. පුරා වසර පහක් නිළ නොලත් රජු ලෙස බොහෝ දේ පාලනය කළේ පිළිමතලව්වේය. මේ කාලය තුළ ඔහු විසින් සිය අභිප්‍රායන් මුදුන් පත් කර ගත්තේය. ශ්‍රි වික්‍රම ඔහු කළ ඇතැම් කාර්යන් ගැන පවා නොදත්තේය. සමස්ත දේශපාලන පද්ධතියම පිළිමතලව්වේ විසින් සිය පාලනයට නතු කරගෙන අහවරය. මේ අතර වාරයේ ඔහු මාන බලන්නේ රජ පුටුවටය.මේ කතාව ශ්‍රී වික්‍රම රජුගේ අවසානය දක්වා ගලා යනු ලබයි. ගිරිවැසිපුර යනුවෙන් එහි අධ්‍යක්ෂ දේවින්ද කොන්ගහගේ නම තබා තිබේ. දේවින්ද එයට පාදක කොට ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිර අඩස්සියේදී සමීපව ඇසුරු කළ දොන් දියෙස් තැබූ සටහන් අනුසාරයෙන් වීම විශේෂත්වයකි.