Giriwasipura

Giriwasipura

ගිරිවැසිපුර

Colour Digital Upcoming Movie

Upcoming Movie

59.37% · 2,284 votes
Rate this film

Summary

NameGiriwasipura / ගිරිවැසිපුර
Release StatusUpcoming Movie
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryHistory

Trailer

Description

ලංකාවේ මෙතෙක් අත් විඳ නැති සිනමා අත්දැකීමක් ලබා දීමට දේවින්ද කෝංගහගේ කියන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබෙනවා.

මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමය අලලා සකස් වූ මෙම සිනමා පටය ‘ගිරිවැසිපුර’ නමින් පසුගිය දිනයක සිට වැඩ පටන් ගත්තා.

ගිරිවැසිපුර කියන්නේ පර්යේෂණාත්මක කතාවක්. මෙම දැවැන්ත සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන්නේ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් විසින්.

ගිරිවැසිපුරහී රාජසිංහ රජුගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීන රංඟන ශිල්පී පුබුදු චතුරංග. මෙහි ප්‍රධාන කාන්තා චරිතය හෙවත් අග බිසොවුන්ගේ චරිතය ද්‍රවිඩ ජාතික නිළියක් වන නිරංජනී ශම්මුගරාජා විසින් රඟ දක්වනවා.

ගිරිවැසිපුර කියන්නේ ලංකාවේ බිහි වන පළමු ත්‍රයිභාෂා සිනමාපටය. මෙහි දෙමළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම ගීත නිර්මාණය වී තිබෙනවා.

රාජසිංහ රජ සමය කියන්නේ අපට ඉන්දීය බලපෑම් වැඩි පුර එල්ල වුණ කාලයක්. මේ නිසා ද්‍රවිඩ භාෂාවේ ආභාසය නිරන්තරයෙන්ම අප වෙත එල්ල වුණා. ගිරිවැසිපුර ත්‍රයිභාෂාවෙන්ම ඉදිරිපත් වෙන්නේ මේ කියන සංස්කෘතික මිශ්‍ර වීම පෙන්වන්නත් එක්ක වෙන්න ඕනේ.

මේ රජාධි රාජසිංහගේ මරණ මංචකයයි. ඔහු මහනුවර රජ කරන තෙවැනි නායක්කාර වංශිකයාය. ඔහුගේ ප්‍රධාන අමාත්‍ය පිළිමතලාවේ මහ අධිකාරම්ගේ සිත තුළ කාලයක් පුරා මේරූ කුමන්ත්‍රණය මුදුන් පත්වන්නට නියමිතය. රජුගේ අග බිසවගේ නැඟණියගේ පුතු වූ සොළොස් හැවිරිදි වියේ පසු වූ කන්නසාමි එවකට හඟුරන්කෙත වී කෙත් සහ ගබඩා බාරව සිටියේය. පිළිමතලාවේ විසින් වහාම ඔහු රජ වාසල වෙත කැඳවන ලදී. නොබෝ දිනකින් රජාධි රාජසිංහ මෙලොව හැර ගියේය.

කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක කරන ලදී. මේ ගෙවෙන්නේ 1798 වර්ෂයයි. නායක්කර් වංශිකයන්ගේ සිව් වැනි රජු ලෙස ශ්‍රී වික්‍රම රාජ්‍ය පාලනය ගෙන යයි. මේ අතරවාරයේදී රජතුමෝ තවත් තීරණයක් ගත්හ. ඒ තමන් වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ පිළිමතලව්වේට බලතල රාශියක් ලබාදීමය. එය ඔහුට රජකම ලැබුණා හා සමාන විය. පුරා වසර පහක් නිළ නොලත් රජු ලෙස බොහෝ දේ පාලනය කළේ පිළිමතලව්වේය. මේ කාලය තුළ ඔහු විසින් සිය අභිප්‍රායන් මුදුන් පත් කර ගත්තේය. ශ්‍රි වික්‍රම ඔහු කළ ඇතැම් කාර්යන් ගැන පවා නොදත්තේය. සමස්ත දේශපාලන පද්ධතියම පිළිමතලව්වේ විසින් සිය පාලනයට නතු කරගෙන අහවරය. මේ අතර වාරයේ ඔහු මාන බලන්නේ රජ පුටුවටය.මේ කතාව ශ්‍රී වික්‍රම රජුගේ අවසානය දක්වා ගලා යනු ලබයි. ගිරිවැසිපුර යනුවෙන් එහි අධ්‍යක්ෂ දේවින්ද කොන්ගහගේ නම තබා තිබේ. දේවින්ද එයට පාදක කොට ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිර අඩස්සියේදී සමීපව ඇසුරු කළ දොන් දියෙස් තැබූ සටහන් අනුසාරයෙන් වීම විශේෂත්වයකි.

Cast

Crew

Other Crew