INFO
Paliganeema [ Silent ] / පළිගැනීම
[ Black & White 16mm ]
Released Date : 1936-05-19
57.826086956522
58% |   644  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Paliganeema / පළිගැනීම
[ Silent ]Released Date : 1936-05-19
Colorimeter : Black & White
Video Format : 16mm
Category :
Main Actor : N.R. Dias
Main Actress : Sri Kantha
Director : W. Don Edward
Producer : W. Don Edward

 
DESCRIPTION

මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ලාංකිකයන්ගේ ව්‍යායාමයක ප්‍රතිඵලයකි. එහෙත් ඉතිහාසය විසින් කරන ලද වරදක් හේතුවෙන් තවමත් ඒ පිළිබඳව ගෞරවය හිමිකරුවනට නොදෙයි.
 
මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේත් අධ්‍යක්ෂණය කළේත්, කැමරාව මෙහෙය වූයේත් ඩබ්ලිව්. දොන් එඩ්වඩ්ය. එඩ්වඩ් ඡායාරූප ශාලා හිමියෙකි. ටවර් හෝල් නළුවෙකි. සංගීතඥයෙකි. එහි රඟපෑවේ එන්. ආර්. ඩයස්, ගුණපාල, ශ්‍රීකාන්තා, ජොශප් සංඝපාල, ඩී. ඒ. සංඝපාල, එච්. ඩබ්ලිව්. සුගතදාස ඇතුළු නළු නිළියන් රැසකි.
 
ඩබ්ලිව්. දොන් එඩ්වඩ් තැනූ පළිගැනීම චිත්‍රපටයට පාදක වනුයේ පියකු මැරූ පළිය ගන්නා පුතකු පිළිබඳ කතාවකි. චිත්‍රපටයේ දිග රීල් 3 කි. එය ආසන්න වශයෙන් පැය භාගයකි. 1936 වන විටත් ලෝකයේ වෘත්තාන්ත චිත්‍රපටයක් දළ වශයෙන් මිනිත්තු 60 ක්ම විය යුතු යැයි අලිඛිත සම්මුතියක් විය.
 
එමෙන්ම කතානාද සිනමාව ලෝකය ආක්‍රමණය කොටත් අවසන්ය. ඒ වන විටත් මෙරට චිත්‍රපට තැනීම ආරම්භ කොට තිබුනේ නැත. එයට 11 වසරකට පෙර එනම් 1925 රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා නමින තනන ලද චිත්‍රපටය අබිරහස් ලෙස ගින්නකට හසුව විනාශ වී ගියේ යැයි සඳහන් වෙයි. මේ ගින්න මදුන් මූම්බායි නගරයේ චිත්‍රපට සමාගමේ ඇති වූ ගින්න විය යුතුය. එයින් චිත්‍රපට සිය ගණනක් විනාශ විය. රාජකීය වික්‍රමය කිසි කලෙක මෙරට තිරගත වූයේ නැත.
 
රාජකීය වික්‍රමය නිෂ්පාදනය කළේ මෙරට සිනමා කර්මාන්තය ගොඩ නැඟීමෙහිලා පුරෝගාමියකු වූ ටී. ඒ. ජේ. නූර්බායි නම් ව්‍යාපාරිකයාය. නූර්බායි මෙරට මුල්ම චිත්‍රපට ප්‍රදර්ශකයන්ගෙන් කෙනෙකි. වැල්ලවත්තේ එදවස පැවැති ප්ලාසා සිනමාහලත්, මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවත් ආරම්භ කරන ලද්දේ ඔහු විසින්ය.
 
එහෙත් පළිගැනීම මෙරට හෝ තිරගත කරන්නට ලැබුණේ දවස් කිහිපයකි. පළිගැනීම වැනි කතාවක් සමාජයට අහිත කර යැයි නැඟුණු මතයකින් එය ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරිණි. කෙසේ වෙතත් ගෙයිටි සිනමාහලෙන් පසු කොළඹ ආනන්ද මහා විදුහලේ පැවැති සංර්ශනයකදී ද මේ චිත්‍රපටය වරක් තිරගත කළ බව පැවසේ.
 
තම චිත්‍රපටය නිසා ලද අත්දැකීම් හේතුවෙන් එඩ්වඩ් යළි චිත්‍රපටයක් නිපද වූයේ නැත. ඔහු චිත්‍රපට කර්මාන්තයෙන් සමු ගත්තේ ද නැත. තම ප්‍රථම චිත්‍රපටය තනා වසර 11 කට පසු තැනුන දෙවන කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටයේ ඔහු රඟපෑවේය.
 
ඒ අශෝකමාලාගේ තාත්තා හැටියටය. අනතුරුව ඔහු මෙරට චිත්‍රගාරයක රූ ගැන් වූ ප්‍රථම චිත්‍රපටය වූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ ද රඟපෑවේය.
 
ඒ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ (දැන් එස්. පී. එම්.)ය. ඒ අතරතුර හදිසි හෘදයාබාධයක් ඇතිවීමෙන් අනතුරුව හෙතෙම රෝහල් ගතවීමටත් මත්තෙන් චිත්‍රාගාරයේදීම මිය ගියේය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකිකයා (සිංහලයා) වූ එඩ්වඩ් මෙරට ප්‍රථම චිත්‍රාගාරයේ තැනූ ප්‍රථම චිත්‍රපටය අතරතුරම මිය යාම දෛවෝපගත එකකැයි මට සිතේ.
 
දෙන් එඩ්වඩ් පිළිබඳ බොහෝ තොරතුරු මට ලැබුණේ අහම්බයක් හැටියටය. මෙයට වසර ගණනාවකට පෙර සුනෙත් වික්‍රමසිංහ නම් කෙනෙකු මට හමු වූයේය. හින්දි ගීත රසිකයකු වූ හෙතෙම එම දැනහැඳුනුම්කම් මතම කීප වරක් මා නිවසටම සොයා ආවේය. දිනක් සිනමාවේ යටගිය කතා තොරතුරු රැසක් ගොඩ ගනිද්දී කාගේවත් ඇස නොගැසුණ පළිගැනීම පළිබඳ කතාවක් ඇති විණ. 'එඩ්වඩ් කියන්නේ අපේ තාත්තා' ඔහු යැයි හෙළිදරව් කළේය. එඩ්වඩ් මිය යන විට සුනෙත් අත දරුවෙක්ව සිටියේය.
 
ඔහු සතුව තාත්තාගේ වික්‍රමය පිළිබඳ වැඩිමනත් තොරතුරු නොවීය. ඒ කතාන්දර හොඳින්ම දන්නා ඒ වන විටත් බෙහෙවින් වියපත්ව සිටි සිය මෑණියන්ට මා හඳුන්වා දීමට ඔහු උත්සුක වූයේය. එකල එම මෑණියන් ජීවත්ව සිටියේ යක්කලට මඳක් නුදුරිනි. මේ මෑණියන් පළිගැනීම චිත්‍රපටය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කළාය. මම ඒ සියලුම තොරතුරු එකල සරසවිය පුවත්පතට ලියූවෙමි.
 
ඉන් වසරක් ගත වෙද්දී එඩ්වඩ්ගේ බිරින්දෑ, සුනෙත්ගේ මෑණියන් ද මිය ගියාය. පසුව කලක් විදේශගතව සිටි සුනෙත් ද මෙයට වසර කිහිපයකට පෙර හදිසියේ මිය ගියේය. පළිගැනීමේ චිත්‍රපටය තිරගත කළ කොටහේනේ ගෙයිටි සිනමාහල පනස් වසරකට පෙරාතුව වැසි දිනක රාත්‍රියේ හුදකලාවෙම මහ පොළවට පාත් විය.
 
එඩ්වඩ් පරම්පරාගත කලාකරුවකු වූයේය. ඔහුගේ පියා දොන් ජේම්ස් ද දක්ෂ සංගීත ශිල්පියකු විය. ඔහු ප්‍රකටව සිටියේ වයලීන වාදකයකු හැටියටය. තාත්තාගේ හැකියාව පුතාට ද උරුම විය. මේ හැර ජේම්ස් සතු කඩ සාප්පු කිහිපයක්ම කොළඹ පිටකොටුවේ වූ බව පැවසේ. වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ විදේශිකයකු වෙතින් මැජික් ශිල්පය ද ඔහු උගත් අතර ප්‍රොෆෙසර් මැක්නල් නමින් මැජික් සංදර්ශන ද දිවයින පුරා පැවැත්වීය. ඔහු තම චිත්‍රපටය රූගත කළේ තමා විසින්ම වැඩි දියුණු කරන ලද කැමරාවකිනි. එම කැමරාව ඔහු මුලින්ම මිලයට ගෙන තිබුණේ තම ස්ටුඩියෝව උදෙසාය. ඒ විදේශිකයෙකුගෙනි.
 
1901 වසරේ ඉපිද 1952 එඩ්වඩ් මිය ගියේ සිය සහජ හැකියාවන් සියල්ල කවර හෝ අවාසනාවකින් හරි හැටි එළි දකින්නට පෙරාතුවය.
 
ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ එඩ්වඩ්ගේ පළිගැනීම තිරගත වී 11 වසරකට පසුවය. එනම් 1947 වසෙර්ය.
 
සිංහල සිනමාවේ ආරම්භය ලෙස වර්තමානයේ සැලකෙනුයේ කඩවුණු පොරොන්දුව වුවත් එය ඕපපාතික බිහිවීමක් නොවේ. එයට වසර ගණනාවකට පෙර සිටම ඒ සඳහා උත්සුක වූ බොහොමයකි.
 
ඒ අතරින් යම් සාර්ථකත්වයක් ලත් වෙනත් අය නොවෙති. එඩ්වඩ් ඒ අතින් හපනෙකි. හේතුව ඔහු තැනූ ප්‍රථම චිත්‍රපටය එක් දිනක් හෝ තිරගත කළ බැවිනි. අවාසනාව නම් එඩ්වඩ්ට හා නූර්බායිට පුරෝගාමිත්වයේ ගෞරවය දීමට අප අකෘතඥව වීමය.  
 
Anura gunaratne
 
CAST

CREW

Cinematographer
W. Don Edward
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS