W. Don Edward

W. Don Edward

ඩබ්ලිව් දොන් එඩ්වඩ්

Born 1901 Died 1952

1901 - 1952

62.12% · 1,301 votes
Rate this artist

Summary

NameW. Don Edward
Sinhala Nameඩබ්ලිව් දොන් එඩ්වඩ්
Born1901
Died1952

Biography

තම චිත්‍රපටය නිසා ලද අත්දැකීම් හේතුවෙන් එඩ්වඩ් යළි චිත්‍රපටයක් නිපද වූයේ නැත. ඔහු චිත්‍රපට කර්මාන්තයෙන් සමු ගත්තේ ද නැත. තම ප්‍රථම චිත්‍රපටය තනා වසර 11 කට පසු තැනුන දෙවන කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටයේ ඔහු රඟපෑවේය.

ඒ අශෝකමාලාගේ තාත්තා හැටියටය. අනතුරුව ඔහු මෙරට චිත්‍රගාරයක රූ ගැන් වූ ප්‍රථම චිත්‍රපටය වූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ ද රඟපෑවේය.

ඒ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ (දැන් එස්. පී. එම්.)ය. ඒ අතරතුර හදිසි හෘදයාබාධයක් ඇතිවීමෙන් අනතුරුව හෙතෙම රෝහල් ගතවීමටත් මත්තෙන් චිත්‍රාගාරයේදීම මිය ගියේය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකිකයා (සිංහලයා) වූ එඩ්වඩ් මෙරට ප්‍රථම චිත්‍රාගාරයේ තැනූ ප්‍රථම චිත්‍රපටය අතරතුරම මිය යාම දෛවෝපගත එකකැයි මට සිතේ.

දෙන් එඩ්වඩ් පිළිබඳ බොහෝ තොරතුරු මට ලැබුණේ අහම්බයක් හැටියටය. මෙයට වසර ගණනාවකට පෙර සුනෙත් වික්‍රමසිංහ නම් කෙනෙකු මට හමු වූයේය. හින්දි ගීත රසිකයකු වූ හෙතෙම එම දැනහැඳුනුම්කම් මතම කීප වරක් මා නිවසටම සොයා ආවේය. දිනක් සිනමාවේ යටගිය කතා තොරතුරු රැසක් ගොඩ ගනිද්දී කාගේවත් ඇස නොගැසුණ පළිගැනීම පළිබඳ කතාවක් ඇති විණ. 'එඩ්වඩ් කියන්නේ අපේ තාත්තා' ඔහු යැයි හෙළිදරව් කළේය. එඩ්වඩ් මිය යන විට සුනෙත් අත දරුවෙක්ව සිටියේය.

ඔහු සතුව තාත්තාගේ වික්‍රමය පිළිබඳ වැඩිමනත් තොරතුරු නොවීය. ඒ කතාන්දර හොඳින්ම දන්නා ඒ වන විටත් බෙහෙවින් වියපත්ව සිටි සිය මෑණියන්ට මා හඳුන්වා දීමට ඔහු උත්සුක වූයේය. එකල එම මෑණියන් ජීවත්ව සිටියේ යක්කලට මඳක් නුදුරිනි. මේ මෑණියන් පළිගැනීම චිත්‍රපටය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කළාය. මම ඒ සියලුම තොරතුරු එකල සරසවිය පුවත්පතට ලියූවෙමි.

ඉන් වසරක් ගත වෙද්දී එඩ්වඩ්ගේ බිරින්දෑ, සුනෙත්ගේ මෑණියන් ද මිය ගියාය. පසුව කලක් විදේශගතව සිටි සුනෙත් ද මෙයට වසර කිහිපයකට පෙර හදිසියේ මිය ගියේය. පළිගැනීමේ චිත්‍රපටය තිරගත කළ කොටහේනේ ගෙයිටි සිනමාහල පනස් වසරකට පෙරාතුව වැසි දිනක රාත්‍රියේ හුදකලාවෙම මහ පොළවට පාත් විය.

එඩ්වඩ් පරම්පරාගත කලාකරුවකු වූයේය. ඔහුගේ පියා දොන් ජේම්ස් ද දක්ෂ සංගීත ශිල්පියකු විය. ඔහු ප්‍රකටව සිටියේ වයලීන වාදකයකු හැටියටය. තාත්තාගේ හැකියාව පුතාට ද උරුම විය. මේ හැර ජේම්ස් සතු කඩ සාප්පු කිහිපයක්ම කොළඹ පිටකොටුවේ වූ බව පැවසේ. වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ විදේශිකයකු වෙතින් මැජික් ශිල්පය ද ඔහු උගත් අතර ප්‍රොෆෙසර් මැක්නල් නමින් මැජික් සංදර්ශන ද දිවයින පුරා පැවැත්වීය. ඔහු තම චිත්‍රපටය රූගත කළේ තමා විසින්ම වැඩි දියුණු කරන ලද කැමරාවකිනි. එම කැමරාව ඔහු මුලින්ම මිලයට ගෙන තිබුණේ තම ස්ටුඩියෝව උදෙසාය. ඒ විදේශිකයෙකුගෙනි.

1901 වසරේ ඉපිද 1952 එඩ්වඩ් මිය ගියේ සිය සහජ හැකියාවන් සියල්ල කවර හෝ අවාසනාවකින් හරි හැටි එළි දකින්නට පෙරාතුවය.

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ එඩ්වඩ්ගේ පළිගැනීම තිරගත වී 11 වසරකට පසුවය. එනම් 1947 වසෙර්ය.

සිංහල සිනමාවේ ආරම්භය ලෙස වර්තමානයේ සැලකෙනුයේ කඩවුණු පොරොන්දුව වුවත් එය ඕපපාතික බිහිවීමක් නොවේ. එයට වසර ගණනාවකට පෙර සිටම ඒ සඳහා උත්සුක වූ බොහොමයකි.

ඒ අතරින් යම් සාර්ථකත්වයක් ලත් වෙනත් අය නොවෙති. එඩ්වඩ් ඒ අතින් හපනෙකි. හේතුව ඔහු තැනූ ප්‍රථම චිත්‍රපටය එක් දිනක් හෝ තිරගත කළ බැවිනි. අවාසනාව නම් එඩ්වඩ්ට හා නූර්බායිට පුරෝගාමිත්වයේ ගෞරවය දීමට අප අකෘතඥව වීමය.

Anura gunaratne

As a Cast

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 121952 Banda Nagarayata Pemineema බණ්ඩා නගරයට පැමිණීම Actor A.B. Raj, Raja Wahab Kashmeer

Other Type Films

Cinematographer

#Film NoYearFilm Movie Group RoleDirector
1 21936 Paliganeema පළිගැනීම Silent Cinematographer W. Don Edward

Director

#Film NoYearFilm Movie Group RoleDirector
1 21936 Paliganeema පළිගැනීම Silent Director W. Don Edward

Producer

#Film NoYearFilm Movie Group RoleDirector
1 21936 Paliganeema පළිගැනීම Silent Producer W. Don Edward