INFOPLOTSONGSPHOTOSVIDEOS
Peralikarayo / පෙරළිකාරයෝ
[ Colour 35 mm ]
Film No : 626
Released Date : 1986-04-25
59.306197964847
59% |   2162  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

විජය සහෝදරවරුන් සය දෙනෙකුගේ වැඩිමල් සොහොයුරා වේ. තමා බාල අවධියේම අහිමි වූ අම්මාගේ අඩුව පුරවාලමින් සහෝදරයන් පණ සේ රැක බලා ගනියි. එනමුදු සහෝදරයන්ගේ එකමුතුව, නොහික්මීම, අකීකරුකම් නිසාවෙන් විජය තම සහෝදරයන් ඉදිරියේ දර දඬු චරිතයක් වෙයි. මදකට හෝ තමන්ට කීකරුව සිටිනුයේ ඔහුගේ බාලම සොහොයුරා පමණි. අයියාගෙන් බාලයාට විශේෂ සැලකිල්ලක් ලැබේ යැයි සිතා අනෙක් සහෝදර වරුන් ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීය. විජය අනෙක් සහෝදරවරුන්ට එකමුතුකම හොඳින් පහදා දී ඔවුන් සමඟි කරවීය.
 
දිනක් විජය මත්පැන් හලකට ගොඩ වැදුනි. එහි කෙලවරක තම මිතුරා වූ සරත් සිටිනවා දුටීය. තම පෙම්වතිය විරසක වූ බව ඔහු පැවසීය. ගැටලුව නිරාකරණය කිරීමට විජය සරත්ගේ පෙම්වතිය රේඛා සොයා පිට වෙයි. රේඛා හමු වී සියල්ල තේරුම් කරයි. තුෂ්නිම්භූත වූ ඈ විජයගේ කම්මුලට පහරක් එල්ල කරයි.
 
තම මිතුරාගේ පෙම්වතිය යැයි සිතා කතා කර ඇත්තේ වෙනත් කෙල්ලකුටය. කම්මුල් පහර කාගෙන පාරට බැස්සේ ඇයව කෙසේ හෝ ලබා ගන්නවා කියා සිතාය. කිරි මුට්ටි හිසේ ගසාගෙන ඔහු ප්‍රේමයේ ජය ලැබීය.
 
නිවෙසට කැඳවාගෙන එන පෙම්වතිය පිලිගැනීම සඳහා සොහොයුරන් හට නියෝග දුන් විජය විවාහය ලියාපදිංචි කර නිවෙස වෙත මනමලිය කැටුව පැමිණියේය. හදිසියේ වූ ගාල ගෝට්ටියකින් සියල්ල අවුල් විය. නිවෙසට ගොඩ වූ ඈ හැඩි වූ නිවෙසද, වනචාරීන් වැනි සහෝදරයින්ද පිරිසිදු කිරීමට මුලපිරීය.
 
දිනක් සහෝදරයින් විසින් අබ්බගාත තරුණියක් අනතුරකින් බේරාගනු ලබනවා. ඇයටද මිතුරියන් සය දෙනෙකි. අක්කාගේද සහයෝගයෙන් තම පෙම්වතියන් දිනා ගැනීම සඳහා සහෝදරයින් පිලිවෙලක් විය. අබ්බගාත තරුණිය නාලිකා ය. ඇගේ මවු පියන් මියැදුනු දා සිට ඇයව බලාගන්නේ ටොබට් මාමා ය. ඒ දේපලවලට කෑදර කමිනි.
 
කුඩා කල සිටම ආදරයෙන් බලාගත් රොබට් මාමාට තවත් කරදර කිරීමට නොසිතූ නාලිකා මිතුරියන්ද සමඟ හොර රහසේම නිවසින් පිටව තම පෙම්වතුන්ගේ නිවස බලා පිටවිය.
 
තම පෙම්වතුන්ගේ නිවෙස් කරා ඔවුන් පිටව යාම නිසා රොබට්ගේ අරමුණට බැම්මක් ඇති විය. කෙසේ හෝ නාලිකා මරා දමා දේපල ලබා ගැනීමට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වන දාමරිකයෙකු හමුවෙයි. ඔහු සැම්සන්‍ වූ අතර පෙනුමින් විජයම වැනි විය. රොබට් විසින් විජයව පැහැරගන්නා ලදි. විජය මෙන් වෙස් වලාගත් සැම්සන් විජයගේ නිවෙස වෙත පිය මනිනුයේ නාලිකා මරා දමන්නටයි.
 
නාලිකා මරා දමන්නට සූදානම් වුවද ඔහුට හිත් නොදීය. නාලිකා යලි දෙපයින් ඇවිදින්නටද ඔහුම හේතුවක් වූයේය. නොදැනීම සැම්සුන් නාලිකා හට ආදරය කිරීමට පටන් ගැනීය. එනිසාවෙන් ඔහු නිවෙසට ආ කාරණය ගැන සත්‍ය පවසයි.
 
සැම්සුන් විජය බේරාගැනීම සඳහා සහෝදරයන් සමඟ පිටවෙයි. විජයව බේරා ගත් ඔහුට ඔවුන් සමඟ ජීවත් වීමට වරම් ලැබීය. නාලිකාගේ ආදරයද හිමිවිය.
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS