Chandi Rasika

Chandi Rasika

චන්දි රසිකා

Born 04 February

04 February

65.79% · 2,337 votes
Rate this artist

Summary

NameChandi Rasika
Sinhala Nameචන්දි රසිකා
Born04 February

Biography

ඒ 1985 අමරනාත් ජයතිලකගේ අරුණට පෙර චිත්‍රපටය රටවල් 10ක පැවැති සිනමා සම්මාන උලෙළයන් අතර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුයේ අපේ දේශීය සිනමාවට අභිමානයක් ලබා දෙමිනි. අරුණට පෙර දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුවා පමණක් නොව මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟ දැක් වූ යොවුන් නිළිය ජනාධිපති සම්මානයට මෙන්ම ර්‍ණධ්ඛ්ඛ් සම්මානයට පාත්‍ර වුයේ වසරේ හොඳම නිළියට හිමි කිරුළ හිමිකර ගනිමිනි. ඇය චන්දි රසිකාය.

ඇය සිනමාවට පිවිසි ප්‍රථම දෙබස් සහිත චිත්‍රපටය වුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සතර පෙර නිමිති චිත්‍රපටයයි. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව චිත්‍රපට 30කට ආසන්න වුවද, ඇය ප්‍රධාන චරිත රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව අතළොස්සකි. උප ප්‍රධාන චරිත මෙන්ම රූප රාමුවලට පමණක් පෙනී සිටීමට සිදු වූ චරිත ද ඇගේ චිත්‍රපට ගොන්නට එකතු වී ඇත.

චන්දි රසිකා යනු සිංහල සිනමා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයකි. අතිශයින් වැඩිහිටියන්ට පමණයි නැමැති ලේඛලය යටතේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රඟපෑම ඈ ජිවිතයේ ලද ලොකුම සරදමයි. ළැම පමණක් දකින ළය නොදකින සමාජය තුළ චන්දි රසිකා නැමැති රංගන ශිල්පිනියකගේ සියලුම ප්‍රාර්ථනා සිහින බොඳ වී අවසන්ය. මානසිකව කායිකව ඇය පිරිහිමට ලක් වුව ද ඇය ජීවන අරගලයට මුහුණ දෙන්නේ දුක් කම්කටොළු දහසක් මධ්‍යයේය.

සම්මානීය නිළියක වුවද ඇගේ වෛරයත් සමඟ සිය සිනමා ගමනට නැවතීමේ ලකුණු සනිටුහන් කරන්නට ඇයට සිදුවීම සත්තකින්ම ශෝචනීය තත්ත්වයකි.

ඉතිං කොහොමද චන්දි සැප සනීප?

බොහොම අපහසුතා මධ්‍යයේ ජීවන රඟමඩලේ රඟපානවා.

අපි අතීතයට ටිකක් යමු?

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ නුගේගොඩ. ඉගෙන ගත්තේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ අපේ පවුලේ සහෝදර සහෝදරියෝ පස්දෙනයි. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේ අම්මා ගෘහණියක්. දේශපාලන පළිගැනීමක් මත මගේ තාත්තා රස්සාවෙන් ඉවත් කළා. ඒ තමයි අපේ ජීවිතවල වැටීමේ ආරම්භය. පසුව තාත්තාට සමුපකාරේ රැකියාවක් ලැබුණා. මම කුඩා කාලේ මට සිනමාවට පිස්සු වැටිලා හිටියේ. මාලිනි ෆොන්සේකා රඟ පෑ ‘සුහද පැතුම’ තමයි මම ප්‍රථම වරට බලපු චිත්‍රපටය. ඒක බැලුවේ හොරෙන් මගේ යාළුවෙක් එක්ක. ගෙදර ඇවිත් මාලිනි ෆොන්සේකා රඟන හැටි නටන හැටි මම ගෙදර කන්නාඩිය ඉස්සරහට වෙලා කරනවා. මාලිනි ෆොන්සේකා නිසා තමයි මම චිත්‍රපට නිළියක් වන්නට ඇල්මක් ආශාවක් ඇති වුණේ.

මගේ මතකය හරි නම් ඔබ රඟ පෑ ප්‍රථම දෙබස් සහිත චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සතර පෙර නිමිති’ චිත්‍රපටයට සම්බන්ධ වන්නට අවකාශ ලැබුණේ කෙලෙසද?

මගේ පියා රැකියාව කළ සමුපකාරයේ කළමනාකරු මෝතිලාල් ගුණසේකර ඔහු තමයි සසර පෙර නිමිති නිෂ්පාදක ඔහු තාත්තාට කියලා මට මේ අවස්ථාව සලස්වා දුන්නා.

ඔබගේ සිනමා ලැයිස්තුව දෙස බලද්දී ඔබ මීට පෙර දෙබස් නොමැති චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වී තිබුණා නේද?

ඔව්. මම සිනමාවට පිවිසෙද්දී වයස අවුරුදු 14යි. මට ඉතා කුඩා ළමයෙක් නිසා චිත්‍රපට අධ්‍යක්ෂවරු මාව තෝරා ගත්තේ චිත්‍රපටවල රූප රාමුවල පෙනී සිටින දර්ශනවලට පමණයි. කිසිදු දෙබසක් නැහැ. ඒ නිසා මට ඒ චිත්‍රපටවල නම් සඳහන් කරන්න පවා අකැමැතියි. මම ප්‍රධාන චරිතයක් රඟ පෑ චිත්‍රපටයක් තමයි ජෝ මයිකල්ගේ ‘කරාටේ ජෝ’ චිත්‍රපටය. මෙම චිත්‍රපටයේ මම රඟපෑවේ ඔස්වල්ඩ් ජයසිංහ සමඟ. රොබින් ප්‍රනාන්දු තමයි අමරනාත් ජයතිලකට මාව හඳුන්වලා දුන්නේ.

ඔබ සම්මානනීය නිළියක බවට පත් කළ අමරනාත් ජයතිලකගේ ‘අරුණට පෙර’ චිත්‍රපටය ගැන කතා කරමු.

අරුණට පෙර චිත්‍රපටයට මාව තෝරා ගැනීම ගැන මම අදටත් අමරනාත් ජයතිලකට ස්තූති වන්ත වෙනවා. චිත්‍රපටය රටවල් 10 සම්මානයට පාත්‍ර වුණා. ලොස්ඇන්ජලීස් නුවර මියුසියම් එකේ මේ අරුණට පෙර සංරක්ෂණය කර තිබෙනවා. මේ චිත්‍රපටය විදෙස් රටවල සම්මානයට පාත්‍ර වීම අදටත් මට විශාල අභිමානයක්.

ඔබ වෘත්තීය නිළියක ලෙස ‘අරුණට පෙර’ ලද සම්මානයේ අභිමානය පසු කාලීනව රඟ පෑ චිත්‍රපටවලින් ගිලිහි ගියා නේද?

මට අවශ්‍ය වුණා කාන්තාවන්ට සිදුවන අසාධාරණය පිළිබඳ හඬක් නගන්නට. ඒ නිසා 1985 මම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තීරණය කළා. චිත්‍රපටයේ නම සමනල දඩයම අධ්‍යක්ෂණයට තෝරා ගත්තේ ලුවී වැන්ඩස්ට්‍රාටන් මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ දුෂණයට ලක් වූ කාන්තා චරිතයක් ගැන. නමුත් චිත්‍රපටය නිෂ්පාදනය කර ගත නොහැකි තත්ත්වයක පසු වු ණ නිසා වෙනත් නිෂ්පාදකවරුන් අතට චිත්‍රපටය දීමට සිදුවුණා. නව නිෂ්පාදනය කිරීමට සවිමත් ආර්ථිකයක් තිබුණා නම් එවැනි තත්ත්වයක් උදා වන්නේ නැහැ. සමනල දඩයම චිත්‍රපටයෙන් ඉහළ තලයකට යෑමට මට තිබු අවස්ථාව විජය කුමාරතුංග මියයෑමත් සමඟ ගිලිහි ගියා.

ඒ ඇයි?

විජය මේ චිත්‍රපටය කිරීමට යෝජනා කළා. එහෙත් ලුවී කැමැති වුණේ නැහැ විජයට ලබා දෙන්නට. විජය බලාපොරොත්තු වුණේ ටිකක් වෙනස් කරලා චිත්‍රපටය කරන්න. කේශව එදිරිසිංහ මෙම චිත්‍රපටය නිෂ්පාදනයට කැමැති වුණා. සෝමපාල ලීලානන්ද චිත්‍රපටය නිෂ්පාදනයට කැමැති වුණා. සෝමපාල ලීලානන්ද චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමටයි. සැලසුම් කර තිබුණේ නමුත් ලුවී අකැමැති වු නිසා ඒ සියල්ල ගිලිහී ගියා.

ඔබ රඟපෑ ආන්දෝලනාත්මක චිත්‍රපටය ‘ඇගේ වෛරය’?

සමනල දඩයම තමයි ඇගේ වෛරය ලෙස පසුව තිරගත වුණේ. මෙම චිත්‍රපටය වසරේ වැඩිම ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපටය බවට පත් වුණා. බුද්ධිමත් උගත් කාන්තාවන් එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් මට ප්‍රශංසා කළා. මම ජනපි‍්‍රයත්වයට පත් වුණා. සමාජයට වැදගත් පණිවිඩයක් දීමට හැකිවීම සම්බන්ධයෙන් මට සතුටු වෙන්නට පුළුවන්.

එසේ නම් ඇයි ඔබ ඇගේ වෛරය පිළිබඳ නඩුවකට යොමු වුයේ ?

මෙම චිත්‍රපටයේ මම රඟ නොපෑ අසභ්‍ය දර්ශන කිහිපයක් ඇතුළත් වී තිබුණා. ඒ චෝදනාවලින් අපවාදයෙන් ගැලවීමට මට අවශ්‍ය නිසා මම නඩු මඟට පිවිසුණා. නමුත් මම නඩුවෙන් පැරදුණා.

මෙවැනි තත්ත්වයක් යටතේ ඇයි ඔබ ඇගේ වෛරය II රඟපෑවේ?

ඇගේ වෛරය II රූගත කිරීම නිම වීමෙන් පසුවයි ඇගේ වෛරය I තිරගත වුණේ. චිත්‍රපටයකට ගිවිසුම් අත්සන් කරද්දී අපි චිත්‍රපටය සම්පුර්ණයෙන් නිම කිරීමට බැඳී සිටිනවා. නැත්තම් නීති මාර්ගයට පවා පිවිසිය හැකියි.

ඔබ ‘ඇගේ වෛරය’ රඟපෑමෙන් පසු සිනමා ක්ෂේත්‍රයට සමු දුන්නා නේද?

ඔව් මට සමස්ත ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවුණේ කනගාටුවක්. මගේ අම්මා හිටියා නම් මට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අවසානයේ මම කාමුක චිත්‍රපටවල රඟ පෑ කාමුක නිළියක ලෙස ක්ෂේත්‍රය තුළ ලේබලය වැදුණා. හේතුව මෙම චිත්‍රපටය අතිශයින් වැඩිහිටියන්ට පමණයි නමින් තිරගත වීමයි. බොහෝ අයගේ ගල් මුල් අපහාස උපහාසසවලට මම ලක්වුණා. සිනමාවෙන් සමුගන්නට හේතුව එයයි.

ඇගේ වෛරය චිත්‍රපටයෙන් පසු මට චිත්‍රපට ගණනාවක රඟපෑමට ඇරයුම ලැබුණත් මම ඒ ආරධනා ප්‍රතික්ෂේප කළා.

සිනමාවට සමු දුන්නත් පුංචි තිරයේ පේ‍්‍රක්ෂකයන් අතර ඔබ සිටියා නේද?

ඔව්. මම හා පුරා කියා රඟපෑවේ තිලක් ගුණවර්ධනගේ සිහින නිම්නය ටෙලි නාට්‍යයේ ඒ 1985 දී ජෝ අබේවික්‍රම සමඟ. ගිමනක පවන, කතරක සෙවණැලි, ගිමන් හල ආදී ටෙලි නාට්‍ය 15 පමණ රඟපෑවා. මම රඟ පෑ එවක වේදිකා නාට්‍ය අතර නිශාන්ත ද අල්විස් ගේ ලෝකෙට ලොක්කා විශේෂයන්ම දයාරත්න රටගෙදරගේ ටෙලි නාට්‍ය කිහිපයකම මම රඟපෑවා.

දේශපාලනයේ නියැළුණ කලාකරුවන් පහර දීමට ලක්වීමෙදී ඔබත් පහර කෑමට ලක්වුණා නේද?

ඔව් මම ඇතුළු කිහිප දෙනෙක් පහර කෑමට ලක්වුණා. ඒ හේතුව මත අදටත් මගේ කොන්දේ ආබාධයක් ඇති වී තිබෙනවා. මගේ බෙල්ලට කොලරයක් දමන්නට සිද්ධ වුණේ ඒ හේතුව නිසායි. කොන්දේ අපහසුතාවය නිසා එදිනෙදා වැඩකටයුතු සිදු කරන්නෙත් අමාරුවෙන්.

ඔබේ තාරුණ්‍යය කෙමෙන් වියැකී ගොසින්. ඇයි නිසි කාල විවාහයක් කර ගත්තේ නැත්තේ?

මම විවාහයට මුල් තැන දුන් කෙනෙක් නොවෙයි. මම විවාහ වෙලා පවුලක් වෙලා දරු මුනුපුරන් එක්ක ජීවත් වනවාට වඩා බලාපොරොත්තු වුණේ සිනමාවේ වෘත්තීය රංගන ශිල්පිනියක ලෙස දුර ගමනක් යෑමටයි. මට විවාහ යෝජනා බොහෝමයක් ආවා. ඒ සැම දෙනාම මට කීවේ රඟපෑමෙන් ඉවත් වන ලෙසයි. මම සිනමාවට තිබෙන ආදරය නිසා විවාහය දරු මල්ලන් සිනමාව වෙනුවෙන් කැප කළා. ප්‍රේම සබඳතා කිහිපයකුත් තිබුණා. නමුත් ඒ සියල්ලටම මම සමුදුන්නා. හේතුව සිනමාව. අද මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සමඟත් සබඳතාවක් තිබුණා. විවිහායේ සදාතනික බැඳීම පවත්වාගෙන යාමට නොහැකිව අද කී දෙනෙක් වෙන්වෙලා ද? දරුවෝ අසරණ වෙනවා, නඩු දානවා. දික්කසාද වෙනවා. ඒ දේවල් දකිද්දී අවිවාහකව සිටීම හොඳයි කියා මට සිතෙනවා.

ඔබ රඟපෑමෙන් ඉවත් වෙලා ස්ථීර ආදායමක් නැහැ. ජීවන අරගලයට මුහුණ දෙන්නේ කෙලෙසද?

මම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කළා. ටික කලක සිට. මට කෑම හදන්න පුළුවන්. මම Mixer පැකට් හදලා චිත්‍රපට ශාලාවල කැන්ටීන් එකට දැම්මා. මගේ මස්සිනාට ඇල්පිටියේ චිත්‍රපට ශාලා දෙකක් තිබුණා. නිව්ටවුන් හා විශාකා ඒ චිත්‍රපට ශාලාවලට මම Mixer අලෙවි කළා. ඒත් කොරෝනා වලින් පසු ඒවා වැසි ගියා. සුමනදිසි හෝටලයට සහ තවත් හෝටල් කිහිපයකට ඉඩධපබ ඥචබඵ හදලා අලෙවි කළා. කේටරීන්ට ඇනවුම් බාර ගත්තා. ඇත්තටම මම හොඳ ව්‍යාපාරික කාන්තාවක්. ඉඩධපබ ඥචබඵ සහ Mixer වෙළෙඳාම තමයි මේ වසර 20 පුරා මගේ ජීවනෝපාය. මම තනිකඩ වුණාට මගෙන් යැපෙන අය සිටිනවා. මගේ අක්කා සහ ඇගේ සැමිය නඩත්තු කළේ මම. පවුලක් ලෙස අපි ජීවත් වුණේ එක ගෙදර ඒ අපි තුන්දෙනාම නඩත්තු වුණේ මම උපයාගත් මේ මුදලින්.

ඔබේ පදිංචිය?

මම ජීවත් වෙන්නේ අක්කාත් එක්ක පැඟිරි වත්තේ. අපේ පවුලේ සියලුම දෙනා එක්ව ගොඩනැඟු නිවසේ. මටම කියා ජීවත් වන්නට නිවසක් නැහැ. එක්තරා රජයකින් මා ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුට ඉඩම් ලැබුණා. ඒත් ඒ නිවසක් ගොඩනගා ගන්නට තවමත් නොහැකි වුණේ ඒ ලැබුණ ඉඩම්වල යම් යම් නීතිමය ගැටලු තිබෙන නිසා.

‘නිළියක, ගැහැනියක ලෙස ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මා හැමදාමත් ජීවිතය කැප කළේ මගේ සුඛ විහරණය වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන්. ඒ ගැන සිතද්දී මට මා ගැනම දැනෙන්නේ අසීමිත වේදනාවක්.” චන්දි රසිකා අවසන් වරට පැවසුවා.

ඒ 1985 අමරනාත් ජයතිලකගේ අරුණට පෙර චිත්‍රපටය රටවල් 10ක පැවැති සිනමා සම්මාන උලෙළයන් අතර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුයේ අපේ දේශීය සිනමාවට අභිමානයක් ලබා දෙමිනි. අරුණට පෙර දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුවා පමණක් නොව මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟ දැක් වූ යොවුන් නිළිය ජනාධිපති සම්මානයට මෙන්ම ර්‍ණධ්ඛ්ඛ් සම්මානයට පාත්‍ර වුයේ වසරේ හොඳම නිළියට හිමි කිරුළ හිමිකර ගනිමිනි. ඇය චන්දි රසිකාය.

ඇය සිනමාවට පිවිසි ප්‍රථම දෙබස් සහිත චිත්‍රපටය වුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සතර පෙර නිමිති චිත්‍රපටයයි. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව චිත්‍රපට 30කට ආසන්න වුවද, ඇය ප්‍රධාන චරිත රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව අතළොස්සකි. උප ප්‍රධාන චරිත මෙන්ම රූප රාමුවලට පමණක් පෙනී සිටීමට සිදු වූ චරිත ද ඇගේ චිත්‍රපට ගොන්නට එකතු වී ඇත.

චන්දි රසිකා යනු සිංහල සිනමා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයකි. අතිශයින් වැඩිහිටියන්ට පමණයි නැමැති ලේඛලය යටතේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රඟපෑම ඈ ජිවිතයේ ලද ලොකුම සරදමයි. ළැම පමණක් දකින ළය නොදකින සමාජය තුළ චන්දි රසිකා නැමැති රංගන ශිල්පිනියකගේ සියලුම ප්‍රාර්ථනා සිහින බොඳ වී අවසන්ය. මානසිකව කායිකව ඇය පිරිහිමට ලක් වුව ද ඇය ජීවන අරගලයට මුහුණ දෙන්නේ දුක් කම්කටොළු දහසක් මධ්‍යයේය.

සම්මානීය නිළියක වුවද ඇගේ වෛරයත් සමඟ සිය සිනමා ගමනට නැවතීමේ ලකුණු සනිටුහන් කරන්නට ඇයට සිදුවීම සත්තකින්ම ශෝචනීය තත්ත්වයකි.

දීප්ති ෆොන්සේකා

Awards

National Awards

1 Best Actress Arunata Pera - 1984 7th Presidential Award 1985 - 1985
2 Best Actress Arunata Pera - 1984 12th OCIC Award Ceremony 1985 - 1985

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2781974 Kalyani Ganga කල්‍යාණි ගංගා Actress Dharma Sri Kaldera
2 2981975 Raththaran Amma රත්තරන් අම්මා Actress Dharma Sri Kaldera
3 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා Actress M.S. Anandan
4 3431976 Nilla Soya නිල්ල සොයා Actress Sena Samarasinghe
5 3541977 Niluka නිලූකා Actress K. Venkat
6 3731978 Mage Ran Putha මගේ රන් පුතා Actress M.V. Balan
7 3781978 Asha Daasin ආශා දෑසින් Actress Sena Samarasinghe
8 3791978 Hitha Mithura හිත මිතුරා Actress Lenin Morais
9 3911978 Kumara Kumariyo කුමර කුමරියෝ Actress Sudas Maskorala
10 3961979 Samanmalee සමන්මලී Actress Dayananda Jayawardena
11 4171979 Subhani සුභානි Actress S.V. Chandran
12 4691981 Sathara Peranimithi සතර පෙර නිමිති Actress Sunil Ariyaratne
13 5071982 Anuradha අනුරාධා Actress Siri Kularathna
14 5431983 Karate Joe කරාටේ ජෝ Main Actress Joe Micheal
15 5441983 Athin Athata ඈතින් ඈතට Main Actress Sena Samarasinghe
16 5681984 Adara Geethaya ආදර ගීතය Actress Amaranath Jayathilake
17 5881984 Arunata Pera අරුණට පෙර Main Actress Amaranath Jayathilake
18 5921984 Ranmalige Wasanawa රන්මලීගේ වාසනාව Actress Joe Micheal
19 5921984 Ranmalige Wasanawa රන්මලීගේ වාසනාව Actress Joe Micheal
20 5941984 Muthu Manike මුතු මැණිකේ Actress Dharma Sri Kaldera
21 5991985 Mihidum Salu මිහිදුම් සළු Actress Sunil Ariyaratne
22 6011985 Maubima Nathnam Maranaya මව්බිම නැත්නම් මරණය Actress Louie Vanderstraeten
23 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
24 7111991 Esala Sanda ඇසළ සඳ Actress Lionel Panduwawala
25 7201991 Bambara Kalape බඹර කලාපේ Actress Sena Samarasinghe
26 7501993 Surabidena සුරබිදෙන Actress Chandrarathna Mapitigama
27 7871994 Yuwathipathi යුවතිපති Main Actress Amaranath Jayathilake
28 8131995 Ege Vairaya ඇගේ වෛරය 1 Main Actress Louie Vanderstraeten
29 8251996 Api Baya Ne අපි බය නැ Main Actress Louie Vanderstraeten
30 8471997 Ege Vairaya 2 ඇගේ වෛරය 2 Main Actress Louie Vanderstraeten
31 8721998 Dehena දැහැන Actress Priyantha Colambage
32 8791998 Girl Friend ගර්ල් ෆ්‍රෙන්ඩ් Actress Louie Vanderstraeten
33 10142004 Premawanthayo ප්‍රේමවන්තයෝ Actress Nishantha De Alwis
34 12112015 Aathma Warusha ආත්ම වර්ෂා Actress Kusumchandra Gamage