හේමන්ත ප්‍රසාද්

හේමන්ත ප්‍රසාද්

Full Name: Hemantha Prasad
60.9% · 1,529 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමහේමන්ත ප්‍රසාද්
සම්පූර්ණ නමHemantha Prasad

චරිතාපදානය

හේමන්ත ප්‍රසාද් සිය සහජ කලා කෞශල්‍යයන් විශාල පරාසයක පතුරුවා හල සුවිශේෂී නිර්මාණකරුවෙකි. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට හා වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක්, තිර පිටපත් රචකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, ගීත රචකයෙක් සහ ගීත රූප රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වැනි විවිධ භූමිකාවන්හි නිරත වන ඔහු වේදිකා නාට්‍ය 25කට පමණ සිය රංගන දායකත්වය එක්කොට ඇත. සොක්කානෝ රජානෝ, භීම භූමි, මල්සර බිසව්, ලෝරන්ස්ගේ මනමාලි හා දෙනුවර දෙන්නෙක් ඉන් කිහිපයකි. ගල් පිළිම සහ බොල් පිළිම, ඉන්ගම්මාරුව, පාන් බට්ටා, ටිකිරි නිලමේ, මිහිකතගේ දරුවෝ සහ කළු සෙවණැල්ල ඇතුළු ටෙලි නාට්‍ය 15කට පමණ රංගනයෙන් දායකව ඇති ඔහු, රෂෝමොන් සහ මල්සර බිසව් නමින් වේදිකා නාට්‍ය ද්විත්වයක් නිර්මාණය කර වේදිකා ගත කර ඇත. ලයිලා මජ්නු සංගීතමය වේදිකා නාට්‍යයද ඔහුගේ නිර්මාණයකි. මායම් කිරිල්ලී ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි චිත්‍රපටයකි. ඔහු තිරපිටපත් රචනයෙන් දායක වූ ජනප්‍රිය නිර්මාණ අතර භාර්යාවෝ සහ දිය මත ලියමි ටෙලි නාට්‍ය ද, ජූලි හතයි, උලලේනි යන චිත්‍රපට ද, ලෝරන්ස්ගේ මනමාලි හා මල්සර බිසව් යන වේදිකා නාට්‍ය ද විශේෂිත වේ. ඔහු රඟපෑ මුහුදු දරුවෝ වේදිකා නාට්‍ය ස්කොට්ලන්තයේ පැවති නාට්‍ය උළෙලකදී හොඳම නාට්‍ය ලෙසට සම්මානයට පාත්‍ර විය. 2019 වසරේදී තිරගත වූ උලලේනි ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය වේ.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

කාර්ය මණ්ඩලයෙන්

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 13192019 උලලේනි උලලේනි Director Hemantha Prasad

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 13192019 උලලේනි උලලේනි Producer Hemantha Prasad

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 12232016 ජූලි 7 ජූලි 7 Script Sanjaya Nirmal
2 13192019 උලලේනි උලලේනි Script Hemantha Prasad

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 13192019 උලලේනි උලලේනි Story Hemantha Prasad

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 වැහි දවස වැහි දවස Script Bhadraji Mahinda Jayathilaka
2 වැහි දවස වැහි දවස Main Actor Bhadraji Mahinda Jayathilaka
3 ගුඩ්බායි එවිල් ගුඩ්බායි එවිල් Director Hemantha Prasad
4 ගුඩ්බායි එවිල් ගුඩ්බායි එවිල් Script Hemantha Prasad
5 ගුඩ්බායි එවිල් ගුඩ්බායි එවිල් Dialogs Hemantha Prasad
6 ගුඩ්බායි එවිල් ගුඩ්බායි එවිල් Producer Hemantha Prasad

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play