Nelson Karunagama

Nelson Karunagama

නෙල්සන් කරුණාගම

58.12% · 1,518 votes
Rate this artist

Summary

NameNelson Karunagama
Sinhala Nameනෙල්සන් කරුණාගම

Biography

කලාවෙන් ජනතාව සැනසූ තමන්ගේ දායකත්වය උපරිම අයුරින් කලාවට කැපකළ එදා යුගයේ ශිල්පීන් සමහරක්‌ අද අප අතර නැත. මොවුන් ගැයූ ගීත හා නිර්මාණයන් මෙන්ම රංගනයන් ජනාතවගේ සිත් සතන් හී අදටත් නොමැකී තැන්පත්ව ඇත. ගුවන්විදුලිය කරලිය මෙන්ම රිදී තිරය හැඩකළ හැත්තෑව දශකයේ, පරසතුමල් රෑනගිරව්, අදට වැඩිය හෙට හොඳයි, වීරවිජය, සුමුදු භාර්යා, සැඟවුන මැණික, සිකුරුතරුව, ආදි චිත්‍රපට වලින් අප සනහා සිනමා අම්බරයෙන් නිවීගිය තවත් තරුවක්‌ ලෙස නෙල්සන් කරුණාගම කලා ශිල්පියා හැඳින්විය හැක.

නෙල්සන් කරුණාගම කලා ශිල්පියා තමන්ගේ බාලකාලය ගෙවූයේත්, අධ්‍යාපනය ලැබුයේත් යටියන්තොට ප්‍රදේශයේය.

ඔහු එවකට, යටියන්තොට, විද්‍යාලෝක විදුහලේ දීප්තිමත් සිසුවකු විය. 40 දශකයේ දී ප්‍රදේශයේ වූ කලා කටයුතු හා සාමාජීය කටයුතු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක්‌ දැක්‌වූ කලාකාමියකු බව ප්‍රදේශයේ තතු දන්නා උදවිය අදත් පවසති. නෙල්සන් කරුණාගම නමැති කලා ශිල්පියා මියගොස්‌ මේ වනවිට අවුරුදු 36 ක්‌ ගෙවීගොස්‌ ඇත.

වෛද්‍ය වෘත්තියට සම්බන්ධ රැකියාවක නියුතුව සිටි නෙල්සන් කොළඹ මහ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිවරයකු ලෙස කටයුතු කළේය. සිනමාවේ මෙන්ම කරලියේද විවිධ චරිත රඟපෑ නෙල්සන් මුහුදු පුත්තු ඇතුළු තවත් වේදිකා නාට්‍ය කීපයකටම ඔහුගේ රංගන දායකත්වය ලබා දී ඇත. ඔහුගේ ගීත අද ගුවන් විදුලියෙන් සමහරවිට ප්‍රචාරය නොවුනත් ජනප්‍රිය ගායිකාවක්‌ වූ ලාලනී සෝමසිරි ශිල්පිණිය සමග නෙල්සන් ගැයූ "ඔබේ රූසිරි දුටු නිසා" නමැති ගීතය එකල ගුවන්විදුලි අසන්නන් අතර ජනප්‍රිය විය.

1975 ජනවාරි 31 වැනි දින සරසවි සිනමා පුවත්පතට ලිපියක්‌ සපයන එකල ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ ඩී. ආර්. නානායක්‌කාර මහතා තම අදහස්‌ මෙසේ සඳහන් කොට ඇත.

මම "සිකුරු තරුව" චිත්‍රපටයේ නිෂ්පාදන අංශයට හවුල් වී කටයුතු කෙළෙමි. නළු නිළියන්

රැගෙන යැමද බොහෝවිට මට බාරවූ කටයුත්තක්‌ විය. නෙල්සන් ද "සිකුරු තරුවේ" රඟපෑවේය. දිනක්‌ අප රූගත කිරීම් සඳහා කොළඹ සිට මීරිගම බලා යමින් සිටිය දී රිය අනතුරක්‌ දක්‌නට ලැබිණි. "කාර්" එකක බයිසිකල් කරුවකු හැපීමෙන් බයිසිකල් කරුවාට සෑහෙන තුවාල සිදුවී තිබිණි. අපට නියමිත ස්‌ථානයට යැමට තව තිබුණේ විනාඩි කීපයක්‌ පමණි.

නියමිත ස්‌ථානයට වෙලාවට නොගියහොත් රූගත කිරීම් නතරකරන්නට සිදුවීමෙන් සෑහෙන පාඩුවක්‌ විඳීමට සිදුවේ. ඒනිසා මේ අනතුර ගැන වැඩිපුර නොසොයා පිටත් වුයෙමු.

"අර මනුස්‌සයට හොඳටම තුවාලයි. අපි අපේ වෑන්එකේ ඉස්‌පිරිතාලයට ගෙන යමුයි," නෙල්සන් කීය. ඒත් එවැන්නක්‌ කිරීමට හැකිතරම් තත්ත්වයක නොවේ අප සිටියේ. කොළඹ රෝහලට සැතපුම් ගණනාවක්‌ ද ඇත. එනිසා නෙල්සන්ගේ කීම නොසලකා අපි රඟපාන්නට ගියෙමු.

වෙනදා රඟපාද්දී නෙල්සන්ට වරදින්නේ කලාතුරකිනි. කතාවේ ඇති චරිත තේරුම්ගෙන, අධ්‍යක්‍ෂ පවසන දේ හොඳට තේරුම් ගෙන ඔහු කවදත් අවබෝධයෙන් රඟපෑවේය. එත් මෙදින කීප වාරයක්‌ වැරැද්දුවේය. නැවත නැවත රඟපෑමට ඔහුට සිදුවිය.

"අනේ ඩී. ආර්. මට රඟපාද්දීත් මතක්‌ වුණේ අර මගදී දැකපු රිය අනතුරයි. ඒ මනුසසයට මොකද දන්නේ නැහැ." ඔහු මට කීය. නෙල්සන් එවැනි පුදුම හදවතක්‌ ඇති පුද්ගලයෙකි.

සිකුරු තරුව චිත්‍රපටයේ පුන්‍යා හීන්දෙනිය සමග රඟපෑ ඔහු අදට වැඩිය හොට හොඳයි චිත්‍රපටයේ ජීවරානි කුරුකුලසූරිය සමග රඟපෑ අයුරු අදටත් ප්‍රේක්‌ෂක මතකයෙන් බැහැරවගොස්‌ නැත.

ඇතුල්කෝට්‌ටේ, උස්‌වත්ත මාවතේ පදිංචිව සිට 1975 ජනවාරි මාසයේ දී අප අතරින් වියෝවූ මේ නළුවා මිය යනවිට අවුරුදු 45 ක්‌ වත් ඉක්‌මවා නොතිබූ නමුත් ඔහු රඟපෑ කෙටිකාලය තුළ කලාකරුවකු වශයෙන් ප්‍රසන්න ඉතිහාසයක්‌ තබා තිබිණි.

"අප ජීවිතයට මුහුණ දියයුතු යෑයි" ඔහු මට කීය. අසනීපවී රෝහල්ගතව සිටිනවිට ඔහු බැලීමට මා ගිය අවස්‌ථාවේදී මගේ අතින් අල්ලාගෙන පැවසූ ඒ වචන අදත් මගේ මතකයේ රැඳී පවතී.

සටහන යටියන්තොට - කේ. කේ. ඩී. රූපසිංහ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 731960 Weera Wijaya වීර විජය Actor K.S. Setumathawan
2 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Actor M. Masthan
3 911963 Sikuru Tharuwa සිකුරු තරුව Actor L.S. Ramachandran
4 1401966 Parasathu Mal පරසතු මල් Actor Gamini Fonseka
5 1521967 Sengavuna Manika සැඟවුණු මැණික Actor Dudley Wanaguru
6 1641967 Rena Girawu රෑන ගිරවු Actor Dharma Sri Kaldera
7 1651967 Okkoma Hari ඔක්කොම හරි Actor Wijepala Hettiarachchi, S. Ramanadhan
8 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
9 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Actor M.V. Balan
10 1941969 Hathara Peraliya හතර පෙරලිය Actor L.M. Perera
11 2091970 Sumudu Barya සුමුදු භාර්යා Actor Cyril P. Abeyratne
12 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
13 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actor Subayar Makeem
14 2811974 Susi සුසී Actor Cyril P. Abeyratne
15 3181975 Sangeetha සංගීතා Actor Thimothy Weerarathna

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 2811974 Susi සුසී Assistant Director Cyril P. Abeyratne
Film NoYearFilmSongRole
165 1967 Okkoma Hari ඔක්කොම හරි Sinhala Athuru Mithuruඅතුරු මිතුරු Vocalists