දක්ෂ හඬ කැවීම් ශිල්පියකු, වේදිකා, චිත්‍රපට, රූපවාහිනී නළුවකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ රෝයි ජයවර්ධන සිංහල සිනමාවේ සිටි විශිෂ්ට රංගවේදියකු වූ ඩොමී ජයවර්ධනයන්ගේ දෙටු පුත්‍රයා වේ.
පියාගේ අඩි පාරේ යමින් රංගනයට පිවිසි රෝයි ‘පාරාදීසේ’ වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය. ‘නෙයිනගෙ සුදුව‘ (ග්‍රෑන්ඩ්පාස් සාජන්), ‘වෙල්ලස්සේ වෙඩි හඬ (දොරේ සාමි) ඔහු රඟපෑ අමතක නොවන චරිත දෙකකි.
සැලීනා, සත් මහල් ප්‍රාසාදය, බණ්ඩාර මහත්තයා, කස පහර ආදී වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ රෝයි වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ හඬ කැවීම් ශිල්පියකු ලෙසිනි. චිත්‍රපට 75 ක පමණ හඬ කවා ඇති ඔහු හඬ කැවීම් කොටස් හාරසීයකට අධිකව අධ්‍යක්ෂණය කර ඇත.
ඉතාම ගැඹුරු පැහැදිලි ආකර්ෂණීය හඬකින් පෙළහර පෑ රෝයි 2001 මැයි 24 වැනිදා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.