Dommie Jayawardena

Dommie Jayawardena

ඩොමී ජයවර්ධන

Born 25 June 1927 Died 28 December 1979

25 June 1927 - 28 December 1979

61.08% · 2,541 votes
Rate this artist

Summary

NameDommie Jayawardena
Sinhala Nameඩොමී ජයවර්ධන
Born25 June 1927
Died28 December 1979

Biography

මුත්තනුවන් පිළිබඳ මිණිබිරියකගේ සටහන

තමා සතු අසම සම රංගන කෞශල්‍යයෙන් සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ ඔහු මගේ ආදරණීය සීයා යන ඒ සබඳකම ඇතිවීම මා ජීවිතයේ ලද සුවිසල්ම වාසනාවයි. මේ මස 28 වන දිනට මගේ සීයා සිනමාවෙන්, අපෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම සමුගෙන හරියටම වසර 31 කි.

ඔහු පිළිබඳ සැමරුමක් ලියන්නට ඉඩක් ලැබෙද්දී මගේ නෙතට නැගුනේ කඳුලකි. ඒ කඳුළු සීයා වෙනුවෙන් උපන් සෙනෙහසත්, අද ඔහු සිටියා නම් යැයි සිතට දැනුන හැඟීමත් නිසාවෙන් උපන්නකි.

සීයා ගැන අහන්නට තාත්තා ද අප අතර නොමැති වීම නිරතුරු සිතට ගෙන එන්නේ සංවේගයකි.

මගේ අම්මා, තාත්තා සමඟ විවාහ වී තාත්තාගේ මහ ගෙදර වූ නුගේගොඩ නිවසට පැමිණ ඇත්තේ 1974 දීය. එතැන් පටන් අම්මාගේ ‘මහ ගෙදර’ද එයම විය. සිංහල සිනමාවේ දුෂ්ටයා වුවද, මගේ් අම්මාට ඔහු මාමණ්ඩියක නොවී සෙනෙහෙබර පියෙකු විය. ඒ නිසාම අදටත් අම්මා සීයා අමතන්නේ මගේ් තාත්තා ඇමතූ “පප්පා” යන නාමයෙනි. ඒ නිසාම ඔහු අපට “සීයා පප්පා” විය.

නුගේගොඩ මහ ගෙදරට මා බිළිඳීයක ලෙස ගොඩ වදින්නේ අම්මා සහ තාත්තාගේ විවාහයෙන් වසර 3 කට පසුවය. මා කුස දරා හිඳීන සමයේදී අම්මාට ප්‍රිය වූ සියලු දේ නො අඩුව ලබා දෙමින් සීයා පප්පා පුල පුලා බලා හිඳ ඇත්තේ මා දකින්නටය. මගේ තාත්තා ඔහුගේ වැඩිමහල් පුත්‍ර රත්නයයි.

තම වැඩිමහල් පුතාගේ කුළුඳුල් දරුවා දකින්නට ඔහු නොඉවසිල්මත්ව හිඳින්නට ඇතැයි මට සිතේ. අම්මා මා මෙලොවට බිහි කරන්නට රෝහලට පිටත්ව යද්දී, අම්මාගේ ඉදිරියට පැමිණ ඇත්තේ සීයා පප්පාය. “බුදු පහන තබා යන්නැයි” අම්මාට පවසා ඇති ඔහු අම්මාගේ හිස අතගාමින් “බය වෙන්නෙ නැතුව ගිහින් එන්න”යි පැවසූ බව අම්මා දිනෙක මා සමඟ පැවසුවාය.

නුගේගොඩ නිවසට මා පැමිණෙද්දී, රාණි නැන්දිගේ් පුතා සහ දුව කුඩා වියේ පසු විය. ඒ අතරින් සීයා පප්පාගේ නොමද ආදරය රාණි නැන්දීගේ පුතු රවි අයියා වෙත ලැබුන බවද අම්මා නිතර පවසයි. මට අවුරුද්දක් පිරෙද්දී මගේ නංගා හර්ෂාද මහ ගෙදරට පැමිණියේ එතෙක් අපි එහි විඳි සුව විඳින්නටය. මටත් – නංගාටත් මහ ගෙදරින් ලැබුණේ අසීමිත වූ සෙනෙහසකි. බිළිඳියකව සිටියදී මාවත්, නංගාගේ උපතින් පසු ඇයවත් ගෙදර සාලයේ බිම තබා අත්පුඩි තලමින්, බිම දිගා වී සිටින අප වටා රවුමක් යමින් ඔහු අප හුරතල් කර ඇත.

සීයා පප්පාගේ මරණය සිදුව ඇත්තේ මට වසර දෙක පිරුණ පසුවය. ඔහු සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් නොපිරිහෙළා ඉටු කළ ආදරණීය පියෙකු බව අම්මා පවසයි. සීයා පප්පා කොහේ හෝ යන විට මනාව සැරසෙන අතර, ඔහුගේ ඇඳුම් මැදීම සහ සපත්තු ඔප දැමීම සිදු කර ඇත්තේ් රාණි නැන්දීය. “පප්පාට සපත්තු දෙකෙන් මූන පේන තරමට පොලිෂ් කරන්න ඕන” රාණි නැන්දි පවසන අයුරු මට මතකය.

මගේ් දෙවෙනි උපන් දිනයදා පවුලේ සියලු දෙනා එක්ව ගත් ඡායාරූපය අදටත් මා ළඟ සුරැකිව තිබේ. ඒ සීයා පප්පා පවුලේ අය සමඟ එකට ගත් අවසන් ඡායාරූපයයි.

ඔහුගේ මරණින් පසු ‘මහා ගෙදර’ තුළ රැඳුණේ දැඩි හිස් බවකි. එයිනුත් වසර කීපයකට පසු සිදු වූයේ, සිදු නොවිය යුතු දේ පමණි.

මේ ලිපිය ලියන මොහොතේත් සිත පුරා දැවටි දැවටී තියෙන්නෙ සංවේගයකි. නෙත් පුරා රඟන්නේ ඒ සංවේගය නිසාවෙන් උපන් කඳුළුය. සීයාගේ මරණින් පසුව අපේ ජීවිතවලට සිදු වූ කිසිවක් ඔහු ජීවත්ව සිටියා නම් සිහිනයකින් හෝ සිදු නොවන බව මම ඉඳුරා දනිමි.

‘අහිංසා’ චිත්‍රපටයේ දෙබස් කැවීමට යද්දී මම වයස අවුරුදු 8 ක පමණ කුඩා දැරියකි. මාලිනී අක්කා මා දැක කීවේ “මේ ඉන්නෙ ඩොමී අයියා” කියාය. පුංචි මට එදවස ඒ කිසිවක් ගැන එතරම් හැඟීමක් නොතිබුණි. එහෙත් පසුකාලීනව “ඩොමී ජයවර්ධනගේ මිණිබිරිය” ලෙස හැඳින්වීම තරම් අහිංසක ආඩම්බරකමක් දනවන වෙන කිසිවක් මා තුළ නොවුනි.

අදටත් මගේ සීයා පප්පා ගැන බොහෝ අය කතා කරයි. සිනමා ලෝකයේ අද්විතීය ඔහු, ඔහුගේ මිණිබිරියගේ සිතේ් හැමදාමත් මහා වීරයෙකි. සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ ඔහුට නිසි ඇගයීමක් නොලැබීම පිළිබඳව කණගාටුවක් සිතේ් නැතුවා නොවේ.

කෙසේ හෝ වේවා සීයා පප්පා නිරතුරු මා මතකයේ රැෙඳයි. අද තාත්තා ද ජීවතුන් අතර නොවේ. තාත්තා තුළ තිබුන අසීමිත සංවේදී බව, සීයා පප්පා තුළද නොඅඩුව තිබෙන්නට ඇතැයි මට සිතේ. ජීවිතය පුරා දැනෙන තාත්තාගේ් සුවඳ මට සිහිගන්වන්නේ සීයා පප්පාගේ ජීවන සුවඳ මිස අන් කිසිවක් නොවේ. සත්තකින්ම සීයා පප්පා සිටියා නම් අදටත් නුගේගොඩ මහා ගෙදර තුළින් එදා ඇසුනු සතුටු හඬ අපට ඇසෙන්නට තිබුණි.

පවුල තුළ තිබුණ නොබිෙඳන බැඳීම, එලෙසින්ම පැවතෙන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට සීයා පප්පා වැඩිකල් නොගොසින්ම අප හැර ගියේය. අදටත් ඉඳහිට රූපවාහිනියෙන් ඔහු රඟපෑ චිත්‍රපටයක් පෙන්වද්දී “අම්මෙ ඩොමී සීයාව පෙන්වනවා” යැයි මගේ් පුතු සඳගෝමි පවසද්දී නෙතට උනන කඳුලක් සමඟ සිතට නැගෙන්නේ “අනේ ඔබ හිටියා නම් සීයා පප්පේ” කියන හැඟීම පමණි.

- බුද්ධිනී ජයවර්ධන

Awards

National Awards

1 Special Awards Punchi Baba - 1968 6th Sarasaviya Awards - 1969 - 1969
2 Favourite Co Actor 3rd Sarasaviya Awards - 1966 - 1966

As a Cast

#Film NoYearFilm RoleDirector
1 191953 Sujatha සුජාතා Actor T.R. Sundaram
2 211954 Warada Kageda වරද කාගේද Actor T.R. Sundaram, G.R. Rabo
3 251954 Radala Piliruwa රදල පිළිරුව Actor T.R. Sundaram
4 291955 Sedasulan සැඩසුලන් Actor T. Somasekaran
5 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actor Mithradas, T.R. Sundaram
6 471957 Surasena සූරසේන Actor S.M. Naidu
7 511958 Deyyange Rate දෙයියන්නේ රටේ Actor L.S. Ramachandran
8 621959 Sihinaya සිහිනය Main Actor T. Janaki Ram
9 671960 Subhadra සුභද්‍රා Main Actor Cyril P. Abeyratne
10 751961 Kurulu Bedda කුරුළු බැද්ද Actor L.S. Ramachandran
11 821962 Suhada Divi Piduma සුහද දිවි පිදුම Actor Robin Tampoe
12 901963 Sudu Sande Kalu Wala සුදු සඳේ කළු වලා Actor Robin Tampoe
13 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actor Shanthi Kumar Seneviratne
14 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actor T. Somasekaran
15 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Main Actor W.M.S. Tampoe
16 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Actor Herbi Senewirathna
17 1081965 Sepatha Soya සැපත සොයා Actor B. Nandasena Cooray
18 1101965 Chandiya චන්ඩියා Actor Titus Totawatte
19 1111965 Sathutai Kandulai සතුටයි කඳුලයි Main Actor W.M.S. Tampoe
20 1171965 Hathara Maha Nidhanaya හතර මහා නිධානය Actor L.M. Perera
21 1191965 Hithata Hitha හිතට හිත Actor Kingsly Rajapaksha
22 1251965 Landaka Mahima ළඳක මහිම Main Actor W.M.S. Tampoe
23 1411966 Sudu Duwa සුදු දුව Actor Lenin Morais, Raja Joshua
24 1451966 Layata Laya ලයට ලය Main Actor W.M.S. Tampoe
25 1471967 Hathara Kendare හතර කේන්දරේ Actor L.M. Perera
26 1511967 Daru Duka දරු දුක Main Actor Dommie Jayawardena
27 1541967 Amathaka Unada අමතක වුනාද Actor D.M. Daas
28 1561967 Magul Poruwa මගුල් පෝරුව Actor S. Ramanadhan, B.A.W. Jayamanne
29 1701968 Punchi Baba පුංචි බබා Actor Thissa Liyanasuriya
30 1751968 Akka Nago අක්ක නගෝ Actor Vincent David
31 1791968 Hangi Hora හැංගි හොරා Actor Rohini Jayakodi
32 1811968 Ruhunu Kumari රුහුණු කුමාරි Actor W.M.S. Tampoe
33 1931969 Kauda Hari කව්ද හරි Actor Titus Totawatte
34 2101970 Den Mathakada දැන් මතකද Actor Neil Rupasinghe
35 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
36 2251971 Kalana Mithuro කලණ මිතුරෝ Actor Kingsly Rajapaksha
37 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Main Actor Dommie Jayawardena
38 2471972 Hathara Wate හතර වටේ Actor L.M. Perera
39 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actor Subayar Makeem
40 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
41 3241976 Wasana වාසනා Actor K.A.W. Perera
42 3371976 Hariyata Hari හරියට හරි Actor William Holmes
43 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actor W.M.S. Tampoe
44 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Actor Kingsly Rajapaksha
45 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Actor Lenin Morais
46 3611977 Saja සජා Actor Cyril P. Abeyratne
47 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
48 4041979 Divi Thibena Thuru දිවි තිබෙන තුරු Actor N.P. Jayatissa
49 4091979 Monarathenna මොණරතැන්න Actor Yasapalitha Nanayakkara
50 4131979 Anusha අනුෂා Actor Dayananda Rodrigo
51 4271980 Tak Tik Tuk ටක් ටික ටුක් Actor Yasapalitha Nanayakkara

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 1511967 Daru Duka දරු දුක Director Dommie Jayawardena
2 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Director Dommie Jayawardena
Film NoYearFilmSongRole
19 1953 Sujatha සුජාතා Sinhala Menna Meniko Methanaමෙන්න මැණිකෝ මෙතන Vocalists
36 1956 Duppathage Duka දුප්පතාගේ දුක Sinhala Sethani Aiyage Hotaleසේතනි අයියගේ හෝටලේ Vocalists
62 1959 Sihinaya සිහිනය Sinhala Maase Poyadaaමාසේ පෝයදා Vocalists
Padapalla Hithata Aranපැදපල්ලා හිතට අරන් Vocalists
67 1960 Subhadra සුභද්‍රා Sinhala Baari Mage Natapankoබාරි මගේ් නටාපන්කෝ Vocalists