සිනමා ශාලා 21 ක ප්‍රදර්ශනය විය.
එල්ෆින්ස්ටන්, රොක්සි, මෙට්රෝ - නුගේගොඩ, ගාමිණී – මීරිගම, අශෝකමාලා - මීගමුව, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, ක්වීන්ස් - ගාල්ල, ;ව්ල්ස් - මහනුවර, ටාසන් – කෑගල්ල, බ්‍රෝඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මහලේකම් – කුලියාපිටිය, මාදම්පේ තියටර් – මාදම්පේ, රිජන්ට් – රඹුක්කන, සීගිරි - වේයන්ගොඩ, පැටන් - මොරටුව, සිත්තම්පලම් – අනුරාධපුරය, නිව් ඉම්පීරියල් - රත්නපුරය, නිව් ඉම්පීරියල් - කටුකුරුන්ද, විජිත – රත්මලාන, සිරිරාද්‍ර – මිල්ලතේ.
එල්ෆින්ස්ටන්හි දින 85 ක් තිරගත විය.
චිත්‍රපටයේ දිග අඩි 17500.
-------------------------------------------------
"සැඩ සුළං" ජනප්‍රියත්වයෙන් වාර්තා පිහිටවූ "සුජාතා" චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කළ ටී. සෝමසේකරන් මුලින්ම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයයි. ඒ වෙන විට සෝමරසේකරන් චිත්‍රපටයක් නරඹන්නන් අතර ජනප්‍රියවෙන රහස දැන සිටි, චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ විවිධ උපක්‍රම හොඳින් භාවිතා කළේය. විශාරදයෙක්ව සිටියේය. "සුජාතා" චිත්‍රපටයේ නිෂ්පාදක ෙක්. ගුණරත්නම් සමඟ අමනාප වී සිටි සෝමසේකරන් "සුජාතා"ට නොදෙවෙනි ජනප්‍රිය චිත්‍රපටයක් නිපදවීමට සියලු උත්සාහයන් ප්‍රයෝජනයට ගත්තේය.
"සුජාතා" චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් යොදා එතෙක් සිංහල චිත්‍රපටයකට ඇතුළත් නොවූ ජනප්‍රිය වේ යයි සිතූ ගීත 17 ක් ඇතුළත් කොට, එහි එක් ගීතයක් සඳහා භාරතයේ ජනප්‍රියතම ගායන ශිල්පිනී ලතා මංගෙශ්කර් ලවා ගීතයක් ගැයීමට ද සෝමසේකරන් සමත් විය. මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ රූපගත වූ මේ චිත්‍රපටයේ ලංකාවේ දර්ශන කිහිපයක් ඔහු ඇතුළත් කළේය. ඒ අනුව මහනුවර දළදා මාළිගාව අසල ද කොළඹ පාර්ලිමේන්තුව අසල ද නිදහස් චතුරශ්‍රය, කඩුගන්නාව බිංගෙය ද ආදී ස්ථාන ඉන්දීය ජාතික කැමරා ශිල්පී රාජ් ගෝපාල් ලවා කැමරාවට ගන්නා ලදී.
"සැඩ සුළං" ගීත ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956) කෘතියේ මෙසේ සඳහන් කරති.
"මනරංජන දර්ශනීය ලංකා" ගීය (සුජාතා චිත්‍රපටයේ) ජනප්‍රිය නිසා "සැඩ සුළං" සඳහා ද එවැනිම දේශානුරාගී ගීයක් සමඟ තවත් ගීත දෙකක් නිර්මාණය කිරීමේ වරම ආනන්ද සමරකෝන්ට හිමි විය. (1) ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි (2) කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි (3) පදමට පොල් තෙල් ගාපල්ලා යනු ඔහු පදමාලා හා තනු නිර්මාණය කළ ගී තුනයි. මේ අතරින් වඩාත් ප්‍රශංස්ථ පදමාලාව හා තනු නිර්මාණය වූ කලී "ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජය භූමි" ගීයයි. තවද භාරත ගීත කෝකිලාව වන ලතා මංගේශ්කර් විසින් ගයන ලද ප්‍රථම හා එකම ගීතය නිසාද එය සිංහල චිත්‍රපට ගීතාවලියෙහි වෙසෙසින් සටහන් වෙන්නේය.
ලතා මංගෙශ්කර් ලවා මේ ගීතය ගායනා කරවීම සඳහා ඉතා විශාල මුදලක් (රුපියල් පනස්දාහක් පමණ) ගෙවා ඇති බවත්, නිල වශයෙන් සෝමසේකරන් ලතාට ඉස්තරම්ම වර්ගයේ ප්‍රංශයේ නිෂ්පාදිත සුවඳ විලවුන් පෙට්ටියක්ද තෑගි කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන "සිංහලේ මහා සිනමා වංශය" කෘතියේ සඳහන් කර ඇත. ලතා සමඟ යුග ගීයකට එක්වූ එකම ගායකයා මොහිදීන් බෙග් ය. "ඉදිරියටා යමු සැවොමා" මේ ගීතයයි.
"සැඩ සුළං" සංගීතවත් කළේ ඉන්දීය ජාතික දක්‍ෂිණ මූර්ති ය. කලින් කී ආනන්ද සමරකෝන් රචනා කළ ගීත වූයේ "හම්ලොග්" චිත්‍රපටයේ හින්දි ගීතයේ තනුවකට ලියූ "පෙම් කැකුළ පිපී එන විට මහදේ", "ජීවන මේ ගමන සංසාරේ" (ගායනය - ජමුනා රාණී සහ ඒ.එම්. රාජා), "ඉදිරියටා යමු සැවොමා" (ගායනය - ලතා මංගෙශ්කර් සහ ෙමාහිදින් බෙග්), ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ "හරි සාරයි මේ කාලේ බලත්වා" (ගායනය - ජමුනා රාණි සහ පිරිස), "ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා" (ගායනය - කේ. රාණි) ගීත ද ගී තැටිවල හෝ ගීත පොත්වල කර්තෘත්වය ෙනාසඳහන් බැවින් කර්තෘ අවිනිශ්චිත ගීත බව මහාචාර්ය ආරියරත්න පවසන ගීත මෙසේය. "හිස් වී ගියේය ලෝ" (ගායනය - ජමුනා රාණි), "සෙමිබර පෙම් රැළි මහද නැගේ" (ගායනය - ධර්මදාස වල්පොල සහ කේ. රාණි), "කොයි ද මා ජීවිතේ යන්නෙ මේ" (ගායනය - ධර්මදාස වල්පොල), "මෝහයෙන් මුලා වෙලාද" (ගායනය - මොහිදීන් බෙග් හා සරෝජා), "කළු කඩ කාසි සොයාලා" (ගායනය - කේ. රාණි හා ධර්මදාස වල්පොල), "ඔයා තමයි මට හරියන්නේ" (කේ. රාණි හා සුනිල් ප්‍රේමදාස).
"සුජාතා" චිත්‍රපටයේ රඟපෑ ෆ්ලෝරිඩා ජයලත් මේ චිත්‍රපටයේ සීතා ලෙස ද, ප්‍රේම් ජයන්ත් සුනිල් ලෙස ද ඩේවිඩ් ධර්මකීර්ති සර් පර්සි පලිපාන ලෙස ද ඩොමී ජයවර්ධන එඩ්වඩ් ලෙස රඟපෑමට තෝරාගත් සෝමසේකරන් ඇක්මන් ලෙස නවක නළුවෙකු වූ පියදාස ගුණසේකර ද පලිපාන මැතිනිය ලෙස රොසලින් ප්‍රනාන්දුත්, ධනවත් මුදලාලිගේ සරාගී බිරිඳ ලෙස සුජාතා චන්ද්‍රදාස (පසුව පරමනාදන්) ද හඳුන්වාදීමට සෝමසේකර සමත් විය. පියදාස ගුණසේකර මේ චිත්‍රපටයේ "පදමට පොල්තෙල් ගාපල්ලා" ගීතය ගැයීමට ඔහු විසින් තෝරා ගන්නා ලදී. සෝමසේකරන් හා වූ මතෙභ්දයක් නිසා ඩොමී ජයවර්ධන ඉවත් විය. ඉන්පසු ඒ චරිතයට "පුදුම ෙල්ලි" චිත්‍රපටයේ රඟපෑ ධර්ම ශ්‍රී රණතුංග තෝරා ගන්නා ලදී. නැටුම් ගුරුවරයා ලෙස ශාන්ති අබේසේකර ද, නීලා නම් නළඟන ලෙස ඉන්දීය නිළි බිම්බා කුමාරි ද, රොඩ්ඩා ලෙස රිචඩ් ඇල්බට් ද, සෙසු චරිත සුනිල් ප්‍රේමදාස (රස්තියාදු), ඇම්.පී. ගිල්මන් ද මේ චිත්‍රපටයේ රඟපෑහ. චිත්‍රපටයේ රඟපෑ පද්මා ද මැල් නිළිය ද අස්කර ඇත.
අධ්‍යක්‍ෂ සෝමරසේකරන් විසින් "සැඩ සුළං" හි කතාව, තිරනාටක ලියූ අතර එහි දෙබස් රචනය සඳහා ආනන්ද සමරකෝන්. ඩී.ටී. ප්‍රනාන්දු හා ඇම්.පී. ගිල්මන්ට පැවරිණි. මෙහි සංස්කරණය හා සහාය අධ්‍යක්‍ෂණය ටී.ඇන්. රාඕ ගෙනි. නැටුම් අධ්‍යක්‍ෂණය අනිල් කුමාර් චොප්රා ගෙනි.
"සැඩ සුළං" චිත්‍රපටයේ "ජීවන මේ ගමන සංසාරේ" ගීතය දෙවතාවක් ගැයේ. කුඩා සුනිල් ලෙස රඟපෑවේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍ය, දයා අබේසේකරය. ගීත රචක කරුණාරත්න අබේසේකරගේ සොෙහායුරෙකි දයා.
"සැඩ සුළං චිත්‍රපටය ආරම්භ කළේ 1954 දී. මම "වරද කාගේද" චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපානවා දැකල සෝමසේකරන් මාව "සැඩ සුළං" චිත්‍රපටයේ කුඩා සුනිල්ගේ චරිතය සඳහා තෝරා ගත්තා. කුඩා සීතා ලෙස රඟපෑවේ මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ පද්මිණි දහනායක. ඇය ජනප්‍රිය ගායක මොරිස් දහනායකගේ නැඟණිය. ඇය නර්තන උපදේශිකාවක්. වරෙක මම සීතා සමඟ පාසල් යනකොට මෙහෙම අහනවා.
"මම ඔයාට අාදරෙයි. දුප්පත් මගේ ආදරය ඔයා පිළිගන්නවාද?"
"සත්තකින්ම ඔව්. සුනිල් ඔයා කවදා හරි සර් ජෝන් කොතලාවල මහත්තයා වගේ හොඳ ලොකු මහත්තයෙක් වෙන්න ඕනෑ" කුඩා සීතා කීවාය.
මේ දර්ශනය ඉන්දියාවේ තිරගත වූ 1954 වසරේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූයේ සර් ජෝන් කොතලාවලය. සුනිල් ලෙස රඟපෑ ප්‍රේම් ජයන්ත් හා සීතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා ජයලත් "ජීවන මේ ගමන සංසාරේ" ගීතය ගයමින් විවෘත මෝටර් රථයක (හෝන් එක ගසමින්) මහනුවර වැව රවුමේ යන දර්ශනය රූගත කොට අවසන් වූ පසු කිසිවෙකු ඇවිත් ප්‍රේම් ජයන්ත්ට රහසක් කීවේය.
"ප්‍රේම් මහත්තයාගේ නෝනා ටෙලිෙෆා්න් එකෙන් කතා කළා. දැන් දුවෙකුගේ තාත්තා කෙනෙක්."
ප්‍රේම් තම දියණියට "සුනිලා" නම් තැබුවේ තමා සැඩ සුළං චිත්‍රපටයේ "සුනිල්" ගේ චරිතය මතක් වීමටය.
සැඩ සුළං චිත්‍රපටයේ විශේෂ දර්ශනය බැලීමට පැමිණි අමුත්තෝ සර් පර්සි ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති ළඟට පැමිණ සුබ පැතුවෝය.
"චිත්‍රපටයේ විශිෂ්ටතම නළුවා ඔබ. මගේ සුබ පැතුම්. මම "රේඛාව" කළ ලෙස්ටර් පීරිස්. අපි දැන් කරන "සන්දේශය" චිත්‍රපටයට අනිවාර්යයෙන්ම චරිතයකට ඔබව ගන්නවා"
ලෙස්ටර් ජේම්ස් පීරිස් තම පොරොන්දුව ඉටු කරමින් ඩේවිඩ්ව "සන්දේශය" චිත්‍රපටයේ දිසාවගේ චරිතයට තෝරා ගත්තේය. එහෙත් චිත්‍රපටයේ දක්‍ෂතම නළුවා ලෙස විචාරකයන් නම් කර තිබුණේ පියදාස ගුණසේකරය.
සෝමසේකරන් එතෙක් සිංහල චිත්‍රපටයක නොකළ විදියේ වෙළෙඳ ප්‍රචාරයක් දීමට සූරෙයක් විය. 1954 අප්‍රේල් 11 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ සැඩසුළං චිත්‍රපටයේ වෙළෙඳ දැන්වීමක මෙසේ පළ වී තිබුණි.
"සුජාතා" සකස් කළ අය මතකද? සෝමසේකරන් - ආනන්ද සමරකෝන් - දක්‍ෂිණ මූර්ති - අනිල් කුමාර් චොප්රා. ප්‍රේමා ලෝකය නිවී ගියා. ජමුනා රාණි, ධර්මදාස වල්පොල, "එහෙනම් මතක තබා ගන්න, හොඳ චිත්‍රපටයක් සෑදීමට වැඩිකල් ගතවෙන බව."
(උපුටනය - සිංහල චිත්‍රපට ගීතාවලිය)
"සිංහලේ මහා සිනමා වංශය" (ආතර් යූ. අමරසේන) කෘතියේ ඇති පුවත්පත් දැන්වීමක තිබුණේ ප්‍රධාන නිළි ෆ්ලෝරිඩා ජයලත්ගේ සමීප රූපයකි.
සුජාතා ආපසු එයි
ෆිල්ම් ස්ෙලාන්ගේ සැඩ සුළං
කැලඹුණු චිත්තාවේගය උදුරා යන සැඩ පහරකි.
කථාව, නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂකත්වය - සෝමසේකරන්
පියදාස ගුණසේකර සහ පිරිස ගැයූ "පදමට පොල්තෙල් ගහපල්ලා" නම් ආනන්ද සමරකෝන් ලියූ ගීතයේ කොටසක් ගීත පටිගත කිරීමෙන් පසු ඉවත් කර ඇති බව මහාචාර්ය ආරියරත්නගේ කෘතියේ සඳහන් වෙයි. ඒ මේ කොටසය.
"යූ.අැන්.පී, කොමිනිස්ට් පාටී
දන්නව අපි ඒවයෙ හැටි
ඒ ගොල්ලන් අපටා බන්
දෙනවද මේ වගෙ සම්පත්තී"
කේ. රාණි ගයන ගීතයකි මේ.
"කවුද මා මැවූ දෙවියා - මා හට පීඩා කරනා
මා කළෙ කුමක් ද අහෝ - මෙම දුක් විඳින්නට සදා
පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උඳුනක් මැදෙහි
හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ
කවුද මා මැවූ...
වරදක් වීදෝ... වරදක් වීද අහෝ
පෙම් කළෙ නම් යමෙකුට මා
ඉරණම වීද මගෙ මෙහෙම මුළා වී ඉඳුමා...
කවුද මා මැවූ..."
ෆ්ලෝරිඩා ජයලත් බුදු පිළිමයක් ඉදිරිපිට හඬා වැටෙමින් ගයන මේ ගීතමය ජවනිකාවේ කතා නායිකාව විනිවිද පෙනෙන අයුරු ආලෝකකරණය කළ රූප රාමුවක ඇගේ දෙකලවා අඩු වැඩි වශයෙන් දැක්වූ බව ආතර්. යූ. අමසේන විසින් ලියූ ලිපියක සඳහන් වෙයි.
අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන් ද චිත්‍රපටයේ එක් දර්ශනයක එනම් කතා නායිකාව කාමරයක අඩ අඳුරේ නිදා සිටින විට අතවර කිරීමට එන පුද්ගලයාගේ චරිතය රඟපෑ බව ජයවිලාල් විලේගොඩ දිනමිණේ "සිනමා පැන" තීරයෙන් පාඨකයකු ඇසූ පැනයකට පිළිතුරු දී තිබුණි.
සෝමෙස්කරන් චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් අද්දවා ගැනීමට "සැඩ සුළං එනවා, ප්‍රවේශම් වෙන්න" නම් පෝස්ටරයක් මගින් ප්‍රචාරය දුන් බවත් ඒ පෝස්ටරය දුටු ජනතාව බියට පත්වූ බව තමාට මතක යයි සිරි කහවල මාධ්‍යවේදියා අපට කීය.
"සැඩ සුළං" චිත්‍රපටය 1955 ජුනි 24 වෙනිදා සිට සිලෝන් තියටර්ස් සිනමාහල්වල තිරගත වී ඇත. මරදානේ ඇල්පින්ස්ටන් සිනමා හලේ පමණක් මාස 02 යි දින 23 තිරගත වී ඇත.
සිංහල සිනමාවේ එතෙක් චිත්‍රපටයක් සඳහා ප්‍රචාරක විධි බහුලව භාවිතා කර ඇත්තේ ද "සැඩ සුළං" චිත්‍රපටයෙනි. වරෙක "සැඩ සුළං තහනම්" යයි පෝස්ටරයක් ද පසුව "සැඩ සුළං තහනම් නොවේ" යයි පෝස්ටරයක් ඉදිරිපත් කිරීම ද මෙයට සාක්‍ෂියකි. මෙයට අමතරව ෆ්ලෝරිඩාගේ වර්ණ ඡායාරූපයක් සහිත කැලැන්ඩරයක් නොමිලේද ඇගේ වර්ණ ඡායාරූපයක් ශත 50කට හා පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපයක් ශත 25කට ද අලෙවි කොට ඇත.
1955 මැයි 05 වෙනිදා "සැඩ සුළං" බයිසිකල් තරගෙය් තෑගි බෙදා දීම සඳහා කොළඹ නගරාධිපති ආචාර්ය අැන්. ඇම්. පෙෙර්රා උදෑසන 9 ට ගාලු මුවදොර පිටියට පැමිණ ඇත.
මෙම බයිසිකල් තරගයෙන් මුල් තැන දිනා බී.එස්.ඒ. බයිසිකලය දිනා ඇත්තේ ෂර්ලි ප්‍රනාන්දුය. දෙවැන්නා වූ ඒ.එෆ්. කිට්ට රු. 100 ද, තෙවැන්නා වූ ස්ටැන්ලි මෙන්ඩිස්ට රු. 50ක් හිමිවී ඇත.
ගාලු මුවදොරින් පටන් ගෙන කළුතර නගර ශාලාවෙන් අවසන් වූ (කළුතර දී කළුතර පළාත් ආණ්ඩු සභාපති චම්ලි ගුණවර්ධන පිළිගෙන ඇත) මේ බයිසිකල් තරගයේ ඉදිරියෙන් ගමන් ගත්තේ සැඩ සුළං නළු නිළියන් බවත් එය සිලෝන් තියටර්ස් සමාගම සංවිධානය කර ඇති බවත් ආරියරත්න කහවිට විසින් සංස්කරණය කළ "සිනමාදීප" සිනමා සඟරාවේ (1955 මැයි අග සතිය) පළ වී ඇත. මේ සඟරාවේ චිත්‍රපටයේ පින්තූර, කතාව, ගීත, රස තොරතුරු ඇතුළත් විශේෂ අතිෙර්කයක් ද පළවී තිබුණි.
"සැඩ සුළං" චිත්‍රපටයේ තවත් පෝස්ටරයක් තහනම් කළ පුවතක් 1955 ජුනි 01 වෙනිදා "දිනමිණ" පුවත්පතේ මුල් පුවතින් දැක්වේ. ඒ පුවත සමඟ ෆ්ලෝරිඩා ජයලත් වැතිර සිටින දර්ශනයක් ද ඇයට පිටුපස බුදුරුවක්ද වෙයි. (මේ බුදුරුව මදුරාසියේ වාහිනී චිත්රාගාරෙය් කලා අධ්‍යක්‍ෂවරයකු විසින් අඹන ලද පිළිමයක් බව පැහැදිලිය) පුවත ලියා තිබුණේ දිනමිණ විශේෂ වාර්තාකරුවකු විසිනි. ශීර්ෂපාඨය වූයේ "සැඩ සුළං දැන්වීම තහනම්" ය.
"ළඟදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන එක්තරා සිනමා චිත්‍රපටියක් සම්බන්ධයෙන් දැනට කොළඹ ආදී ප්‍රදේශවල තාප්ප, බිත්ති ආදියෙහි අලවා ඇති දැන්වීම් පත්‍රයක් පිළිබඳ ලංකා බෞද්ධ මණ්ඩලය වෙත සිය විරෝධය පළ කර තිබේ යයි ද මේ ගැන සුදුසු ක්‍රියා කිරීම සඳහා බෞද්ධ මණ්ඩලය ස්වදේශ කටයුතු ඇමැතිවර ඒ. රත්නායක මහතා වෙත ඒ පිළිබඳව කරුණු සැලකරනු ඇතැයි ද දැන ගන්නට තිබේ."
1955 ජුනි 04 වෙනිදා "දිනමිණ" පත්‍රයේ මුල් පිටුවේ "සිත් රිදවන සිංදුවක් කපා දමන්ට නියම වේ" ශීර්ෂයෙන් වාර්තාවක් පළ වී තිබුණි. ඒ අනුව "සැඩ සුළං" නැරඹූ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලය එහි එන "කවුද මා මැවූ දෙවියා" යන වචන සහිත සිංදුව කපා හැරීමට නියම කොට ඇත. අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන්ට ඒ සිංදුව කපා හරින්නට වූ බවද, ජුනි 03 වෙනිදා චිත්‍රපටය පෙන්වන්නේ මේ සිංදුව නැතිව බවත්, මේ සිංදුව අස් කිරීමට තරයේ කියා ඇත්තේ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලයේ එක් සභිකයෙකු පමණක් බවද වාර්තා වේ. ආනන්ද සමරකෝන්ගේ නිබන්ධයක් වන මේ ජමුනා රාණි ගැයූ ගීතයේ කොටසක් ඉවත් කර ඇත.
"කවුද මා මැවූ දෙවියා
මා හට පීඩා කරනා
මා කළෙ කුමක් ද අහෝ
මෙම දුක් විඳින්නට සදා
පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උදුනක් මැදෙහි
හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ
කවුද මා මැවූ..."
"සුඩ සුළං" චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ෆ්ලෝරිඩා ජයලත්ට අධ්‍යක්‍ෂ සෝමසේකරන් වොක්ස්හෝල් මෝටර් රථයක් තෑගී දී ඇත්තේ මේ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින් තිරගතවීම නිසාය. ෆ්ෙලා්රීඩා වොක්ස්හෝල් රථයක (EN 591) බොනට්ටුව උඩ වාඩි වී සිටින ඡායාරූපයක් 1955 ජුනි 26 වෙනි ඉරිදා ලංකාදීප පත්‍රයේ සීමාසහිත ටකර්ස් සමාගමෙන් පළ කර තිබුණි. එහි මෙසේ ද සඳහන් ව තිබුණි.
"වොක්ස්හෝල් රථයට තවත් ජයග්‍රහණයකි. ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට තාරකාවක්වන ෆ්ලෝරිඩා වොක්ස්හෝල් රථයක් තෝරා ගනී. දිනපතා දහස් ගණන් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් විසින් නරඹනු ලබන "සැඩ සුළං" චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම විසින් සිය දක්‍ෂතම නිළිය වන ෆ්ලෝරිඩාට ඇයගේ විශිෂ්ටතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් වශයෙන් රු. 15,000කට නොවැඩි ඇය කැමති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරා ගත්තේ කැඩ්ලැක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ස්හෝල් රථයකි."
ඉරිදා ලංකාදීප පුවත්පතේ උප කතුවරයකුව සිටි සිනමා ඉතිහාසඥ ඩී.වී. සෙනෙවිරත්න පවසා ඇත්තේ සැඩ සුළං චිත්‍රපටයේ ලතා මංහෙශ්කර් හා මොහොමඩ් රාෆි ගී ගයන බව සෝමසේකරන් ගුවන් විදුලියෙන් හා පුවත්පත්වලින් පූර්ව ප්‍රචාරයක් දුන් බවය. එහෙත් රාෆි එහි ගී නො ගැයූ බවත් ලතාට ගීතය සඳහා රු. 20,000 ක් ගෙවා ඇති බවය. සෙනෙවිරත්න පවසා තිබුණේ චිත්‍රපටයේ සරාගී ගැහැනියක ලෙස රඟපෑ සුජාතා චන්ද්‍රදාස (පරමනාදන්) තම ඇඟ පසඟ දකින සේ ඇඳුම් මාරු කරන දර්ශනය පරීක්‍ෂක මණ්ඩලයේ කතුරට හසු නොවීම පුදුමයක් බවය. සුජාතාට 1956 ලංකාදීප පංච කල්‍යාණි තරගයෙන් තෙවැනි තැන හිමි වී ඇත. ෆ්ලොරිඩා ජයලත් 50 දෙනකුගෙන් යුත් සමූහ නැටුම් දර්ශනය ("ශ්‍රී ලංකා මාතා" හා "ඉදිරියටා යමු සැවොමා") පුහුණුවීමට මාස හයක් ගත කළ බව ද ඔහු "වනිතා විත්ති" පුවත්පතට ලියා තිබුණි.
1955 ජුනි 28 වෙනිදා "ලංකාදීප" පුවත්පතේ මුල් පිටුවේ "අගමැතිට - සැඩ සුළං, නළු නිළියන්ට තෑගි" ප්‍රවෘත්තිය පළ වී තිබුණි.
අගමැති සර් ජෝන් කොතලාවල රත්මලානේ කොතලාවලපුර අභිනවයෙන් ඉදි කළ "විජිත" සිනමා හලේ 1955 නොවැම්බර් 10 වෙනිදා ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටය වූ සැඩ සුළං සවස 6.30 දර්ශනයට සහභාගී වී එහි නළු නිළියන්ට සම්මාන පිරිනමා ඇත. කළුවර ලීයෙන් තැනූ පිළිරුවක් සහිත මේ සම්මානයක වටිනාකම රු. 150 කි. දර්ශනය අවසානයේ අගමැති නළු නිළි පිරිස කඳවලවත්තේ නිවසට කැඳවා බිත්තර අාප්ප සහිත සංග්‍රහයක් පවත්වා ඇත.
"විජිත" සිනමාහලේ අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මහතා මීට වසර අටකට ඉහත මට පවසා සිටියේ තමා ද කඳවලවත්තේ සංග්‍රහයට සහභාගී වූ බවත්, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විවෘත කළ තම සිනමා හලේ ‘සැඩ සුළං’ මුල් දින උදේ 10.30 හා 2.30, රාත්‍රී 9.30 දර්ශන නොමිලේ ප්‍රදර්ශනය කළ බවය.
ජයවිලාල් විලේගොඩ විචාරක ලියා තිබුණේ සෝමසේකරන්ගේ සුජාතා (1953) හා සැඩ සුළං (1955) චිත්‍රපට ඔහුගේ නිවුන් සොහොයුරන් කියාය. සිංහල සිනමාවේ සිටි ඉතා දක්‍ෂ ප්‍රචාරක කටයුතුවල විශාරදයා වූ තම්බිරාජා සෝමසේකරන් "සරදම්" (1957), ‘අවිශ්වාසය" (1959), "ගැහැනු ගැට" (1959), "පිරිමියෙක් නිසා" (1960), "වෙන ස්වර්ගයක් කුමටද?" (1963), "සුබ සරණ සැප සිතේ" (1964) හා "සමාජ සතුරෝ" (1969) චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ අතර 1968 දෙසැම්බර් 12 වෙනිදා මිය ගියේය. බීමත්ව කාමරයකට වී සිටියත් "බීමත්ව මේ කාමරයට ඇතුළු නොවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි" යන පුවරුවක් ද එල්ලා තබා මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ.ඩී. රන්ජිත් කුමාර