Ananda Samarakoon

Ananda Samarakoon

ආනන්ද සමරකෝන්

Full Name: Egodahage George Wilfred Alwis Samarakoon Born 13 January 1911 Died 05 April 1962

13 January 1911 - 05 April 1962

51.7% · 1,896 votes
Rate this artist

Summary

NameAnanda Samarakoon
Sinhala Nameආනන්ද සමරකෝන්
Full NameEgodahage George Wilfred Alwis Samarakoon
Born13 January 1911
Died05 April 1962

Biography

ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.

මුල් කාලය

සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී.සී.පී.ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.

රචකයෙකි

1937 දී,උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් "එන්ඩද මැණිකේ" ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු "නමෝ නමෝ මාතා" ගීතය රචනා කරන ලදී .පසුව මේම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන "එන්ඩද මැණිකේ" ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් විදිහට මෙය දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී.1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:

පොඩිමල් එතනෝ

විලේ මලක් පිපිලා

පොසොන් පොහොදා

අහසේ මැදුර

සුනිලා ගුවනේ

පුන්චි සුදා

නිල්වලා ගගේ

සුමනෝ

පුදමු කුසුම්

සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී.

චිත්‍ර ශිල්පියා

1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.

ජාතික ගීය

1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී." නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කරන ලදී

මරණය

1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය . ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 191953 Sujatha සුජාතා Dialogs T.R. Sundaram
2 291955 Sedasulan සැඩසුලන් Dialogs T. Somasekaran
3 471957 Surasena සූරසේන Dialogs S.M. Naidu
Film NoYearFilmSongRole
19 1953 Sujatha සුජාතා Sinhala Ayyo Baa Baaඅයියෝ බෑ බෑ හරි Lyrics
Manaranjana Darshaniya Lankaමනරංජන දර්ශනීය ලංකා Lyrics
27 1955 Asoka අසෝකා Sinhala Meka Thama Deviyangeමේක තමා දෙවියන්ගේ Vocalists
29 1955 Sedasulan සැඩසුලන් Sinhala Gamana Dura Nisaiගමන දුර නිසයි Vocalists
Idiriyata Yamu Savomaඉදිරියට යමු සැවොමා Lyrics
Lanka Maathaaලංකා මාතා Lyrics
47 1957 Surasena සූරසේන Sinhala Aloke Alokeආලෝකේ ආලෝකේ Lyrics
Ananda Sriya Waheiආනන්ද ශ්‍රීය වෑහෙයි Lyrics
Athana Methana Kavi Kiya Kiyaආතන මෙතන කවි කිය කිය Lyrics
Manaram Rangumanමනරම් රැඟුමන් Lyrics
Paavi Paavi Akaseපාවී පාවී ආකාසේ Lyrics
Sanda Kanthi Wadiසඳ කාන්ති වැදී Lyrics
Wasanthe Waneවසන්තේ වනේ Lyrics
79 1961 Wadi Bima වැදි බිම Sinhala He Raam Purushoththumaaහේ රාම පුරුෂෝත්තමා Lyrics
Nagara Samaajen Duru Weeනගර සමාජෙන් දුරු වී Lyrics
Pem Raani Suramපෙම් රාණි සුරම් Lyrics
Prema Dayabara Sukomaliyaප්‍රේම දයාබර සුකොමලියා Lyrics
Sirisara Vu Suramyaසිරි සාර වූ සුරම්‍යය Lyrics