SUMMARY
Ananda Samarakoon
ආනන්ද සමරකෝන්
1911 - 1962
54.288913773796
54% |   893  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Ananda Samarakoon ආනන්ද සමරකෝන්
Egodahage George Wilfred Alwis Samarakoon
  • Birthday : 1911 January 13
  • Died : 1962 April 05
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Sujatha
    Dialogs
    1953
    2Sedasulan
    Dialogs
    1955
    3Duppathage Duka
    Lyrics
    1956
    4Surasena
    Dialogs
    1957
    5Vena Svargayak Kumatada
    Lyrics
    1963

    AS SONG CREW

    1Sujatha
    • Lyrics - Ayyo Baa Baa
    • Lyrics - Manaranjana Darshaniya Lanka
    1953
    2Asoka
    • Vocalists - Meka Thama Deviyange
    1955
    3Sedasulan
    • Lyrics - Lanka Maathaa
    • Lyrics - Idiriyata Yamu Savoma
    • Vocalists - Gamana Dura Nisai
    1955
    4Surasena
    • Lyrics - Athana Methana Kavi Kiya Kiya
    • Lyrics - Ananda Sriya Wahei
    • Lyrics - Paavi Paavi Akase
    • Lyrics - Aloke Aloke
    • Lyrics - Wasanthe Wane
    • Lyrics - Manaram Ranguman
    • Lyrics - Sanda Kanthi Wadi
    1957
    5Wadi Bima
    • Lyrics - Pem Raani Suram
    • Lyrics - Prema Dayabara Sukomaliya
    • Lyrics - He Raam Purushoththumaa
    • Lyrics - Nagara Samaajen Duru Wee
    • Lyrics - Sirisara Vu Suramya
    1961
    BIOGRAPHY

    ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.

    මුල් කාලය


    සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී.සී.පී.ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.

    රචකයෙකි


    1937 දී,උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් "එන්ඩද මැණිකේ" ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු "නමෝ නමෝ මාතා" ගීතය රචනා කරන ලදී .පසුව මේම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන "එන්ඩද මැණිකේ" ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් විදිහට මෙය දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී.1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:

    පොඩිමල් එතනෝ
    විලේ මලක් පිපිලා
    පොසොන් පොහොදා
    අහසේ මැදුර
    සුනිලා ගුවනේ
    පුන්චි සුදා
    නිල්වලා ගගේ
    සුමනෝ
    පුදමු කුසුම්
    සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී.

    චිත්‍ර ශිල්පියා


    1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.

    ජාතික ගීය


    1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී." නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කරන ලදී

    මරණය


    1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය . ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS