Piyadasa Gunasekara

Piyadasa Gunasekara

60.52% · 1,989 votes
Rate this artist

Summary

NamePiyadasa Gunasekara

Biography

ඩොමී ජයවර්ධන හැරුණු කොට සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දුෂ්්ට නළුවා ලෙස සැලකිය හැක්කේ පියදාස ගුණසේකර යැයි මම සිතමි. ඔහු දෙවැනි වූවා නම් දෙවැනි වූයේ ඇත්ත වශයෙන්ම ඩොමීට පමණකි.

පියදාස සිනමාවට ප්‍රවිෂ්ට වූයේ ‘සැඩසුළං’ චිත්‍රපටයෙන් බව බොහෝ දෙනකු අදහස් කරනවා විය හැකිය. එසේ වුවත් ඔහු මියයන්ට වසර තුනකට ඉහතදී (1977 දී) ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදක පාලිත සමරසිංහ සමඟ කළ පිළිසඳරකදී කියා සිටියේ තමා ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසුණු බවයි. මේ චිත්‍රපටයේ සුවිශේෂත්වයක් ද තිබිණි. එනම් එහි කතාව හා දෙබස් බෞද්ධ භික්ෂුවක විසින් ලියනු ලැබීමයි. ඒ වතුරේගම සෝමාලංකාර හිමිය.

එසේ වුවත් පියදාස නළුවකු ලෙස ප්‍රථම වතාවට කැපී පෙනුණේ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ඇක්මන්ගේ චරිතයෙනි. එය ගණන්කාර චරිතයක් විය. ‘සැඩ සුළං’ විවේචනයට ලක් කළ ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ කියා සිටියේ සිනමාපටයේ හොඳම නළුවා පියදාස බවයි.

1915 දී මරදාන මාලිගාකන්දේ උපන් පියදාසගේ සම්පූර්ණ නම වූයේ හිල්ල ලියනගේ දොන් පියදාස ගුණසේකරය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විදුහලෙනි. සිනමාවට එළැඹෙන්නට පෙර ඔහු වේදිකා නාට්‍ය කීපයක රඟපා ඇත. සිරිසේන විමලවීරගේ ‘රොඩී කෙල්ල’, ‘ශ්‍රී සමුද්‍ර දේවි’ වැනි නාට්‍ය ඒ අතර වෙයි.

පියදාස තරුණ වියේදී ට්‍රෑම් රථ රියැදුරකු වශයෙන් රැකියාවක නිරත වූ අතර දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී සෙබළකු ලෙස ද සම්බන්ධ වී කටයුතු කර තිබේ.

‘සැඩසුළං’ චිත්‍රපටයෙන් රසික අවධානය පෘථුල ලෙස දිනා ගත් පියදාස ඉන් පසු ‘වනමෝහිනි’ චිත්‍රපටයේ පූසාරිගේ චරිතයෙන් එය තවදුරටත් වර්ධනය කර ගත්තේය.

මුලින්ම මේ චරිතය රඟපෑමට යෝජනාවී සිටියේ ලැඩී රණසිංහය. එහෙත් ඒ සඳහා ඔහු අධික මුදලක් ඉල්ලා සිටි බැවින් නිෂ්පාදකවරු ඒ චරිතයට පියදාස යොදා ගත්හ. ‘වනමෝහිනි’ චිත්‍රපටයේ මහාදේවි – මහාදේවි’ යැයි කියමින් පියදාස ඉදිරිපත් කළ රංගනය අදත් පැරණි සිනමා ලෝලයෝ මහත් තෘප්තියකින් යුතුව සිහිපත් කරති.

අලියකු විසින් පියදාස පාගා මරා දමනු ලබන අති බිහිසුණු දර්ශනයක් ‘වනමෝහිනි’ චිත්‍රපටයේ එයි. එම දර්ශනය සිනමාහලේ දුටු පියදාසගේ මවට සිහිමුර්ජා වී ඇති අතර ඔහුගේ බිරිය යටි ගිරියෙන් කෑගසා ඇත. එය සිනමාවේ සාමාජික ප්‍රතික්‍රියා විග්‍රහ කළ හැකි මාහැඟි නිදර්ශනයක් වන්නේය. ඩොමී, පියදාස වැනි නළුවන් මොන තරම් දක්ෂ ලෙස (තාත්වික ලෙස) දුෂ්ට චරිතවලට භාවාත්මකව සමවැදුණේ ද කිවහොත් බොහෝ සිනමා රසිකයන් සැබෑ ජීවිතයේදී පවා ඔවුන් දුටු විට පිළිකුල් සහගත දෘෂ්ටියක් හෙළා ඇත.

පියදාස හැටේ දශකයේදී ‘හඳපාන’, ‘සාරවිට’, ‘සැනසුම කොතැනද’, ‘සොරුන්ගෙත් සොරු’, ‘රෑන ගිරව්’, ‘කපටිකම’ ‘බඩුත් එක්ක හොරු’ වැනි චිත්‍රපටවල ද රඟපෑවේය. එයින් ‘සැනසුම කොතැන ද’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ අහිංසක චරිතයක් විම විශේෂත්වයකි. මාටින් නම් වූ එම චරිතය දොස්තර රාජා (ගාමිණී ෆොන්සේකා) රෝද පුටුවට වැටුණු පසු ඔහුට සත්කාර කරන්නෙකි. පියදාස කැපී පෙනෙන චරිතයක් රඟපෑ සිනමා පටයක් වූයේ ‘බිනරමලී’ය. එහි වෙඩික්කාරයා වූයේ ඔහුය. මෙහි ආරච්චිල ලෙස රඟපෑවේ ඩී. ආර්. නානායක්කාරය. පියදාස, ඩී. ආර්. දෙදෙනාම දක්ෂ චරිතාංග නළුවෝ වූහ. ‘බිනරමලී’ ඔවුන් දෙදෙනා කරට කර රඟපෑ චිත්‍රපටයකි.

මෙහි රඟපෑම් සඳහා පියදාස 1970 ‘සරසවිය’ සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා වශයෙන් සම්මාන ලැබුවේය.

සිය සිනමා රංග කලා ජීවිතයේ පියදාස ඉදිරිපත් කළ අති විශිෂ්ට චරිතාංග නිරූපණය වන්නේ ‘හාරලක්සේ’ චිත්‍රපටයේ ජේම්ස් සෙනෙවිරත්න ලෙස කළ රංගනයයි. හාරලක්සේ මංකොල්ලයේ ප්‍රධාන සැලසුම්කරුවා වූයේ ජේම්ස් සෙනෙවිරත්නය. පියදාස මේ චරිතයේ සූක්ෂ්මතා මැනවින් වටහාගෙන එය ප්‍රබල ලෙස ජීවමාන කළේය.

නළුවකුගේ හෝ නිළියකගේ ප්‍රධාන කැන්වසය තම මුහුණයි. ඔවුන් චතුර්විධ අභින දක්වන්නේ ප්‍රධාන වශයෙන්ම මුහුණ උපයෝගී කරගෙනය. ඕනෑම ආකාරයකට හැඟීම් ප්‍රකාශ කළ හැකි මුහුණක් සතුව තිබීම පියදාසගේ අති සුවිශේෂත්වයක් විය. එය වඩාත් වැදගත් වූයේ එය ආයාසයකින් කළ යුතු දෙයක් නොවීමයි.

චිත්‍රපට කීපයකම (විශේෂයෙන් ‘වනමෝහිනි’, ‘බිනරමලි’, ‘හාරලක්සේ’ හා ‘මාහේනේ රීරි යකා’) පියදාස ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙමින් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.

ඩී. ආර්. නානායක්කාර, ඩොමී ජයවර්ධන, හර්බට් අමරවික්‍රම, සම්පත් ශ්‍රී නන්දලෝචන වැනි නළුවන්ගෙන් මෙන්ම පියදාසගෙන් ද රංගන හැකියාව ප්‍රබල ලෙස මතු කර ගත් අධ්‍යක්ෂවරයකු වූයේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔහුගේ ‘සැනසුම කොතැනද’, ‘ළසඳා’ (සිල්වා) හා ‘හිඟන කොල්ලා’ (පේදරු) වැනි චිත්‍රපටවල පියදාසගේ මාහැඟි රඟපෑම් දක්නට ලැබේ.

‘බිනරමලී’ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ලැබූ හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය හැරුණු කොට පියදාස තවත් සම්මාන දෙකකට හිමිකම් කියා ඇත. ඒ 1965 වසරේ පැවති එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා (‘සුබසරණ සැප සිතේ’ චිත්‍රපටය වෙනුවෙන්) සහ 1974 දීපශිඛා සම්මාන උළෙලේ විශේෂ බහුමාන සම්මානයයි.

පියදාස විදෙස් චිත්‍රපට කීපයක ද රඟපා ඇත. ‘එලිපන්ට් බෝයි’ චිත්‍රපටය එවැන්නකි.

එසේම ඔහු ‘පර්පල් ප්ලේන්’, ‘එලිපන්ට් වෝක්’, ‘ස්ටාර් ඕවර් කලම්බු’ වැනි විදෙස් සිනමාපටවලට ද නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී ඇත.

1980 දී පියදාස මෙලොව හැර ගියේය. බොරැල්ල කනත්තේදී සිදු කළ ඔහුගේ් අවමඟුල් උළෙලේදී කතා කළ ප්‍රකට සාහිත්‍යධරයකු හා දේශපාලනඥයකු වූ ටී. බී. ඉලංගරත්න මහතා, පියදාස ජන හදවත් දිනූ ශ්‍රේ්ෂ්ඨ කලාකරුවකු බව කියා සිටියේය.

- සුනිල් මිහිඳුකුල

Awards

National Awards

1 " Deepashika" Apecial Award 4th Deepashika Award Ceremony 1974 - 1974
2 Best Supporting Actor Binaramalee - 1969 7th Sarasaviya Awards - 1970 - 1970
3 Special Awards Daru Duka - 1967 5th Sarasaviya Awards - 1968 - 1968
4 Best Co Actor Suba Sarana Sapa Sithe - 1964 2nd United Lanka Fans Society Award Ceremony 1965 - 1965

As a Cast

#Film NoYearFilm RoleDirector
1 141952 Sirisangabo සිරිසඟබෝ Actor Wernan Jayawardana
2 291955 Sedasulan සැඩසුලන් Actor T. Somasekaran
3 471957 Surasena සූරසේන Actor S.M. Naidu
4 511958 Deyyange Rate දෙයියන්නේ රටේ Actor L.S. Ramachandran
5 561958 Vanamohini වනමෝහිනි Actor T.R. Sundaram, A.B. Raj
6 621959 Sihinaya සිහිනය Actor T. Janaki Ram
7 921963 Deepasika දීපශිකා Actor Kingsly Rajapaksha
8 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actor T. Somasekaran
9 1091965 Handapana හඳපාන Actor Kingsly Rajapaksha
10 1161965 Saaravita සාරවිට Actor Thissa Liyanasuriya
11 1261966 Sangavena Sevanella සැඟවෙන සෙවනැල්ල Actor Robin Tampoe
12 1271966 Kolamba Hadayo කොළඹ හාදයෝ Actor Roland Amarasinghe
13 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Actor K. Venkat
14 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actor K.A.W. Perera
15 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Actor M.S. Anandan
16 1371966 Kapatikama කපටිකම Actor K.A.W. Perera
17 1391966 Sampatha සම්පත Actor S. Ramanadhan
18 1471967 Hathara Kendare හතර කේන්දරේ Actor L.M. Perera
19 1481967 Sorungeth Soru සොරුන්ගෙත් සොරු Actor Mike Wilson
20 1511967 Daru Duka දරු දුක Actor Dommie Jayawardena
21 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Actor Regie Perera
22 1641967 Rena Girawu රෑන ගිරවු Actor Dharma Sri Kaldera
23 1661967 Hitha Giya Thena හිත ගිය තැන Main Actor Herbert Rupasinghe
24 1681968 Pinibindu පිනිබිඳු Actor Chula Palagolla
25 1771968 Wanasara වනසරා Actor S.A. Somarathna, L.S. Ramachandran
26 1791968 Hangi Hora හැංගි හොරා Actor Rohini Jayakodi
27 1841968 Dehadaka Duka දෙහදක දුක Actor Robin Tampoe
28 1921969 Harimaga හරි මග Actor D.M. Daas
29 1951969 Baduth Ekka Horu බඩුත් එක්ක හොරු Actor Ranjith Senaweera
30 1981969 Binaramalee බිනරමලී Actor Mudalinayaka Somarathna
31 2021969 Paara Walalu පාරා වළලු Actor Sudas Maskorala
32 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Actor G.D.L. Perera
33 2201970 Nim Walalla නිම් වළල්ල Actor Ranjith Lal
34 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actor Thimothy Weerarathna
35 2351971 Haralakshaya හාරලක්ෂය Main Actor Titus Totawatte
36 2361971 Ma Hene Reeri Yaka මා හේනේ රීරි යකා Actor Kithsiri Nihal Jayasinghe
37 2471972 Hathara Wate හතර වටේ Actor L.M. Perera
38 2481972 Veeduru Geval වීදුරු ගෙවල් Actor Daya Wimalaweera
39 2551972 Vana Raaja වන රාජා Actor William Blakes
40 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
41 2771974 Sihasuna සිහසුන Actor Titus Totawatte
42 2781974 Kalyani Ganga කල්‍යාණි ගංගා Actor Dharma Sri Kaldera
43 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
44 2901974 Jeewana Ganga ජීවන ගංගා Actor Dayananda Rodrigo
45 2951975 Obai Mamai ඔබයි මමයි Actor Joe Dev Ananda
46 3131975 Sikuruliya සිකුරුලියා Actor H.D. Premarathna
47 3451976 Nedeyo නෑදෑයෝ Actor K.A.W. Perera
48 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Actor Gamini Hewawitharana
49 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Actor Lenin Morais
50 3541977 Niluka නිලූකා Actor K. Venkat
51 3611977 Saja සජා Actor Cyril P. Abeyratne
52 3631977 Siripala Ha Ranmanika සිරිපාල හා රන් මැණිකා Actor Amaranath Jayathilake
53 3661977 Tom Pachaya ටොම් පචයා Actor Stanly Perera, Roy De Silva
54 3691977 Vanagatha Kella වනගත කෙල්ල Actor Henry Chandrawansa
55 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actor K.A.W. Perera
56 3741978 Vishmaya විශ්මය Actor Charles Perera
57 3921978 Sasara සසර Actor K.A.W. Perera
58 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
59 4041979 Divi Thibena Thuru දිවි තිබෙන තුරු Actor N.P. Jayatissa
60 4051979 Raja Kollo රජ කොල්ලෝ Actor Gunasiri Senanayaka
61 4151979 Sugandi සුගන්දි Actor Dayananda Rodrigo
62 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actor Jayantha Pulin Samarasinghe
63 4331980 Seetha සීතා Actor Sherly P.Wijerathna
64 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actor H.D. Premarathna
65 4451980 Muwan Palassa II මුවන් පැලැස්ස 2 Actor Yasapalitha Nanayakkara
66 4461980 Raja Dawasak රජ දවසක් Actor Thimothy Weerarathna
67 4671981 Ajasaththa අජාසත්ත Actor Joe Micheal
68 4921982 Sanda සඳා Actor Stanley Perera
69 4961982 Re Manamali රෑ මනමාලි Actor Gamini Fonseka
70 5031982 Sudu Ayya සුදු අයියා Actor S.V. Chandran
71 5261982 Miss Mallika මිස් මල්ලිකා Actor Anton Gregory
72 6011985 Maubima Nathnam Maranaya මව්බිම නැත්නම් මරණය Actor Louie Vanderstraeten
Film NoYearFilmSongRole
29 1955 Sedasulan සැඩසුලන් Sinhala Padamata Pol Thelපදමට පොල් තෙල් Vocalists