Haralakshaya

Haralakshaya

හාරලක්ෂය

Black & White 35mm

Film No: 235  ·  Released: 17 Dec 1971

60.02% · 2,138 votes
Rate this film
Special Message

1949 ජනවාරි 27 වැනිදා සිදු වූ හාරලක්ෂ මංකොල්ලය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඇසුරෙන්

Summary

NameHaralakshaya / හාරලක්ෂය
Film No235
Released Date17 Dec 1971
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanySinhagiri Films
Main Actor: Joe Abeywickrama Main Actor: Piyadasa Gunasekara Producer: Sugathadasa Marasinghe Director: Titus Totawatte

National Awards

For The Film

1 Best Film - Honor 5th Vicharaka Sammana Ulela 1972 - 1972

For Artists

1 Best Director [2nd] 5th Vicharaka Sammana Ulela 1972 - 1972 Titus Totawatte
2 Best Script Writer [2nd] 5th Vicharaka Sammana Ulela 1972 - 1972 Titus Totawatte
3 Best Script Writer [2nd] 5th Vicharaka Sammana Ulela 1972 - 1972 Sujatha Thotawatte
4 Best Editor 5th Vicharaka Sammana Ulela 1972 - 1972 Titus Totawatte
5 Best Cinematographer - Merit 5th Vicharaka Sammana Ulela 1972 - 1972 Andrew Jayamanna

Description

ලංකාවේ පළමුවෙන්ම සිදුවූ බිහිසුණු මංකොල්ලයක් සහ මිනීමැරුමක් වූ හාරලක්ෂ මංකොල්ලය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඇසුරෙන් ටයිටස් තොටවත්ත හාරලක්සෙ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ මීට වසර 48කට එපිට එනම් 1971 දෙසැම්බර් 17 වැනිදාය.

මෙම සත්‍ය සිදුවීම සිදු වුණේ මීට වසර 71කට පමණ පෙර 1949 ජනවාරි 27 වැනිදාය. ලංකා රේස් ඉතිහාසයේ විශාලම සිද්ධිය වූයේ කොළඹ හැව්ලොක් පාක් රේස් පිටියේදී නොව කොළඹ නගර මධ්‍යයේ මහ දවල් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. රොක්වුඩ් මහතා ලියූ ලිපියක සඳහන් වෙයි. එහි ප්‍රතිඵලය ලෙස කරුණු තුනක් ඔහු දක්වා ඇත.

1. රියැදුරකු දරුණු ලෙස මරා දැමීම

2. කොළඹ ටර්ෆ් ක්ලබ් සමාජයට අයත් රුපියල් හාර ලක්ෂයක් හොරකම් කිරීම

3. ටර්ෆ් ක්ලබ් සමාජයේ කැෂියර් තැනට වෙඩි තබා තුවාල සිදු කිරීම

මිනීමැරීම සිදු වූයේ හොරකමට දහහතර පැයකට පෙරාතුවය. හිටපු නියෝජ්‍ය පොලිස්පති රොක්වුඩ් පවසා ඇති අන්දමට සෑම සඳුදාවකම උදෑසන ආම්ස්ට්‍රෝං ගරාජයෙන් සැපයෙන මෝටර් රථයකින් මුදල් බැංකුව වෙත ගෙන යනු ලබන ආසන හතේ ‘ලිමේසින්’ වර්ගයේ කාර් එකක් මේ සඳහා යොදවා ගත් බවය.

එහි රියැදුරු වූයේ ජෝන් සිල්වා නම් 56 හැවිරිදි ගරාජයේ පැරණිම සේවකයා මෙන්ම ඉතා හොඳ චරිතයකින් යුත් පුද්ගලයෙකි.

මේ මිනීමැරුම ගැන A.C. Alles විසින් ලියන ලද The Turf Club Robbery and Murder කෘති හා නඩු වාර්තා හා කවි කොළ පුවත්පත්වලින් කියවූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත එය සිනමාවට නැංගීමට සිහින මවමින් සිටියේය. ඔහු මේ තම සිතැඟි මා හා පැවසුවේ 1971 වස​ෙර්දීය.

‘වයිට් හවුස් මිනීමැරුම හා ටර්ෆ් ක්ලබ් මංකොල්ලය අතර සම්බන්ධයක් ඇති නිසා මේ සිද්ධීන් ආශ්‍රයෙන් චිත්‍රපටයක් කිරීමට මගේ සිතේ කළල රූපයක් හට ගත්තේ මා ‘පුංචි බබා’ (1966) චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරන කාලේ. හාර ලක්සෙ ඇතැම් සත්‍ය චරිත මගේ මනෝ ලෝකයේ සිය දහස් වර රඟපෑවා. එහි ප්‍රධාන චරිත වූ සෙනෙවිරත්න, රාජපක්ෂ, මුණසිංහ, විජේදාස ආදීන් මගේ ජීවිතයට වඩාත් සමීප වුණා.

දිනක් ටයිටස් ‘පුංචි බබා’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරමින් සිටින එක් හැන්දෑවක චිත්‍රපටයේ නිෂ්පාදක සුගතදාස මාරසිංහ සංස්කරණ මැදිරියට ආවේය.

‘ටයි අපි අලුත් චිත්‍රපටයක් කරමුද?’

‘කරමු.’

‘කතාවක් කො​ෙහාමද?’

‘මිස්ටර් මාරසිංහට මම හොඳ කතාවක් කියන්නම්. හැබැයි අසතුටු නම් ඒ ගැන කාටවත් කියන්න එපා. මොකද මගේ හිතේ තියෙනව දවසක මේ කතාව තනියම කරන්න.’

‘නෑ කාටවත් කියන්නේ නැහැ. මොකක්ද කතාව?’

‘රේස් කෝස් මංකොල්ලය’

‘මට සතියක් කල් දෙන්න’

සතියකින් මාරසිංහගෙන් වචනයක් ලැබිණ. චිත්‍රපටය ආරම්භ විය. මුලින්ම හාර ලක්සෙ මකොල්ලයේ දී ජෝන් සිල්වා මැරූ ස්ථානය දැක රූපගත කිරීමට සුදුසු තැන් දැක බලාගැනීමට ටයිටස් මාරසිංහ චිත්‍රපට නළු ජෝ අබේවික්‍රම කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න හා සරසවිය පුවත්පතේ කුමාරදාස වාගීස්ට 1969 ඔක්තෝබර් මාසයේ දවසක පුත්තලම අනුරාධපුර පාර බලා ජීප් රථයකින් පිටත් වූහ.

ජීප් රථය පැදවූයේ ජෝය. පුත්තලම තානායමින් දහවල් ආහාරය ගත් ඔවුන් පුත්තලම නගරය පසුකොට 13 වැනි සැතපුම් කණුවට සමීපව තිබූ බෝක්කුව අසල නතර වූහ. ජීප් රථයෙන් බැස්ස ඔවුන්ට දකින්ට ලැබුණේ ‘ජෝන් සිල්වා මහතා ගේ අවසාන ගමන’ යන අකුරු තිබූ පුවරුවය. ඔවුහු ජෝන් සිල්වා බැඳ තිබූ පලු ගසට සමීප වූහ.

ඒ මනුස්සයට මොනව හිතෙන්න ඇද්ද? ජෝ රැවුල කසමින් ටයිටස්ගෙන් අසා ඇත.

ප්‍රධාන වශයෙන් ටයිටස්ට අවශ්‍ය වුණේ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සඳහා යොදාගත් ආම්ස්ට්‍රෝං ගරාජයේ ඉසැඩ් 6033 චවලට් රථය සොයා ගැනීමටය. මේ රථය සොය සොයා ආරංචි ඔස්සේ ජෝ හා ටයිටස් නොගිය තැනක් නැත. මේ රථ ගෙන්වූ සමාගමට ගිය ඔවුනට දැන ගන්නට ලැබුණේ ඔවුන් ලංකාවට ගෙන්වූයේ මෝටර් රථ 5ක් පමණ බවය. එතැනින් ලැබූ ආරංචි අනුව හැතැප්ම 400ක් පමණ බදුල්ල, නුවරඑළිය, නානුඔය, දියතලාව ආදී ප්‍රදේශවලට ගිය දුෂ්කර ගමනේදී දකින්ට ලැබුණේ යුරෝපීය වතු යායක අබලන්ව තිබූ මේ රථයේ දැල් ගසා කුකුළු කූඩුවක් සාදා තිබූ බවය. යාපනයට ගිය ඔවුන්ට මෙවැනිම රථයක් තිබූ අතර එහි වටිනාකම අයිතිකරු ඉහළ නංවා ඇත. නිෂ්පාදක එය රුපියල් 12,000කට මිලදී ගත්තේය.

ටයිටස්ට ‘හාර ලක්සෙ’ ගැන අගනා තොරතුරු ලබා ගැනීමට මංකොල්ලයේ පරීක්ෂණ මෙහෙයවීම් කළ එකල උපපොලිස් අධිකාරිව සිටි ලයනල් ගුණතිලක මහතා උපකාරී වී ඇත. 1970 වනවිට 1949 සිදු වූ කාලයට වඩා කොළඹ නගරය වෙනස් වී තිබුණි. හැකි හැම විටම පැරණි තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ටයිටස් පරෙස්සම් වී ඇත. රේස් කෝස් පිටිය. අවට රීඩ් මාවත, කේම්බ්‍රිජ් පිටිය අවට, රීඩ් මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, රෝලන්ඩ්ස් ගරාජය අසල ප්‍රදේශවල රූපගත කිරීමට, මහා මාර්ගයේ වාහන නතර කර ගැනීමට කුරුඳුවත්ත පොලිසියේ සහාය ලැබී ඇත.

හාරලක්ෂය මංකොල්ලයට සම්බන්ධව සිට පසුව ආණ්ඩුවේ සාක්ෂිකරුවකු වූ ඒ කාලයේ ජීවතුන් අතර සිටි පුද්ගලයකුගෙන් රූපානන්ද එදා මංකොල්ලයට සම්බන්ධ වූ අයගේ ගති පැවතුම් ඇඳුම් පැලඳුම් කෑම බීම ආදිය ගැන තොරතුරු ලබාගැනීමට ජෝ හා ටයිටස් සමත් වූහ.

හාර ලක්ෂය චිත්‍රපටය ඇරඹෙන්නේ 1945 යුද්ධය අවසන් වෙන කාලය දැක්වෙන රූපාවලියකිනි. සයිරන්ස් හඬ නළා හඬත් ඇතිව වෙඩි පහරවලින් ගිගුම් දෙන පසුබිමක ලෝක බෝලය කැරකෙයි. ඒ සමගම පසුබිම් කථනයෙන් ඒ වකවානුව පිළිබඳ හැඳින්වීමක් ගෙන ඒමට ටයිටස් අදහස් කළේය. මේ ඔහුගේ තිර නාටකයේ එන පසුබිම් හඬය. යුද අඳුර බිඳ සාමයේ එළි නැගිණි. හිට්ලර්ගේ ආධිපත්‍යය වැනසිණි. හිරෝෂිමා ද නාගසාකිය ද පරමානුවෙන් සුනු විසුනු විය. දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවිය. මැද පෙරදිග යුද බිමේ සිට අපේ තරුණ පෙළ ද පෙරළා මව්බිම වෙත ආහ. සමහරෙක් අපේ හුරු පුරුදු තැන්පත් ජීවන රටාවට එක්වූහ. එහෙත් යුද හඬ රැව් දෙන දෙසවන් ඇත්තෝ අරමුණු රහිතව කෙමෙන් සැහැසි ක්‍රියාවලට පෙළඹුණේය.

ටයිටස් මේ පසුබිම චිත්‍රපටයේ චරිත තුළින් මතු කළ ආකාරය එදා මට කීවේ මෙසේය.

යුද්ධ කාලය අවසානයත් සමගම පෙරළා දිවයිනට පැමිණි පුද්ගලයින් අතර සෙනෙවිරත්න මුණසිංහ විජේදාස වඩාත් කැපී පෙනෙන අය වුණි. ඔවුන්ට තරම් තීක්ෂණ බුද්ධියක් කපටි ඥානයත් ස්ථානෝචිත ප්‍රඥාවත් තිබූ මිනිසුන් අපට සිටියේ ටික දෙනෙකි.

ඔවුන් පිළිබඳව වූ මේ මංකොල්ලය සිනමාවට නැගීමේ දී ඔවුන්ගේ සිත් තුළට බැසීමට මා උත්සාහ කළා. ඔවුන් මෙයට පෙළඹුණු හේතු මොනවාද? ඊට පසුබිම් වූ සමාජ තත්ත්වය කුමක්දැයි මම සිනමා මාධ්‍යයෙන් කීමට උත්සාහ කළා. චිත්‍රපටයේදී සම්පූර්ණ සිද්ධිය හෝ නඩු විභාගය දැක්වීමට වඩා මංකොල්ලය කිරීමට පෙළඹුණු අයුරුත් කළ අයුරුත් විවරණය කිරීමට මම උත්සාහ කළා.

මේ චිත්‍රපටයේ පෙම්වතියක් නෑ. චිත්‍රපටයේ එන වයිට් හවුස් මංකොල්ලය (The white house murder case) පෙන්වන වයිට් හවුස් වතු පාලකයාගේ බිරිඳ සිටින එකම රූපරාමුවක හැර කාන්තාවක් රඟ නොපෑ එකම සිංහල චිත්‍රපටය විය හැකියි හාර ලක්සෙ.

ඒ. ඩී. රන්ජිත් කුමාර

ජේම්ස් සෙනවිරත්න තුල දැඩි මුදල් තණ්හාවක් තිබුනා කියා කීමට නොහැක. තමාගේ ජීවන පැවැත්මට මිනී පෙට්ටි සාප්පුව ප්‍රමාණවත් විය. හැල හැප්පීමක් නොමැතිව ගලා යන ජේමිස් ගේ ජීවිතය, විශාල වෙනසකට මෙන්ම ඛේදවාචකයකට පෙරලුනේ 'වයිට් හවුස්' මිනී මැරුමෙන් පසුවය.

ලෑතර සෙනවිරත්න නොහොත් ලෑතර බාස් ජේමිස්ගේ මස්සිනාය. වයිට් හවුස් සුදු වතු පාලකයා තම සේවකයන්ගේ පඩි සල්ලි වූ රුපියල් 35,000/- ක මුදලක් කොළඹ චාර්ටඩ් බැංකුවෙන් තම වත්තට ගෙන එන විට හිඳැල්ල ගමේ කරපිංචා පාලම අසලදී එය කොල්ල කෑවේ ලෑත⁣ර බාස්, නැපෝ සිංඤෝ, හා ඇල්බට්ය. මෙම කොල්ල කෑමේදී ලෑතර බාස් අතින් වයිට් හවුස් සුදු පාලකයා මියගියේය. කොල්ල කෑ බෑගය තුල තිබුනේ එළවළුය. ලෑතර බාස්ව හිරේට නියම විය.

ලෑතර බාස්ව පෝරකයට නොයවා කෙසේ හෝ බේරාගැන්මට ජේම්ස්ට උවමනා විය. මෙම නඩුව කැඩීමට නම් සුපිරිම නීතිඥයන් ඇල්ලිය යුතු බවත්, එයට විශාල මුදලක් යටවෙන බවත් ජේමිස්ට වැටහුණි .

මිනීපෙට්ටි සාප්පුවෙන් ලැබෙන ආදායම තමාට ජීවත් වීමට ඇති තරම් ප්‍රමාණවත් වූවත්, ලෑතර බාස්ව ගලවා ගන්නට නම් ලක්ෂ ගණනක් අතේ තිබිය යුතුයැයි ජේමිස්ට ප්‍රත්‍යක්ෂ්‍ය විය.

කොළඹ තුරඟ තරග පිටියේ සෙනසුරාදා දින පැවැත්වෙන තරඟ වලින් ලැබෙන මුදල් සඳුදා දින කොළඹ චාර්ටඩ් බැංකුවේ තැන්පත් කෙරේ. එම මුදල් බැංකුව වෙතට ගෙන යනුයේ කොටුවේ ආම්ස්ට්‍රෝං ගරාජයේ මෝටර් රථයකිනි. ⁣කුරුදුවත්ත පොලිසියේ පොලිස් පරික්ෂක වරයෙකු කැටුව තුරඟ තරග පිටියට එන මෝටර් රිය ටර්ෆ් ක්ලබ් මුදල් අයකැමියන්ගේ භාරකාරත්වය යටතේ එම මුදල් බැංකුවට ගෙන යයි.

මේ දෙස තම උකුසු ඇස ජේමිස්ටත් වඩා යොමා හිටියේ ටයිටස් තොටවත්තය. ඔහු මෙය පූර්ණ ලෙස අධ්‍යයනය කළේය. ජේමිස්ටත් ප්‍රථම මෙයට ගේම් එක දීමට නම් හොද වැඩ කාරයෙක්ව 'සෙට්' කර ගත යුතුයැයි ටයිටස් තොටවත්තට වැටහුණි. ඔහු මෙම ගේම් එකට තවත් මොළකරුවෙකු වූ සුගතදාස මාරසිංහව ළංකර ගති.

ජේම්ස් සෙනවිරත්නට ලෑතර බාස්ව බේරා ගැන්මට තිබූ එකම විකල්පය ටර්ෆ් ක්ලබ් එකෙන් සඳුදාට එළියට එන මුදල් වලට 'ගේම්' එක දෙන එකය. මෙයට 'මාස්ටර් ප්ලෑන්' එක සෑදීමට ජේම්ස්ට මහ කජ්ජක් නොව එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට සුපිරි සෙට් එකක් අවශ්‍යයය. ජේමිස් ,රාජපක්ෂ ව සොයා ගියේ ඒ නිසාය. රාජපක්ෂ සමාජයට සුචරිතවාදියෙකු ලෙස පෙන්වූවාට , ඔහු මංකොල්ල සම්බන්ධව ඩබල් ඩිග්‍රිකාරයෙකි. සුපිරි වැඩකරුවෙකි.

ටයිටස් තොටවත්ත හා සුගතපාල මාරසිංහද ට⁣ර්ෆ් ක්ලබ් එකේ 'ගේම් එකට' සුපිරි වැඩකරුවන් සොයන්නට විය.

'මමත් මුහුණේ හැඟීම් උද්පාදනය කරන හැටි ඉගෙන ගන්නෙ මොහුගෙන්. ඔහු ඒ තරම්ම විශිෂ්ටයි ' කියා ගාමිණී ෆොන්සේකා විසින් වි⁣ශේෂිත රෙකමෙන්දෝරුවක් කළ පියදාස ගුණසේකරව මෙම මංකොල්ලයේ මහා මොළකරු ලෙස ගැනීමට තොටවත්ත හා මාරසිංහ, තීරණය කළ අතර එය ක්‍රියාකාරිව හසුරවන නායකයාට දක්ෂ මල්ලව පොර සටන්කාමියෙකු වූ රොබින් ප්‍රනාන්දුව එකතු කර ගති.

ලියවන පට්ටල් කරුවෙකු වූ වීරසිංහව මෙම 'මිෂන්' එකට එකතු කර ගත්තේ රාජපක්ෂ විසිනි. වීරසිංහ මුදල් තන්හා කාරයා වුවත් රාජපක්ෂට අවනත වන බව ඔහුට සැකයක් නොවුවද, ජේමිස්ට, වීරසිංහ ගැන නම් ඒ හැටි විශ්වාසයක් නොතිබුනි. එහෙත් මෙය රාජපක්ෂගේ තේරීමක් නිසා ජේමිස් ඉවසා සිටියේය. විජේදාස හා මුණසිංහව මෙයට එකතු කර ගත්තේ ජේමිස් විසිනි. ඔවුන් බෙල්ල ගියත් ගේම් එක සුපිරිව ගෙන යන බව ජේමිස් හොදාකාරව දැනගෙන සිටියේය.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම හා සේනාධීර රූපසිංහ වැනි දක්ෂයන් තිදෙනෙක් මෙම මංකොල්ලයට ගැළපේයයි තොටවත්තට වැටහුනි. ඔවුන්ද යළි දෙවරක් නොසිතාම මෙම මංකොල්ලය සාර්ථක කර ගැන්මට තොටවත්ත හා මාරසිංහ සමඟ එකතු වුණේ හරියට සිල්වෙස්ටර් ස්ටැලොන්, ජෙට් ලී සහ බෲස් විලීස් 'ද එක්ස්පෙන්ඩබල්ස්' එකට එකතු වුනා වගේය.

ටර්ෆ් ක්ලබ් එකෙන් මුදල් අරන් එන මෝටර් රථය තම ට්‍රැම්ප් මොටෝබයිසිකල් එක හා රික්ෂෝ එකකින් හරස් කරන ආකාරය, පෙර හුරුවකින් රාජපක්ෂට පෙන්වීමට තරම් තීක්ෂන බුද්ධියක් ජේමිස් සතුවිය. ඔහු මෙම 'මිෂන්' එක මොනතරම් දක්ෂ ලෙස සැලසුම් කලාද කිව හොත් මෙය කිසිසේත් නොවරදින බව ඔහුට සහතිකය. දැන් අවශ්‍ය කරන වැඩ්ඩෝ ටික හරිය. ප්ලෑනත් හරිය. ඔවුන් නියමිත දිනය එනතෙක් ලක ලෑස්ති වී සිටියහ.සල්ලි ගත් පසු මාස 3ක් යන තෙක් බෙදා නොගන්නා ⁣කොන්දේසියක් ජේමිස් පැනවූ අතර මුදල් වලට ගිජුවූ වීරසිංහ හැරෙන්නට අන් සියල්ලෝම එයට එකඟ විය. මේ හේතුවෙන් ඔවුනට වීරසිංහව අත් හැරීමට සිදු විය. වීරසිංහව එකතු ක⁣ර ගැනීම ගැන දොාස් ඇසීමට සිදුවූයේ ඔහුව එකතු කර ගත් රාජපක්ෂටය. එය කවදා හෝ භූම⁣රංගයක් ලෙස කැරකී ඒවි යැයි ජේමිස්ගේ තීක්ෂණ නුවණට වැටහුණිද,⁣ඒ පිළිබදව ඉන් එහාට ඔවුන් සිතන්නට ගියේ නැත. රූපානන්ද 'රිප්ලේස්' වූයේ වීරසිංහගෙන් හිස් වූ තැනය.

ජේමිස්, රාජපක්ෂ , මුණසිංහ, විජේදාස, රූපානන්ද, සමඟ ටයිටස් තොටවත්ත, සුගතදාස මාරසිංහ, ඇන්ඩෘ ජයමාන්න, මේ සියල්ලෝම ලෑස්ති වූයේ 'හාර ලක්ෂයක්' කොල්ල කෑමටය.

1949 වර්ෂයෙදී ලක්ෂ හතරක් යනු විශාල මුදලකි. එය අද මුදල් වටිනාකම හා සසදන විට කෝටි ගනනකි. එදා ලක්ෂයකින් කරන්න පුළුවන් වැඩ අද කෝටි දෙකකින් වත් කි⁣රීමට නොහැක.රූපානන්ද විසින් ආම්ස්ට්‍රෝන්ග් ගරාජයට ගොස් රුපියල් 50ක අත්තිකාරම් මුදලක් ගෙවා ⁣මෝටර් රථයක් ගෙවා වෙන්කරවා ගත්තේ පුත්තලමට යා යුතුයි කියාය. පසුදින රූපානන්ද, මුණසිංහ සමඟ රථය ලබා ගති. ඔවුනට ලැබුනේ ඛ6032 දරණ චවලට් රථයයි. ඔවුනට ලැබුණු රියදුරු ජෝන් ද සිල්වාය. පුත්තලම බලා යන ගමන ආරම්භ කළෝය. වික්ටෝරියා පාලම අසලදී විජේදාසද රථයට ගොඩවිය. මේ අතර මෙහී මහා මොළකරුවූ ජේමිස් , රාජපක්ෂ සමඟින් වෙනත් රථයකින් පුත්තලම බලා පිටත්විය.

ජෝන් ද සිල්වා පදවන රථයේ සිටි මුණසිංහට පුත්තලම කිට්ටුවේදී බඩේ අමාරුවක් කියා එය හේතුවක් ලෙස පෙන්වා රථය නවත්වා ගැන්මට ඔවුනට හැකි විය. එසැනින්ම ඔවුන් ජෝන් ද සිල්වා ඇදගෙන එතැන තිබෙන කැලයට යනවිට, කැලයෙන් මතුවූයේ ජේම්ස් හා රාජපක්ෂය. ඔවුන් සියල්ලෝම, අසරන ජෝන්ව කැලය තුළටම ගෙන ගොස් ගසක බැඳ දමා ගෑස් මුහුණක් දැමීය. විජේදාස එහී බොත්තම තද කෙරීය. ජෝන් මොන තරම් කන්නලව් කරමින් තම ජීවිතය ඉල්ලා කෑ ගැසුවත්, ඔවුන් නොවේ එය මායිම් කළේ. ගෑස් මුහුණේ ⁣බොත්තම තද කෙරූ නිසා කෙඳීරි ගාමින් සිටි ජෝන් ද සිල්වා ටික වේලාවකින් මිය ගියේය.

මෙම සිදුවීමෙන් පසු පියදාස ගුණසේකර ,රොබින් ප්‍රනාන්දු ,ජෝ අබේවික්‍රම, සේනාධීර රූපසිංහ, ජී.ඩබ්ලියු. සුරෙන්ද්‍ර දැඩි කලබලයට පත් විය. සැලසුම කෙසේ වුවත් කෙනෙක් දෑස් ඉදිරිපිටම මිය යෑම දරා ගැන්ම⁣ට නොහැක. එය පියදාස ගුණ⁣සේකරගේ මුහුණින් දැඩිව පිළිඹිඹු විය. ඔවුන් අතින් මිය ගියේ කේ.ඩී.ජිනදාසය. මෙලෝ වරදක් නොකෙරූ අවිහිංසික දරුපවුල් කාරයෙකි. ටයිටස් තොටවත්තත්, සුගතදාස මාරසිංහත් මෙම මිනි මැරුමට වග කිව යුතුමය.

ජෝන් ද සිල්වා මරා දැමීමෙන් පසු විජේදාස හා මුණසිංහ, එම රථයටම නැග ගත්තේ විජේදාස රියදුරා ලෙසත් මුණසිංහ පොලිස් පරික්ෂකයෙකු ලෙසත් වෙස් වළා ගෙනය.

ඔවුන් දෙදෙනා කෙළින් ගියේ තුරඟ තරඟ පිටියටය. ලක්ෂ හතරක මුදලක් සමඟ මුදල් අයකැමි වරු තිදෙනෙක් එම රථයට නැග්ගේ ඇත්තම රියදුරු හා ඇත්තම පොලිස් පරික්ෂක වරයෙකු යැයි සිතාය. ඔවුනට මේ අය ගැන කිසිදු සැකයක් නොතිබුණේ මේ ඔවුන් නිතරම යන වාහනය නිසාය. වෙනසකට වූයේ අද රියදුරු හා පොලිස් පරික්ෂක ගේ මුහුණු මාරුවීම පමණී. ඒවා කුලියට වාහන ගන්නා සමාගම් වලින් සිදුවෙන සාමාන්‍ය දේවල්ය. රථය චාර්ටඩ් බැංකුවට යන්නට ගමන ඇරඹීය.

කෞතුකාගාරය ලගදී මුණසිංහ රිවෝල්වරයක් ඇද ගතී. ඉන්පසු ඔහු වෙඩි තබන්නට පටන් ගතී. එසැනින්ම, මෝටර් සයිකලයකින් ආ ජේම්ස් හා රාජපක්ෂ රථයට පැන හාර ලක්⁣ෂේ මුදල් මලු පැහැර ගති. ඉන් පසු ඔවුන් අය කැමියන්ව එළියට දමා එම රථයෙන්ම සියල්ලෝම පැන ගියෝය. අලුත් කඩේ සාංචි ආරච්චිගේ වත්තට පැමිණුනු මංකොල්ල කරුවන් වේළු නැමැත්තෙකු ලග මුදල් සගවා ,රථය නෝරිස් පාරේ අතහැර දමා පලා ගියෝය.

මංකොල්ලය ගැන මහ ඉහළින් පුවත් පත්වල වාර්තා පළවුණි. ඒ එවකට සිදූවු විශාලතම මුදල් මංකොල්ලය මෙන්ම භයානකම මංකොල්ලය වූ හෙයිනි. ජේමිස් හා රාජපක්ෂ කල්ලිය ගේම් එක 'ක්ලෝස්' ක⁣ර ඇති බවක් ලියවන පට්ටල් කරුවූ වීරසිංහ දැන ගත්තේ ⁣මේ පුවත් පත් වාර්ථා වලිනි. රාජපක්ෂ හා ජේමිස්ලව 'බ්ලැක් මේල්' කළ හැකි බව වීරසිංහට වැටහුනි. ඔහු කෙළින්ම රාජපක්ෂ ලඟට ගොස් 'ගේම' ඉල්ලුවේය. හොරකම් කෙරූ මුදලින් සැලකිය යුතු කොටසක් ඔහුටත් අවශ්‍ය යැයි ඔහු කීය. පළවන වර ඔහුව ෂේප් කර හරවා යවන්නට රාජපක්ෂට හැකි වූවද, පොලිස් දෙපාර්තමේන්තුව විසින් කිසිවෙක් හෝ මේ මංකොල්ල කරුවන් සම්බන්ධව, හෝඩුවාවක් දුන්හොත් ඒ තැනැත්තාට රුපියල් 25,000ක් මුදල් ත්‍යාගයක් දෙන බව ප්‍රචාරය කර තිබූ නිසා මුදල් වලට කෑදර වූ වීරසිංහ එය තමන් සතු කර ගැන්ම සදහා කොල්ලකරුවන්ව පොලීසියට අල්ලා දෙන්නට තැත් කරන්නට උත්සහා කරන විට රාජපක්ෂ එයට විරුද්ධ වී ඔවුනතර විශාල ගැටුමක් ඇතිවිය. ඒ ගෝරිය නිසා වීරසිංහව පොලිසියටඅසුවිය. ඔහු එහිදී මෙම මංකොල්ලයට සම්බන්ධ වූ හැම දෙනාවම අසු කර දුනි.

ලංකාවේ මෙම මංකොල්ලය සිදු වූවේ 1949 ජනවාරි 30 දාය. ටයිටස් තොටවත්ත මෙම සිදුවීම චිත්‍රපටයට නංවන්නට අදහස් කරන විට වුවද එය අභියෝගයක් බව ඔහු දැන සිටියේය. හේතුව මෙහි කාන්තා චරිත නැත. ගීත හෝ නැටුම් නැත. ප්‍රධාන චරිත තුල කඩවසම් තරුණයන් නැත. එවන් දේ නොමැතිව හැත්තෑ දශකය තුළ චිත්‍රපටයක් ගොඩ දා ගැන්ම පහසු නැත.

ඔහු මෙයට පියදාස ගුණසේකරව ප්‍රධාන චරිතයට සම්බන්ධ කරගැනීම තුළින් ඒ සියලු අභියෝග ජයගත්තේය. මෙහී ඉතාමත් උද්වේගක⁣ර ජවනිකාවක් තිබුණි. ඒ ජෝන් ද සිල්වා කැලයට රැගෙන ගොස් මරණයට පත් කරන අවස්ථාවේ පාරේ ලොරි රථයකින් යන වන්දනා නඩයක් තුන් ස⁣රණේ කවි පෙළ ගායනා කරන හඩ ඇසීමය. මරණ බියෙන් වුවද ජෝන් ද සිල්වා හිස ඔසවා මේ හඩට සවන් දෙයි. එය අතීශයින්ම හැගීම් දනවන ජවනිකාවක් විය. එලෙසම එහී සටන් දර්ශන ඉතාමත් තාත්වීකය . විශේෂයෙන් රාජපක්ෂ ලෙස රඟපෑ රොබින් ප්‍රනාන්දුත්, වීරසිංහ ලෙස රඟපෑ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් අතරේ ඇතිවන දිගු සටන අද්විතීය විය.

බටහිර චිත්‍රපටයකින් ලැබෙන ත්‍රාසයට නොදෙවෙනි ලෙස මෙය ඉදිරිපත් කිරීමට තොටවත්තට හැකිවිය. එසේ හැකිවූයේ ඔහු තෝරාගත් දක්ෂ නළුවන් පිරිස නිසාය. ඔවුන් එහී එකිනෙකාට නොපරදින සේ තම චරිත වල ජීවත් වෙමින් රිදී තිරය දෙදරවන්නට විය.

ඇත්තෙන්ම ටයිටස් තොටවත්තගේ 'හාර ලක්ෂය' ලාංකේය රිදී තීරය දෙදරවීය. එහී දැවැන්තයා වුයේ ජේමිස් සෙනවිරත්න ලෙස රඟපෑ පියදාස ගුණසේක⁣රය.

ශෝන් මැක්ස්මස් දිසානායක

Film No: 235 - Year: 1971

Cast

Crew

Other Crew