Ebert Wijesinghe

Ebert Wijesinghe

ඊබට් විජේසිංහ

Died 2013

Birth date unknown - 2013

59.65% · 1,886 votes
Rate this artist

Summary

NameEbert Wijesinghe
Sinhala Nameඊබට් විජේසිංහ
Died2013

Biography

සන්සුන් ගමනින් පැමිණි විජය කුමාරණතුංග, ඊබට් විජේසිංහ අසල වාඩි විය. ඔහුගේ අතින් හැඩ ගැන් වූ වසන්ති චතුරානි ද ඒ ආසන්නයේ සිටී.

සනත් ගුණතිලක ද ඊට සුලු මොහොතකට පසුව දර්ශන තලයට පැමිණියේය.

අද අපි ටිකක් ලයිට් මේකප් එකක් දාමු. එසේ පවසමින් ඊබට්, විජයව හැඩ ගන්වන්නට පටන් ගත්තේය.

මේ සුමිත්‍රා පීරිස් ගඟ අද්දර චිත්‍රපටය රූගත කෙරෙන කාලයයි.

ඊබට් විජේසිංහ මේ සොඳුරු සිනමා සිත්තමේ අංග රචනා ශිල්පියාය.

එදා ගඟ අද්දර වෙනුවෙන් විජය, වෛද්‍ය සුනිමල් සිරිවර්ධන විය. සනත්, රංජිත් ලෙස රංගනයේ යෙදුනේය. වසන්ති, නිර්මලාට පණ පෙව්වාය.

අද ගඟ අද්දර ටෙලි සිතුවමක් වී තිබේ. සාරංග මෙන්ඩිස් එය අධ්‍යක්ෂණය කරයි.

එහි වෛද්‍ය සුනිමල්, මේනක රාජපක්ෂය. රංජිත්, සාරංග දිසාසේකරයි. ශලනි තාරකා, නිර්මලා ලෙසින් වෙස් මාරු කරගෙන සිටී.

ගඟ අද්දර ටෙලි නිමැවුමෙත් අංග රචනා ශිල්පියාත් ඊබට්ම වන්නේය.

සුමිත්‍රා ගඟ අද්දර චිත්‍රපටය නිර්මාණය කොට මේ වසරට අවුරුදු 29 ක්. එදා මං ඒ අංග රචනා ශිල්පියා විදිහට චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් උදව් කළා. ඊට වසර 29 කට පසු ගඟ අද්දර ටෙලි නාට්‍යයෙත් අංග රචනා ශිල්පියා මමයි. ඇත්තටම ඒක කෙනෙකුට හිමි වන විරළ අවස්ථාවක්.

කොහොමද නව පරපුර සමඟ ගනුදෙනු කිරීම?

නව පරපුර දක්ෂයි. මා ක්ෂේත්‍රයට පිවිස දැනට දශක පහකට ආසන්නයි. පරම්පරා පහක් එක්ක වැඩ කළා. අලුත් අයත් එක්ක වැඩ කරන්න ලැබීම එක්තරා අයුරක සතුටක්.

අපි යමුද ඒ දශක පහක අතීතය මතක් කරන්න?

බොහෝ දෙනෙකු නොදන්න කතාවක් මේක. මං මුලින්ම ක්ෂේත්‍රයට පිවිසුනේ රංගන ශිල්පියකු වෙන්න හිතාගෙන. ඒ කාලයේ මගෙ ඔළුවෙ වැඩ කළේ නළු පිස්සුව. නුවර, පාතදුම්බර මගෙ ගමේ ඉඳලා කොළඹ ආවා සෙරන්ඩිබ් චිත්‍රපට සමාගමට. ඒක පවත්වාගෙන ගියේ ආතර් සී. ක්ලාක්, ශේෂා පළිහක්කාර, රවී ජයවර්ධන ඇතුළු පිරිසක්. මං ඒ අයව මුණ ගැසිලා මගෙ සිතේ ඇති ආසාව කිව්වා. ඒක අහලා ශේෂා මහතා මට කිව්ව දේ අදටත් මට මතකයි.

ඔහු කිව්වා ‘උඹ නළුවෙක් වෙන්න එපා, දෑතෙ රස්සාවක් කරපන’ කියලා. ඔහු සෙරන්ඩිබ් ආයතනයේ වැඩ කරන්න අවස්ථාවක් සලසා දුන්නා. පඩිය රුපියල් හැටයි. කලා අධ්‍යක්ෂවරයාගේ සහායකයා ලෙසයි මං මුලින්ම වැඩ කළේ.

එතකොට අංග රචනා ශිල්පියකු වුණේ?

කලා අධ්‍යක්ෂණයේ යෙදෙමින් කාලයක් හිටියා. ඉන් පසුව චිත්‍රපටවල ආලෝකකරණයට උදව් කළා. ට්‍රැක් ඩොලි තල්ලු කළා. මේවායේ යෙදෙමින් සිටින අතරතුරදී හැම දෙයක් පිළිබඳ ඉගෙන ගත්තා. මෙහෙම ක්ෂේත්‍රය තුළ කාලයක් සැරිසරමින් ඉන්න කොට සහය අංග රචනා ශිල්පියකු වුණා. එහෙම ඉන්න කොට අංග රචනය පිළිබඳ මගෙ සිතෙහි අන් අංශයන්ට වඩා වැඩි ආසාවක් ඇති වුණා. සහාය ශිල්පියකු ලෙසත් චිත්‍රපට ගණනාවක වැඩ කිරීමෙන් අනතුරුවයි අංග රචනා ශිල්පියකු වුණේ.

ඔබ මුලින්ම වෙස් ගන්වන්නේ බොහොම අපූරු පුද්ගලයකුව?

ජෝ අබේවික්‍රවයි මං මුලින්ම මේකප් දැම්මේ. ඒ සාරවිට චිත්‍රපටයට. එකල නළුවන් බොහොම කඩවසම්, සුදුයි. ඒ අයට මේකප් දාන්න ලේසියි. ජෝ හැකියාවටම ආපු නළුවෙක්. ඔහු සතු රූපයත් සමඟ මං ටිකක් හිතුවා. ඒ අභියෝගය මං ජය ගත්තා. සාරවිට චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනා ජෝට යොදා ගත්ත අංග රචනා ක්‍රම සහ විධි ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙන්.

සාරවිටෙන් පසුව?

හුළවාලි, පරසතු මල්, දෑස නිසා, කොටි වලිගය, බැද්දේගම, දහසක් සිතුවිලි, නොමියෙන මිනිසුන්, අහසෙන් පොළවට, ආකාස කුසුම්, මී මැස්සෝ ඇතුළු චිත්‍රපට සියයක පමණ ඉන් පසුව මං වැඩ කළා. මේ සෑම චිත්‍රපටයක් සඳහා මං භාවිත කළ අංග රචනා ශිල්ප ක්‍රම එකිනෙකට වෙනස්. ඉන් සමහරක් ම’විසින්ම සොයා ගත් ඒවා.

චිත්‍රපටයකට මේක්ප් අවශ්‍ය ඇයි?

අද සමහර අංග රචනා ශිල්පීන් ඉන්නවා වේශ නිරූපණය වුවමනා ඇයි කියලාවත් නොදන්න.

වේශ නිරූපණය කියන සංකල්පය ආවේ මෙහෙමයි. ඉස්සර කළු සුදු චිත්‍රපටනේ තිබුණේ. ඒ චිත්‍රපටයක සුදු මිනිසෙකුයි කළු මිනිසෙකුයි රඟපාද්දී දෙදෙනාගේ වෙනස හොඳට තේරෙනවා. සුදු මිනිසාගේ රුවට සමානව ඊට වඩා පැහැය අඩු මිනිසාව ගෙන ඒමටයි මේකප් යොදා ගත්තේ. පසුකාලීනව මුහුණේ හැඩතල මනාව පෙන්නුම් කිරීමට, දර්ශනයක කිහිප දෙනෙකු සිටිනවා නම් ඒ අයගේ මුහුණේ පැහැය එක සමාන මට්ටමකට ගේන්නයි වෙස් ගැන්වීම අවශ්‍ය. නැතුව නිකම් කෙනෙකුව ලස්සන කරන්න නෙවෙයි.

අප සිනමා අඹරේ පෑයූ තරු බොහොමයක දීප්තිය විහිදුවන්න ඔබ බොහෝ සෙයින් උදව් කළා?

ඒක නම් එහෙම තමයි. රුක්මණී දේවි, එඩී ජයමාන්න, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, අනුලා කරුණාතිලක, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ වැනි අයව මං මේකප් කරලා තියනවා. ඔවුන් සමඟ ගත කළේ බොහොම සුන්දර කාල පරිච්ඡේදයක්. මේ එක් එක් අය වෙනුවෙන් වෙන වෙනම මං මහන්සි වුණා. ඒ බව ඔවුන්ද දැන සිටියා. ඒ අය අතරින් තවමත් ජීවත්වෙලා ඉන්න අය තවමත් මාත් එක්ක වැඩ කරන්න කැමැතියි. ඒත් දශක ගණනක් ක්ෂේත්‍රයේ හිටියත් පුංචි දුකකුත් හිතේ් නැතුවාම නෙවෙයි.

ඒ ඇයි?

කලා ක්ෂේත්‍රයේ අංශ පිළිබඳ හදාරන්න අපට ආයතන නැහැ. ඉන්දියාවේ පුණාහී චිත්‍රපට ආයතනයට ගිහින් ඉගෙන ගත්ත කීයෙන් කීදෙනාද ක්ෂේත්‍රයේ ඉන්නේ? අපේ නවකයන්ට තැනක් නැහැ ඉගෙන ගන්න. ඉතින් ස්ව උත්සාහායෙන් තමයි එළියට එන්න ඕනේ.

අනික ක්ෂේත්‍රයට පිවිසුන ගමන් අංග රචනා ශිල්පියකු වෙන්නට බැහැ. සහය අංග රචනා ශිල්පියකු වශයෙන් අවුරුදු දහයක්වත් සේවය කළ යුතුයි. ඒ ලංකාවේ තත්ත්වය මත. එහෙමවත් නොඉන්නා අය ක්ෂේත්‍රයට ඇවිත් කරන විනාශය අති මහත්. මේවා මට පේන්න තියෙන දේවල්. අද පිරිමියෙකුට දාන මේකප් ගැහැනු කෙනෙකුට දානවා. එහෙම කරන්න බැහැ. බොහෝ නිර්මාණ අසාර්ථක ඒකයි.

ඉහත තත්ත්වය අවම කිරීමට ප්‍රවීණ ශිල්පියකු වශයෙන් ඔබේ සිතෙත් අදහස් කිහිපයක් ඇති?

මේ තත්ත්වය මග හරවා ගැනීමට අප වැනි ශිල්පීන් ටිකට විතරක් බැහැ. ඊට අදාළ වගකිවයුතු බලධාරීන් සිටිනවා. ඔවුන් තමයි පිළියම් යොදන්න ඕනෑ. පූර්ණ සහයෝගය අපි දෙනවා. ආයෙ වචන දෙකක් නැහැ. මේ වෙලාවෙ මට එක්තරා උදාහරණයක් මතක් වෙනවා. මං මීට කලකට ඉහත දී ජර්මනියට ගියා. එහිදී ඒ රටේ මේකප් ආර්ටිස්ලා දෙන්නෙක් එක්ක වැඩ කළා.

ඒ අයගේ ශිල්ප ක්‍රම දැකලා මං පුදුම වුණා. ඉතින් මම කළේ ඔවුන්ගෙන් රහසින්ම ඒ ශිල්පවලින් බොහොමයක් ඉගෙන ගැනීම පමණයි.

හෙට දිනය?

මං දැනට දශක පහක් තිස්සේ කලාවේ ඉන්නවා. මට කලින් ආපු, මට පස්සෙ ආපු බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැහැ. ඒත් මං තවම වැඩ. මට තවම තනිවම මේකප් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒත් මං ආසයි තවමත් ඉගෙන ගන්න. තවමත් ක්ෂේත්‍රය හදාරනවා. මේ දිනවල නම් ගඟ අද්දර නාට්‍යයට අමරව සිද්ධාර්ථ චිත්‍රපටයේත් ප්‍රධාන අංග රචනා ශිල්පියා විදිහට වැඩ කරනවා.

සටහන – ප්‍රසාද් සමරතුංග

Awards

National Awards

1 Best Make-Up Artist Sooriya Arana - 2004 30th Sarasaviya Awards - 2005 - 2005
2 Best Make-up Artist Pawru Walalu - 1999 26th OCIC Award Ceremony 2002 - 2002
3 Best Make-up Artist Nomiyena Minisun - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995
4 Best Make-Up Artist Surabidena - 1993 10th Presidential Award 1994 - 1994
5 Best Make-up Artist Surabidena - 1993 22nd Sarasaviya Awards - 1994 - 1994
6 Best Make-up Artist Surabidena - 1993 6th Swarna Sanka Cinema Awards Ceremony 1994 - 1994
7 Best Make-up Artist Ahimi Dadaman - 1992 21st Sarasaviya Awards - 1993 - 1993
8 Best Performance Award Sisila Ginigani - 1992 20th OCIC Award Ceremony 1993 - 1993
9 Best Make-up Artist Kelimadala - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
10 Best Performance Award Golu Muhude Kunatuva - 1991 19th OCIC Award Ceremony 1992 - 1992
11 Best Make-up Artist Sagara Jalaya Madi Handuwa Oba Sanda - 1988 2nd Swarna Sanka Cinema Awards Ceremony 1990 - 1990
12 Best Make-up Artist Kaliyugaya - 1983 12th Sarasaviya Awards - 1984 - 1984
13 Best Make-up Artist Yahalu Yeheli - 1982 11th Sarasaviya Awards - 1983 - 1983
14 Best Make-Up Artist Beddegama - 1981 4th Presidential Award 1982 - 1982
15 Best Make-Up Artist Parithyaga - 1980 3rd Presidential Award 1981 - 1981
16 Best Make-up Artist Ganga Addara - 1980 9th Sarasaviya Awards - 1981 - 1981

As a Cast

#Film NoYearFilm RoleDirector
1 3941978 Ahasin Polovata අහසින් පොලවට Actor Dr. Lester James Peries
2 4361980 Siribo Ayya සිරිබෝ අයියා Actor Sunil Ariyaratne
3 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
4 6591988 Amme Oba Nisa අම්මේ ඔබ නිසා Actor Anton Kingsley
5 6601988 Angulimala අංගුලිමාල Actor Baptist Fernando
6 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
7 7231992 Sisila Ginigani සිසිල ගිනි ගනී Actor Prasanna Vithanage
8 7731994 Nomiyena Minisun නොමියෙන මිනිසුන් Actor Gamini Fonseka
9 9292001 Oba Magema Wewa ඔබ මගේම වේවා Actor V. Siwadasan
10 9292001 Oba Magema Wewa ඔබ මගේම වේවා Actor V. Siwadasan

As a Crew

Art Director

#Film NoYearFilm RoleDirector
1 2071969 Bakmaha Deege බක්මහ දීගේ Art Director Dayananda Gunawardena

Make-up Artists

#Film NoYearFilm RoleDirector
1 1161965 Saaravita සාරවිට Make-up Artists Thissa Liyanasuriya
2 1641967 Rena Girawu රෑන ගිරවු Make-up Artists Dharma Sri Kaldera
3 1951969 Baduth Ekka Horu බඩුත් එක්ක හොරු Make-up Artists Ranjith Senaweera
4 1961969 Mee Masso මී මැස්සෝ Make-up Artists Dharma Sri Kaldera
5 2231971 Poojithayo පූජිතයෝ Make-up Artists W.A.B. De Silva
6 2261971 Ran Onchilla රන් ඔන්චිල්ලා Make-up Artists Dharma Sri Kaldera
7 2301971 Kesara Sinhayo කේසර සිංහයෝ Make-up Artists Roland Amarasinghe
8 2351971 Haralakshaya හාරලක්ෂය Make-up Artists Titus Totawatte
9 2541972 Miringuva මිරිඟුව Make-up Artists Amarasena Kumarasinghe
10 2551972 Vana Raaja වන රාජා Make-up Artists William Blakes
11 2831974 Sagarika සාගරිකා Make-up Artists Titus Totawatte
12 2871974 Sanakeliya සැණකෙළිය Make-up Artists Wimaladasa Perera, Herbert Ranjith Peiris
13 3351976 Asha ආශා Make-up Artists S.G. Samarasingha
14 3381976 Hulavali හුලවාලී Make-up Artists W.A.B. De Silva
15 4391980 Parithyaga පරිත්‍යාගය Make-up Artists H.D. Premarathna
16 4611981 Beddegama බද්දේගම Make-up Artists Dr. Lester James Peries
17 7031991 Kelimadala කෙළිමඩල Make-up Artists D. B. Nihalsinghe
18 7041991 Obata Pamanai Adare ඔබට පමණයි ආදරේ Make-up Artists S.V. Chandran, Anton Kingsley
19 7071991 Raja Kello රජ කෙල්ලෝ Make-up Artists Shirley P. Wijeratne
20 7501993 Surabidena සුරබිදෙන Make-up Artists Chandrarathna Mapitigama
21 7991995 Cheriyo Captain චෙරියෝ කැප්ටන් Make-up Artists Roy De Silva
22 8091995 Demodara Palama දෙමෝදර පාලම Make-up Artists Dinesh Priyasad
23 8161995 Edath Chandiya Adath Chandiya එදත් චන්ඩියා අදත් චන්ඩියා Make-up Artists V. Siwadasan
24 8321996 Mana Mohini මන මෝහිනි Make-up Artists Hemasiri Sellapperuma
25 8341996 Thunweni Aha තුන්වෙනි ඇහැ Make-up Artists Anura Chandrasiri
26 8421996 Mal Hathai මල් හතයි Make-up Artists Hemasiri Sellapperuma
27 8441996 Bithu Sithuwam බිතු සිතුවම් Make-up Artists Milton Jayawardhana
28 9292001 Oba Magema Wewa ඔබ මගේම වේවා Make-up Artists V. Siwadasan
29 9322001 Anantha Rathriya අනන්ත රාත්‍රිය Make-up Artists Prasanna Vithanage
30 9432001 Purahanda Kaluwara පුරහඳ කළුවර Make-up Artists Prasanna Vithanage
31 9632002 Bahu Boothayo බහු බූතයෝ Make-up Artists Udayakantha Warnasuriya
32 10032004 Sooriya Arana සූරිය අරණ Make-up Artists Somaratne Dissanayake
33 10052004 Diya Yata Gindara දිය යට ගින්දර Make-up Artists Udayakantha Warnasuriya
34 10252004 Randiya Dahara රන් දිය දහර Make-up Artists Udayakantha Warnasuriya
35 10462006 Hiripoda Wessa හිරිපොද වැස්ස Make-up Artists Udayakantha Warnasuriya
36 10692007 Hai Master හායි මාස්ටර් Make-up Artists Ranjith Siriwardhana
37 10932008 Machan මචන් Make-up Artists Uberto Pasolini
38 12122015 Oba Nathuwa Oba Ekka ඔබ නැතුව ඔබ එක්ක Make-up Artists Prasanna Vithanage
39 12762018 Vaishnavee වෛශ්නාවී Make-up Artists Sumithra Peiris

Script

#Film NoYearFilm RoleDirector
1 11072009 Bindu බින්දු Script Somaratne Dissanayake