SUMMARYPHOTOS
Ebert Wijesinghe
58.770550393138
59% |   1399  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Ebert Wijesinghe
Ebert Wijesinghe
  • Died : 2013
  •  
    NATIONAL AWARDS

    1 Best Make-Up Artist

    3rd Presidential Award 1981
    Parithyaga

    2 Best Make-up Artist

    9th Sarasaviya Awards - 1981
    Ganga Addara

    3 Best Make-Up Artist

    4th Presidential Award 1982
    Beddegama

    4 Best Make-up Artist

    11th Sarasaviya Awards - 1983
    Yahalu Yeheli

    5 Best Make-up Artist

    12th Sarasaviya Awards - 1984
    Kaliyugaya

    6 Best Make-up Artist

    2nd Swarna Sanka Cinema Awards Ceremony 1990
    Sagara Jalaya Madi Handuwa Oba Sanda

    7 Best Make-up Artist

    20th Sarasaviya Awards - 1992
    Kelimadala

    8 Best Performance Award

    19th OCIC Award Ceremony 1992
    Golu Muhude Kunatuva

    9 Best Make-up Artist

    21st Sarasaviya Awards - 1993
    Ahimi Dadaman

    10 Best Performance Award

    20th OCIC Award Ceremony 1993
    Sisila Ginigani

    11 Best Make-Up Artist

    10th Presidential Award 1994
    Surabidena

    12 Best Make-up Artist

    22nd Sarasaviya Awards - 1994
    Surabidena

    13 Best Make-up Artist

    6th Swarna Sanka Cinema Awards Ceremony 1994
    Surabidena

    14 Best Make-up Artist

    23rd Sarasaviya Awards - 1995
    Nomiyena Minisun

    15 Best Make-up Artist

    26th OCIC Award Ceremony 2002
    Pawru Walalu

    16 Best Make-Up Artist

    30th Sarasaviya Awards - 2005
    Sooriya Arana
     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Ahasin Polovata
    Actor
    1978
    2Siribo Ayya
    Actor
    1980
    3Koti Valigaya
    Actor
    1986
    4Amme Oba Nisa
    Actor
    1988
    5Angulimala
    Actor
    1988
    6Kelimadala
    Actor
    1991
    7Sisila Ginigani
    Actor
    1992
    8Nomiyena Minisun
    Actor
    1994
    9Oba Magema Wewa
    Actor
    2001
    10Oba Magema Wewa
    Actor
    2001

    AS CREW MEMBER

    1Saaravita
    Make-up Artists
    1965
    2Rena Girawu
    Make-up Artists
    1967
    3Baduth Ekka Horu
    Make-up Artists
    1969
    4Mee Masso
    Make-up Artists
    1969
    5Bakmaha Deege
    Art Director
    1969
    6Poojithayo
    Make-up Artists
    1971
    7Ran Onchilla
    Make-up Artists
    1971
    8Kesara Sinhayo
    Make-up Artists
    1971
    9Haralakshaya
    Make-up Artists
    1971
    10Miringuva
    Make-up Artists
    1972
    11Vana Raaja
    Make-up Artists
    1972
    12Sanakeliya
    Make-up Artists
    1974
    13Asha
    Make-up Artists
    1976
    14Hulavali
    Make-up Artists
    1976
    15Parithyaga
    Make-up Artists
    1980
    16Beddegama
    Make-up Artists
    1981
    17Kelimadala
    Make-up Artists
    1991
    18Obata Pamanai Adare
    Make-up Artists
    1991
    19Raja Kello
    Make-up Artists
    1991
    20Surabidena
    Make-up Artists
    1993
    21Cheriyo Captain
    Make-up Artists
    1995
    22Demodara Palama
    Make-up Artists
    1995
    23Edath Chandiya Adath Chandiya
    Make-up Artists
    1995
    24Mana Mohini
    Make-up Artists
    1996
    25Thunweni Aha
    Make-up Artists
    1996
    26Mal Hathai
    Make-up Artists
    1996
    27Bithu Sithuwam
    Make-up Artists
    1996
    28Oba Magema Wewa
    Make-up Artists
    2001
    29Anantha Rathriya
    Make-up Artists
    2001
    30Purahanda Kaluwara
    Make-up Artists
    2001
    31Bahu Boothayo
    Make-up Artists
    2002
    32Sooriya Arana
    Make-up Artists
    2004
    33Diya Yata Gindara
    Make-up Artists
    2004
    34Randiya Dahara
    Make-up Artists
    2004
    35Hiripoda Wessa
    Make-up Artists
    2006
    36Hai Master
    Make-up Artists
    2007
    37Machan
    Make-up Artists
    2008
    38Bindu
    Script
    2009
    39Oba Nathuwa Oba Ekka
    Make-up Artists
    2015
    40Vaishnavee
    Make-up Artists
    2018
    BIOGRAPHY

     සන්සුන් ගමනින් පැමිණි විජය කුමාරණතුංග, ඊබට් විජේසිංහ අසල වාඩි විය. ඔහුගේ අතින් හැඩ ගැන් වූ වසන්ති චතුරානි ද ඒ ආසන්නයේ සිටී.

     
    සනත් ගුණතිලක ද ඊට සුලු මොහොතකට පසුව දර්ශන තලයට පැමිණියේය.
     
    අද අපි ටිකක් ලයිට් මේකප් එකක් දාමු. එසේ පවසමින් ඊබට්, විජයව හැඩ ගන්වන්නට පටන් ගත්තේය.
     
    මේ සුමිත්‍රා පීරිස් ගඟ අද්දර චිත්‍රපටය රූගත කෙරෙන කාලයයි.
     
    ඊබට් විජේසිංහ මේ සොඳුරු සිනමා සිත්තමේ අංග රචනා ශිල්පියාය.
     
    එදා ගඟ අද්දර වෙනුවෙන් විජය, වෛද්‍ය සුනිමල් සිරිවර්ධන විය. සනත්, රංජිත් ලෙස රංගනයේ යෙදුනේය. වසන්ති, නිර්මලාට පණ පෙව්වාය.
     
    අද ගඟ අද්දර ටෙලි සිතුවමක් වී තිබේ. සාරංග මෙන්ඩිස් එය අධ්‍යක්ෂණය කරයි.
     
    එහි වෛද්‍ය සුනිමල්, මේනක රාජපක්ෂය. රංජිත්, සාරංග දිසාසේකරයි. ශලනි තාරකා, නිර්මලා ලෙසින් වෙස් මාරු කරගෙන සිටී.
     
    ගඟ අද්දර ටෙලි නිමැවුමෙත් අංග රචනා ශිල්පියාත් ඊබට්ම වන්නේය.
     
    සුමිත්‍රා ගඟ අද්දර චිත්‍රපටය නිර්මාණය කොට මේ වසරට අවුරුදු 29 ක්. එදා මං ඒ අංග රචනා ශිල්පියා විදිහට චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් උදව් කළා. ඊට වසර 29 කට පසු ගඟ අද්දර ටෙලි නාට්‍යයෙත් අංග රචනා ශිල්පියා මමයි. ඇත්තටම ඒක කෙනෙකුට හිමි වන විරළ අවස්ථාවක්.
     
    කොහොමද නව පරපුර සමඟ ගනුදෙනු කිරීම?
     
    නව පරපුර දක්ෂයි. මා ක්ෂේත්‍රයට පිවිස දැනට දශක පහකට ආසන්නයි. පරම්පරා පහක් එක්ක වැඩ කළා. අලුත් අයත් එක්ක වැඩ කරන්න ලැබීම එක්තරා අයුරක සතුටක්.
     
    අපි යමුද ඒ දශක පහක අතීතය මතක් කරන්න?
     
    බොහෝ දෙනෙකු නොදන්න කතාවක් මේක. මං මුලින්ම ක්ෂේත්‍රයට පිවිසුනේ රංගන ශිල්පියකු වෙන්න හිතාගෙන. ඒ කාලයේ මගෙ ඔළුවෙ වැඩ කළේ නළු පිස්සුව. නුවර, පාතදුම්බර මගෙ ගමේ ඉඳලා කොළඹ ආවා සෙරන්ඩිබ් චිත්‍රපට සමාගමට. ඒක පවත්වාගෙන ගියේ ආතර් සී. ක්ලාක්, ශේෂා පළිහක්කාර, රවී ජයවර්ධන ඇතුළු පිරිසක්. මං ඒ අයව මුණ ගැසිලා මගෙ සිතේ ඇති ආසාව කිව්වා. ඒක අහලා ශේෂා මහතා මට කිව්ව දේ අදටත් මට මතකයි.
     
    ඔහු කිව්වා ‘උඹ නළුවෙක් වෙන්න එපා, දෑතෙ රස්සාවක් කරපන’ කියලා. ඔහු සෙරන්ඩිබ් ආයතනයේ වැඩ කරන්න අවස්ථාවක් සලසා දුන්නා. පඩිය රුපියල් හැටයි. කලා අධ්‍යක්ෂවරයාගේ සහායකයා ලෙසයි මං මුලින්ම වැඩ කළේ.
     
    එතකොට අංග රචනා ශිල්පියකු වුණේ?
     
    කලා අධ්‍යක්ෂණයේ යෙදෙමින් කාලයක් හිටියා. ඉන් පසුව චිත්‍රපටවල ආලෝකකරණයට උදව් කළා. ට්‍රැක් ඩොලි තල්ලු කළා. මේවායේ යෙදෙමින් සිටින අතරතුරදී හැම දෙයක් පිළිබඳ ඉගෙන ගත්තා. මෙහෙම ක්ෂේත්‍රය තුළ කාලයක් සැරිසරමින් ඉන්න කොට සහය අංග රචනා ශිල්පියකු වුණා. එහෙම ඉන්න කොට අංග රචනය පිළිබඳ මගෙ සිතෙහි අන් අංශයන්ට වඩා වැඩි ආසාවක් ඇති වුණා. සහාය ශිල්පියකු ලෙසත් චිත්‍රපට ගණනාවක වැඩ කිරීමෙන් අනතුරුවයි අංග රචනා ශිල්පියකු වුණේ.
     
    ඔබ මුලින්ම වෙස් ගන්වන්නේ බොහොම අපූරු පුද්ගලයකුව?
     
    ජෝ අබේවික්‍රවයි මං මුලින්ම මේකප් දැම්මේ. ඒ සාරවිට චිත්‍රපටයට. එකල නළුවන් බොහොම කඩවසම්, සුදුයි. ඒ අයට මේකප් දාන්න ලේසියි. ජෝ හැකියාවටම ආපු නළුවෙක්. ඔහු සතු රූපයත් සමඟ මං ටිකක් හිතුවා. ඒ අභියෝගය මං ජය ගත්තා. සාරවිට චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනා ජෝට යොදා ගත්ත අංග රචනා ක්‍රම සහ විධි ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙන්.
     
    සාරවිටෙන් පසුව?
     
    හුළවාලි, පරසතු මල්, දෑස නිසා, කොටි වලිගය, බැද්දේගම, දහසක් සිතුවිලි, නොමියෙන මිනිසුන්, අහසෙන් පොළවට, ආකාස කුසුම්, මී මැස්සෝ ඇතුළු චිත්‍රපට සියයක පමණ ඉන් පසුව මං වැඩ කළා. මේ සෑම චිත්‍රපටයක් සඳහා මං භාවිත කළ අංග රචනා ශිල්ප ක්‍රම එකිනෙකට වෙනස්. ඉන් සමහරක් ම’විසින්ම සොයා ගත් ඒවා.
     
    චිත්‍රපටයකට මේක්ප් අවශ්‍ය ඇයි?
     
    අද සමහර අංග රචනා ශිල්පීන් ඉන්නවා වේශ නිරූපණය වුවමනා ඇයි කියලාවත් නොදන්න.
     
    වේශ නිරූපණය කියන සංකල්පය ආවේ මෙහෙමයි. ඉස්සර කළු සුදු චිත්‍රපටනේ තිබුණේ. ඒ චිත්‍රපටයක සුදු මිනිසෙකුයි කළු මිනිසෙකුයි රඟපාද්දී දෙදෙනාගේ වෙනස හොඳට තේරෙනවා. සුදු මිනිසාගේ රුවට සමානව ඊට වඩා පැහැය අඩු මිනිසාව ගෙන ඒමටයි මේකප් යොදා ගත්තේ. පසුකාලීනව මුහුණේ හැඩතල මනාව පෙන්නුම් කිරීමට, දර්ශනයක කිහිප දෙනෙකු සිටිනවා නම් ඒ අයගේ මුහුණේ පැහැය එක සමාන මට්ටමකට ගේන්නයි වෙස් ගැන්වීම අවශ්‍ය. නැතුව නිකම් කෙනෙකුව ලස්සන කරන්න නෙවෙයි.
     
    අප සිනමා අඹරේ පෑයූ තරු බොහොමයක දීප්තිය විහිදුවන්න ඔබ බොහෝ සෙයින් උදව් කළා?
     
    ඒක නම් එහෙම තමයි. රුක්මණී දේවි, එඩී ජයමාන්න, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, අනුලා කරුණාතිලක, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ වැනි අයව මං මේකප් කරලා තියනවා. ඔවුන් සමඟ ගත කළේ බොහොම සුන්දර කාල පරිච්ඡේදයක්. මේ එක් එක් අය වෙනුවෙන් වෙන වෙනම මං මහන්සි වුණා. ඒ බව ඔවුන්ද දැන සිටියා. ඒ අය අතරින් තවමත් ජීවත්වෙලා ඉන්න අය තවමත් මාත් එක්ක වැඩ කරන්න කැමැතියි. ඒත් දශක ගණනක් ක්ෂේත්‍රයේ හිටියත් පුංචි දුකකුත් හිතේ් නැතුවාම නෙවෙයි.
     
    ඒ ඇයි?
     
    කලා ක්ෂේත්‍රයේ අංශ පිළිබඳ හදාරන්න අපට ආයතන නැහැ. ඉන්දියාවේ පුණාහී චිත්‍රපට ආයතනයට ගිහින් ඉගෙන ගත්ත කීයෙන් කීදෙනාද ක්ෂේත්‍රයේ ඉන්නේ? අපේ නවකයන්ට තැනක් නැහැ ඉගෙන ගන්න. ඉතින් ස්ව උත්සාහායෙන් තමයි එළියට එන්න ඕනේ.
     
    අනික ක්ෂේත්‍රයට පිවිසුන ගමන් අංග රචනා ශිල්පියකු වෙන්නට බැහැ. සහය අංග රචනා ශිල්පියකු වශයෙන් අවුරුදු දහයක්වත් සේවය කළ යුතුයි. ඒ ලංකාවේ තත්ත්වය මත. එහෙමවත් නොඉන්නා අය ක්ෂේත්‍රයට ඇවිත් කරන විනාශය අති මහත්. මේවා මට පේන්න තියෙන දේවල්. අද පිරිමියෙකුට දාන මේකප් ගැහැනු කෙනෙකුට දානවා. එහෙම කරන්න බැහැ. බොහෝ නිර්මාණ අසාර්ථක ඒකයි.
     
    ඉහත තත්ත්වය අවම කිරීමට ප්‍රවීණ ශිල්පියකු වශයෙන් ඔබේ සිතෙත් අදහස් කිහිපයක් ඇති?
     
    මේ තත්ත්වය මග හරවා ගැනීමට අප වැනි ශිල්පීන් ටිකට විතරක් බැහැ. ඊට අදාළ වගකිවයුතු බලධාරීන් සිටිනවා. ඔවුන් තමයි පිළියම් යොදන්න ඕනෑ. පූර්ණ සහයෝගය අපි දෙනවා. ආයෙ වචන දෙකක් නැහැ. මේ වෙලාවෙ මට එක්තරා උදාහරණයක් මතක් වෙනවා. මං මීට කලකට ඉහත දී ජර්මනියට ගියා. එහිදී ඒ රටේ මේකප් ආර්ටිස්ලා දෙන්නෙක් එක්ක වැඩ කළා.
     
    ඒ අයගේ ශිල්ප ක්‍රම දැකලා මං පුදුම වුණා. ඉතින් මම කළේ ඔවුන්ගෙන් රහසින්ම ඒ ශිල්පවලින් බොහොමයක් ඉගෙන ගැනීම පමණයි.
     
    හෙට දිනය?
     
    මං දැනට දශක පහක් තිස්සේ කලාවේ ඉන්නවා. මට කලින් ආපු, මට පස්සෙ ආපු බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැහැ. ඒත් මං තවම වැඩ. මට තවම තනිවම මේකප් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒත් මං ආසයි තවමත් ඉගෙන ගන්න. තවමත් ක්ෂේත්‍රය හදාරනවා. මේ දිනවල නම් ගඟ අද්දර නාට්‍යයට අමරව සිද්ධාර්ථ චිත්‍රපටයේත් ප්‍රධාන අංග රචනා ශිල්පියා විදිහට වැඩ කරනවා.
     
    සටහන – ප්‍රසාද් සමරතුංග
     
     
    HOME
    NEWS
    DONATE US
    CONTACT
    FILMS
    OTHER FILMS
    UPCOMING
    ARTISTS
    NATIONAL AWARDS
    THEATERS
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS