සොරුන්ගෙත් සොරු
Film No: 148 · Released: 31 Jan 1967
පසුබිම් සංගීතයෙන් තොර ප්‍රථම කතානාද චිත්‍රපටයයි. ඉංග්‍රීසි චිත්‍රපටවල ඇතුළත් සංගීත ඛාණ්ඩ හා ස්වභාවික ශබ්ද යොදා ඇත. මෙයට ගිත ඇතුළත් වූයේ නැත.
ජේම්ස් බොන්ඩ් ගනයේ ප්‍රථම සිංහල චිත්‍රපටය. 5 වන සරසවිය සම්මාන උළෙලේ ගාමිණී ෆොන්සේකා හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.