Bandu Munasinghe

Bandu Munasinghe

බන්දු මුණසිංහ

Full Name: Munasinghe Arachchilage Don Bandu Born 16 March 1936 Died 05 February 2005

16 March 1936 - 05 February 2005

57.16% · 1,813 votes
Rate this artist

Summary

NameBandu Munasinghe
Sinhala Nameබන්දු මුණසිංහ
Full NameMunasinghe Arachchilage Don Bandu
Born16 March 1936
Died05 February 2005

Biography

‘දැන් ඇඟපත රිදෙනව ඇති නේද සර්? හා ... දැන් නැගිටලා ගිහින් ගාගන්න නිලමන්ට් ටිකක්.’

බොල්ගොඩ දූපත අසල ටාඕස් බෝ්ට්ටු වැඩපළේ එහි සේවකයකු සමඟ තවත් අමුත්තෙකු වූ ජව සම්පන්න තරුණයකු අවට සිරි නරඹමින් ගමන් කරමින් සිටියේය. එහි සටන්කාමී තරුණයෙකු බොක්සිං ග්ලව්ස්වලින් සැරසී රබර් කොට්ටයකට පහර දෙමින් සිටියේය. අර ජව සම්පන්න තරුණයා ඔහුගේ උකුසු ඇසට ලක් විය. ඔහු තමා අසලින් යනතුරු රබර් කොට්ටයට පහර දුන්නේය. සිදාදියට නුපුරුදු ගමනින් තරුණයා එල්ල කළ රබර් කොට්ට පහර නොසිතූ අත්දැකීමක් විය. ඔහු වටපිට බැලීය. බීර බොමින් සිටි නව පන්නයේ තරුණ තරුණියෝ ඔච්චම් සිනාපෑහ. බොක්ංසින් පහර දුන් තරුණයා පහර කෑ තරුණයා ළඟට ගොස් තවත් බොක්සිං පහරක්දී ඔච්චං සිනාවක් පෑවේය. එතැන් සිට තරුණයන් දෙදෙනා සටනකට මුලපිරීය. බොක්සිං දැන සිටි නාගරික තරුණයා හාපුරා කියා ගමකින් ආ තරුණයාගේ පොල් අඩිවලින් අපූරු සංග්‍රහයක් ලැබීය.

1964 වසරේ තිරගත වූ මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ එන මේ දර්ශනය එදා ප්‍රේක්ෂකයින්ට නම් අමුතු දෙයක් නෙවෙයි.

කවුද මේ බොක්සිං තරුණයා?

බන්දු මුණසිංහ.

කවුද ගමෙන් ආ පොල් අඩි දැන ගත් තරුණයා?

ගාමිණි ෆොන්සේකා. චිත්‍රපටයේ ජයසේන.

කවුද ඔහු සිදාදියට එක්ක ආ යාළුවා?

ජෝ අබේවික්‍රම. චිත්‍රපටයේ සෙමනේරිස්.

මා ලිපිය ආරම්භ කළේ පොල් අඩිවලින් ගුටි කෑ බොක්සිංකාරයාට සෙමනේරිස් කී දෙබසකිනි.

අද අප කතා කරන්නේ බන්දු මුණසිංහ ගැන. සටන් කලාවේ නවතාවක් කළ සටන් නළුවකු ගැනය. ක්‍රියාදාම නළුවකු ලෙසත් සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙස දශක හතරකට වැඩි කාලයක් චිත්‍රපට රැසකට දායක වී ඇත.

වරක් බන්දු මුණසිංහ චිත්‍රපට දර්ශනයකදී අඩි 35 පමණ උඩක සිට බිමට පැන්නේය. එය මාරක පැනිල්ලකි. “චිත්‍රපට නිෂ්පාදකවරයා ගිනි නිවන හමුදාවේ ආරක්ෂිත දැලක් එලනතුරු බලා සිටියේ බන්දු නොවේ. එහෙත් බන්දුගේ පැනිල්ල නිසා වම් පය බිඳිණ. එහෙත් බන්දු කීවේ කිසිදු නළුවකු තමා වෙනුවෙන් ආදේශ නොකර ඊළඟ දර්ශනයට මුහුණ දෙන බවය. තමා කැමරාවට මුවා වී සටන් කරන නළුවකු නොවන බවය.”

මා “සරසවිය” පුවත්පතට සම්බන්ධ වූ 1969 වසරේ සිටම ඔහු හද බැඳි නළුවකු විය. බොරැල්ලේ කොටා රෝඩ් හි 151/4 දරන නිවෙසට අපේ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර සමඟ කිහිපවරක්ම ගොස් ඇත. එදා එම නිවෙසේදී ඔහුගේ බිරිඳ ජයන්ති හා කුඩා වියේ සිටි දුමින්ද හා ලලින්ද කළ ආදර සංග්‍රහ ගැන ද අපට අමතක නොවේ. ප්‍රේම සම්බන්ධයකින් බන්දු හා ජයන්ති 1967 මාර්තු 16 වෙනිදා විවාහ වූහ.

1936 මාර්තු 16 වෙනිදා බොරැල්ලේදී උපත ලැබූ මුණසිංහ ආරච්චිලාගේ දොන් බන්දු මුලින්ම ඉගෙනුම ලබා ඇත්තේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයෙනි. ද්විතීය අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. නාලන්දේ සිටියදී ඉංග්‍රීසි ගොපලු චිත්‍රපට, ත්‍රාසජනක සටන් දැකීමෙන් ලද උද්දාමයෙන් ඔහු බොක්සිං ක්‍රීඩකයකු ලෙස කැපී පෙනුණේය. මේ නිසාම පාසල් ජීවිතයෙන් පසු ඔහු කලක් හමුදාවට බැඳුණි. එහිදී ද ඔහු බොක්සිං ක්‍රීඩාවෙන් ශූරතාවය පෙන්වා තිබුණි.

‘මගේ බොක්සිං තරගයක් බලන්න ආවා එවකට චිත්‍රපට නළුවන් වූ සොහොයුරන් දෙදෙනෙක් මට අපූරු යෝජනාවක් ගෙනාවා. ඒ 1958 වසරේ.

‘ඔයාට හොඳට ෆයිට් කරන්න පුළුවන්. කැමති නැද්ද චිත්‍රපටයක ෆයිට් සීන් එකක් කරන්න’

‘ලැබුණොත් රඟපානවා . . .’

‘එහෙනං හෙට උදේ 10 ට විතර කිරිබත්ගොඩ සිරිසේන විමලවීර මාස්ටර්ගේ නවජීවන ස්ටුඩියෝ එකට එන්න. මම ඇම්. පී. ගිල්මන්. මේ මගේ මල්ලි ඇම්. පී. ගැමුණු. අපි දෙන්නම විමලවීර මාස්ටර්ගේ චිත්‍රපටවල සටන් නළුවෝ. අපි සැඩසුළං, සුරතලී චිත්‍රපටවල ෆයිට් සීන්වලට ඉඳල තියෙනවා.’

ගිල්මන් හා ගැමුණුගේ කීමට මම කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට ගියේ චකිතයකින්. මම එදා චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර මාස්ටර් දැක ගත්තා. එදා රූගත වෙමින් තිබුණේ ‘මා ආලය කළ තරුණිය’ කියන චිත්‍රපටය. ගිල්මන් හා ගැමුණු මා ගැන ලොකු රෙකමදාරුවක් කර තිබුණා. මම සටන් නළුවෙක් වුණේ කිරිබත්ගොඩ නවජීවනයෙන්. මම නළුවෙක් වුණේ විමලවීර මාස්ටර් නිසා. මම නළුවෙකු ලෙස මතු කළේ ගිල්මන් හා ගැමුණු. පස්සේ කාලයක ගිල්මන් ‘වැදිබිම‘ත් ගැමුණු ‘යළි ඉපිදේ’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා’ බන්දු තම අතීතය එදා සිහිපත් කළේය.

බන්දු මුණසිංහ සටන් නළුවකු ලෙස රඟපෑ දෙවන චිත්‍රපටය වූයේ ඇම්. පී. ගිල්මන් විසින් 1961 අධ්‍යක්ෂණය කළ ‘වැදිබිම‘ය. ඊළඟට දස්කොන්, වෙන ස්වර්ගයක් කොතනද? දීපසිකා, ගැටවරයෝ චිත්‍රපටවලට පසු මුල්වරට චරිතයක් සමඟ දුෂ්ට චරිතයක් රඟපෑමට ලැබුණේ ‘සාරවිට‘ චිත්‍රපටයෙනි. අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය ඔහුට මේ අවස්ථාව දුන්නේය. ‘සාරවිට‘ චිත්‍රපටයේ සෝමේ ලෙස ඔහු පෙම්වතෙකු ලෙස සුනිලා ජයන්ති සමඟ ද මුඩුක්කුවක මං පහරන පාදඩයක වූ මාකස්ගේ (වොලී නානායක්කාර) ප්‍රධාන සහචරයකු ලෙස රඟපෑවේය. සටන් නළුවකු ලෙස ධීවරයෝ, හඳපාන, ළාදලු, හිතට හිත, සත පනහ, ස්විප් ටිකට්, සඳ නැඟ එද්දී, සොරුන්ගෙත් සොරු, දරු දුක, සරණ, ඇතුළු චිත්‍රපටවල රඟපෑ පසු ලෙනින් මොරායස්ගේ සූරයන්ගෙත් සූරයා. එදත් සූරයා අදත් සූරයා මෙන්ම ත්‍රාසජනක සටන් සපිරි ඔහොම හොඳද, සුළිසුළං, හතර දෙනාම සූරයෝ, අපි කවදත් සූරයෝ, සුජීවා, සිංගප්පූරු චාලි, හොඳයි නරකයි, හොඳට හොඳයි, හිත හොඳ මිනිහෙක් චිත්‍රපටවල ඔහුට සිදු වුණේ චිත්‍රපටයේ වීරයාගෙන් හොඳටම ගුටිකෑමටය. දුෂ්ට චරිත රඟපෑ සමාජශාලා හිමියන්ට, හොර නායකයන්ට ‘යර්ස් බොස්, ඕකේ බොස්’ කියන දෙබස කීමටය. ‘ඕකත් රඟපෑමක්දැයි?’ වරක් බන්දු පුවත්පතකින් අසා තිබුණි.

මුල්වරට රිදී තිරියේ සටන් අධ්‍යක්ෂවරයකු ලෙස මුලින්ම බන්දු මුණසිංහගේ නමය. ඒ ඇම්. ඇස්. ආනන්දන්ගේ ‘සිතක මහිම‘ චිත්‍රපටයෙනි.

බන්දුට හාපුරා කියා චරිතයක් කිරීමට අවස්ථාවක් ලැබී ඇත්තේ සේන දයානන්දගේ ‘තරංගා’ චිත්‍රපටයෙනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ‘රජගෙදර පරෙවියෝ’ චිත්‍රපටයෙන් හොඳ සටන් දර්ශන නිර්මාණ කර ගැනීමට බන්දුට සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට නිදහස දුන්නේය. මේ නිසා සිංහල සිනමාවේ ඉහළම සටන් දර්ශන දැක ගැනීමේ භාග්‍යය ප්‍රේක්ෂකයාට ලැබිණ.

බන්දු කඩු සටන් ශිල්පයේද නිපුණ ශිල්පියෙකි. තමා කඩු සටන් ඉගෙන ගත්තේ ගාමිණි ෆොන්සේකාගෙන් හා එච්. ඩී. කුලතුංගගෙන් බව බන්දු කෘතවේදීව පවසා ඇත.

‘මම කැමති සටන් නළුවෙක් හෙක්ටර් ඒකනායක. රන්මුතු දූවේ ගාමිණි එක්ක සටන් කරන රෙංගා ඔබට මතකද? ඔහු ලංකාවේ හිටිය දක්ෂම බොක්සිං ක්‍රීඩකයෙක්. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ ඔහු ගාමිණී හා සටන් කළත් මට ඔහු සමඟ රඟපෑමට ලැබුණේ නැහැ. ඒ කාලේ හිටිය සටන් නළුවෝ කවුරුත් දක්ෂයෝ. ගාමිණී ෆොන්සේකා, පියදාස විජේකෝන්, එච්. ඩී. කුලතුංග, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ලයනල් දැරණියගල වගේම රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු එක්ක මම රඟපාන්න ආසයි. රවීන්ද්‍ර රන්දෙණිය මට හමු වුණේ ‘තරංගා’ චිත්‍රපටයෙන්. මම එදා රවීන්ද්‍රට කිව්වා මා එක්ක කළ සටන් දර්ශනයෙන් පස්සේ ‘රවි ඔයා අනාගතයේ හොඳ සටනේ නළුවෙක් වෙනවා’ කියලා.

මගේ පයින් ගහන පහර ටිකක් වේගවත්. මුලින්ම ඇලෙක්සැන්ඩර් එක්ක සටන් කරලා ඉවර වුණාම ඔහු මට මෙහෙම කිව්වා.

‘බන්දු ඔයාගේ පා පහර භයංකරයි. අනිත් අයට ගහන පාරින් තුවාල වෙන්න පුළුවන්. මේව බයස්කෝප් වැඩනේ. මම ඔහුගේ අවවාදය පිළිගත්තා.’ බන්දු කීවේය.

‘හැම හොඳ සටන් නළුවෙකුටම හොඳ ඉවසීමේ ශක්තිය ආත්ම විශ්වාසය තිබිය යුතුයි. තමා සමඟ සටන් කරන නළුවාගේ ආරක්ෂාව ගැන වැඩියෙන් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ අත පයට හානියක් නොවන ලෙස බුද්ධිමත් ලෙස හිතලා පහර එල්ල කළ යුතුයි’ බන්දු එකල නිතර කිව් දෙයකි. එසේම ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා, ටිරෝන් මයිකල්, සැන්ඩෝ ඛාන්, සුමිත් මුදන්නායක ආදීන් සමඟ සටන් වැදීමට තමා කැමති බව හෙතෙම කීවේය.

බන්දු රඟපෑ චිත්‍රපට චරිත අතර ප්‍රධාන නිළියට වද දෙන, හිංසා කරන දර්ශන තිබුණි. ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාට ඔහු හැකි තරම් වද හිංසා පමුණුවයි. චිත්‍රපටය තිරගත වන කාලේ මහනුවර හිටිය බන්දුගේ මිතුරෙක් ඔහුගේ නිවසේ රාත්‍රී කෑමට ආරාධනා කර තිබුණි. බන්දු ගෙදර ගියාම ඔහුගේ බිරිඳ වැඩි මුහුණදී කතා කොට නැත. පසුව බන්දුට දැනගන්ට ලැබුණේ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ තමා මාලනීට කළ හිංසා නිසා ඔහු කෙරෙහි කලකිරී සිටි බවය.

‘නංගි අපි පික්චර්වල එහෙම රඟපෑවට මාලිනියි මමයි හොඳ යාළුවෝ’ බන්දු කී විටයි මිතුරාගේ බිරියට සිනාගොස් ඇත්තේ.

‘සුගන්ධි’ හා ‘තරංගා’ චිත්‍රපටවල අග්‍රා සජීවනී හා මානෙල් වානගුරු සමඟ රඟපෑ බන්දු දුෂ්ට චරිතවලින් මිදී චරිතාංග නළුවකු ලෙස ද ඉස්මතු විය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ඔහු රඟපෑ පෙම්වතා චරිතය තුළ ද දුෂ්ට හැඟීම් තිබුණ ද ඔහු මානුෂිකත්වය මතුවන ලෙස දක්ෂ ලෙස රඟපෑ බව ප්‍රකට විය. බන්දු මිය යන තෙක්ම තමා වෙනස් ප්‍රධාන චරිතයක් දුන් සතිස්ට පින් දුන්නේය. ‘සත්‍යා’ චිත්‍රපටයේද බන්දුට හිච්චා නම් චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබිණි.

පුරා තිස් පස් වසරක් සිනමාවේ සටන් නළුවෙකු ලෙස රජකම් කළ බන්දු හදිසියේ 1993 දී රෝගාතුර විය. ඉන්පසු ඔහුට චිත්‍රපට ලැබුණේ නැත. රත්නපුරේ ඇඹිලිපිටියට ගොස් හුදෙකලාවේ ඔහු ජීවත් විය. ඔහුට එක් පාදයක් අහිමි විය. එදා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කී වේගවත් භයංකාර පහර එල්ල කළ පාදයයි ඒ. 2005 පෙබරවාරි 05 වෙනිදා බන්දු මුණසිංහ ජීවිතයෙන් සමුගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර ලාල් සෙනරත්

As a Cast

#Film NoYearFilm RoleDirector
1 581959 Ma Alaya Kala Tharuniya මා ආලය කල තරුණිය Actor Sirisena Wimalaweera
2 791961 Wadi Bima වැදි බිම Actor M.P. Gilman
3 801962 Daskon දස්කොන් Actor Upali Wanasinghe
4 861963 Vena Svargayak Kumatada වෙන ස්වර්ගයක් කුමටද Actor Kingsly Rajapaksha, T. Somasekaran
5 921963 Deepasika දීපශිකා Actor Kingsly Rajapaksha
6 951964 Gatavarayo ගැටවරයෝ Actor Mike Wilson, Thissa Liyanasuriya
7 1091965 Handapana හඳපාන Actor Kingsly Rajapaksha
8 1141965 La dalu ලා දළු Actor S. Ramanadhan
9 1161965 Saaravita සාරවිට Actor Thissa Liyanasuriya
10 1191965 Hithata Hitha හිතට හිත Actor Kingsly Rajapaksha
11 1211965 Satha Panaha සත පනහ Actor M.S. Anandan
12 1221965 Sweep Ticket ස්වීප් ටිකට් Actor Florida Jayalath, Raja Joshua
13 1431966 Sanda Nega Eddi සඳ නැග එද්දී Actor Hector Jayasinghe
14 1481967 Sorungeth Soru සොරුන්ගෙත් සොරු Actor Mike Wilson
15 1511967 Daru Duka දරු දුක Actor Dommie Jayawardena
16 1571967 Sarana සරණ Actor Ashoka David
17 1661967 Hitha Giya Thena හිත ගිය තැන Actor Herbert Rupasinghe
18 1921969 Harimaga හරි මග Actor D.M. Daas
19 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Actor Lenin Morais
20 2081970 Lasseta Kodiya ලස්සෙට කොඩිය Actor Shesha Palihakkara
21 2101970 Den Mathakada දැන් මතකද Actor Neil Rupasinghe
22 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
23 2181970 Ohoma Hondada ඔහොම හොඳද Actor J. Selvarathnam
24 2221970 Suli Sulan සුළි සුලන් Actor Anton Fernando
25 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actor Thimothy Weerarathna
26 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Actor Neil Rupasinghe
27 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Actor Wimaladasa Perera
28 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actor Lenin Morais
29 2421972 Sujeewa සුජීවා Actor Joe Dev Ananda
30 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actor Dommie Jayawardena
31 2561973 Mathara Achchi මාතර ආච්චි Actor Sathischandra Edirisinghe
32 2621973 Gopalu Handa ගොපලු හඬ Actor K.wenkat
33 2631973 Hondama Welava හොඳම වෙලාව Actor Lenin Morais
34 2651973 Sunethra සුනේත්‍රා Actor Joe Dev Ananda
35 2661973 Hondai Narakai හොඳයි නරකයි Actor Lenin Morais
36 2681973 Hondata Hondai හොඳට හොඳයි Actor J. Selvarathnam
37 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Actor Sena Samarasinghe
38 2811974 Susi සුසී Actor Sena Samarasinghe
39 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
40 2991975 Tharanga තරංගා Actor Vimal Waidyasekara
41 3001975 Awa Soya Adare ආවා සොයා ආදරේ Actor Lenin Morais
42 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actor Neil Rupasinghe
43 3071975 Kokilayo කෝකිලයෝ Actor Tissa Hewawitharana
44 3101975 Rajagedara Paraviyo රජගෙදර පරවියෝ Actor Sathischandra Edirisinghe, W.A.B. De Silva
45 3141975 Lassana Dawasak ලස්සන දවසක් Actor Nimal Silva
46 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Actor Sumanadasa Weerakodi
47 3181975 Sangeetha සංගීතා Actor Thimothy Weerarathna
48 3211976 Nayana නයනා Actor H.E. Jayasinghe, Amarasena Kumarasinghe
49 3231976 Kauda Raja කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
50 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actor Ananda Hewage
51 3311976 Vaanarayo වානරයෝ Actor Sarathchandra Herath
52 3331976 Loka Horu ලෝක හොරු Actor Tissa Abeysekara, Sarath Gunarathna
53 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Actor Lenin Morais
54 3461976 Ranthilaka රන්තිලකා Actor W. Wilfred Silva
55 3481977 Sakunthala සකුන්තලා Actor Villiam Olamas
56 3511977 Sri Madara ශ්‍රී මදාරා Actor Sathischandra Edirisinghe
57 3581977 Chin Chin Nona චින් චින් නෝනා Actor J. Selvarathnam
58 3631977 Siripala Ha Ranmanika සිරිපාල හා රන් මැණිකා Actor Amaranath Jayathilake
59 3661977 Tom Pachaya ටොම් පචයා Actor Stanly Perera, Roy De Silva
60 3671977 Nivena Ginna නිවෙන ගින්න Actor Amaranath Jayathilake
61 3811978 Sara සරා Actor T. Arjuna
62 3831978 Tikira ටිකිරා Actor Sherly P.Wijerathna
63 3871978 Apsara අප්සරා Actor J. Selvarathnam
64 3881978 Deepanjali දීපාන්ජලි Actor Darmasri Kaldera
65 3911978 Kumara Kumariyo කුමර කුමරියෝ Actor Sudas Maskorala
66 3951978 Anupama අනුපමා Actor Sunil Ariyaratne
67 4151979 Sugandi සුගන්දි Actor Dayananda Rodrigo
68 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actor Jayantha Pulin Samarasinghe
69 4171979 Subhani සුභානි Actor S.V. Chandran
70 4331980 Seetha සීතා Actor Sherly P.Wijerathna
71 4531980 Hondin Inna හොඳින් ඉන්න Actor Bandu Gunasekara
72 4921982 Sanda සඳා Actor Stanley Perera
73 5031982 Sudu Ayya සුදු අයියා Actor S.V. Chandran
74 5261982 Miss Mallika මිස් මල්ලිකා Actor Anton Gregory
75 6041985 Araliya Mal අරලිය මල් Actor Mu Arukgoda
76 6081985 Channai Kello Dennai චන්නයි කෙල්ලෝ දෙන්නයි Actor Mu Arukgoda
77 6181985 Karadiya Valalla කරදිය වලල්ල Actor Cyril Wickramage
78 6431987 Podi Vijey පොඩි විජේ Actor Nishantha De Alwis
79 6681989 Badulu Kochchiya බදුලු කෝච්චිය Actor Kandapola Kumarathunga
80 6721989 Obata Rahasak Kiyannam ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
81 6761989 Randenigala Sinhaya රන්දෙනිගල සිංහයා Actor Ranjith Siriwardhana
82 6801990 Yukthiyata Wada යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
83 7431992 Sathya සත්‍යා Actor Ranjith Siriwardhana
84 7451992 Sinhayangeth Sinhaya සිංහයන්ගෙත් සිංහයා Actor Sunil Soma Peiris
85 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Actor M.S. Anandan
86 8171995 Hitha Hoda Surayoo හිත හොඳ සූරයෝ Actor Victor Manage

As a Crew

Fight Director

#Film NoYearFilm RoleDirector
1 2421972 Sujeewa සුජීවා Fight Director Joe Dev Ananda
2 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Fight Director Sena Samarasinghe
3 3311976 Vaanarayo වානරයෝ Fight Director Sarathchandra Herath
4 8171995 Hitha Hoda Surayoo හිත හොඳ සූරයෝ Fight Director Victor Manage