B.S. Perera

B.S. Perera

බි. එස්. පෙරේරා

Full Name: Balasuriyage Steven Perera Born 31 March 1924 Died 24 July 1982

31 March 1924 - 24 July 1982

59.06% · 2,160 votes
Rate this artist

Summary

NameB.S. Perera
Sinhala Nameබි. එස්. පෙරේරා
Full NameBalasuriyage Steven Perera
Born31 March 1924
Died24 July 1982

Biography

ට්‍රෑම් කාර් රියදුරු ජීවිතයේ නොකැළැල් රාජකාරියක් ඉටු කළ බී. ඇස්. ට පරීක්ෂක ධූරය ලබා දීමට කොළඹ නගර සභාව කාරුණික වී ඇත. ඉන් පසු ඇරඹෙන්නේ ට්‍රොලි බස් යුගයයි. නගර සභා මරණාධාර සංගමයට ආධාර පිණිස ඔහු 'නිකං ආවා' නාට්‍යය නිෂ්පාදනය කළේය. ට්‍රොලි බස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ බී. එස්. ගේ හැසිරීම් නිරීක්ෂණය කළ මිත්‍රයෙක් වූ සී.එම්. රූපසිංහ දවසක් මෙසේ කීය.

‘බී. ඇස්. පෙරේරා නම් වූ විකට නළුවෙක් මෑත භාගයේ ජීවත් වූයේය. චිත්‍රපට වැඩිම සංඛ්‍යාවක රඟපෑම වෙනුවෙන් 1974 දී ඔහු 'දීපශිඛා' සම්මානයෙන් පිදුම් ලැබීය. විකට නළු බී. එස්. පෙරේරාගේ සම්පූර්ණ නම බාලසූරියගේ ස්ටීවන් පෙරේරාය.' මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ 'ගාන්ධර්ව අපදාන -1' කෘතියේ බී. ඇස්. පෙරේරා නම් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ගැන ලියූ සටහනේ 'බී. ඇස්' ලා දෙදෙනා ගැනම හැඳින්වීමේ සඳහන් වෙයි. බඹරැන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා නම් සංගීතඥයා, තනු නිර්මාපකයා කපටි ආරක්ෂකයා (සම සංගීත අධ්‍යක්ෂ), පෙරෙළෙන ඉරණම, පෙරකදෝරු බෑණා, හදිසි විවාහය, කවට අන්දරේ ඇතුළු චිත්‍රපටල සංගීත අධ්‍යක්ෂවරයා විය.

අද අප කතා කරන්නේ දේශීය සිනමාවේ ප්‍රමුඛ විකට නළුවකු වූ, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, ගායකයකු වූ බී. ඇස්. පෙරේරා ගැනය. තව දින දෙකකින් ජූනි 23 වෙනිදාට බී. එස්. අප අතරින් වියෝ වී තිස් හය වසර සපිරෙයි.

මීට වසර 43 කට එපිට මට මුලින් බී. එස්. පෙරේරා හමු වූයේ ඔහු පදිංචිව සිටි කොළඹ වේල්ස් කුමාර මාවතේ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපස ඇති නාගරික නිවාසයකදීය. මේ නිවස අසල තිබූ ගසක සෑම සිංහල චිත්‍රපටයකම දැන්වීම් පුවරුවක් සවිකර තිබුණේය. ඇතැම් විට එහි අපූරු චිත්‍ර ද මට දැකගන්ට ලැබුණි.

'මිස්ටර් පෙරේරා මොකද ගේ ගාව චිත්‍රපටවල දැන්වීම් ගහල තියෙන්නේ' මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.

'කවුද ඉතින් මම මිසක්. මම හිතන්නේ අපේ රටේ නිෂ්පාදනය කරලා තිර ගතවන හැම චිත්‍රපටයක්ම ආදායම් ලබමින් ප්‍රදර්ශනය වෙන්න ඕනෑ. එතකොට තමයි සිනමාව රැකෙන්නේ. ඒ හැම චිත්‍රපටයකටම ප්‍රචාරය දෙන අදහසින් මම මේ දැන්වීම් බෝඩ් එක එල්ලන්නේ. සමහර වෙලාවට මගේ පුතා (සුනිල් වෙස්ලි පෙරේරා) අතින් අඳින දැන්වීම් මම මෙතැන ප්‍රදර්ශනය කරනවා.'

'පුතා එහෙනං හොඳ ආටිස්ට් කෙනෙක්. කෝ එයා?' මම ඇසුවෙමි.

එකල බ්ලූමැන්ඩල් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ කුඩා සුනිල් වෙස්ලි මට ඩ්‍රෝවින් පොතක් ගෙනවිත් පෙන්නුවේය. එහි තිබුණේ පුතා තාත්තාගේ ඡායාරූප 'ඉන්දියන් ඉන්ක්'වලින් අඳින ලද චිත්‍රය. එයින් එකක් ඉල්ලා ගත් මම එය සරසවිය පත්‍රයේ පළ කර දුනිමි. සුනිල් අද වෘත්තීය චිත්‍ර ශිල්පියෙකි. ඔහු මොරටුවේ සොයිසා පුර මහල් නිවාසයේ පදිංචිව සිටී.

'බී. එස්. නමින් කලා ලොව හඳුනන බී. එස්. පෙරේරා හෙවත් බාලසුරියගේ ස්ටීවන් පෙරේරා 1924 වසරේ මාර්තු 31 වෙනිදා කොළඹ මාලිගාකන්ද ආණ්ඩුවේ පාසැලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මරදානේ සංඝරාජ විද්‍යාලයේ වැඩිදුර ඉගෙනීම ලැබුවේය. ඔහු හැදී වැඩුණේ මරදානේ පිචෝස් ලේන් (අද දේවානම් පියතිස්ස පාර) කොලු රොත්ත අතරය.

කුඩා කල සිටම පුංචි ස්ටීවන් ටවර් හෝල් නාට්‍යවල රඟපෑ බව අපට විස්තර කළේ ඒවා රඟපාමිනි.

'ඔව් . . . මම ටවර්හොල් නළුවෙක්. මගේ තාත්තගේ නම බාලසූරියගේ ඇඩ්වින් පෙරේරා. එයත් ටවර් හෝල් යුගයේ දක්ෂ කලාකාරයෙක්. කොල්ල කාලේ මම තාත්තා පස්සෙන් යනවා, ගිහිල්ලා තාත්තා රඟපාන හැටි බලන් ඉන්නවා. ගෙදර ඇවිත් මම කාමරයේ දොර වහගෙන ඒවා රඟපානවා. අම්මා දවසක් මගේ මේ නාඩගම් මට හොරෙන් තාත්තට පෙන්නල තියෙනවා.

'මං නැති කාලෙක කොලුව මගේ නම ගෙනියාවි'

තාත්තා කිව්ව ඒ වචන පෙළ තාත්තා මැරුණට පස්සේ අම්මා මට කිව්වා. හුඟක් දෙනෙක් දන්නේ නැති වුණාට මම 'ශ්‍රී වික්‍රම' නාට්‍යයේ මොහොට්ටාල ලෙස රඟපෑවා. මං එච්චරයි ටවර් හෝල් නාට්‍යයක රඟපෑවේ. ඒ නාට්‍ය ලියලා තියෙන්නේ මියගිය නීතිඥ ජෝන් ද සිල්වා මහත්තයා බව දැනගත්තේ පස්සේ.' බී.ඇස්. අතීතයට යමින් කීවේය.

ඔහු 1939 වසරේ යුද්ධ හමුදාවට බැඳී පසුව කොළඹ නගර සභාවේ කාර්මික අංශයට බැඳුණේ දෙවන ලෝක යුද්ධය නිමාවත් සමඟය. ඒ ලංකාවට ට්‍රෑම් කාර් ධාවනය පටන් ගත් කාලයේය. ඔහු ට්‍රෑම් කාර් රියදුරෙකු හැටියට සේවය කරන කාලේ වේදිකා නාට්‍ය රඟපෑවා පමණක් නොව නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළේය. 'සමදත්තර', 'ලංකාපුර', 'සාලිය අශෝකමාලා' මේ නාට්‍ය අතර ප්‍රධානය. ඒ කාලයේ ට්‍රෑම් කාර් රියදුරෙකු ලෙස බී. එස්. කොටුව, පිටකොටුව, මරදාන, ග්‍රෑන්ඩ්පාස් දක්වා ධාවනය කළා. ඔහුට මේ ගමන හරිම විනෝද වුණේ මඟ තොටදී හමු වන අපූරු චරිත හමුවීම නිසාලු. දවසක් බී. ඇස්.ට නොසිතූ අනතුරකට මුහුණ දෙන්න සිදු විය. ට්‍රෑම් රථයේ වහලය මත සවිකර තිබූ බාර් දෙකක් විදුලි කම්බි දිගේ ඇදෙන විදිහටයි ධාවනය වන්නේ. ට්‍රෑම් කාර් එකක් වංගුවක් ළඟදී විදුලි බාර් කම්බිවලින් අහකට පැනීම නිසා විදුලි කම්බිවලින් ගිනිපුපුරු වීසි වෙයි. එය අවධානම් අවස්ථාවකි. එදා ඔහු කොටුවේ බ්‍රිස්ටල් වටරවුම ළඟදී ඔහු පදවාගෙන යන ට්‍රෑම් රථයේ බාර් එකේ විදුලි කම්බිවලින් අහකට පැන ඇත. ඒ වෙලාවෙදී වීසි වුණ ගිනි පුපුරක් ඔහුගේ ඇහැට වැදුණි. ඇසට සැත්කමක් කළ ද එයින් ඔහුගේ ඇහේ වපරයක් ඇති විය.. 'අපි එක ඇහැක් බේර ගත්තෙත් අමාරුවෙන්' කියලා දොස්තරවරයෙක් බී. එස්. ට කියා ඇත. මේ විස්තරය ඔහු කියා තිබුණේ පාලිත සමරසිංහ ගුවන් විදුලියෙන් කළ 'මතක සටහන්' වැඩ සටහනටය. බී. ඇස්. ගේ වපරය ඔහුට වාසියක් විය. වපරය තුළින් ඔහු සිනමා නළුවෙකු වීමේ වාසානව උදා කර ගත්තේය.

ට්‍රෑම් කාර් රියදුරු ජීවිතයේ නොකැළැල් රාජකාරියක් ඉටු කළ බී. ඇස්. ට පරීක්ෂක ධූරය ලබා දීමට කොළඹ නගර සභාව කාරුණික වී ඇත. ඉන් පසු ඇරඹෙන්නේ ට්‍රොලි බස් යුගයයි. නගර සභා මරණාධාර සංගමයට ආධාර පිණිස ඔහු 'නිකං ආවා' නාට්‍යය නිෂ්පාදනය කළේය. ට්‍රොලි බස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ බී. එස්. ගේ හැසිරීම් නිරීක්ෂණය කළ මිත්‍රයෙක් වූ සී.එම්. රූපසිංහ දවසක් මෙසේ කීය.

'අයිසේ, තමුසෙගේ තියෙන්නේ කොමික් මුහුණක්. චිත්‍රපටවල විකට නළුවෙකුට උචිත මුහුණක්. ඉන්නවකෝ මම තමුසෙව චිත්‍රපටවලට සම්බන්ධ මහත්තයකුට හඳුන්වල දෙන්න' රූපසිංහ කීවේය.

එකල සිනමාස් සමාගමේ සේවය කළ ඇස්. සිවානන්දන් රූපසිංහ දැන සිටියේය. එකල නිෂ්පාදනයේ තිබූ 'ධීවරයෝ' චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ඔහු. (පසුව ඔහු 'ඔබ දුටු දා' චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය). සිවානන්දන් 'ධීවරයෝ' චිත්‍රපටයේ සුළු චරිතයකට බී. එස්. තෝරා ගත්තේය. ඔහුට ලැබුණු මුල්ම දර්ශනය ගීතමය අවස්ථාවක්. හියුගෝ ප්‍රනාන්දු, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ඇන්තනි සී. පෙරේරා සමඟ ගයන ගීතයකි.

'රෑ බෝ වී එයි

වැඩ පළ ඉවරයි

අපෙ ගෑනුන්ට රජ සැප දුක අපටයි

එය නැති වෙන්න කමු බොමු තරිකිට තෙයි'

මේ ගීතය පසුබිමින් ගැයුවේ මිල්ටන් පෙරේරා, හරුන් ලන්ත්‍රා සහ නොයෙල් ගුණරත්නය.

බී. එස්. වඩාත් මතක හිටින චරිතයක් රඟපෑවේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරගේ 'සැනසුම කොතනද?' චිත්‍රපටයේ රෝහලක සිටින රෝගියෙක් හැටියටය. ඔහුගේ මිතුරු රෝගියා ලෙස රඟපෑවේ ගැමුණු විජේසූරියයිි. මේ දෙදෙනා විවේකීව සිටින අවස්ථාවක බී. එස්. කල්පනා කරමින් සිටින ගැමුණුගේ ඇඳ ළඟට ගොස් මෙසේ අසයි.

'මොනවද කල්පනා කරන්නේ?'

'දැන් බලන්න හැම ගෙඩියකම ඇටය ඇතුළේ තිබුණත් කජු පුහුලමේ විතරක් . . .' ගැමුණු කියයි.

'ඇටය එළියේ . . .' බී. එස්. කියන්නේ සිනාසෙමිනි.

'ඇටේ එළියේ' කියමින් ගැමුණු මහ හයියෙන් සිනා සෙද්දී හෙදිය (ජීවරාණී කුරුකුලසූරිය) ඔවුන්ට සැර වන්නී 'මේක ඉස්පිරිතාලයක්' කියමින් බැන වදිමිනි.

'කපටිකම' චිත්‍රපටයේ රඟපෑමට ගොස් වූ ඇබැද්දියක් බී. එස්. විස්තර කළේ මෙහෙම.

'මේ චිත්‍රපයේ මම රඟපෑවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. ලංකා චිත්‍රාගාරයේ ඇතුළේ. දවසක් මම මගේ චරිතයේ කොටසක් රඟපාමින් හිටියේ. දර්ශනය අවසානයේදී 'කට් . . කට්' කියලා මම ඉදිරියට ආවා. එතකොටම අර බිම තිබුණු වයර් එකක් මගේ කකුලේ පැටලුණා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මාව බිම ඇද වැටුණා දඩෝරිං ගාලා. කොහේද මට නැගිට ගන්නවත් බැහැ. වැලමිටවල් තුවාල වෙලා. එක එකා බඩවැල් අල්ලාගෙන හිනා. මට මෙහෙ වේදනාව. ඉතින් අනේ ඔක්කෝම දුවගෙන ඇවිල්ලා මාව උස්සා ගත්තා. ඒත් සමහරු මගේ වේදනාව පෙනි පෙනී හිනාව. ඔහොම තමයි චිත්‍රපටවල රඟපාන කොට ඇත්තට මළත් හිනාව . . .'

'මහදැනමුත්තා' චිත්‍රපටයේ රඟපාන්න ගිය එක් සිද්ධියක් සරසවිය පත්‍රයේ මිල්ටන් ද සොයිසාට (1967) විස්තර කර තිබුණේ මෙසේය.

'ඒක කුඹුරක සීසාන දර්ශනයක්. ජෝ අබේවික්‍රම මැස්ස උඩ. මැස්ස උස්සාගෙන ඉන්නේ මමයි, රිචඩ් ඇල්බට් (ටාසන්) ඔලිවරුයි තවත් එක් කෙනෙකු. ඔන්න සී සානවා. රොබින් තම්පෝ මහත්තයාත් බලාගෙන ඉන්නවා. අපි වෙලට බැස්සා. මාව කරවටක් එරුණා එක පාරටම. මැස්ස උඩ හිටපු ජෝව මැස්සෙන් වෙලට වැටුණා 'ජබොක්' ගාලා. ජෝ මඩේ දඟලනවා. කොහොමටවත් ගොඩට එන්ඩ බැහැ. එක එකාගේ උදව්වෙන් ඔන්න මාත් ගොඩට ආවයි කියමුකො. ඔන්න ආයෙ දර්ශනය ගන්ඩයි ලෑස්තිය. කොහේද . . . ඒ පාර මාව එරුණ තැන රිචඩ් (ටාසන්) එරිලා. මිනිහව ගොඩ ගන්න තිබුණ අමාරුව. වදෙන් පොරෙන් මිනිහවත් ගොඩ ගත්තයින් පස්සේ අපේ දර්ශනය කැමරාවට ගත්තා. පස්සේ ගොඩට ඇවිදින් බලන කොට අපේ ඇඟපතේ කුඩැල්ලො පිරිලා . . . ඉතින් මොකද වුණේ . . . හිරිකිතේ බැහැ, බයේ බැහැ . . . කෑ ගසමින් නියරවල් දිගේ දුවමින් කූඩැල්ලේ කඩන්න අපට සිද්ධ වුණා. ඒක දැකපු අනිත් අයට හරි හිනා. අපිට මේ මරු ජුවල්'.

බී. එස්. රඟපෑ විකට චරිත අතිශයින්ම ජනප්‍රිය විය. චණ්ඩියා චිත්‍රපටයේ රිෆායි නානාය. 'තුෂාරා' හි කුකුල් හොරුන් ලෙස ඔහු ජෝ සමඟ රඟපෑ අතර 'හරි පුුදුමයි' හි බොකුදිරාස් විය. හොඳට හොඳයි හි පඩික්කමයාය. එක දවසක් බී. එස්. බස් එකේ යන විට 'පඩික්කමා' යයි කොල්ලෝ කෑගැසූ බව ඔහු කියා ඇත. සැනසිලි සුවයේ ඔහු පොපට් ලාල්ය. මහදැනමුත්තා හි පුවක්බඩිල්ලා වූ බී. එස්. 'රිදීතැල්ලේ' කට්ටඩියා ලෙස ප්‍රකට විය.

'හිනා . . ඇති තරම් . . හිනා ගැස්සුවා. මට ඇති වුණේ නැහැ. ඇතිවීමක් ඇති වෙන්නෙත් නෑ. තව හිනා වෙන්න ඕනෑ. හිනහ වී තර වෙන්න කියලා පරණ කතාවක් තියෙනවානේ' බී. එස්. කියා ඇත.

බී. එස්. මුලින්ම රඟපැවේ ඉංග්‍රීසි චිත්‍රපටයක බව දන්නේ ටික දෙනෙකි. මෙරට රූගත වු ලෙක්ස් බාකර් රඟපෑ ජාත්‍යන්තර චිත්‍රපටයක රඟපෑ බව බී. එස්. මට කියා තිබුණි. ඔහු විනෝද අවස්ථාවල කියන පෘතුගිසි - සිංහල ගීතයක් තිබුණි.

'ක්‍රිස්මස් පුස්පර

කේක් බුරුදර

ලැම්බෝයි පුස්තෙයි පුරා පේරු'

බී. එස්. ට 1974 වසරේ එතෙක් සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑ නළුවාට හිමි දීපශිඛා සම්මානය හිමි විය. බී. එස්. රඟපෑ චිත්‍රපට 110 ක පමණ චිත්‍රපට ලේඛන ගත කළොත් එය දිගු එකක් වනු ඇති. 'අනුරාගම්' 'මාමියාර් වීඩු' ඔහු රඟපෑ ලාංකේය දෙමළ චිත්‍රපට වේ. ඔහු මුලින්ම රඟපෑ මුල්ම චිත්‍රපටය වූ සිරිසේන විමලවීරගේ 'රොඩී කෙල්ල'ය. විමලවීර මාස්ටර්ගේ හදිසි මරණය නිසා මෙය නතර වී ඇත.

කලාවට කැප වූ ඔහු හලාවත ඉඩමක් මිල දී ගෙන 'රොඩීගම' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි සම අධ්‍යක්ෂවරයා විය. එහි ඔහු පසුබිම් ගී ගැයුවේය. විකට රංගනයෙන් මිදී ඔහු චරිතාංග නළුකු ලෙස මතු වූයේ සුබානි, බඳුරා මල්, රණ දෙරණ හා රිදී තැල්ල චිත්‍රපටයන්හිදීය. රඟපාන අතර අසනීප වී හලාවත මූලික රෝහලේදී මිය ගියේ 1982 ජූනි 23 වෙනිදාය.

ගැහැනු දරුවන් පස් දෙනකු (ශ්‍රියානි (මියගිය) ශ්‍රියානි, බ්‍රින්ද්‍රා, රාජති, ප්‍රින්සි) හා පුතුන් දෙදෙනකුගේ පියකු වූ බී. එස්. ගේ බිරිඳ වූයේ ගාල්ලේ බී. ඒ. ඩී. ඥනවතීය. සුනිල් වෙස්ලි පුතා වෘත්තීය වාණිජ චිත්‍ර ශිල්පයෙක් හා ගායකයකු වූ අතර අනික් පුතු රවීන්ද්‍ර පෙරේරා යකඩයා, දුප්පතාගේ හිතවතා චිත්‍රපටවල රඟපෑ අතර ඔහු හලාවත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ලබා ඇත.

ඒ. ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 Actor - Most Number of Films 4th Deepashika Award Ceremony 1974 - 1974

As a Cast

#Film NoYearFilm RoleDirector
1 51948 Weradunu Kurumanama වැරදුනු කුරුමානම Actor Jyotish Sinha
2 971964 Dheevarayo ධීවරයෝ Actor M. Masthan
3 1101965 Chandiya චන්ඩියා Actor Titus Totawatte
4 1111965 Sathutai Kandulai සතුටයි කඳුලයි Actor W.M.S. Tampoe
5 1151965 Yatagiya Dawasa යටගිය දවස Actor W.M.S. Mahendran
6 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actor M. Masthan
7 1211965 Satha Panaha සත පනහ Actor M.S. Anandan
8 1251965 Landaka Mahima ළඳක මහිම Actor W.M.S. Tampoe
9 1261966 Sangavena Sevanella සැඟවෙන සෙවනැල්ල Actor Robin Tampoe
10 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Actor K. Venkat
11 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actor K.A.W. Perera
12 1311966 Mahadena Muththa මහදැන මුත්තා Actor Robin Tampoe
13 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Actor M.S. Anandan
14 1371966 Kapatikama කපටිකම Actor K.A.W. Perera
15 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actor S. Sivananda
16 1431966 Sanda Nega Eddi සඳ නැග එද්දී Actor Hector Jayasinghe
17 1441966 Sanasili Suvaya සැනසිලි සුවය Actor Robin Tampoe
18 1451966 Layata Laya ලයට ලය Actor W.M.S. Tampoe
19 1481967 Sorungeth Soru සොරුන්ගෙත් සොරු Actor Mike Wilson
20 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actor Ruby De Mel
21 1571967 Sarana සරණ Actor Ashoka David
22 1601967 Wasanthi වසන්ති Actor Ananda Wickramasinghe
23 1611967 Ranrasa රන්රස Actor P. Ratnam
24 1651967 Okkoma Hari ඔක්කොම හරි Actor Wijepala Hettiarachchi, S. Ramanadhan
25 1661967 Hitha Giya Thena හිත ගිය තැන Actor Herbert Rupasinghe
26 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
27 1681968 Pinibindu පිනිබිඳු Actor Chula Palagolla
28 1711968 London Hamu ලන්ඩන් හාමු Actor Chundukili Somasekaran
29 1781968 Amathikama ඇමතිකම Actor Kithsiri Nihal Jayasinghe
30 1811968 Ruhunu Kumari රුහුණු කුමාරි Actor W.M.S. Tampoe
31 1841968 Dehadaka Duka දෙහදක දුක Actor Robin Tampoe
32 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actor M. Masthan
33 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Actor M.V. Balan
34 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actor S. Ramanadhan
35 1991969 Pick Pocket පික්පොකට් Actor Robin Tampoe
36 2011969 Pravesam Vanna ප්‍රවේසම්වන්න Actor M.S. Anandan
37 2031969 Pancha පැන්චා Actor Vincent David
38 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
39 2131970 Thevatha තෙවන Actor Titus Totawatte
40 2151970 Penawa Neda පේනවා නේද Actor Wijepala Hettiarachchi
41 2181970 Ohoma Hondada ඔහොම හොඳද Actor J. Selvarathnam
42 2271971 Kathuru Muwath කතුරු මුවාත් Actor K.A.W. Perera
43 2311971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Actor K.A.W. Perera
44 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actor Lenin Morais
45 2421972 Sujeewa සුජීවා Actor Joe Dev Ananda
46 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actor Dommie Jayawardena
47 2441972 Ada Mehemai අද මෙහෙමයි Actor K.wenkat
48 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Actor K.A.W. Perera
49 2501972 Me Desa Kumatada මේ දෑස කුමටද Actor Thimothy Weerarathna
50 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actor K.A.W. Perera
51 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
52 2581973 Suhada Pathuma සුහද පැතුම Actor Kingsly Rajapaksha
53 2591973 Thushara තුෂාරා Actor Yasapalitha Nanayakkara
54 2621973 Gopalu Handa ගොපලු හඬ Actor K.wenkat
55 2641973 Sinavai Inavai සිනාවයි ඉනාවයි Actor Kingsly Rajapaksha
56 2651973 Sunethra සුනේත්‍රා Actor Joe Dev Ananda
57 2671973 Dahakin Ekek දාහකින් එකෙක් Actor Meril Albert
58 2681973 Hondata Hondai හොඳට හොඳයි Actor J. Selvarathnam
59 2701974 Duleeka දුලීකා Actor K.A.W. Perera
60 2721974 Dinum Kanuwa දිනුම් කණුව Actor Ranjith Perera
61 2751974 Sureka සුරේඛා Actor Robin Tampoe
62 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actor Lenin Morais
63 2811974 Susi සුසී Actor Cyril P. Abeyratne
64 2821977 Chandi Putha චන්ඩි පුතා Actor -
65 2831974 Sagarika සාගරිකා Actor Titus Totawatte
66 2841974 Duppathage Hithawatha දුප්පතාගේ හිතවතා Actor S.V. Chandran
67 2881974 Vasthuwa වස්තුව Actor Siri Kularathna
68 2901974 Jeewana Ganga ජීවන ගංගා Actor Dayananda Rodrigo
69 2911974 Rodi Gama රොඩී ගම Actor B.S. Perera
70 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Actor Lenin Morais
71 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
72 2951975 Obai Mamai ඔබයි මමයි Actor Joe Dev Ananda
73 2971975 Kaliyuga Kale කලියුග කාලේ Actor T. Arjuna
74 2981975 Raththaran Amma රත්තරන් අම්මා Actor Dharma Sri Kaldera
75 3011975 Sukiri Kella සූකිරි කෙල්ල Actor Joe Dev Ananda
76 3031975 Siril Malli සිරිල් මල්ලි Actor Joe Micheal
77 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Actor Dayananda Jayawardena
78 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actor Neil Rupasinghe
79 3071975 Kokilayo කෝකිලයෝ Actor Tissa Hewawitharana
80 3111975 Jeewana Geethaya ජීවන ගීතය Actor I.P. Sena
81 3121975 Damayanthi දමයන්ති Actor K. Venkat
82 3141975 Lassana Dawasak ලස්සන දවසක් Actor Nimal Silva
83 3151975 Sadhana සධානා Actor S. Ramanadhan
84 3201976 Pradeepe Ma Weva ප්‍රදීපේ මා වේවා Actor Yasapalitha Nanayakkara
85 3211976 Nayana නයනා Actor H.E. Jayasinghe, Amarasena Kumarasinghe
86 3231976 Kauda Raja කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
87 3241976 Wasana වාසනා Actor K.A.W. Perera
88 3311976 Vaanarayo වානරයෝ Actor Sarathchandra Herath
89 3351976 Asha ආශා Actor S.G. Samarasingha
90 3371976 Hariyata Hari හරියට හරි Actor William Holmes
91 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Actor Lenin Morais
92 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actor W.M.S. Tampoe
93 3441976 Adarei Man Adarei ආදරෙයි මං ආදරෙයි Actor Lenin Morais
94 3461976 Ranthilaka රන්තිලකා Actor W. Wilfred Silva
95 3481977 Sakunthala සකුන්තලා Actor Villiam Olamas
96 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Actor Kingsly Rajapaksha
97 3511977 Sri Madara ශ්‍රී මදාරා Actor Sathischandra Edirisinghe
98 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Actor Gamini Hewawitharana
99 3581977 Chin Chin Nona චින් චින් නෝනා Actor J. Selvarathnam
100 3601977 Yali Ipade යලි ඉපදේ Actor M.P.Gamunu
101 3611977 Saja සජා Actor Cyril P. Abeyratne
102 3641977 Ege Adara Kathawa ඇගේ ආදර කතාව Actor Yasapalitha Nanayakkara
103 3651977 Maruwa Samaga Vase මරුවා සමග වාසේ Actor Titus Totawatte
104 3691977 Vanagatha Kella වනගත කෙල්ල Actor Henry Chandrawansa
105 3701978 Sithaka Suwanda සිතක සුවඳ Actor S.V. Chandran
106 3711978 Chandi Shyama චන්ඩි ශ්‍යාමා Actor M.S. Anandan
107 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actor K.A.W. Perera
108 3731978 Mage Ran Putha මගේ රන් පුතා Actor M.V. Balan
109 3761978 Maduwanthi මධුවන්තී Actor Milton Jayawardhana
110 3771978 Siripathula සිරිපතුල Actor K.wenkat
111 3811978 Sara සරා Actor T. Arjuna
112 3821978 Kundala Keshi කුණ්ඩල කේශී Actor Wimalanath Dissanayaka
113 3831978 Tikira ටිකිරා Actor Sherly P.Wijerathna
114 3841978 Veera Puran Appu වීර පුරන් අප්පු Actor Dr. Lester James Peries
115 3861978 Sally සැලි Actor Cyril P. Abeyratne
116 3871978 Apsara අප්සරා Actor J. Selvarathnam
117 3881978 Deepanjali දීපාන්ජලි Actor Darmasri Kaldera
118 3931978 Sanda Vata Rantharu සඳ වට රන් තරු Actor Siri Kularathna, Ananda Hewage
119 3961979 Samanmalee සමන්මලී Actor Dayananda Jayawardena
120 4001979 Jeewana Kandulu ජීවන කඳුළු Actor Daya Wimalaweera
121 4011979 Amal Biso අමල් බිසෝ Actor Neil Rupasinghe
122 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
123 4051979 Raja Kollo රජ කොල්ලෝ Actor Gunasiri Senanayaka
124 4071979 Ran Kurullo රාන් කුරුල්ලෝ Actor Kingsly Rajapaksha
125 4131979 Anusha අනුෂා Actor Dayananda Rodrigo
126 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actor W. Wilfred Silva
127 4151979 Sugandi සුගන්දි Actor Dayananda Rodrigo
128 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actor Jayantha Pulin Samarasinghe
129 4171979 Subhani සුභානි Actor S.V. Chandran
130 4211979 Nuwan Renu නුවන් රේණු Actor Milton Jayawardhana
131 4241979 Hari Pudumai හරි පුදුමයි Actor S. Ramanadhan
132 4301980 Silva සිල්වා Actor Herbert Ranjith Peiris
133 4321980 Anuhasa අනුහස Actor H.E. Jayasinghe
134 4331980 Seetha සීතා Actor Sherly P.Wijerathna
135 4341980 Aadara Rathne ආදර රත්නේ Actor K.A.W. Perera
136 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Actor Dayananda Jayawardena
137 4461980 Raja Dawasak රජ දවසක් Actor Thimothy Weerarathna
138 4481980 Mage Amma මගෙ අම්මා Actor K. Venkat
139 4541980 Api Dedena අපි දෙදෙනා Actor Meril Albert
140 4571981 Kolamkarayo කෝලම්කාරයෝ Actor Sunil Ariyaratne, Tissa Nagodavithana
141 4711981 Senasuma සැනසුම Actor W. Wilfred Silva
142 4741981 Amme Mata Samawenna අම්මේ මට සමාවෙන්න Actor W. Wilfred Silva
143 4761981 Sathkulu Pauwa සත්කුළු පව්ව Actor Kandapola Kumarathunga
144 4771981 Ridee Thella රිදී තැල්ල Actor Siri Kularathna
145 4781981 Bandura Mal බාදුරා මල් Actor Gamini Fonseka
146 4791981 Geethika ගීතිකා Actor Yasapalitha Nanayakkara
147 4801981 Dayabara Nilu දයාබර නිලූ Actor Kandapola Kumarathunga
148 4841981 Hondama Naluwa හොඳම නළුවා Actor Sherly P.Wijerathna
149 4851981 Jeewanthi ජීවන්ති Actor Hemasiri Sellapperuma
150 4881981 Sudda සුද්දා Main Actor Rathnaweera De Silva
151 4991982 Bycikale බයිසිකලේ Actor Danny W. Pathirana
152 5031982 Sudu Ayya සුදු අයියා Actor S.V. Chandran
153 5041982 Pethi Gomara පෙති ගෝමර Actor Siri Kularathna
154 5051982 Eka Diga Kathawak ඒක දිග කතාවක් Actor Sri Nihal Jayasingha
155 5081982 Rahasak Nathi Rahasak රහසක් නැති රහසක් Actor M.V. Balan
156 5141982 Sithara සිතාරා Actor S.V. Chandran
157 5171982 Thakkita Tharikita තක්කිට තරිකිට Actor Anthony C. Perera
158 5201982 Chathu Madhura චතු මධුර Actor Somapala Lanarole
159 5301982 Kadawunu Poronnduwa (New) කඩවුණු පොරොන්දුව (නව) Actor Roy De Silva
160 5321983 Ran Mini Muthu රන් මිනි මුතු Actor W. Wilfred Silva
161 5351983 Sumithuro සුමිතුරෝ Actor Roy De Silva
162 5411983 Chandi Siriya චන්ඩි සිරියා Actor Rohini Jayakodi
163 5421983 Chutte චුට්ටේ Actor Thilak Wehalla
164 5431983 Karate Joe කරාටේ ජෝ Actor Joe Micheal
165 5511983 Loku Thaththa ලොකු තාත්තා Actor K.D. Dayananda
166 5531983 Mal Madhu මල් මධූ Actor Sherly P.Wijerathna
167 5601983 Rathu Makara රතු මකරා Actor Thilak Wehalla
168 5611983 Hithath Hodai Wedath Hodai හිතත් හොඳයි වඩාත් හොඳයි Actor J. Rasarathnam
169 5651984 Welle Thenu Maliga වැල්ලේ තැනූ මාලිගා Actor Shirley P. Wijeratne
170 5661984 Maala Giravi මාල ගිරව් Actor -
171 5671984 Kiri Kavadi කිරි කවඩි Actor Somapala Lanarole
172 5731984 Kakille Rajjuruwo කැකිල්ලේ රජ්ජුරුවෝ Actor Tissa Nagodavithana
173 5771984 Bambara Patikki බඹර පැටික්කී Actor Somapala Leelananda
174 5781984 Kokila කෝකිලා Actor Villiam Olamas
175 5791984 Hithawathiya හිතවතිය Actor Anton Gregory, Camilus Perera
176 5831984 Rana Derana රණ දෙරණ Actor Lorance cooray, Dilman Jayaratne
177 5841984 Namal Renu නාමල් රේනු Actor E. Rathnam
178 5911984 Sahodariyakage Kathava සහෝදරියකගේ කතාව Actor Ashoka Dharmarathna
179 5921984 Ranmalige Wasanawa රන්මලීගේ වාසනාව Actor Joe Micheal
180 5931984 Ara Soysa ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
181 5941984 Muthu Manike මුතු මැණිකේ Actor Dharma Sri Kaldera
182 5951984 Birinda බිරිඳ Actor Dayananda Jayawardena
183 6031985 Chalitha Rangali චාලිත රන්ගාලි Actor Mersalin S. Perera
184 6071985 Puthuni Mata Samavenna පුතුනි මට සමාවෙන්න Actor Thilak Wehalla
185 6131985 Adarayaka Mahima ආදරයක මහිම Actor Gunadasa Kumarasingha
186 6221986 Mal Varusa මල් වරුසා Actor K.D. Dayananda
187 6281986 Gimhane Gee Naadey ගිම්හානේ ගී නාදේ Actor Dharma Sri Kaldera

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 2911974 Rodi Gama රොඩී ගම Director B.S. Perera

Producer

#Film NoYearFilm RoleDirector
1 2911974 Rodi Gama රොඩී ගම Producer B.S. Perera