Aparadaya saha Daduwama

Aparadaya saha Daduwama

අපරාධය සහ දඬුවම

Black & White 35mm

Film No: 257  ·  Released: 26 Jan 1973

58.38% · 2,384 votes
Rate this film

Summary

NameAparadaya saha Daduwama / අපරාධය සහ දඬුවම
Film No257
Released Date26 Jan 1973
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Oswald Jayasinghe Main Actress: Sriyani Amarasena Producer: M.Rameshwaran Director: K.A.W. Perera

National Awards

For Artists

1 Best Actress 6th Vicharaka Sammana Ulela 1973 - 1973 Sriyani Amarasena

තරුණ සම්පත් තම මව සමග ජීවත් වෙයි. ඔහුගේ පියා මිය ගොස්ය. සම්පත්ගේ පෙම්වතිය වන්නේ සුමනායඇයට සිටින්නේ මල්ලී පමණි. දෙමව්පියන් මිය යාම නිසා ඇය හා මල්ලී ජීවත්වන්නේ මාමා හා නැන්දා සමඟය

මේ අතර තුර සම්පත්ට පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රැකියාවක් ලැබෙයි. ඔහු එම රැකියාවට ඉමහත් කැමැත්තක් දක්වන අතර රැකියාවට යාමට පෙර දිනක ඔහුගේ මව ඔහුගේ මිය ගිය පියා සම්බන්ධ යම් පුවතක් හෙළි කරයි. ලී මෝල් හිමිකරුවෙකු වන සම්පත්ගේ පියා අතීතයේ දිනක තමාට අයත් රු : (50000/= ) පනස්දහසක මුදලක් රැගෙන එද්දී යම් අයෙකු විසින් පිස්තෝලයක් පෙන්වා එම මුදල් කොල්ල කා පලා යන අතර ඒ සඳහා තවත් පුද්ගලයෙකු හවුල් වෙයි.

තමා හට පොලිසියට පත් වීමක් ලැබුණු බැව් සම්පත් ඉතා සතුටින් සුමනාහට හෙලි කරන නමුත් ඇය එම රැකියාවට තදින්ම විරුද්ධ වෙයි. ඇය පවසන්නේ ඔහු පොලිසියේ රැකියාවට යන්නේ නම් ඇය අමතක කර දමා යන ලෙසය. නමුත් ඔහු ඇගේ කීම ගනන් නොගෙන පොලිසියේ රැකියාව බාර ගැනිම පිණිස ගමෙන් පිටවී යයි.

බාරොන් හා සිරිවර්ධන හාමු ගමේ බල පුලුවන්කාරයෝ වෙති. කලක පටන් සම්පත්ගේ නිවස උගස් තබා ඇත්තේ සිරිවර්ධන හාමු හට වන අතර එය බේරා ගැනීමට ඔවුන් සතුව මුදල් නැත.

ගමට පැමිණි විටෙක සම්පත් සුමනා හමුවෙයි. තවමත් සම්පත් පොලිසියේ සේවය කිරීම සම්බන්ධයෙන් ඇගේ අකැමැත්ත එසේමය. තම පියාද පොලිස් නිලධාරියෙකුව සිටි බවත් ඔහු පොලිසියේ සේවයට ගිය අතර තුර නැවත පැමිණෙන තුරු තම මව බියෙන් කාලය ගත කළ බවත් එයට හේතුව පොලිස් නිලධාරියෙකුගේ ජිවිතයට නිරතුරුවම තර්ජන එල්ල වීම බවත් පවසා ඇය අවසානයේ දිනක් තම පියා තමා හට තෑගි දීම පිණිස බෝනික්කෙකු රැගෙන එන විට කිසිවෙකු විසින් ඔහු මරා දමා තිබු බවත් පවසයි.

කෙසේ වෙතත් එම බෝනික්කා පොලිසියට හමුවී නැති අතර පියාගේ මිය යාමෙන් පසු ඇගේ මව ඇය හා සොහොයුරා සමග තව තවත් අසරණ වූ ආකාරය ඇය සිහිපත් කරයි. මේ අනුව පොලිසියේ අයෙකු හා කිසිදා විවාහ නොවන ලෙස ඇගේ මව පවසා ඇති බවත් පවසයි.

සිරිවර්ධන හාමුගේ පුතා වන නිහාල්ද සුමනාගේ ආදරය අයැද සිටින නමුත් ඇය ඔහුට වචනයක් නොදෙයි.

මේ අතර සම්පත් සමාජ ශාලාවක් වටලයි. මෙහි හොර නෝට්ටු ජාවාරම කෙරී ගෙන යයි. සිරිවර්ධන හාමුද මෙහි කොටස් කරුවෙකු මෙන්ම මීට සම්බන්ධය.

කෝපයට පත් වන සිරිවර්ධන හාමු තමා වෙත උගසට තබා ඇති සම්පත්ගේ නිවස වහාම බේරා නොගතහොත් ඔවුන්ව නිවසින් පිට කරවන බැව් සම්පත්ගේ මවට දන්වා සිටියි.

පොලිස් නිලධාරියෙකු වශයෙන් සුමනාගේ පියාගේ මිනීමරුවා ගැනද සම්පත් සොයන්නට වෙයි. එදා සුමනාගේ පියා රැගෙන ආ බෝනික්කා සතුව රන් පවුමක් හා මාලයක් (chain) තිබී ඇති බැව් ඔහුට දැන ගන්නට ලැබෙයි.

ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධ නඩුවෙන් සිරිවර්ධන හාමු නිදහස් කරන ලෙස සම්පත්ගේ මව සුමනා සමග පොලිසියට පැමිණ යෝජනා කරයි. එයට හේතුව තම නිවස සිරිවර්ධන හාමුට සින්න වීමට යාමය. මෙහිදී සම්පත් එයට එකඟ නොවී කුලියට නිවසක් මිලදී ගෙන පදිංචි වෙමු යයි මවට යෝජනා කරයි. තම කීමට සම්පත් එකග නොවන බැව් තේරුම් ගන්නා මව මෙහිදී අමනාපයෙන් පිටව යයි.

තම පුත් නිහාල් සුමනා සමග සම්බන්ධයක් ඇතැයි සැක කර කෝපයට පත් වන සිරිවර්ධන හාමු සුමනා ගැන සොයා බලයි. එවිට ඔහු ඇයගේ පියා ගැන දැන ගනී. එසේ දැන ගැනීමෙන් පසු ඔහු මදක් කලබල වෙයි.

සම්පත්ගේ නිවසෙහි උගස තම පියා වන සිරිවර්ධන හාමු හට පවසා බේරා දුන්නොත් තමා ඔහු කියන ඕනෑම දෙයකට කැමති බැව් සුමනා නිහාල් හමුවේ පවසන අතර ගමේ කසිප්පු පෙරන අයෙකු වන මාකස්ගේ මව දිනක් තම පෙට්ටගමේ තිබු බෝනික්කෙකු අතට ගනියි. මාකස් මෙය දැක ඒ ගැන ඇගෙන් විමසන විට මෙම බෝනික්කා නිසා මාකස්ගේ පියාගේ ජීවිතය බේරා ගත් බැව් පවසයි.

අතීතයේ මාක්ස්ගේ පියා අසනීපයෙන් පසු වන අවස්ථාවක මෙම බෝනික්කා මාක්ස්ගේ අක්කා විසින් සිරිවර්ධන හාමුගේ වත්තක තිබී අහුලා ගත් බවත් එහි තිබු රන් පවුම විකුණා පියාට බෙහෙත් කළ බවත් මව වැඩි දුරටත් පවසන විට බාරොන් එම ස්ථානයට පැමිනෙයි. බෝනික්කා සම්බන්ධ විස්තර අසන බාරොන් මඳක් කලබල වන ආකාරයක් පෙන්නුම් කරන අතර ඉක්මනින් ඔහු එම ස්ථානයෙන් පිටව යයි. ඔහු එසේ පිටත්ව යාම මාකස්ගේ විමතියට බඳුන් වේ.

සුමනා සම්බන්ධයෙන් සිරිවර්ධන හාමු තම පුතා වන නිහාල්ගෙන් විමසන විට සුමනා තමා සමග විවාහ වීමට කැමැති බවත් එසේ වන්නේ සම්පත්ගේ මවගේ නිවසේ උගස බේරා දුනහොත් පමණක් යැයි නිහාල් තම පියා හට පවසයි. සියල්ල සාවදානව අසා සිටින සිරිවර්ධන හාමු නිහාල් සුමනා සමග විවාහ වීමට මෙන්ම සම්පත්ගේ මවගේ නිවසේ උගස බේරා දීමටද එකඟත්වය පළ කරයි.

මාකස්ගේ මව සතුව ඇති බෝනික්කා සම්බන්ධ විස්තර බාරොන් වහා පැමිණි සිරිවර්ධන හාමුහට කියා සිටියි. එමෙන්ම මිය ගිය පොලිස් සාජන්ට්වරයාගේ දියණිය සුමනා බැව් සිරිවර්ධන හාමුද මෙහිදී පවසයි. මොවුන් අතර කතා බහෙන් හැගී යන්නේ සුමනාගේ පියාගේ මිනීමැරුම මෙම දෙදෙනා එක්ව සැලසුම් කර ඇති බවය. මේ අනුව දෙදෙනා නීතියට කොටු වීම වැලැක්වීමට ඇති එකම මඟ නිහාල්ගේ හා සුමනාගේ විවාහය බැව් දෙදෙනාම අනුමත කරන නමුත් සම්පත් පොලිස් සේවයේ සිටීම තමාහට තර්ජනයක් බැව් අවබෝධ කර ගන්නා ඔව්හු සම්පත් ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කරති.

සැලසුමට අනුව සම්පත්ගේ ඝාතනය සිදු විය යුත්තේ සුමනා හා නිහාල්ගේ විවාහ දිනයේය. මෙය සිදු කළ යුත්තේ මාකස්‌ හා බාරොන් විසින් බැව් අනාවරණය කරන හාමු මාකස්‌ සම්පත්ට වෙඩි තබා බාරොන් සිටින ස්ථානයට පැමිණෙන බවත් එවිට බාරොන් රු : 1500/= ක් ගෙවා මාකස්ගේ පිස්තෝලය ලබා ගෙන එයින්ම මාකස්ටද වෙඩි තබා පිස්තෝලය එම ස්ථානයේ දමා එන ලෙසද බාරොන් හට පවසයි.

හාමුගේ කීමට අනුව කලින් සුමනාගේ පියා මරා දමා ඇත්තේද මෙම පිස්තෝලයෙනි.

කෙසේ නමුත් මේ දෙදෙනාගේ මෙම කතාව යමෙක් අසා සිටි. සැලසුම පරිදි නියමිත දිනයේ සම්පත්ට වෙඩි තැබීම හාමු සිතූ පරිදි සිදු වුවද බාරොන් පොලිසියට හසු වෙයි. පොලිසිය කලින් සියල්ල දැනගෙන මාකස්ව උපයෝගී කරගෙන හාමුගේ සැලසුම අසාර්ථක කර ඇති බැව් පෙනී යයි.

නිහාල්ගේ හා සුමනාගේ විවාහයට සියල්ල සුදානම්ය. මෙහිදී පොලිස් නිලධාරින් සමග එම ස්ථානයට පැමිණෙන සම්පත් හාමු හට බෝනික්කෙකු පෙන්වයි. ඔහු කලබල වන අතර සම්පත් මැරීම සඳහා තමා යෙදු උපක්‍රමය අසාර්ථක වී ඇති බැව් දැන ගනියි.

අවසානයේ සුමනාගේ පියා මැරීම පමණක් නොව සම්පත්ගේ පියාගෙන් රු : 50000/= ක මුදල කොල්ල කා ඇත්තේද හාමු බැව් අනාවරණය වෙයි. මේ සිදුවිම සම්බන්ධයෙන් හාමු ඇත් අඩංගුවට පත් වන අතර සම්පත් හා සුමනා එක් වෙති.

විස්තර හා කතා සාරංශය ඉදිරිපත් කිරීම

ක්‍රීඩා හා සිනමා මාධ්‍ය වේදී

අනිල් වීරසිංහ

0716358123

Email : anilweerasinghesl@gmail.com

සිංහල පිටපත ටයිප් කිරීම : රොහාන් මධුෂංක පෙරේරා

Cast

Crew