Premasiri Khemadasa

Premasiri Khemadasa

ප්‍රේමසිරි කේමදාස

Full Name: Guruge Premasiri Khemadasa Perera Born 25 January 1937 Died 24 October 2008

25 January 1937 - 24 October 2008

59.43% · 2,273 votes
Rate this artist

Summary

NamePremasiri Khemadasa
Sinhala Nameප්‍රේමසිරි කේමදාස
Full NameGuruge Premasiri Khemadasa Perera
Born25 January 1937
Died24 October 2008
Sinhala SinduView profile

Biography

කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

ළමා කාලය

තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.

කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.

කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.

ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය.

තනු රචකයෙක් වශයෙන්

සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.

ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ‍ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ‍ක්ෂේත්‍රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක.

ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාං‍කේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‍ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.

කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය.

ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.

කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.

ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය.

හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ‍ක්ෂේත්‍රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.

Awards

National Awards

1 Best Music Director Garilla Marketing - 2005 31st Sarasaviya Awards - 2006 - 2006
2 Best Music Director Agnidahaya - 2002 28th Sarasaviya Awards - 2003 - 2003
3 Best Music Director Julietge Boomikawa - 1998 12th Presidential Award 2000 - 2 - 2000
4 Best Melody Surangana Yahana - 1999 13th Presidential Award 2000 - 2000
5 Best Music Director Julietge Boomikawa - 1998 25th OCIC Award Ceremony 1999 - 1999
6 Best Music Director Mee Haraka - 1994 7th Swarna Sanka Cinema Awards Ceremony 1996 - 1 - 1996
7 Best Music Director Maruthaya - 1995 7th Swarna Sanka Cinema Awards Ceremony 1996 - 2 - 1996
8 Best Music Director Surabidena - 1993 6th Swarna Sanka Cinema Awards Ceremony 1994 - 1994
9 Best Music Director Dolosmahe Pahana - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
10 Best Music Director Madhusamaya - 1991 19th OCIC Award Ceremony 1992 - 1992
11 Best Music Director Madhusamaya - 1991 4th Swarna Sanka Cinema Awards Ceremony 1992 - 1992
12 Best Music Director Sirimadura - 1989 3rd Swarna Sanka Cinema Awards Ceremony 1991 - 1 - 1991
13 Best Music Director Sirimadura - 1989 18th Sarasaviya Awards - 1990 - 1990
14 Best Music Director Sirimadura - 1989 17th OCIC Award Ceremony 1990 - 1990
15 Best Music Director Sandakada Pahana - 1988 17th Sarasaviya Awards - 1989 - 1989
16 Best Music Director Maldeniye Simiyon - 1986 14th OCIC Award Ceremony 1987 - 1987
17 Best Melody Puja - 1986 9th Presidential Award 1987 - 1987
18 Best Music Director Yuganthaya - 1985 14th Sarasaviya Awards - 1986 - 1986
19 Best Music Director [2nd] Yuganthaya - 1985 13th OCIC Award Ceremony 1986 - 1986
20 Best Melody Hima Kathara - 1984 7th Presidential Award 1985 - 1985
21 Best Music Director Thunwani Yaamaya - 1983 12th Sarasaviya Awards - 1984 - 1984
22 Best Music Director Thunwani Yaamaya - 1983 11th OCIC Award Ceremony 1984 - 1984
23 best Melody Ridee Nimnaya - 1982 5th Presidential Award 1983 - 1983
24 Best Music Director Soldadu Unnahe - 1981 4th Presidential Award 1982 - 1982
25 Best Music Director Wasanthaye Dawasak - 1979 2nd Presidential Award 1980 - 1980
26 Special Jurry Award Wasanthaye Dawasak - 1979 7th OCIC Award Ceremony 1980 - 1980
27 Best Music Director Bambaru Awith - 1978 1st Presidential Award 1979 - 1979
28 Best Music Director Ahas Gauwa - 1974 7th Vicharaka Sammana Ulela 1975 - 1975
29 Best Music Director Nidhanaya - 1972 5th Vicharaka Sammana Ulela 1972 - 1972
30 Best Music Director Naarilatha - 1969 7th Sarasaviya Awards - 1970 - 1970
31 Best Music Director Golu Hadawatha - 1968 1st Gunwan Viduli Sammana Ulela 1970 - 1970
32 Best Music Director Golu Hadawatha - 1968 6th Sarasaviya Awards - 1969 - 1969
33 Best Music Director Golu Hadawatha - 1968 2nd Vicharaka Sammana Ulela 1969 - 1969
34 Best Music Director Mokada Une - 1969 3rd Vicharaka Sammana Ulela 1970 - 1969
35 Best Music Director Senasuma Kothanada - 1966 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968

As a Crew

Assistant Music Director

#Film NoYearFilm RoleDirector
1 2091970 Sumudu Barya සුමුදු භාර්යා Assistant Music Director Cyril P. Abeyratne

Background Music

#Film NoYearFilm RoleDirector
1 1371966 Kapatikama කපටිකම Background Music K.A.W. Perera

Music Director

#Film NoYearFilm RoleDirector
1 901963 Sudu Sande Kalu Wala සුදු සඳේ කළු වලා Music Director Robin Tampoe
2 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Music Director Herbi Senewirathna
3 1081965 Sepatha Soya සැපත සොයා Music Director B. Nandasena Cooray
4 1281966 Seethala Wathura සීතල වතුර Music Director Dharma Sri Kaldera
5 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Music Director K.A.W. Perera
6 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Music Director K.A.W. Perera
7 1501967 Manamalayo මනමාලයෝ Music Director T. Bawanandan
8 1641967 Rena Girawu රෑන ගිරවු Music Director Dharma Sri Kaldera
9 1741968 Golu Hadawatha ගොළු හදවත Music Director Dr. Lester James Peries
10 1761968 Bicycle Hora බයිසිකල් හොරා Music Director K.A.W. Perera
11 1851968 Adaravanthayo ආදරවන්තයෝ Music Director Amaranath Jayathilake
12 1911969 Naarilatha නාරිලතා Music Director Thissa Liyanasuriya
13 1921969 Harimaga හරි මග Music Director D.M. Daas
14 1941969 Hathara Peraliya හතර පෙරලිය Music Director L.M. Perera
15 1961969 Mee Masso මී මැස්සෝ Music Director Dharma Sri Kaldera
16 2061969 Hanthane Kathawa හන්තානේ කතාව Music Director Sugathapala Senarath Yapa
17 2151970 Penawa Neda පේනවා නේද Music Director Wijepala Hettiarachchi
18 2171970 Priyanga ප්‍රියංගා Music Director Amaranath Jayathilake
19 2231971 Poojithayo පූජිතයෝ Music Director W.A.B. De Silva
20 2261971 Ran Onchilla රන් ඔන්චිල්ලා Music Director Dharma Sri Kaldera
21 2271971 Kathuru Muwath කතුරු මුවාත් Music Director K.A.W. Perera
22 2311971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Music Director K.A.W. Perera
23 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Music Director Wimaladasa Perera
24 2371972 Nidhanaya නිධානය Music Director Dr. Lester James Peries
25 2451972 Athithayen Kathawak අතීතයෙන් කතාවක් Music Director R.B.Adikari
26 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Music Director K.A.W. Perera
27 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Music Director K.A.W. Perera
28 2551972 Vana Raaja වන රාජා Music Director William Blakes
29 3191975 Desa Nisa දෑස නිසා Music Director Dr. Lester James Peries
30 3851978 Bambaru Awith බඹරු ඇවිත් Music Director Dharmasena Pathiraja
31 4081979 Wasanthaye Dawasak වසන්තයේ දවසක් Music Director T. Arjuna
32 4661981 Soldadu Unnahe සොල්දාදු උන්නැහේ Music Director Dharmasena Pathiraja
33 4871981 Bangali Valalu බංගලි වළලු Music Director K.A.W. Perera
34 5361983 Kaliyugaya කලියුගය Music Director Dr. Lester James Peries
35 5461983 Dadayama දඩයම Music Director Wasantha Obeysekara
36 6771989 Sirimadura සිරිමැදුර Music Director Parakrama Niriella
37 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Music Director Sunil Ariyaratne
38 7091991 Madhusamaya මධුසමය Music Director K.A. Wijayarathne
39 7231992 Sisila Ginigani සිසිල ගිනි ගනී Music Director Prasanna Vithanage
40 7851994 Pavana Raluviya පවන රළුවිය Music Director Ranjith Kuruppu
41 8101995 Maruthaya මාරුතය Music Director Wasantha Obeysekara
42 8151995 Avaragira අවරගිර Music Director Dr. Lester James Peries
43 8191995 Ayoma අයෝමා Music Director Parakrama Niriella
44 8401996 Loku Duwa ලොකු දුව Music Director Sumithra Peiris
45 8691998 Gini Avi Saha Gini Keli ගිනි අවි සහ ගිනි කෙලි Music Director Udayakantha Warnasuriya
46 8811998 Julietge Boomikawa ජුලියට්ගේ භූමිකාව Music Director Jackson Anthony
47 9472001 Mathu Yam Dawasa මතුයම් දවස Music Director Dharmasena Pathiraja
48 9742002 Agnidahaya අග්නිදාහය Music Director Jayantha Chandrasiri
49 9922003 Sonduru Dadabima සොඳුරු දඩබිම Music Director Anura Horeshas
50 10162004 Gini Kirilli ගිනි කිරිල්ලී Music Director Sarath Dharmasiri
51 10252004 Randiya Dahara රන් දිය දහර Music Director Udayakantha Warnasuriya
52 10272005 Asani Warsha අසනි වර්ෂා Music Director Wasantha Obeysekara
53 10312005 Garilla Marketing ගරිල්ලා මාකටින් Music Director Jayantha Chandrasiri
54 10532006 Berunda Pakshiya භේරුණ්ඩ පක්ෂියා Music Director Sarath Dharmasiri
55 10922008 Ai Oba Thaniwela ඇයි ඔබ තනිවෙලා Music Director Ranjith Jayasinghe
56 11042009 Ekamath eka Rateka එකමත් එක රටෙක Music Director Sanath Gunathilake
57 11102009 Kanyavi කන්‍යාවී Music Director Siritunga Perera

Upcoming Films

#Film RoleDirector
1 Ramaseraya රාමසැරය Music Director Sumith Kumara
Film NoYearFilmSongRole
106 1964 Sobana Sitha සෝබන සිත Sinhala Me Maha re Yameමේ මහ රෑ යාමේ Music
Saman Giren Payaසමන් ගිරෙන් පායා Music
Samma Sambudu Sarana Vinaසම්මා සම්බුදු සරණ විනා Music
Sanasila Sarasilaසැනසීලා සැරසීලා Music
Yanne Enneයන්නේ එන්නේ Music
108 1965 Sepatha Soya සැපත සොයා Sinhala Etha Chandana Himeඈත චන්දන හිමේ Music
Messa Me Makulu Deleමැස්සා මේ මකුළු දැලේ Music
Ninda Prasanshawaනින්දා ප්‍රශංසාව Music
Sagaraye Reli Wegenසාගරයේ රැලි වේගෙන් Music
Suwabara Yane ninda Puthageසුවබර යානේ නින්ද පුතාගේ Music
137 1966 Kapatikama කපටිකම Sinhala Kurulu Ren Renකුරුළු රෑන් රෑන් Music
709 1991 Madhusamaya මධුසමය Sinhala Mada Obama Viyaමාද ඔබම විය Music