සාරාංශයඡායාරූපඥාති සබඳකම
Premasiri Khemadasa
ප්‍රේමසිරි කේමදාස
1937 - 2008
59.098265895954
59% |   1730  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Premasiri Khemadasa ප්‍රේමසිරි කේමදාස
Guruge Premasiri Khemadasa Perera
  • උපන්දිනය : 1937 January 25
  • විපත : 2008 October 24
  •  
    සම්මාන

    1 Best Music Director

    3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968
    සැනසුම කොතනද

    2 Best Music Director

    6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
    ගොළු හදවත

    3 Best Music Director

    2වන විචාරක සම්මාන උළෙල 1969
    ගොළු හදවත

    4 Best Music Director

    3වන විචාරක සම්මාන උළෙල 1970
    මොකද වුනේ

    5 Best Music Director

    7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
    නාරිලතා

    6 Best Music Director

    1වන ගුවන් විදුලි සම්මාන උළෙල 1970
    ගොළු හදවත

    7 Best Music Director

    5වන විචාරක සම්මාන උළෙල 1972
    නිධානය

    8 Best Music Director

    7වන විචාරක සම්මාන උළෙල 1975
    අහස් ගව්ව

    9 Best Music Director

    1වන ජනාධිපති සම්මාන උළෙල 1979
    බඹරු ඇවිත්

    10 Best Music Director

    2වන ජනාධිපති සම්මාන උළෙල 1980
    වසන්තයේ දවසක්

    11 Special Jurry Award

    7වන OCIC සම්මාන උළෙල 1980
    වසන්තයේ දවසක්

    12 Best Music Director

    4වන ජනාධිපති සම්මාන උළෙල 1982
    සොල්දාදු උන්නැහේ

    13 best MelodySong : Sulanga Wage Avidin

    5වන ජනාධිපති සම්මාන උළෙල 1983
    රිදී නිම්නය

    14 Best Music Director

    12 වැනි සරසවිය සම්මාන උළෙල - 1984
    තුන්වැනි යාමය

    15 Best Music Director

    11වන OCIC සම්මාන උළෙල 1984
    තුන්වැනි යාමය

    16 Best MelodySong : Kanda Eha

    7වන ජනාධිපති සම්මාන උළෙල 1985
    හිම කතර

    17 Best Music Director

    14 වැනි සරසවිය සම්මාන උළෙල - 1986
    යුගාන්තය

    18 Best Music Director [2nd]

    13වන OCIC සම්මාන උළෙල 1986
    යුගාන්තය

    19 Best Music Director

    14වන OCIC සම්මාන උළෙල 1987
    මල්දෙනියේ සිමියොන්

    20 Best MelodySong : Daru duka uhula

    9වන ජනාධිපති සම්මාන උළෙල 1987
    පූජා

    21 Best Music Director

    17 වැනි සරසවිය සම්මාන උළෙල - 1989
    සඳකඩ පහන

    22 Best Music Director

    18 වැනි සරසවිය සම්මාන උළෙල - 1990
    සිරිමැදුර

    23 Best Music Director

    17වන OCIC සම්මාන උළෙල 1990
    සිරිමැදුර

    24 Best Music Director

    3වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1991 - 1
    සිරිමැදුර

    25 Best Music Director

    20 වැනි සරසවිය සම්මාන උළෙල - 1992
    දොළොස්මහේ පහන

    26 Best Music Director

    19වන OCIC සම්මාන උළෙල 1992
    මධුසමය

    27 Best Music Director

    4වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1992
    මධුසමය

    28 Best Music Director

    6වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1994
    සුරබිදෙන

    29 Best Music Director

    7වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1996 - 1
    මී හරකා

    30 Best Music Director

    7වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1996 - 2
    මාරුතය

    31 Best Music Director

    25වන OCIC සම්මාන උළෙල 1999
    ජුලියට්ගේ භූමිකාව

    32 Best Music Director

    12වන ජනාධිපති සම්මාන උළෙල 2000 - 2
    ජුලියට්ගේ භූමිකාව

    33 Best MelodySong : Nivi pahan vunu

    13වන ජනාධිපති සම්මාන උළෙල 2000
    සුරගන යහන

    34 BestMusic Director

    28 වැනි සරසවිය සම්මාන උළෙල - 2003
    අග්නිදාහය

    35 Best Music Director

    28 වැනි සරසවිය සම්මාන උළෙල - 2003
    අග්නිදාහය

    36 Best Music Director

    31 වැනි සරසවිය සම්මාන උළෙල - 2006
    ගරිල්ලා මාකටින්
     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සුදු සඳේ කළු වලා
    සංගීත අධ්‍යක්ෂණය
    1963
    2සමාජයේ අපි ඔක්කොම සමානයි
    සංගීත අධ්‍යක්ෂණය
    1964
    3සැපත සොයා
    සංගීත අධ්‍යක්ෂණය
    1965
    4සීතල වතුර
    සංගීත අධ්‍යක්ෂණය
    1966
    5සැනසුම කොතනද
    සංගීත අධ්‍යක්ෂණය / සංගීත අධ්‍යක්ෂණය
    1966
    6කපටිකම
    පසුබිම් සංගීතය
    1966
    7මනමාලයෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1967
    8රෑන ගිරවු
    සංගීත අධ්‍යක්ෂණය
    1967
    9ගොළු හදවත
    සංගීත අධ්‍යක්ෂණය
    1968
    10බයිසිකල් හොරා
    සංගීත අධ්‍යක්ෂණය
    1968
    11වනසරා
    සංගීතය
    1968
    12ආදරවන්තයෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1968
    13නාරිලතා
    සංගීත අධ්‍යක්ෂණය
    1969
    14හරි මග
    සංගීත අධ්‍යක්ෂණය
    1969
    15හතර පෙරලිය
    සංගීත අධ්‍යක්ෂණය
    1969
    16මී මැස්සෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1969
    17හන්තානේ කතාව
    සංගීත අධ්‍යක්ෂණය
    1969
    18සුමුදු භාර්යා
    සහය සංගීත අධ්‍යක්ෂක
    1970
    19පේනවා නේද
    සංගීත අධ්‍යක්ෂණය
    1970
    20ප්‍රියංගා
    සංගීත අධ්‍යක්ෂණය
    1970
    21පූජිතයෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1971
    22රන් ඔන්චිල්ලා
    සංගීත අධ්‍යක්ෂණය
    1971
    23කතුරු මුවාත්
    සංගීත අධ්‍යක්ෂණය
    1971
    24සීයේ නෝට්ටුව
    සංගීත අධ්‍යක්ෂණය
    1971
    25සමනල කුමරියෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1971
    26නිධානය
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    27අතීතයෙන් කතාවක්
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    28ලොකුම හිනාව
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    29ඉහත ආත්මය
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    30වන රාජා
    සංගීත අධ්‍යක්ෂණය
    1972
    31දෑස නිසා
    සංගීත අධ්‍යක්ෂණය
    1975
    32බඹරු ඇවිත්
    සංගීත අධ්‍යක්ෂණය
    1978
    33වසන්තයේ දවසක්
    සංගීත අධ්‍යක්ෂණය
    1979
    34සොල්දාදු උන්නැහේ
    සංගීත අධ්‍යක්ෂණය
    1981
    35බංගලි වළලු
    සංගීත අධ්‍යක්ෂණය
    1981
    36කලියුගය
    සංගීත අධ්‍යක්ෂණය
    1983
    37දඩයම
    සංගීත අධ්‍යක්ෂණය
    1983
    38සිරිමැදුර
    සංගීත අධ්‍යක්ෂණය
    1989
    39ක්‍රිස්තු චරිතය
    සංගීත අධ්‍යක්ෂණය
    1990
    40මධුසමය
    සංගීත අධ්‍යක්ෂණය
    1991
    41සිසිල ගිනි ගනී
    සංගීත අධ්‍යක්ෂණය
    1992
    42පවන රළුවිය
    සංගීත අධ්‍යක්ෂණය
    1994
    43මාරුතය
    සංගීත අධ්‍යක්ෂණය
    1995
    44අවරගිර
    සංගීත අධ්‍යක්ෂණය
    1995
    45අයෝමා
    සංගීත අධ්‍යක්ෂණය
    1995
    46ලොකු දුව
    සංගීත අධ්‍යක්ෂණය
    1996
    47ගිනි අවි සහ ගිනි කෙලි
    සංගීත අධ්‍යක්ෂණය
    1998
    48ජුලියට්ගේ භූමිකාව
    සංගීත අධ්‍යක්ෂණය
    1998
    49මතුයම් දවස
    සංගීත අධ්‍යක්ෂණය
    2001
    50අග්නිදාහය
    සංගීත අධ්‍යක්ෂණය
    2002
    51සොඳුරු දඩබිම
    සංගීත අධ්‍යක්ෂණය
    2003
    52ගිනි කිරිල්ලී
    සංගීත අධ්‍යක්ෂණය
    2004
    53රන් දිය දහර
    සංගීත අධ්‍යක්ෂණය
    2004
    54අසනි වර්ෂා
    සංගීත අධ්‍යක්ෂණය
    2005
    55ගරිල්ලා මාකටින්
    සංගීත අධ්‍යක්ෂණය
    2005
    56භේරුණ්ඩ පක්ෂියා
    සංගීත අධ්‍යක්ෂණය
    2006
    57ඇයි ඔබ තනිවෙලා
    සංගීත අධ්‍යක්ෂණය
    2008
    58එකමත් එක රටෙක
    සංගීත අධ්‍යක්ෂණය
    2009
    59කන්‍යාවී
    සංගීත අධ්‍යක්ෂණය
    2009

    ගීත සඳහා දායකත්වය

    1සෝබන සිත
    • සංගීතය - මේ මහ රෑ යාමේ
    • සංගීතය - යන්නේ එන්නේ
    • සංගීතය - සමන් ගිරෙන් පායා
    • සංගීතය - සම්මා සම්බුදු සරණ විනා
    • සංගීතය - සැනසීලා සැරසීලා
    1964
    2සැපත සොයා
    • සංගීතය - නින්දා ප්‍රශංසාව
    • සංගීතය - මැස්සා මේ මකුළු දැලේ
    • සංගීතය - සුවබර යානේ නින්ද පුතාගේ
    • සංගීතය - ඈත චන්දන හිමේ
    • සංගීතය - සාගරයේ රැලි වේගෙන්
    1965
    3කපටිකම
    • සංගීතය - කුරුළු රෑන් රෑන්
    1966
    4මධුසමය
    • සංගීතය - මාද ඔබම විය
    1991

    ළඟදීම

    1රාමසැරය
    සංගීත අධ්‍යක්ෂණය
    ජීවදත්ත

    කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

    ළමා කාලය


    තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.

    කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.

    කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.

    ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය.

    තනු රචකයෙක් වශයෙන්


    සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.

    ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ‍ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු ඒ වන විට ත් සිනමා ‍ක්ෂේත්‍රය තුළ ලබා තිබූ ප්‍රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපටයට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්‍යාවී හැඳින්විය හැක.

    ටෙලිනාට්‍ය සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාං‍කේය සංගීතයට තවත් අග්‍රගණ්‍ය කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‍ටෙලිනාට්‍යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.

    කේමදාස ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍යවලට ද, දායක වූවේ ය.

    ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.

    කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්‍රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.

    ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය. මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ ව නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය.

    හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මයෙන් අනතුරුව ද ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති ව කේමදාස ශූරීහු නැවත සංගීත ‍ක්ෂේත්‍රයට පිළිපන්නේ ය. මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ්‍ය ගෞරව සහිත ව දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ ය. එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින් ම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS