සාරාංශය
Shanthi Abeysekara
ශාන්ති අබේසේකර
1934 - 2021
59.285120532003
59% |   1203  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Shanthi Abeysekara ශාන්ති අබේසේකර
Shanthi Abeysekara
  • උපන්දිනය : 1934 May 27
  • විපත : 2021 September 28
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1පුදුම ලේලි
    නිළිය
    1953
    2සැඩසුලන්
    නිළිය
    1955
    3සිරකරුවා
    නිළිය
    1957
    4දස්කම
    නිළිය
    1958
    5කොළඹ හාදයෝ
    නිළිය
    1966
    6වහල් දූපත
    ප්‍රධාන නළුවා
    1968
    7සිද්දියෙන් හයක්
    ප්‍රධාන නිළිය
    1970
    8ගිජුලිහිණියෝ
    නිළිය
    1975

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1වහල් දූපත
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / තිර රචනය / සටන් අධ්‍යක්ෂණය / නර්තන අධ්‍යක්ෂණය
    1968
    2සිද්දියෙන් හයක්
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / කතාව / තිර රචනය / සටන් අධ්‍යක්ෂණය / නර්තන අධ්‍යක්ෂණය
    1970
    ජීවදත්ත

    ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප‍්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා ඊයේ (28දා) අළුයම අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 වැනි වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. ප‍්‍රවීණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන ඔහු විවාහව සිටියේ ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟිනි.

    ඔහු සධානා, සුප‍්‍රියා, සංජය, සුදේව්, ෂර්මිලා, සංජානා සහ සජනි යන දරුවන් හත් දෙනෙකුගේ ආදරණීය පියාණන් විය.

    ඔහු අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට වූයේ වහල් දුපත සහ සිදාදියෙන් හයක් යන චිත‍්‍රපට යුගලයි. හිඟන කෙල්ලා සහ ජන ශක්ති නමින් චිත‍්‍රපට දෙකක් රූපගත කිරීම ආරම්භ කළ නමුදු ඒවා නිම කිරීමට නොහැකි විය. චිත‍්‍රපට නළුවෙකු ලෙස දස්කම, සිරකරුවා, සැඩසුළං, ගිජු ළිහිණියෝ, කොළඹ හාදයෝ, වහල් දූපත, සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත‍්‍රපට රැුසකට සිය රංගන දායකත්වය දක්වා ඇත. ඔහු ගායන ශිල්පියෙකු ලෙස ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත‍්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ම ගායනා කර ඇත. කලක් දේශපාලන භූමිකාවේද නිරතව සිටි ඔහුගේ දියණියන් දෙදෙනෙකු වන සධානා සහ සුප‍්‍රියා ගායන ලොව ඉහළින්ම ජය ගැනීමට සමත්ව ඇත. අපි ඔහුට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

    සටහන ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS