Sulanga Numba Awidin / සුළඟ නුඹ ඇවිදින්
[ Colour 35mm ]
Not Yet Released
62% | 99 Vote(s) | Vote Here
PLOT
ගාලු කොටුවේ සුවිසල් මැදුරක හුදකලාව ජීවත් වන ලිලී නම් වූ ඇය නවකතාකාරියකි. හුදකලාවට හේතු වූ ඇයගේ එකම අපේක්ෂාව, තමාට අහිමි වූ සිය 08 හැවිරිදි දියණියව සොයාගැනීමයි. සුරත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ලිලීගේ “අපරාජිත ජීවිතයක්” නවකතාව කියවූ සුරත් යම් පැහැදීමකට පත්ව, ලිලීට සමීප වීමට උත්සාහ දරයි. ඇය ඊට ප්‍රතිචාර නොදක්වයි. එනමුදු ඔවුනට නොදැනීම ඔවුන් ආත්මීය ආදරයකට මුල පුරති. විවාහකයෙකු වූ සුරත්ට ද 08 හැවිරිදි දියණියක සිටී. ඒ දියණිය හදාගත් දරුවෙකි. ඔහු ද බිරිඳගෙන් දුරස්ව සිටී. කලකට පසුව සුරත් ලිලීට විවාහ යෝජනාවක් ගෙන එයි. ලිලී පිළිකා රෝගයෙන් පෙළෙන නිසා එම යෝජනාවට අකමැති වෙයි. කල්පනාවේ නිමග්නව සිටි මොහොතක හදිසියේම ඇයගේ ජීවිතය ගැන සන්තාපයක් හටගනී. සුරත් සමග විවාහ වීමට ඇය තීරණය කරන්නේ ඒ අනුවය. ඔවුන් හමුවීමට නියමිත වූ දින අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරකින් සුරත් මිය යයි. සිතුවිලි අතර අතරමං වන ඇය සුරත්ගේ දියණිය භාර ගැනීමට තීරණය කරයි. ලිලීට සිය එකම දියණිය හමුවේද? සුරත් හදාගත් දියණියගේ මව කවුරුන්ද? යනු ප්‍රේක්ෂකයාට මතු දිනක විසඳා ගැනීමට හැකි වනු ඇත.
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka
Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail :
info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS