INFOPHOTOS
Theja / තේජා
[ Colour ]
Film No : 1417
Released Date : 2025-03-08
59.69434538971
60% |   1963  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Theja / තේජා
Film No : 1417
Released Date : 2025-03-08
Colorimeter : Colour
Category :
Company : Sangeetha Films
Studio : Dreams & Magic
Main Actor : Mahendra Perera
Main Actress : Nita Fernando
Director : Nilantha Hapanweera
Producer : Mahil R. Perera
Producer : Nita Fernando
Producer : Suranga De Alwis

TRAILER


 
DESCRIPTION

නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කම්හල්වල බලාත්මක කරන ලද පීඩාකාරී කළමනාකරණ උපක්‍රම සහ දුක්ඛිත සේවා කොන්දේසිවලට එරෙහිව, සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1982 – 1985 වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජය වී ඇත. තේජා යනු විශ්වාසනීය බිරිඳක් සහ මවකි. ඇයගේ සැමියාගේ අනපේක්ෂිත ඛේදජනක අනතුරෙන් පසුව ඇගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීමත් සමඟම දක්ෂ වෘත්තීය සමිති නායිකාවක් වන අයිරින්ගේ ආභාසය තේජා විසින් අනුගමනය කිරීමට පෙලඹේ. සිය ඇඟළුම් කම්හලේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සමාජ අසාධාරණය සහ අනපේක්ෂිත විපත්ති හමුවේ පෙනී සිටීමට තේජා මූලිකත්වය ගනී. තේජා සිය සගයන් පෙරටු කරගෙන අයිරින්ගේ මඟ පෙන්වීම මත ඔවුන්ගේ වැඩබිම යහපත් පාලනයකින් එකමුතු කිරීම පිණිස දුෂ්කර මෙන්ම භයානක අරගලයකට මුල පුරති. පාලකයන් සිය දරදඬු ප්‍රතිපත්ති වෙනස් නොකරන්නේ නම්, කම්හල වසා දැමීම, ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය ලෙස ඔවුහු සලකති. මෙම කම්කරු අරගලය නැවැත්වීමටත්, සියලු කම්කරුවන් සිය පාලනය යටතේ තබා ගැනීමටත් දේශපාලන බලය සහිත කම්හල් හිමියෝ ගත හැකි සියලුම ක්‍රියාවන්හි නිරත වේ. පාලක – කම්කරු අරගලයේ ජය කාට හිමිවේද යනු “තේජා” චිත්‍රපටයෙන් විද්‍යාමාන වේ.
 
ගුවන් විදුලි පිටපත් රචකයකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ නිලන්ත හපන්වීරගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය “තේජා” යි. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඔහු, විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා සංස්කරණය පිළිබඳව පාඨමාලාව හා ගුවන් විදුලි සන්නිවේදන පාඨමාලාව හදාරයි. දිරිය කැදැල්ල නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව එහි නාට්‍ය වැඩමුළු මෙහෙයවීමට එක්වන නිලන්ත, උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු වෘත්තියට එක්වන අතරතුරම ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙසද සේවයේ නිරත වේ. “උතුරු කටුව” සහ “රැල්ල වෙරළ” වේදිකා නාට්‍යවලින් රංගනයට පිවිසෙන ඔහු “ප්‍රකෘති”, “අයදුම”, “දුක්ඛා”, “නටඹුන්” වැනි වේදිකා නාට්‍ය හා කෙටි නාට්‍ය රචනය කරමින් නිෂ්පාදනයෙන්ද දායකව ඇත. පසු කලෙක, ගුවන් විදුලි රඟමඬල, ලක් හඬ රඟමඩල, මල්ගුඩි දවස හා මුවන්පැලැස්ස වැනි වැඩසටහන් සඳහා පිටපත් රචනයෙන් දායක වන නිලන්ත, වෙළඳ දැන්වීම්, කාලීන වැඩසටහන් පිටපත් රචකයකු සේම ගීත නිබන්ධකයකුද වෙයි. ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ “සක්මන් මළුව” හා “තිමිර සෙවණැලි” ඒකාංගික ටෙලි නාට්‍ය රචනය කරමින් අධ්‍යක්ෂණයට පිවිස “පියගැට පාමුල” ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව සඳහාද නිර්මාණකරණයෙන් දායක වෙයි. “සමාරා” හා “තාරකා මල්” චිත්‍රපට වලින් සහය අධ්‍යක්ෂණයට පිවිස, “ස්වර” චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළ ඔහු, “සදී” චිත්‍රපටයේ නිර්මාණ අධීක්ෂකවරයාද විය.



antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST

Mahendra Perera
As Ranjith
Sujani Menaka
As Nayana
CREW

Cinematographer
Kavinda Ranaweera
Art Director
Manjula Ayagama
Make-up Artists
Hansaka Sumeera
Make-up Artists
Mano Selwaraj
Music Director
Nawarathna Gamage
Executive Producer
Maheel R. Perera
Executive Producer
Thilanka Perera

OTHER CREW

Sound Designer
Lionel Gunarathna
Assistant Director
Chandana Irugalbandara
Production Manager
Sarath Wijesekara
Assistant Camera
Manjula Kumarathunga
Assistant Art Director
Lasantha Gunawardana
Assistant Art Director
Sanjeewa Karunarathna
Colour Mixing
Ananda Bandara
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS