තොරතුරුකතාවඡායාරූප
Wisurunu Mal Pethi / විසුරුණු මල් පෙති
[ Colour 35 mm ]
තිරගත වීමට නියමිතයි
60.398505603985
60% |   1606  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

ඇයගේ නම රශ්මි. ධනවත් පවුලක එකම දියණිය. රශ්මි තවමත් පාසල් ශිෂ්‍යාවක්. රශ්මිට ඉන්නවා මිතුරියක්. ඇය මධුරි. රශ්මියි මධුරියි කියන්නේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ. ඒතරම්ම මිතුරුයි. ඔවුන් දෙදෙනා දිනෙක ගමනක් ගොසින් එමින් සිටිනවා.
 
වේගය පාලනය කරගත නොහැකි මෝටර් බයිසිල්කරුවෙක් රශ්මිගේ ඇඟේ ගෑවී නොගෑවි ගමන් කරන්නේ ඇයව ද බියපත් කරමින්. තම බයිසිකලය පාලනය කරගත නොහැකිව එකී කරුණයා බිම ඇද වැටෙනවා.
 
ඒක දැකල රශ්මියි මධුරිටයි හරිම හිනා. තරුණයාට හරිමි අප්සට්. ඒත් ඒ වගක් නොපෙන්වා ඔහු එතැනින් පිටත් වෙනවා. තවත් දවසක රශ්මි හදිසියේම අර තරුණයාව දකිනවා. ඔහු වෘත්තියෙන් මෝටර් බයිසිකල් අලුත්වැඩියා කරන්නෙක්.
 
රශ්මිව දැකලා කලබල වන තරුණයා අසල ඇති පුටුුවක වාඩි වෙන්නට ගොස් මෝටර් සයිකලයකුත් පෙරළගෙන දෙවැනි වතාවටත් බිම ඇද වැටෙනවා. එවලෙත් රශ්මිට බකස් ගාලා හිනා යනවා. ඉන් කෝපාවිෂ්ට වන තරුණයා රශ්මිට නොසෑහෙන්න බැණ වදිනවා.
 
ගෙදර යන රශ්මිට නිතරම මතකයට නැගෙන්නේ අර තරුණයාව. තමන්ට බැන වැදුණු අන්දම රශ්මිට මැවි මැවී පෙනෙනවා. මේ අතර ඇයට එම තරුණයා කෙරෙහි ආදරයක් ද ඇති වෙනවා. රශ්මිට දැන් ඕනෑ අර තරුණයාව මුණ ගැහෙන්න. ඇය කරන්නේ තම පියාට කියලා බයිසිකලයක් මිලදී ගන්න එක.
 
එහි වයර් ගලවා දමන රශ්මි තරුණයාව සොයාගෙන යනවා. ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නා රශ්මි තරුණයාට වඩාත් ළං වන්නේ ආදරණීය බැඳීමක් ද තනාගෙන.
 
අවසනදී ඔවුන් පෙම්වතුන් වෙනවා. මධුරිගේ මාර්ගයෙන් රශ්මිගේ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ඇගේ පියා දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කෝපාවිෂ්ට වෙනවා. ඔහු තම මලණුවන් සමඟ රශ්මිව පැහැරගෙන ගොස් සඟවා තබනවා. ඇගේ අතුරුදන්වීම නිසා තරුණයා පත් වන්නේ මහත් වූ අසහනකාරී තත්ත්වයකට.
 
ඔහුට රශ්මිව නිරන්තරයෙන් සිහි වෙනවා. අවසනදී තරුණයාට රශ්මිව හමුවන්නේ නොසිතු තැනකදී. ඒ වන විට රශ්මි මවක්. තම පෙර පෙම්වතාව දකින රශ්මි මහත් වූ කම්පනයට පත් වෙනවා. ඒ ඔහුට පියවි සිහියක් නොමැති නිසා.
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS