INFOPLOTPHOTOS
Yakadaya / යකඩයා
[ Black & White 35 mm ]
Film No : 370
Released Date : 1977-12-09
58.771498771499
59% |   1628  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

1977 දෙසැම්බර් 9 දා මෙරට ප්‍රදර්ශනය ඇරඹූ "යකඩයා" චිත්‍රපටයට පාදක වී තිබුණේ සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා ගේ පුවතය. රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කළ "යකඩයා" නීල් රූපසිංහයන්ගේ අධ්‍යක්ෂණයකි. යකඩයා ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර බස් රථයකින් මාංචු දමා ගෙන යමින් සිටියදී බසයේ යකඩ පොල්ලකට ගසා මාංචු කඩාගෙන අත් අඩංගුවෙන් මිදී පලා යාම එහි ජනප්‍රිය වූ දර්ශනයක් විය. එහෙත් බන්ධනාගාර වාර්තා අනුව යකඩයා කිසි විටෙක බන්ධනාගාරයෙන් පැන ගොස් නැත. එමෙන්ම එම චිත්‍රපටයේ දැක්වුණ යකඩයා දුම්වැටි හා මත්පැන් පානය කරන්නෙක් වූයේය.

පසු කලෙක ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කිසි දිනෙක දුම් හෝ මත්පැන් පානය නොකළ බවත් මස් මාංශ ආහාරයට නොගත් බවත්ය

චිත්‍රපටයේ ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා ඔහුගේ වත්තල නිවෙසේදී හමු වී එම දර්ශනවලට තම විරෝධය පළ කළ බවත් ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබිණි. තම ජීවන පුවත ඇසුරෙන් නිපැයුණ චිත්‍රපටය සඳහා තමන් කිසිම මුදලක් ලබා නොගත් බව ද ඔහු පවසා තිබිණි.

ඔහු මස් මාංශ අනුභවයෙන්, මත්පැන්, දුම් පානයෙන් තොර අයකු බව ඔහුගේ මරණයත් සමඟ ඥාතින් මාධ්‍ය වෙත දක්වා තිබූ අදහස්වලින් පැහැදිලි වේ.

 
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS