Yakadaya

Yakadaya

යකඩයා

Black & White 35 mm

Film No: 368  ·  Released: 09 Dec 1977

59.55% · 2,510 votes
Rate this film
Special Message

යකඩයා විසින් රචිත ජීවිත කතාව

Summary

NameYakadaya / යකඩයා
Film No368
Released Date09 Dec 1977
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
CompanyM.P.S. Films
StudioVijaya Studio
Main Actor: Gamini Fonseka Main Actress: Jenita Samaraweera Director: Neil Rupasinghe Producer: Rthnapala Marawanagoda

Description

යකඩයා චිත්‍රපටිය යනු සැබෑ පුද්ගලයෙකුගේ ජීවිත කතාව අලලා නීල් රූපසිංහ විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු චිත්‍රපටියකි. මෙහි ඇති සිදුවීම් අසත්‍යද වේ.

සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය පරීක්ෂණ මණ්ඩලය මඟින් හතර වරක් නැරැඹීමෙන් අනතුරුව ද ‘වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි’ යන ලේබලය යටතේ ප්‍රදර්ශනයට අනුමැතිය ලැබිණ.

සත්‍ය සිද්ධියක් ඇසුරින් තැනූ චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රථම අවස්ථාව.

1977 දෙසැම්බර් 9 දා මෙරට ප්‍රදර්ශනය ඇරඹූ "යකඩයා" චිත්‍රපටයට පාදක වී තිබුණේ සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා ගේ පුවතය. රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කළ "යකඩයා" නීල් රූපසිංහයන්ගේ අධ්‍යක්ෂණයකි. යකඩයා ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර බස් රථයකින් මාංචු දමා ගෙන යමින් සිටියදී බසයේ යකඩ පොල්ලකට ගසා මාංචු කඩාගෙන අත් අඩංගුවෙන් මිදී පලා යාම එහි ජනප්‍රිය වූ දර්ශනයක් විය. එහෙත් බන්ධනාගාර වාර්තා අනුව යකඩයා කිසි විටෙක බන්ධනාගාරයෙන් පැන ගොස් නැත. එමෙන්ම එම චිත්‍රපටයේ දැක්වුණ යකඩයා දුම්වැටි හා මත්පැන් පානය කරන්නෙක් වූයේය.

පසු කලෙක ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කිසි දිනෙක දුම් හෝ මත්පැන් පානය නොකළ බවත් මස් මාංශ ආහාරයට නොගත් බවත්ය

චිත්‍රපටයේ ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා ඔහුගේ වත්තල නිවෙසේදී හමු වී එම දර්ශනවලට තම විරෝධය පළ කළ බවත් ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබිණි. තම ජීවන පුවත ඇසුරෙන් නිපැයුණ චිත්‍රපටය සඳහා තමන් කිසිම මුදලක් ලබා නොගත් බව ද ඔහු පවසා තිබිණි.

ඔහු මස් මාංශ අනුභවයෙන්, මත්පැන්, දුම් පානයෙන් තොර අයකු බව ඔහුගේ මරණයත් සමඟ ඥාතින් මාධ්‍ය වෙත දක්වා තිබූ අදහස්වලින් පැහැදිලි වේ.

Cast

Crew

Other Crew