විස්තරය
වර්ෂ 1993 දී "ඩැමේජ්" නමින් ඇමරිකානු චිත්‍රපටයක් තිරගත කළේය. ( මෙය ලංකාවේ තිරගත කළාදැයි නම් මතක නැත) ජෙරමි අයන්ස් නම් අද්විතීය රංගන ශිල්පියෙක් රඟපෑ මෙම චිත්‍රපටය තුලින් කියවුනේ අප නිරන්තරයෙන් අසන, දකින තේමාවක් නොවේ.
පුතු විසින් තමා විවාහ කර ගන්නා තරුණියව පියාට හදුන්වා දුන් පසු, එකී තරුණියට එම පියා ආකර්ෂණීය වන කථාවකි මෙහී අන්තර්ගතනය වූයේ. අවසානයේ පුතුට හොරෙන් ඔහු නැති හැම අවස්ථාවකම මෙම පියා සිටියේ මෙම තරුණිය සමගය. ඔහු පුතා නිවසින් බැහැර වෙන තෙක් සැගවී බලා සිට, පුතා ගිය පසු එම නිවසට ගොස් පුතාගේ බිරිඳ සමඟ අනාචාරයේ හැසිරිය. එහෙත් එක් දිනක් එසේ අනාචාරයේ හැසිරෙන විට හදිසියේම පුත්‍රයා පැමිණියේය. එදින මේ සෙල්ලම පුතාගේ අතටම අසුවිය. එය දුටු පුතා මොනතරම් කලබල වුවාද කිව හොත් උඩුමහලක තිබූ ඔවුනගේ නිවසින් ගරාදිවැටත් කඩාගෙන පල්ලෙහාට වැටී මිය ගියේය. අනිසි සම්බන්ධයන් හී අවසානය මහා විනාශයක් බව 'ඩැමේජ්' චිත්‍රපටයෙන් පෙන්වා දුනි.
ගුණපාල, යටමලවත්ත තම ගමට පැමිණෙන්නේ ව්‍යාපාරයක් කිරීමට වඩා තවත් අරමුණක් සිතේ තබා ගෙනය. නමුත් ගුණපාල වැනි කිසිදු ලකයක් නැති මිනිසෙකු සමඟ සෝමා වැනි රූමත්, හැඩකාර තරුණියක් ඔහුගේ බිරිඳ හැටියට පැමිණීම ගැන නම් දෙවරක් නොව දහවරක් හෝ සිතිය යුතු කරුණකි.
ගුණදාස අමරසේකර එසේ යාදෙන්නේ නැති දෙදෙනෙක් එකතු කර ඒ තුළින් විශාල කථාවකට මුල පිරීමට වස්තු බීජ සොයා ගතී. සෝමා හා විලිසොං මුල් කර ගෙන මෙහි කථාව ගෙතුවද, අභ්‍යන්තරය අධ්‍යයනය කෙරූ පසු කථාවේ මුඛ්‍ය චරිතය බවට පත්වන්නේ ගුණපාලය.
ගුණපාල වටා ගොඩනැගෙන අනෙක් චරිත, තිස්ස අබේසේකරගේ තිරනාටකයේ ඉස්මතු වන්නේ ගුණපාලව යට කරගෙනය. එහෙත් කරුමක්කාරයෝ හී චරිත සියල්ලම දම්වැලක පුරකක් මෙන් එකිනෙකට සම්බන්ධ වී එකතුවෙන්නේ ගුණපාලගේ චරිතයටය. ගුණදාස අමරසේකර තම කෘතිය තුළ ගුණපාලට විශාල ඉඩ කඩක් දෙන්නේ නැත. නමුත් මේ හැම ව්‍යවාසනයක්ම පටන් ගන්නේ ගුණපාලගෙනි. එහෙයින් , අමරසේකර හෝ අබේසේකර ගුණපාලට වැඩි ඉඩ කඩක් නොදුන්නද, ගුණපාල අභ්‍යන්තරව හෝ කෘතිය හා චිත්‍රපටය තුළ හිස එසවීම ගුණදාස අමරසේකරට හෝ තිස්ස අබේසේකරට වළක්වා ගැන්මට බැරි විය.
අබේසේකරගේ 'කරුමක්කාරයෝ' හී ඇරඹුම වනුයේ විලිසොං තපස් රකින සාමණේරවරයෙක් මුණ ගැසී තමාට සිදුවූ හා තමා එසේ සිදුවූයේ යැයි අනුමාන කරන සිදුවිම් එකතු කර එම සාමණේරවරයාට පැවසීමෙන්ය. විලිසොං පවසන එම කථාවේ ආරම්භය වන්නේ, විලිසොං ගේ අයියා වූ ගුණපාල ,තම අලුත් රූමත් මනමාලිය සෝමා සමඟ ගම බලා ඒමෙනි.
සෝමාගේ පැමිණීම වෙළදම් මාමා හා විලිසොං සිතුවේ නිවසට ශ්‍රියා කාන්තාව පැමිණ ඇති බවය. වෙළදාම් මාමා යයි අන්වර්ථයෙන් හැදින්වූයේ විලිසොං හා ගුණපාලගේ පියාය. වෙළදාම් මාමා ට ගුණපාල හා විලිසොං හැරෙන්නට දියණියක්ද විය. ඇය විලිසොංට වඩා වැඩිමල්ය. මුල සිටම ඇය සෝමා සමඟ ඇයි හොදැයියක් නැත. ඇය සෝමා සමඟ එකදු වචනයක් හෝ හොඳීන් කථාකරනවා මුළු චිත්‍රපටය පුරාම දක්නට නොලැබුණි. වෙළදම් මාමාගෙ බිරිඳ මිය ගොස් සැහෙන කල්ය. සෝමාගේ පැමිණීම, ගැන මහත් උජාරුවෙන් කථා කළේ වෙළදාම් මාමා සහ විලිසොංය. විලිසොං තම පෙම්වතිය වූ මිලීටය ඒ පුරාජේරුව කිවේ. අලුත් නෑනා ලස්සනයිලු නේද කියා ඇසුවිටය ඔහු කීවේ, ලස්සන නම් මම දන්නෙ නැහැ. ඒත් සිරියාවන්ත කම නම් උතුරලා යනවා කියා.
ගුණපාලව මුල සිටම අක්‍රිය පුද්ගලයෙක් කර තිබුණි. එලෙසම ඔහු ඇදුම රෝගියෙක්ද විය. ගුණපාල එසේ වූවද තිස්ස අබේසේකර විලිසොංව ඉතාමත් ප්‍රිය මනාප කඩවසම් තරුණයෙකු ලෙස ඉදිරිපත් කර තිබුනි.
සෝමාගේ චරිත අභ්‍යන්තරය අධ්‍යයනය කෙරුවද , එය පහසුවෙන් සොයා ගැන්මට නොහැකි වන ලෙසටය ගුණදාස අමරසේකර සෝමාව මවා තිබුණේ. අමරසේකරගේ පොතේ පිරිමි තුන් දෙනෙක් මැද වුවද සෝමාව බලවත් ගැහැනියෙක් කර තිබුණි. එහෙත් තිස්ස අබේසේකර තම චිත්‍රපටය තුළ සෝමාගේ චරිතය දියාරු කර තිබුනි. සෝමා වැනි සුරූපිනියක් ගුණපාල වැනි නිද්‍රාශීලි පුද්ගලයෙක් හා විවාහ වූයේ ඇයිදැයි යන පැහැදිලි පිළිතුරක් පොතේ හෝ චිත්‍රපටය තුළ දී තිබුණේ නැත. චිත්‍රපටය තුළ ද, සෝමාව අධිරාගීක ගැහැනියක් ලෙස හුවා පෙන්වීමට තිස්ස අබේසේකර උත්සහ ගත්තද, සෝමා තුළ රාගයට වඩා තිබුයේ ආදරය, සෙනෙහස, සොයා යෑමකි.
ගුණපාල හා සෝමා කතරගම ගියේ දරුවෙක් ලැබීමට බාර වීමය. කතරගම යෑමට අම්මාගේ මාලය සෝමාට බැඳගෙන යාමට දුන්නේ තාත්තා වූ වෙළදාම් මාමාය. විලිසොංගේ අක්කාට කේන්ති තමාගේ ගමන් කීපයකටම බැඳගෙන යාම සදහා එම මාලේ ඉල්ලුවද තාත්තා එය කිසිදිනෙක ඇයට නොදුන් නිසාම නොව, තාත්තා එය සෝමාට කතරගම යාම සඳහා සිය කැමත්තෙන්ම දී තිබූ නිසාය.
කතරගම ගමනේදීය, සෝමා විලිසොංව තම සිතැඟි වලට පොලඹවා ගත්තේ. විලිසොංවත් ඔය කතරගම ගමනට සෝමා ඇදගෙන යන්නට ඇත්තේ ඇති තරම් ජවුසං නටන්නට බව විලිසොංගේ අක්කාගේ ඉවට අහුවුනි.
ජෙරම් අයන්ස් රඟපෑ "ඩැමේජ්" චිත්‍රපටයේ, පියා පුතාගේ පෙම්වතිය (පසුව පුතාගේ බිරිඳ)ට ආකර්ෂණය වීම වැනි සිදුවීමක් වෙළදාම් මාමා හා සෝමා අතර සිදුවූවාද?. ඇත්තෙන්ම එය දුටුවේ සියදෝරිස්ය.
"මම සෝමව මල්ලිටයි, තාත්තටයි බාර දීලා ගියේ ඕනකමින්මයි," පසුව එය ගුණපාල කර පාපෝච්චාරණයේදීද හෙළිවිය. දෙනියේ මහත්තයා හා ආතර්ගේ සහයෝගයෙන් පටන් ගත් පියදාසගේ කඩේට වෙළදාම් මාමාගේ බිස්නස් සියල්ල ඈදා ගත්තේ විලිසොංලට පාඩු කිරීමටය. එය ටක්කෙටම සිදුවිය.
"ඩැමේජ්" චිත්‍රපටයේ තිබූ සිදුවීම් වූ පුතාගේ බිරිඳට පියා ආකර්ෂනය වීමම වෙළදාම් මාමා හා සෝමා අතර සිදුවූ බව යළි දෙවැනි වරට ඇගවෙන්නේ මෙතැනදීය.
ගුණදාස අමරසේකර විසින් ප්‍රබල චරිත කීපයක් ප්‍රබල ලෙස තම කෘතියෙන් නිර්මාණය කළේය. විශේෂයෙන් වෙළදාම් මාමා, විලිසොං, සෝමා, ගුණපාල, සියදෝරිස්, දෙනියෙ මහත්තයා, පියදාස, ආතර්, විලිසොංගේ අක්කා, මිලී යන චරිත තුල තිබූ එකිනෙකාට ආවේනීක ප්‍රබලත්වය, තිස්ස අබේසේකර නම් හරියට උකහා ගත්තේ නැත.
ඒ ප්‍රබල චරිත, චිත්‍රපටය තුළ මලානීක විය. "ඩැමේජ්" හී පුතාගේ බිරිඳ සමඟ දැඩි ඇසුරක් ගෙන ගිය පියාගේ චරිතය ප්‍රබලව නැගී සිට්යද, එයට සමාන චරිතයක් වූ 'කරුමක්කාරයෝ" චිත්‍රපටයේ වෙළදාම් මාමාගේ චරිත ගැටුම දියාරු විය. අමරසේකරගේ වෙළදාම් මාමා තුල රැදී තිබූ අමුද්‍රව්‍ය තුළින් චිත්‍රපටයේදී දැවැන්ත චරිතයක් මැවීමට තිබූ අවකාශය තිස්ස අබේසේකර අතින් මගහැරුනි. තිස්ස වැඩි අවධානය යොමු කර තිබුනේ විලිසොං වැනි මන්දගාමි චරිතය මතය.
සෝමා දරුප්‍රසුත්තියෙදී මිය යාම තුළින් බොහෝ සැඟවුනු දේ එළියට ආවේය. එළෙසම සෝමා බැලීමට රෝහලට ගිය අවස්ථාවක, අහම්බෙන් හමුවූ විලිසොංගේ පැරණි පෙම්වතිය වූ මිලී ගෙන් තව තවත් බොහෝ දෑ විලිසොංට දැන ගන්නට ලැබුණි. ඒ දෙනියෙ මහත්තයාගෙන් අතවරයට ලක්වූ විලිසොංගේ අක්කාට දරුගැඹක් ඇතිවූ බවත්, පසුව ඇය එම දරුවා පවුලකට හදාගැන්මට භාරකල බවත්ය. එළෙසම සෝමා සමඟ වෙළදාම් මාමාගේ සම්බන්ධතාවයක් තිබූ බව සියදෝරිස් විසින් එය තහවරු කළේ ඔහු දිනක් මහ දවල් දුටු සිදුවීමක් හුවා දක්වමිනි.
සෝමා පවුලට එකතු වෙන තෙක් ඔය කිසිවෙක් කරුමක්කාරයෝ වී සිටියේ නැත. සිල්ලෝම පව් කරන්නට පටන් ගත්තේ සෝමා පව්ලට බැදුණු පසුවය. වෙළදාම් මාමා, විලිසොං, ගුණපාල ඔය සියල්ලම පව් කරන්නට අර ඇදුනේ සෝමා ආ පසුවය. සෝමාටද සිදුවූයේ පියා හා පුතුන් දෙදෙනා සමඟ ජීවත් වීමටය. එය ඇය අකමැත්තෙන් කෙරූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් මේ හැම ව්‍යවසනයකටම මූලීක වූයේ ගුණපාලය. ඒ සෝමා වැන්නෙක්ව මේ නිවසට ගෙනැවිත් පසුව ඇගෙන් ගැලවීමට තම පියාට හා මල්ලිට බාර කර මාරුවීමෙන්ය. අවසානයේදී සියල්ල පහනට දැල්වුනු මෙරුන් මෙන් පිච්චි ගියෝය. සෝමා මිය ගියාය. විලිසොං ගේ අක්කා ගණිකාවක් වූ බවක් එක් තැනක යාන්තමින් මෙන් ඇගවිය. පියා වූ වෙළදාම් මාමා පවුලට හා ගමට මුහූණ දීමට නොහැකිව ගමෙන් පිටව ගියේය. ගුණපාලද ගම අත්හැර පිට ගමකට ගියේය. විලිසොං සිදුවූ හැම දෙයක් ගැනම කලකිරී මහණ දම් පුරවන්නට තීරණය කළේය.
විලිසොං ලෙස රඟපෑ විජය කුමාරණතුංග තම උපරිමය යොදා මෙම චරිතය තුළ ජීවත් වන්නට සාර්ථක උත්සහයක් ගෙන තිබුණි. අභියෝගය තිබුණේ ගීතා කුමාරසිංහටය. පියා සහ පුතුන් දෙදෙනාගේ අනියම් බිරිඳ වීම ලේසි පහසු නැත. තිස්ස අබේසේකර ඇයව ප්‍රසංශනීය ලෙස මෙහෙයවා තිබුණී. වෙළදාම් මාමා වූ සෝමසිරි දෙහිපිටියගේ රංගන පරාශය තව දික් කිරීමට තිබුණි. එසේ වූවා නම් ඔහු "ඩැමේජ්" චිත්‍රපටයේ ජෙරමි අයන්ස් මෙන් ප්‍රබල වන්නට ඉඩ තිබුණි.
ගුණපාල වූ උපාලි අත්තනායක, සියදෝරිස් වූ ජී.ආර්.පෙරේරා, ආතර් වූ යූ.ආරියවිමල්, පියදාස වූ සිරිල් වික්‍රමගේ හා මිලී වූ අසංකා මොණරවිල, තම චරිත මොනවාදැයි හොද හැටි හදුනා ගෙන තිබුණි.
රත්මලී ගුණසේකර විලිසොංගේ අක්කා ලෙසත්, දයා අල්විස් දෙනියේ මහත්තයා ලෙසත්, දයා තෙන්නකෝන් කංකානම් ලෙසත්, තම රඟපෑම තුල උපරිමත්වය පෙන්වා තිබුණි. හයිසින්ත් විජේරත්න, අනුර මැදගොඩ හා රත්නාවලී කැකුණුවෙල සෙසු චරිත රඟපෑවෝය.
තිස්ස අබේසේකරගේ කරුමක්කාරයන්ට වඩා ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ හොද යැයි සිතුනද, තිස්සත් නරකම නැතැයි, කරුමක්කාරයෝ නැරඹූ පසු සිතුනි.
ශෝන් මැක්ස්මස් දිසානායක