INFOPLOT
Sulanga Numba Awidin / සුළඟ නුඹ ඇවිදින්
[ Colour 35mm ]
Not Yet Released
61.56862745098
62% |   102  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Sulanga Numba Awidin / සුළඟ නුඹ ඇවිදින්
Not Yet Released
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Main Actor : Shyam Fernando
Main Actress : Lakshmi Damayanthi
Director : Sudath Devapriya
Producer : Lakshmi Damayanthi

 
DESCRIPTION

සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරුවෙකු වූ ඔහු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කවියකු, ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු ,රංගන ශිල්පියෙකු, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුද වෙයි. “නුඹ විතරක් තළ එළලුයි” වේදිකා නාට්‍ය තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, “විකෘති”, “කුස පබාවතී”, “චිත්‍රාගේ ප්‍රේම කතාව” ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය දක්වා ඇත.ලොව වටා රූපවාහිනී නාලිකා 27කට අධික ප්‍රමාණයක විකාශය වූ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට පිවිස පසුවදී, “මඩොල්දූව”, “හඳයා”, “නාමල්ගොල්ල”, “සංගිලි පාලම”, “චන්ද්‍රග්‍රහණය”, “වංකගිරිය”, “දියමංකඩ” හා “සුළඟ මහමෙරක” වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණ රැසක් ඔහු විසින් නිර්මාණය කරන ලදී. විරාගය චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු “එළිවෙන දවස” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළද එය තිරගත කිරීමට නොහැකි විය. ඉන් නොසැලුණු ඔහු පසු කලෙක “තරණය”(1997) සහ “උඩුගංයාමය” (2006) චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ අතර “උඩුගංයාමය” සම්මාන රැසක් ලබා ගැනීමට සමත් විය. “සුළඟ නුඹ ඇවිදින්” ඔහුගේ සිව්වන සිනමා නිර්මාණයයි. ග්‍රන්ථ කතුවරයෙකුද වූ ඔහු, අඹ යාළුවෝ ටෙලි නාට්‍ය තිර රචනය, සැබෑ කලාව, කිතුනු ඇදහිල්ල, කිතුනු දේශනාව වැනි කෘතීන්ද, අරවින්ද, ඉල්මහේ පියෙක්, දුක් සැප කුමන්දා, සඳ එළිය මැදියමක් වැනි කාව්‍ය ග්‍රන්ථ ද ඉදිරිපත් කිරීමට සමත් වූ අතර, වචනයේ පරිසමාප්ථයෙන්ම ඔහු කුසලතා නිර්මාණවේදියෙකි.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST


OTHER CREW

Colour Mixing
Dinindu Jagoda
Assistant Director
Susantha Hemachandra
Assistant Director
Nilukshan Ekanayake
Assistant Camera
Muditha Vithana
Assistant Camera
Rajitha Nuwan
Assistant Makeup
Sadeepa Lakshan
Assistant Art Director
Suranga Kuruppuarachchi
Theme & Main Title Belt
MolaSenevirathna
Theme & Main Title Belt
Chamath Paranavithana
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS