INFO
Puththu Saha Piyawaru / පුත්තු සහ පියවරු
[ Colour ]
Not Yet Released
61.971830985915
62% |   71  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Puththu Saha Piyawaru / පුත්තු සහ පියවරු
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : S.A. Vinoj
Main Actress : Bimsara Premaratna
Director : Sumathy Sivamohan
Producer : Sumathy Sivamohan

 
DESCRIPTION

සිංහල චිත්‍රපට රැසකටම සංගීතයෙන් ජීවය දුන් ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වන රෙක්ස් පෙරියසාමි දමිළ සම්භවයක් සහිත සංගීතවේදියෙකි. ඔහු සිය වෘත්තියේ ඉහළම තලයේ සිටින අවස්ථාවක සිංහල යුවතියක් වන කාන්තිව ජීවන මගේ සහකාරිය කරගන්නා අතර, එය රටේ සිනමා කර්මාන්තයේ බහු සංස්කෘතික පසුබිම තුළ එතරම් අමුතු දෙයක් නොවීය. නව විවාහක යුවල ධනය හා සිහින පොදි බැඳගත් ජීවිතයක් ආරම්භ කරනුයේ, කාලයත් සමඟින් කැදැල්ලට එකතු වූ පුතු ලකී සහ දියණිය මාලා ද සමඟිනි. දේශපාලන කැළඹීම්, උතුරේ බෙදුම්වාදී යුද්ධය සහ රට තුළ නිරන්තරයෙන් වැඩිවන දමිළ විරෝධී ආකල්පවලට මැදි වූ පරම්පරා දෙකක සංගීතඥයින්ගේ සුන්දර නොවූ කතාවක් තුළින් ලාංකික සිනමා කර්මාන්තයේ උස් පහත්වීම් සහිත ඉතිහාසය, “පුත්තු සහ පියවරු” තුළින් විවාදයට ලක් කෙරේ.
 
සිවමෝහන් සුමති මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියක් වන අතර සම්මානලාභී කෙටි, වෘත්තාන්ත හා වාර්තා චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරියක්, නාට්‍යකාරිනියක, කිවිඳීයක මෙන්ම ශාස්ත්‍රාචාර්යවරියකද වේ. ඇය විසින් එළිදැක්වූ බොහෝ නිර්මාණ යුද්ධය හා ගැටුම්, කාන්තාවන් සහ ආන්තික ප්‍රජාවන් පිළිබඳ වන අතර, ජාතිය පිළිබඳව ප්‍රශ්නය නිවැරදිව ගෙන 2012 වසරේදී ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් “ඉඟිරුන්තු” (INGIRUNTHU) එළිදැක්වීය. ඒ මගෙන් ඇය සිනමා ව්‍යවහාරය, සිනමාව නම් සංවාදය නිර්මාණය කළාය. ඇය විසින් නිර්මාණය කරන ලද කෙටි, වෘත්තාන්ත සහ වාර්තා චිත්‍රපට අතර, ‘SHYDHA ZAARA’ ‘AMID THE VILLUS’, ‘THE SINGLE TUMBLER’, ‘SING MOTHER SING’, ‘ORANGES’,‘PIRALAYAM IN SEARCH OF A ROAD’ යන නිර්මාණද වෙයි. මෙම නිර්මාණ බොහොමයක්ම දේශීය හා අන්තර්ජාතික සම්මාන උළෙල නියෝජනය කරමින් විවිධ සම්මානයනට සහ ඇගයීමට පාත්‍රව තිබීමද විශේෂිත වේ. ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ උලෙළ රැසකම විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාවන් රැසක් හිමිකරගත් ඇය අතිදක්ෂ තිර පිටපත් හා ගීත රචිකාවියක්ද වෙයි.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST

S.A. Vinoj
As Rex Periyasami
CREW

Cinematographer
Sunil Perera (Camera)
Art Director
Lal Harendranath
Sound Management
Elmo Haliday
Make-up Artists
Gamini Kostha
Music Director
Anthony Surendra
Executive Producer
Elmo Haliday

OTHER CREW

Assistant Director
Elmo Haliday
Assistant Director
Ananda Kapuge
Production Manager
Sumith Suranga
Assistant Camera
Ananda Bandara
Assistant Camera
Nalin Dammika
3D Animation
Thisara Dhananjaya
Camera Equipment
Studio J - Ragama
Colour Mixing
Ananda Bandara
Generator Operator
Dayananda
Assistant Editor
Anura Bandara
Recordist - Dialog
Sasika Ruwan Marasinghe
Recordist - Dialog
Stiner Adams
Recordist - Dialog
Mahinda Madawala
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS