Kusum Perera

Kusum Perera

56.75% · 1,710 votes
Rate this artist

Summary

NameKusum Perera

Biography

* අම්මගෙ චරිතය කරන්නට පටන් ගත්තේ අවුරුදු 25 දි

* සම්මාන ලැබුණට වඩා ඇගයුනා මදි කියලයි හිතෙන්නේ

ලංකාවේ අපේ හැදෙන නාට්‍ය ගැන අමුතුවෙන් දැනගන්න ඕන නැහැනෙ. බලන්න බැරි නාට්‍ය හැදෙන්නෙත් නැහැනෙ. මට කතා කරන්නෙත් මට පුළුවන් චරිතවලටනෙ.

කුසුම් පෙරේරාගේ කලා ජීවිතය ආරම්භ වන්නේ සංගීතා සිනමාපටයෙනි. ඒ අදින් වසර හතළිහකට පෙරය. එම සිනමාපටයට රංගන දායකත්වය ලබා දෙන විට කුසුම්ගේ වයස අවුරුදු අටකි. එවකට සිනමාවේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන විජය - මාලිනී ඇතුළු දැවැන්තයින් රැසක් සමඟ සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කිරීමට කුසුම් භාග්‍යවන්ත විය.

කුසුම් දැවැන්ත කලා පවුලක පුරුකකි. ඇගේ මිත්තණිය ප්‍රකට ටවර් හෝල් රංගන ශිල්පිණියක වූ එල්. කේ. සෝමකාන්තාය. සීයා. ටී. විල්බට් පෙරේරා විය. ඔහු ද ටවර්හෝල් යුගය නියෝජනය කළ කලාකරුවෙක්ය. ඔවුනට දාව උපන් සූරියරාණි පෙරේරා කුසුම්ගේ මවය. ඇගේ අයියා ටී. ෂෙල්ටන් පෙරේරාය. සූරියරාණිගේ බාල නැගණිය කුමාරි පෙරේරාය. මේ කලා හිතෛෂීන් මැද කල් ගෙවූ කුසුම් කලා ලොවට පිවිසීම අරුමයක් වන්නේ නැත. කලා ලොවේ සිව් දශකය සපිරීම නිමිත්තෙන් කුසුම් ප්‍රසංගයක් සංවිධානය කොට ඇතිවග සරසවියට දැන්වීය. එය මෙම මස 10 වැනිදා සවස 5.30 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙනු ඇත. ඇගේ රැඟුමෙන්, ගැයුමෙන් හැඩ ගැන්වෙන මෙය නම් කොට ඇත්තේ 40 වසරක සැමරුම යනුවෙනි.

කුසුම්, මෙවන් වූ උත්සවයක් පවත්වන්නට හිතුණ හේතුව මොකක්ද?

මේක කලක පටන් මගේ සිතේ තිබුණු දෙයක්. වසර හතළිහක් කලා ලොවේ රැඳී සිටිම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මට හිතුණා මෙතෙක් කල් කළ කීදෑ එක්ක දැනෙන්න යමක් කරන්න. මේ සඳහා මගේ කලා දිවියට වසර 40 සපිරෙන කාරණාව නිමිති කරගන්න මම හිතුවා. මේ ගැන ආරංචි වුණාම බොහෝ දෙනෙක් ඇහැව්වේ තව අවුරුදු දහයක් ඉඳලා අවුරුදු පණහ උත්සවය ගමු කියලා. එත් මං හිතන්නේ මේක තමයි මගේ හොඳම කාලෙ. අවුරුදු පණහක් වෙද්දී මොනවා වෙලා තියේවිද කවුද දන්නෙ.

ඔබ සංගීතා චිත්‍රපටයට සම්බන්ධ වූ අන්දම ගැන මතක් කළොත්?

ඒක වුණේ තිර කතා රචක සිරිල් පී. අබේරත්න මහත්මයා නිසා. ඔහු සහ සංගීතා වීරරත්නගේ මව දිනෙක අපේ ගෙදර ආවා. ඔවුන් කාලයක පටන් මං ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. සිරිල් මහත්තයා අපේ ආච්චිගේ හොඳ මිත්‍රයෙක්. ඒ නිසා ඒ අය ගෙදරටම ඇවිත් මාව ඉල්ලුවා මේ චිත්‍රපටයට.

එතකොට නිළියක්වීමේ හීනය තිබුණාද?

ඇත්තම කිව්වොත් මට ඕනවෙලා තිබුණේ ගායිකාවක් වෙන්න. අපේ පවුල් පසුබිමත් එක්ක ගායනයට මාව යොමු වෙන්න තිබුණු අවස්ථා වැඩි වුණා. ඒත් දෛවෝපගත අන්දමින් මං නිළියක් වුණා. එදා ඉඳලා දිගටම මං රඟපානවා.

ඔබ වේදිකාවටත් පෙළහර පෑවා නේද?

ඔව්. විදුර, සිවම්මා ධනපාල, වෙස්සන්තර ආදී නාට්‍ය ගණනාවක රඟපෑවා. මේ දිනවලත් වේදිකා නාට්‍යකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකේ නම මනප්පු.

ඔබව වඩාත් ජනප්‍රිය කළේ ජීවිතය ලස්නයි නාට්‍යයේ මවගෙ චරිතයෙන් කිව්වොත් මා නිවැරිදිද?

හරියටම හරි. මං මවගේ චරිත ගොඩක් රඟපෑවා. ඒත් මං හුඟක් මිනිස්සු හඳුනා ගත්තේ ජීවිතය ලස්සනයි නාට්‍යයේ සරලාගේ චරිතයෙන්. ඒ කාලේ මට පාරේ බැහැලාවත් යන්න බැහැ. ආයේ ඉතින් ඒවාගේ චරිතයක් කළේත් නැහැ.

ඔබ මවගේ චරිතය බොහොම කැමැත්තෙන් කළ වගක් පේනවා?

මං අම්මගෙ චරිතය කරන්නට පටන් ගත්තේ අවුරුදු 25 දි විතර. සාමාන්‍යයෙන් ඒ වයසක කෙනෙක් මවගේ චරිතය කරන්නේම නැති තරම්. ඒ අතරතුරදී පෙම්වතියගේ චරිතයත් කළා. ඒත් වැඩිපුරම කරලා තියෙන්නේ අම්මාගේ චරිත.

ඔබ පුර වසර හතළිහක රංගනයේ යෙදුණා. නමුත් ඔබට සම්මාන ලැබුණේම නැති තරම්?

මට වෙලාවකට ඔය ගැන හිතෙනවා. සම්මාන ලැබුණට වඩා ඇගයුනා මදි කියලයි හිතෙන්නේ. ඒත් මට මෙන්න මේ වගේ දෙයකුත් හිතෙනවා. මට වැඩිය ප්‍රවීණයින් කොච්චරනම් ඉන්නවද. ඉන් සමහර අයට ජීවිතේටවත් සම්මානයක් ලැබිලා නැහැ. ඉතින් මං ගැන කවර කතාද. මොනවා වුණත් අපරාදේ කියන්නට බැහැ රසික ප්‍රතිචාර ඕනෑ තරම් තියෙනවා.

ඔබ රඟපෑ නාට්‍ය පෙළ ගැන සසඳලා බලද්දී තෝරා බේරාගෙන රඟපෑ බවක් පේන්නේ නැහැ?

ඒක හරි. මොකටද තෝරා බේරාගෙන රඟපාන්නේ. ලංකාවේ අපේ හැදෙන නාට්‍ය ගැන අමුතුවෙන් දැනගන්න ඕන නැහැනෙ. බලන්න බැරි නාට්‍ය හැදෙන්නෙත් නැහැනෙ. මට කතා කරන්නෙත් මට පුළුවන් චරිතවලටනෙ. ඉතින් මං බෑ කියන්නේ නැහැ.

කෝ ඔබගේ දුවලා දෙන්නා. දැන් ඔවුන් රඟපාන්නේ නැද්ද?

දෙන්නම දැන් රඟපාන්නේ නැහැ. ඔවුන් ඇතුල්්කෝට්ටේ රූපලාවණ්‍යාගාරයක් කරනවා.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මගේ ප්‍රසංගය ගැන තමයි කියන්න තියෙන්නේ. බොහෝ වෙලාවට ඒකේ වැඩ නිසා මගේ හිතවතුන්ට ළඟට ඇවිත් ආරාධනා කරන්න බැරුව යන්න ඇති. ඒ ගැන සමාව ඉල්ලන ගමන් මගේ හිතවත් හැමෝටම මගේ ප්‍රසංගය බලන්න එන්න කියලා විවෘත ආරාධනාවක් කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

සටහන - ප්‍රසාද් සමරතුංග

සේයාරූ - නිශ්ශංක විජේරත්න

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1941969 Hathara Peraliya හතර පෙරලිය Actress L.M. Perera
2 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actress K.A.W. Perera
3 2971975 Kaliyuga Kale කලියුග කාලේ Actress T. Arjuna
4 3021975 Kohoma Kiyannada කොහොම කියන්නද Actress Godwin Hanthi
5 3181975 Sangeetha සංගීතා Actress Thimothy Weerarathna
6 3351976 Asha ආශා Actress S.G. Samarasingha
7 3361976 Unnath Daahai Malath Daahai උන්නත් දාහයි මලත් දාහයි Actress Lenin Morais
8 3431976 Nilla Soya නිල්ල සොයා Actress Sena Samarasinghe
9 3441976 Adarei Man Adarei ආදරෙයි මං ආදරෙයි Actress Lenin Morais
10 3461976 Ranthilaka රන්තිලකා Actress W. Wilfred Silva
11 3591977 Honda Hitha හොඳ හිත Actress Danny Mariyadasan
12 3601977 Yali Ipade යලි ඉපදේ Actress M.P.Gamunu
13 3871978 Apsara අප්සරා Actress J. Selvarathnam
14 3901978 Apeksha අපේක්ෂා Actress H.D. Premarathna
15 4241979 Hari Pudumai හරි පුදුමයි Actress S. Ramanadhan
16 4321980 Anuhasa අනුහස Actress H.E. Jayasinghe
17 11792014 Samige Kathawa සැමීගේ කතාව Actress Priyankara Vittanachchi
18 13472022 MonaLisa Actress Eranga Senarathna
19 14432025 Mother Lanka මදර් ලංකා Actress Anusha Sanjeewa Edirimuni