SUMMARYPHOTOS
M.V. Balan
එම්. වී. බාලන්
1941 - 2017
59.456419868791
59% |   1067  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

M.V. Balan එම්. වී. බාලන්
Mahadevan Vellupillai Balakrishnan
  • Birthday : 1941 March 03
  • Died : 2017 January 14
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Vanaliya
    Actor
    1958
    2Awishwasaya
    Actor
    1959
    3Purusha Rathnaya
    Actor
    1959
    4Sri 296
    Actor
    1959
    5Sihinaya
    Actor
    1959
    6Sandeshaya
    Actor
    1960
    7Kavata Andare
    Actor
    1960
    8Pirimiyek Nisa
    Actor
    1960
    9Suvinitha Lalani
    Actor
    1961
    10Ganthera
    Actor
    1961
    11Daruwa Kageda
    Actor
    1961
    12Daskon
    Actor
    1962
    13Sansare
    Actor
    1962
    14Suhada Divi Piduma
    Actor
    1962
    15Ranmuthu Duwa
    Actor
    1962
    16Vena Svargayak Kumatada
    Actor
    1963
    17Suhada Sohoyuro
    Actor
    1963
    18Deepasika
    Actor
    1963
    19Heta Pramada Vadi
    Actor
    1964
    20Kala Kala De Pala Pala De
    Actor
    1964
    21Dheevarayo
    Actor
    1964
    22Suba Sarana Sapa Sithe
    Actor
    1964
    23Samiya Birindage Deviyaya
    Actor
    1964
    24Sasaraka Hati
    Actor
    1964
    25Sithaka Mahima
    Actor
    1964
    26Handapana
    Actor
    1965
    27Yatagiya Dawasa
    Actor
    1965
    28Hathara Maha Nidhanaya
    Actor
    1965
    29Adarayai-Karunawai
    Actor
    1965
    30Hithata Hitha
    Actor
    1965
    31Allapu Gedara
    Actor
    1965
    32Satha Panaha
    Actor
    1965
    33Sweep Ticket
    Actor
    1965
    34Mahadena Muththa
    Actor
    1966
    35Athulveema Thahanam
    Actor
    1966
    36Kinkini Paada
    Actor
    1966
    37Sampatha
    Actor
    1966
    38Sudu Duwa
    Actor
    1966
    39Oba Dutu Da
    Actor
    1966
    40Ipadune Ai
    Actor
    1967
    41Okkoma Hari
    Actor
    1967
    42Sura Chauraya
    Actor
    1967
    43London Hamu
    Actor
    1968
    44Mathru Bhumi
    Actor
    1968
    45Amathikama
    Actor
    1968
    46Indunila
    Actor
    1968
    47Ataveni Pudumaya
    Actor
    1968
    48Oba Nathi Nam
    Actor
    1969
    49Penawa Neda
    Actor
    1970
    50Kalana Mithuro
    Actor
    1971
    51Suhada Pathuma
    Actor
    1973
    52Sinavai Inavai
    Actor
    1973
    53Hadawath Naththo
    Actor
    1974
    54Hitha Honda Minihek
    Actor
    1975
    55Kundala Keshi
    Actor
    1978
    56Deepanjali
    Actor
    1978
    57Gedara Budun Amma
    Actor
    1988
    58Angulimala
    Actor
    1988
    59Mamai Raja
    Actor
    1989
    60Obata Rahasak Kiyannam
    Actor
    1989
    61Shakthiya Obai Amme
    Actor
    1989
    62Yukthiyata Wada
    Actor
    1990
    63Jayashakthi
    Actor
    1990
    64Hondin Nathnam Narakin
    Actor
    1990
    65Raja Kello
    Actor
    1991
    66Cheriyo Doctor
    Actor
    1991
    67Surayan Athara Veeraya
    Actor
    1993
    68Come Or Go Chikago
    Actor
    1993
    69Nomiyena Minisun
    Actor
    1994
    70Nohadan Kumariye
    Actor
    1994
    71Eya Obata Barai
    Actor
    1998
    72Somy Boys
    Actor
    2002
    73Kauda Buwa
    Actor
    2005

    AS CREW MEMBER

    1Okkoma Hari
    Choreographers
    1967
    2Oba Nathi Nam
    Director / Producer / Script
    1969
    3Manjal Kungumam [ Tamil ]
    Director
    1970
    4Hitha Honda Minihek
    Director
    1975
    5Mage Ran Putha
    Director
    1978
    6Rahasak Nathi Rahasak
    Director
    1982
    7Deviyane Sathya Surakinna
    Director
    1995
    8Hitha Honda Gahaniyak
    Director
    1996
    BIOGRAPHY

    ahadevan Vellupillai Balakrishnan (born 3 March 1941 – died 14 January 2017 as එම්. වී. බාලන්) [Sinhala]), popularly as M. V. Balan, was an actor in Sri Lankan cinema. Career spanned for more than four decades, Balan has worked as a film production manager, assistant director, choreographer and a filmmaker.

    Personal life


    Balan was born on 3 March 1941 (Sarasaviya recorded the birth date as 15 March 1940) in Ganepalla village, Yatiyanthota. Balan was married to a Sinhala woman Chandrawathi Hesarasinghe and the couple has two children.

    He died on 14 January 2017 at the age of 75. His remains are kept at the 8th floor of the Mount Lavinia housing scheme, Kalmdemulla Road, Golumudama Junction, Ratmalana until 3.00 pm. The funeral took place on 16 January 2017 at 4.00 pm at the Mount Lavinia General Cemetery.

    Career


    He joined Ceylon Studios as a technician in 1958 and was first involved as a lighting artist in the film Sihanaya.

    He made his acting debut in 1958 film Wanaliya with a minor role. Then he appeared in many dramatic and comedy roles including Wanaliya, Pirimiyek Nisa, Suvineetha Lalani, Ganthera, Sasaraka Hati and Cheriyo Captain. Balan worked as the choreographer in many popular films such as Sithaka Mahima, Ipadune Ai, London Hamu and Okkoma Hari. His acting in the film Nomiyena Minisun with Gamini Fonseka was a memorable feat in his career. His role as a servant was highly appreciated by critics.

    He has directed 11 films in Sinhala cinema started with Oba Nathinam in 1969. In 1975, Balan directed the film Hitha Honda Minihek starred by Gamini Fonseka. In 1978, he was the producer of film Mage Ran Putha.[7] He also directed popular films Rahasak Nathi Rahasak and Deviyani Sathya Surakinna. Apart from Sinhala films, Balan also directed several Sri Lankan Tamil films such as Manjal Kunkumam and Nirmala.

    නළුවෙකු,චිත්‍රපට නිෂ්පාදක කළමනාකරුවකු, සහාය අධ්‍යක්ෂවරයකු, නැටුම් අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් ද සිංහල සිනමා වංශ කතාවට එක් වු ඔහු එම් (මහාදේවන්) වී (වේලුපිල්ලේ) බාල (ක්‍රිෂ්ණ)න්ය. ඔහු හිත මිතුරන් අතරේ බාලන්, බාලා විය. දිගු කලකට පසු සරසවිය හා පිළිසඳරට එක්වන එම් වී. බාලන්.
     
    කලාව තුළ ඔබ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන හැඩයි?
    එහෙම නැහැ. අදටත් මම කලාව තුළ කටයුතු කරනවා.
     
    කලාව ගැන කටයුතු කරනවා කිව්වට කලා නිර්මාණ තුළ දකිනවා අඩුයිනේ?
    අද වෙන කොට මම රඟපානවා ඇරෙන්න වෙන වෙන අංශවලට දායක වෙනවා අඩුයි.
     
    ඒ කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයට දැන් සමු දීලාද?
    මම සමුදිලා නෑ. සමු දෙන්න වෙන තත්ත්වයට වැඩ සිද්ධ වෙලා. මම මේ කල්පනා කර කර ඉන්නේ අලුත් චිත්‍රපටයක් ඩිජිටල් තාක්ෂණයෙන් කරන්න. ඒත් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. අපේ සිනමාව දිනෙන් දින කඩා වැටෙනවා. නළු නිළියන් හොයා ගන්න තියෙන අපහසුවත් එහෙමයි. මේ වගේ වටපිටාවක් තුළ චිත්‍රපටයක් කරන එක සුළු පටු නැහැ.
     
    නිෂ්පාදක පිරිවැය සපුරන්න පුද්ගලයන් ඔබට ඉන්නවාද?
    ඉන්දියාවේ කට්ටියක් එක්ක තමයි චිත්‍රපටය හදන්න සැලසුම් කරලා තියෙන්නේ.
     
    මෙච්චර නළු නිළියන් සිටිත්දිත් ඇයි ඔබට නළු නිළියන් සොයා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?
    හරි මට කියන්න අද අපේ සිනමා කර්මාන්තය පැත්තට හැරිලා අපිට අද නළුවෝ නිළියෝ ඉන්නවද කියලා. අපේ සිනමාව පස්සට ගියත් හරි අපට නළුවන් නිළියන් බිහිවුණේ නැහැ. සිනමාව පස්සට යන කොට එයාලත් පස්සට ගියා.
     
    ඔබ ඔය චෝදනාව එල්ල කරන්නේ වගකීමකින්ද?
    පැහැදිලිවම ඔව්. අද අපිට විකුණන්න ඇක්ටර්ස්ලා නෑ. කියන්න බලන්න අද ප්‍රේක්ෂකයෝ ඉල්ලන එක් කෙනෙක් හරි. එහෙම අය නෑ.
     
    අද නෑ කියන ඇක්ටර්ස්ලා එදා හිටියද?
    ඔව්. ගාමිණී, මාලිනී, විජය එහෙම යුග තිබුණා. අතීත සිනමාවක් අපට තිබුණා. අද බලන්න චිත්‍රපටයක් බලපු ප්‍රේක්ෂකයෝ රඟපාපු නළුවා නිළිය ගැන කතා කරනවාද? එදා චිත්‍රපටයක් බලලා හෝල් එකෙන් එළියට එන ප්‍රේක්ෂකයෝ කතා කළේ චිත්‍රපටයේ රඟපාපු නළුවා ගැන. ගැලරියේ විසිල් පාර ගියේ චිත්‍රපටයට නෙමේ. නළුවට නිළියට. හෝල් එකෙන් එළියට එන ප්‍රේක්ෂකයා එදා නළුවන්ට නිළියන්ට මාකට් එකක් හැදුවා. අන්න ඒ මාකට් එක අපිට නළුවෝ බිහි කරලා දුන්නා. අද කවුද අහවල් නළුවා ඕනෑ කියලා කියන්නේ. එහෙම මාකට් එකක් අද අපේ නළු නිළියන්ට නැති නිසා අපිට නළු නිළියෝ හොයන්න සිද්ධ වෙලා.
     
    ඔබ කියන ඔය ප්‍රේක්ෂකයන්ට විකුණන්න ඇක්ටර්ස්ලා නැහැයි කියනවා නම් ඔය අද හදන චිත්‍රපට දින සීය පැනලත් තිරගත වෙනවා. එතකොට ඒව බලන්නේ ප්‍රේක්ෂකයෝ නොවෙයිද?
    චිත්‍රපට අරන් බලන්න, මිනිස්සු බලනවා, හැබැයි නළුවා නිළිය ගැන කතා කරනවාද? නිෂ්පාදකවරුන්ට තියෙන වත් පොහොසත්කම් අනුව මාකට් කිරීම සාර්ථක නිසා චිත්‍රපටය දුවනවා. ඔය කෙරුවාව හැම කෙනාටම කරන්න බෑනේ.
     
    ඉන්දියාව වගේ රටක චිත්‍රපටයක් නිෂ්පාදනයේදී දරන අධික පිරිවැය තරම් මුදලක් දරා චිත්‍රපට කරන්න තරම් අපිට නිෂ්පාදකයෝ නෑනේ?
    සිනමා නිර්මාණයකට බය නැතුව ආයෝජනය කරන්න අද නිෂ්පාදකයෝ බයයි. අද තනි නිෂ්පාදකයකුට විශාල පිරිවැයක් දරා චිත්‍රපටයක් කරන්න අමාරුයි. රුපියල් කෝටි දහයක් පහළොවක් ඕනෑ අපේ මට්ටමෙන් හොඳ චිත්‍රපටයක් කරන්න. කවුරු හරි ආයෝජනයක් කරන්නේ ලාභයක් බලාපොරොත්තුව. වැලිව් ස්ටාර්ස්ලා නැතිව පෝලිමට චිත්‍රපට තියන් ඉන්න මේ රටේ තියා පිටරටකවත් නිෂ්පාදකයෝ සල්ලි දමන්නේ නැහැ චිත්‍රපට කරන්න. අද අලුත්ම ලෝක ප්‍රවණතාව චිත්‍රපටය හදන්න පටන් ගන්න කොට අනිත් පැත්තෙන් ඒ එක්කම විකුණගන්න වෙළෙඳපොලක් හදන එක.
     
    සිනමාවේ පරිහානියට ඇත්තෙන්ම වගකියන්න ඕනේ කවුරු කියලද ඔබ හිතන්නේ?
    මුලින්ම වග කියන්න ඕනේ අධ්‍යක්ෂවරු. නිෂ්පාදකවරුන්ට දොස් කියන්න එපා. නිෂ්පාදකවරු ගොනාට ඇන්දූවේ අධ්‍යක්ෂවරු. පික්චර් කියන එක නැති වුණාම ප්‍රේක්ෂකයා චිත්‍රපටවලින් ඈත් වුණා. ප්‍රේක්ෂකයාට ඕනෑ දේ දුන්නේ නැහැ. තමන් හිතන ඕනෑ මල ජරාවක් ගහලා චිත්‍රපට හැදුවා. එහෙම ගැහුවත් බලන්න ඕනෑ සල්ලි දීලා ප්‍රේක්ෂකයෝ නේද කියලා ඔවුන් හිතුවේ නැහැ. අන්න එතනයි වැරදුන තැන. අද වුණත් නිෂ්පාදකයෙක් චිත්‍රපටයකට සල්ලි දාන්න ඉස්සෙල්ලා හොයන්නේ බලන්නේ වැලිව් ස්ටාර්ස්ලා කවුද කියලා.
     
    අධ්‍යක්ෂවරයාගේ නමටත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්න ඇදුණා නොවේද?
    මම නැහැයි කියන්නේ නැහැ. ලෙස්ටර් කළොත් චිත්‍රපටය මෙහෙම ඇති. චිත්‍රපටයේ ලෙවල් එක මෙහෙමයි කියලා නිගමනයක හිටිය පිරිසක් හිටියා. ඒ වගේ තව අධ්‍යක්ෂවරුන් කරපු නිර්මාණ අනුව ප්‍රේක්ෂකයෝ නිගමනවලට පැමිණ චිත්‍රපට බැලුවා. කොමර්ෂල් චිත්‍රපට අපේ ප්‍රේක්ෂකයෝ ඉල්ලුවේ. ඒ වගේ චිත්‍රපට හැදුව අධ්‍යක්ෂවරුන්ට ප්‍රේක්ෂකයෝ කිව්වේ ඌ ෂෝක් ඩිරෙක්ටර් කියලා.
     
    ඇත්ත ඉන්දියාවේ ඩිරෙක්ටර් කෙනෙක් චිත්‍රපටයක් කරනවා ලංකාවේ කොල්ලෙක්ගේ නමක් දානවා ඩිරෙක්ටර් විදියට. කොහෙද එතන කලාව තියෙන්නේ. අනුන් කරපු චිත්‍රපටයකට තව කෙනෙක්ගේ නමක්. නම දෙන කෙනාට තියෙන්නේ නම විතරයි. වැඩ නැහැ. ඔය වගේ වැඩවලින් වෙන්නේ අපේ සිනමාව තවත් වලපල්ලට යන එක. ඇයි අපිට අලුත් පරම්පරාවක් නැතුව යනවා. නම දාගත්තට වැඩක් නැහැ. තමන්ට නිර්මාණ හැකියාව නැත්නම්. සල්ලිවලට අද නිර්මාණ මංකොල්ලයක් තියෙන්නේ. තව කෙනෙක්ගේ ලේබලයක් ගහගෙන චිත්‍රපටය කළේ මමයි කියන ඩිරෙක්ටර්ස්ලා අද සිංහල සිනමා කර්මාන්තයේ බිහිවෙනවා. ඉතින් අපේ සිනමාව ගැන තව කවර කතාද?
     
    අද සිනමාව පිළිබඳ පැහැදිලි අනාගතයක් නැති එකේ ඔබටත් තිබුණනේ ඔය වගේ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක්ගේ චිත්‍රපටයකට ගිවිසුම්ගතව නමින් පෙනී සිටින්න?
    මම තැනක් තියන් ඉන්න මිනිහෙක්. තැනක් නැතිව නොහැකියාව තුළ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හීන මවන අය කරන අඳ බාල වැඩ මම කරන්නේ නැහැ. මේ බාලන් ගාව ලේබල් වැඩ නැහැ.
     
    මහා දේවන් වේලුපිල්ලේ බාල ක්‍රිෂ්ණන් නැතහොත් එම්. වී. බාලන් ලෙසින් සිනමාවට සම්ප්‍රාප්ත වෙන ඒ අතීතය ගැන කතා කරමු?
    මගේ ගම යටියන්තොට ගනේපල්ල. උපතින්ම මම කලාකාරයෙක්. මම අවුරුදු 14 දී තමයි රැකියාවට යන්නේ. ඒ බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ වේටර්වරයෙක් ලෙසින්. ඒ කාලේ ග්‍රීන්ලන්ඩ් හෝටලය හරි ප්‍රසිද්ධයි. ලංකාවට එන බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් නවාතැන් ගත්තේ මේ හෝටලයේ. චිත්‍රපටවල රඟපාන්න එන නළු නිළියන් වගේම ලංකාවේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් මේ හැම කෙනෙක්ම එදා කොළඹ ඇවිත් නැවතුණේ මේ හෝටලයේ. මම හෝටලයේ වේටර්. නවතින්න එන නළු නිළියන්ට කෑම බීම සංග්‍රහ සියල්ල මගේ අතින්. කාලයක් යන කොට මේ අමුත්තෝ මගේ හිතවතුන් වුණා. මගේ ආදර සංග්‍රහ එයාලට හිතට ඇල්ලුවා. දවසක් මාතලන් චිත්‍රපටය හැදුව ඒ. ඇස්. නාගරාජන්ට මගේ තියෙන පිච්චර් පිස්සුව ගැන කිව්වා. ඒ අනුව මට වේටර්කමට ආයුබෝවන් කියලා 1958 දී ලංකා චිත්‍රාගාරයට බැඳෙන්න අවස්ථාව උදා වුණා.
     
    ලංකා චිත්‍රාගාරය ඔබේ කලා දිවියේ තිඹිරි ගෙය?
    ඔව්. ලයිට් බෝයි වශයෙන් තමයි මම මුලින්ම ලංකා චිත්‍රාගාරයේ වැඩ කළේ. පඩිය වශයෙන් මට ලැබුණේ රුපියල් තුනයි. ඒත් මම හැම කෙනෙක්ගේම හිත දිනාගෙන චිත්‍රගාරයේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. හැම කෙනෙක්ගේම සුරතලා බවට මම චිත්‍රාගාරයේ පත් වුණා. නිදා ගත්තෙත් චිත්‍රාගාරයේ. නැඟිට්ටෙත් චිත්‍රාගාරයේ. චිත්‍රාගාරයේ වැඩ කළ හැම කෙනෙක්ට මාව නැතුවම බැරුව ගියා. නළු නිළියන් වුණත් මම කලින් හෝටලයේ වැඩ කරන කොට හඳුනාගෙන තිබෙන නිසා එයාලත් මට පුදුම විදියට ආදරය කළා. ඒ නිසා කවුරුවත් මාව ඈත් කළේ නැහැ. චිත්‍රාගාරය තුළ ලබන අත්දැකිම් දකින දේවල් එක්ක මම ඉබේටම ඕල් රවුන්ඩ් කෙනෙක් බවට පත් වුණා. ඒ අත්දැකිම් එක්ක මට චිත්‍රපටවල සුළු සුළු චරිත මුලින් රඟපාන්න ලැබුණා. කොහොම හරි කාර්මික ශිල්පියෙක් ලෙස කලා ජිවිතයේ ගමන ඇරඹුව මම සහය අධ්‍යක්ෂ, නැටුම් අධ්‍යක්ෂ, නිෂ්පාදන කළමනාකරු, සම නිෂ්පාදක, අධ්‍යක්ෂක, රංග ශිල්පි ආදී බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිනමාවේ ඉදිරියට පැමිණියා.
     
     
    මුලින්ම ඔබ නළුවෙක් වෙන්නේ?
    සිහිනය චිත්‍රපටයෙන්.
     
    කාර්මික ශිල්පියෙක් වශයෙන් සිනමාවට එන ඔබ විකට ශිල්පියෙක් වශයෙන් සිනමාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා?
    ඔව්. මම චිත්‍රපට එකසිය දහයක විතර රඟපාලා ඇති. ඒ වැඩි ප්‍රමාණයක මට ලැබුණේ විකට චරිත. අල්ලපු ගෙදර, දීපශිඛා, ධීවරයෝ, චෙරියෝ කැප්ටන්, මමයි රජා ආදී චිත්‍රපට බොහොමයක මගේ හොඳ විකට රංගනයන් දකින්න පුළුවන්.

    නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ ඔබේ රංගනය වෙනස් මාවතකට එක් වෙනවා?
    ප්‍රථම වතාවට තමයි මට මේ චිත්‍රපටයෙන් චරිතාංග නිරූපණයකට එක් වෙන්න ලැබෙන්නේ. මෙහෙකරුවාගේ චරිතය මගේ රංගන ජීවිතයේ සුවිශේෂි චරිතයක් වගේම මා තෘප්තිමත් වූ චරිතයක්.
     
    නැටුම් අධ්‍යක්ෂණයෙන් ද ඔබ සිනමාවේ තවත් පැතිකඩක් සොයා යනවා?
    සිතක මහිම, ඉපදුණේ ඇයි, සූර චෞරයා, ලන්ඩන් හාමු, ඔක්කොම හරි වගේ චිත්‍රපට බොහොමයක මම නැටුම් අධ්‍යක්ෂණය කළා.
     
    ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?
    ඔව්. මම කලාවට ආපු විධිය මම හිටපු තැන දැක්කම මට ඒක විශ්මය ජනක අත්දැකීමක්. 1969 දී ඔබ නැතිනම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මම මුල්වරට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වුණා.
     
    ඊට පස්සේ මම හිත හොඳ මිනිහෙක්, රහසක් නැති රහසක්, දෙවියනි සත්‍ය සුරකින්න ආදී චිත්‍රපට බොහොමයක් මම අධ්‍යක්ෂණය කළා. මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කොට මට වයස අවුරුදු විසි හතරයි.
     
    ඇත්තද මේ රුපියල් 185 ක මුදලක් අතේ තියන් මුලින්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණා කියන්නේ?
    රුපියල් 185 ක් අතේ තියන් තමයි මම ඔබ නැතිනම් චිත්‍රපටය පටන් ගත්තේ. මේ කාර්්‍යයේදී මට ක්ෂේත්‍රයෙන් ගොඩක් අපවාද අවලාද විඳින්න සිද්ධ වුණා. ලයිට් බෝයිට චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද කියලා මේ වගේ අපහාස විඳිමින් මම ඉන්න කොට ගාමිණී ෆොන්සේකා මා වෙනුවෙන් පෙනී සිටියා. එතකොට සමහරුන්ගේ කට වැහුණා. මේ දුප්පත් මට අත දෙන්න ගාමිණී මේ චිත්‍රපටයේ මා වෙනුවෙන් නොමිලයේ රඟපෑවා.
     
    ඔබේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ ගුරුවරයා වුණේ?
    මගේ කලා දිවියේත් චිත්‍රපට අධ්‍යක්ෂණයේත් ගුරු දෙවියන් වුණේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න. ඒ හැරුණු කොට මම බොහෝ දේ ගාමිණී ෆොන්සේකාගෙනුත් ඉගෙන ගත්තා.
     
    ඔබ විසින් අධ්‍යක්ෂණය කළ හිත හොඳ මිනිහෙක් හොඳට දිව්වා. ඒකට විශේෂ හේතුවක් තිබුණාද?
    මම හැම චිත්‍රපටයක්ම නිර්මාණය කළේ පවුලේ කතාවක් හැටියට. මම විශ්වාස කරන්නේ පවුලේ කතාවකට හැම විටම ස්ථිර පදනමක් තිබුණා. ඒ තුළින් මම පණිවුඩයකුත් සමාජයට දුන්නා. හිත හොඳ මිනිහෙක් චිත්‍රපටය ඒ කාලේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ගැලරියේ ටිකට් එක සත 55 ට තියෙන කොට පළමු වටයෙන්ම රුපියල් ලක්ෂ 32 ක් හෙව්වා. ඒ කාලේ ඒක අද කාලේ කෝටි ගාණක්.

    දෙමළ චිත්‍රපට කිහිපයකුත් ඔබ අධ්‍යක්ෂණය කළා?
    මංජල් කුංකුමම්, නිර්මලා.
     
    මේ වෙනකොට ටෙලි නාට්‍ය නාළුවෙක් පමණක් වෙලාද?
    මට මතක හැටියට සරත් ධර්මසිරිගේ මිරිඟු දිය ටෙලි නාට්‍යයේ තමයි අවසන් වරට රඟපෑවේ. ආරාධනා ලැබූණොත් චිත්‍රපට වගේම ටෙලි නාට්‍යවලත් මම රඟපානවා. මොන දේට කතා කළත් නිර්මාණය කරන කෙනා දිහා වගේම නිර්මාණය ගැනත් මම සෑහීමකට පත් වුණොත් විතරයි රඟපෑමක් භාර ගන්නේ.
     
    ඔබ හිතන්නේ අපේ සිනමාව කඩා වැටුණේ, නළු නිළියන්ගේ අහේනිය ඇති වුණේ කොයි වකවානුවේ පටන් කියලද?
    විජය කුමාරතුංගගේ අභාවයත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ වැලිව් එක ඇතුව නළුවෙක් ඇති වුණේ නැහැ. එතනින් පස්සේ සිංහල සිනමාව කඩා වැටෙන්න පටන් ගත්තේ අමු අමුවේ කුණුහරුප චිත්‍රපට කරන්න ගත්තට පස්සේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල් කියන නළුවෝ දෙන්නාගේ ඇක්ෂන් රිඇක්ෂන් ගැන මගේ හිතේ සතුටක් තියෙනවා.
     
    ඔබ වරක් කියා තිබුණා සිංහල සිනමාව නැති කරන්නේ චිත්‍රපට සංස්ථාව කියලා?
    ඒක මම අදත් කියනවා. චිත්‍රපට පෝලිමක් තියාගෙන නිර්මාණකරුවා පල් කර කර තියන් ඉන්නේ සංස්ථාව. සංස්ථාව සතු බලය පුද්ගලීකරණයට නතු කරලා අද හුලං ඇර ඇර සිනමාව වලපල්ලට ඇදගෙන යනවා.
     
    සිනමා වංශ කතාවේ පතාක යෝධයෝ දෙන්නෙක් එකළ ඔබව නිතර ප්‍රශංසාවට ලක් කළා. මම හිතන්නේ ඒ අය ගැනත් කතා කළොත්?
    ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා වගේම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. මේ දෙපල මට මුලින්ම හමුවන්නේ එකම ස්ථානයකදී. එතකොට මම සිලෝන් ස්ටුඩියෝ එකේ වැඩ කරන්නේ. මට දවසක් කොම්පැණියෙන් දුන්නා ලියුමක් ලෙස්ටර් මහත්තයාගේ ගෙදර ගිහින් දෙන්න කියලා. මම ෆුට් සයිකලයෙන් දෙහිවල එතුමාගේ ගෙදරට ගියා. ඒ යන කොට ගාමිණී මහත්තයත් එහෙ ඇවිත් හිටියා. මම ගිහින් ලෙස්ටර් මහත්තයා අතට ලියුම දුන්නා. ඒක කඩල බලලා ලෙස්ටර් මහත්තයා ගොඩක් සංතෝස වෙලා ගාමිණී මහත්තයාට මොනවදෝ ඉංග්‍රීසියෙන් කියාගෙන ගියා. ඒ ලියුම් කවරයේ තිිබිල තියෙන්නෙ රේඛාව චිත්‍රපටයට පාස් කරපු සල්ලි චෙක් එක. කොහොම හරි එදා මගේ ඔලුව අතගාලා ලෙස්ටර් මහත්තයා මට රුපියල් දෙකක් දුන්නා. මම ඒකත් අරන් ෆුට් සයිකලේ නඟින කොටම ගාමිණී මහත්තයා මගෙන් ඇහුවා එන්න පෙයර් කියලා. මම කීවා බාල ක්‍රිෂ්ණන් කියලා. ඒ තමයි මුල්ම හමු වීම. කිහිප අවස්ථාවකදීම ලෙස්ටර් මහත්තයා මා ගැන ප්‍රශංසාත්මකව කතා කළා. 1961 දී මම ලෙස්ටර් මහත්තයාගේ වාර්තා චිත්‍රපටයක රඟපෑවා. එහිදී මගේ කැපවීම දැක්ක ලෙස්ටර් මහත්තයා අනාවැකියක් කිව්වා. කවදා හරි ඔබ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලා. මට මතක හැටියට නිධානය චිත්‍රපටය කරන කොට මම ඒ ලොකේෂන් එකට ගියා. එහිදී ලෙස්ටර් කිව්වා එයා ආස කරන විකට නළුවන්ගෙන් එක් කෙනෙක් මම. අනික් දෙන්නා හොලිවුඩ් සිනමාවේ ජෙරී ලුවිස්, දෙමළ සිනමාවේ එන්. එස්. ක්‍රිෂ්ණන් කියලා.
     
    මට තවත් සිද්ධියක් මතක් වෙනවා. මගේ හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ මුහුරත් උලෙළට ලෙස්ටර් මහත්තයාට අරාධනා කළා. එතනදි මම සිංහලෙන් කතාවක් කළා. ඊට පස්සේ කතාව තිබුණේ ලෙස්ටර් මහත්තයාට. එතුමා එතනදි කට්ටිය සිනහා ගන්වමින් මෙහෙම කිව්වා. මට බාලන් ගැන ඊර්සියයි, මටත් වඩා හොඳට සිංහල කතා කරනවා කියලා.
     
    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පිරිමියෙක් නිසා චිත්‍රපටයෙන් තමයි මට රංගනයේදී මුලින්ම හම්බ වෙන්නේ. මම ප්‍රධාන චරිතය මුලින් කළේත් ඔහුත් සමඟ. එතනදි එයාගේ හිතට මාව ඇල්ලුවා. මගේ හිතට එයාව ඇල්ලුවා. තවත් දවසක චණ්ඩියා චිත්‍රපටයේ රූපගත කරන දර්ශන තලයට ඇවිත් හිටිය කරුණාරත්න අබේසේකර කිව්වා ගාමිණී උන්නත් දාහයි මලත් දාහයි කියලා. ඒක අහගෙන හිටිය චණ්ඩියා නිෂ්පාදක කේ. ගුණරත්නම් ඒ වචන දාලා සිංදුවක් හදන්න කිව්වා. ගාමිණී ෆොන්සේකා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. හිත හොඳ මිනිහෙක්. මනුස්සකම තියෙන ශ්‍රේෂ්ඨ නළුවෙක්. ඒ වගේ උත්තමයෙක් එක්ක මම වගේ පුද්ගලයකුට සමීපව ඉන්න ලැබීමත් මම ලැබුව භාග්‍යයක්.
     
    එදා සහ අද සිනමාවේ වෙනස ඔබ දකින්නේ කොහොමද?
    එදා චිත්‍රපටයක ආදර්ශවත් කතාවක් තිබුණා. හොඳ උපදේශන පණිවිඩයක් තිබුණා. එදා අපි චිත්‍රපටයක් කරලා මිනිස්සුන්ට යමක් දුන්නා. අද හැදෙන චිත්‍රපට එහෙම පණිවිඩයක් දෙනවද? එදා අපි කොපි චිත්‍රපට හැදුවා. මගේ හිත හොඳ මිනිහෙක් (රාමන් එත්තෙනෙයි රාමන්ඩ්) කියන දෙමළ චිත්‍රපටයේ කොපියක්. මම ඒ චිත්‍රපටයෙන් අපේ සංස්කෘතියට ගැළපෙන චිත්‍රපටයක් හැදුවා රාමුවෙන් රාමුවට කොපි නොකර. දෙමළ චිත්‍රපටයේ සිවාජි ගනේෂන් රඟපෑවා. මගේ චිත්‍රපටයේ ඒ චරිතය ගාමිණී ෆොන්සේකා රඟපෑවා. සිවාජි ගනේෂන් ඉටිලි තෝසෙ කන කොට මම ගාමිණීට මෙහෙ කැවුම් කැව්වා. ඒකයි නිර්මාණශීලීකම. අද කරන්නේ ප්‍රේම් බයි ප්‍රේම් කොපි කිරිමක්නේ. පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ රඟපාන්න සිවාජි ගනේෂන් ලංකාවට ආපුවහම මම හිත හොඳ මිනිහෙක් චිත්‍රපටය පෙන්නුවා. ඒක බලපු ශිවාජි කිව්වා මට වැඩිය හොඳට ගාමිණී මගේ කැරැක්ටර් එක රඟපාලා තියෙනවා. චිත්‍රපටයත් හරි අපූරුවට කරලා තියෙනවා කියලා.
     
    ඉතිං කොහොමද දැන් පවුලේ තොරතුරු?
    මගේ බිරිය චන්ද්‍රවතී හේසාරසිංහ. ඇය සිංහල කාන්තාවක්. මගේ දුව ඩයනා මධුෂාණි. ඇය දැන් විවාහකයි. මාත් සමඟ තමයි ජිවත් වෙන්නේ. පුතා ජීවන්ත දිල්රුක්ෂාන්. දැන් විදේශ ගතවෙලා ඉන්නේ.
     
    තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු කලාකාරයකු වුණ එකේ දරුවෝ කලාවට යොමු කළේ නැද්ද?
    පුතා ගායනය, රංගනය වගේම ශබ්ද පරිපාලනය පැත්තෙන් කලාවට ආවා. සිල් ටෙලි නාට්‍යයේ, තිතට වැඩ චිත්‍රපටයේ රඟපෑවා. මියුසික් විඩියෝ කළා. සිංදු මියුසික් කළා. දැන් නම් විදේශ ගත වෙලා චෙෆ් කෙනෙක් වශයෙන් රැකියාව කරනවා. මම දරුවන්ව උනන්දු කළේ නැහැ අපේ කර්මාන්තයේ තියෙන අවිනිශ්චිත බව හේතුවෙන්.
     
    එදා සිනමාවේ බොහෝ නළු නිළි පිරිසක් සමඟ ඔබ රංගනයේ නියැලියා?
    රුක්මණීි දේවි, ජෝසප් සෙනෙවිරත්න, මේබල් බ්ලයිත්, ෆ්ලොරිඩා ජයලත්, ඩොමී ජයවර්ධන, හියුගෝ මාස්ටර්, ක්‍රිස්ටි ලෙනාඩ් ඔය වගේ විශාල නළු නිළි කැලක් එක්ක මට වැඩ කරන්න ලැබුණා.
     
    අද සිනමාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
    දුකයි! සිනමාවට වෙච්ච දේ ගැන. සල්ලි තන්හාවට සිනමාව බිල්ලට දුන් අය ගැන දෙයියෝ බලා ගනියි. කලාව කියන්නෙත් දේවත්වයෙන් අදහන්න පුළුවන් දෙයක්. මේ කර්මාන්තයට ගරහන අය ගැන දෙවියෝ බලා ගනියි.
     
    ඔබේ ආගමනය ගැන ආපසු හැරි බලන කොට මොකද හිතෙන්නේ?
    මගේ ජීවිතය ගැන මට හරි සතුටුයි. මම ආපු ගමන ගැන මම දුක් වෙන්නේ නැහැ. එදා එම්. වී. බාලන් කියන කොට මේ ෆීල්ඩ් එක දන්න කෙනෙක් වෙන්න මට දෙවියෝ වරමක් දුන්නා. මම තරම් දුක් විඳලා බැට කාලා මේ තත්ත්වයට ආපු කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයේ නැතුව ඇති. මට එලව එලව ගැහුවා. ඒත් මං වැටුණේ නැහැ. ගහන්න ගහන්න මම නැඟිට්ටා. සිනමාවට දර දිය ඇදලා මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දක්වා ගමනක් ආවා. මට එතනට එන්න වචනයකින් හරි උදවු කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම මම මේ පොළවට ආදරෙයි. මිනිස්සුන්ට ආදරෙයි. මම ගතින් දෙමළ වුණත් හිතෙන් සිංහල.
     
    FG8, කල්දෙමුල්ල පාර, ගල්කිස්ස මහල් නිවාස, රත්මලාන එම්. වී. බාලන්ගේ ලිපිනයයි.
     
    චන්දන දයාසිරිවර්ධන
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS