Upali Meththananda

Upali Meththananda

උපාලි මෙත්තානන්ද

60.87% · 1,326 votes
Rate this artist

Summary

NameUpali Meththananda
Sinhala Nameඋපාලි මෙත්තානන්ද

Biography

තිරය පිටුපස සිටින චරිත අප්‍රකටය. ඇතැම් විට ඔවුන්ව නමින් හෝ හඳුනන්නේ නැත. උපාලි මෙත්තානන්ද ද එවන් වූ චරිතයකි. නර්ථන අධ්‍යක්ෂවරයකු වශයෙන් ඉතා දිගු කලක් ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටි ඔහු පෞද්ගලික හේතුවක් මත විදෙස් ගත විය. එකල ඉතාම ජනප්‍රිය සිනමා පට කිහිපයකම උපාලි නර්තන අධ්‍යක්ෂවරයා විය. සුපිරි තරු රැසක් ඔහු කියා දුන් අන්දමින් නර්ථනයේ යෙදී ප්‍රේක්ෂකයන් කුල්මත් කළෝය. ඒවා උපාලිගේ නර්ථන අංගයන් බව දන්නේ නිෂ්පාදන කණ්ඩායම පමණි. නොසිතූ අන්දමින් අනතුරකට මුහුණ දුන් උපාලි සිය අතීතය ස්මරණය කරමින් විවේකීව කාලය ගත කරයි. ඔහුට හිරිහැරයක් නොම වන පරිද්දෙන් ඒ රසවත් මතයන් බිඳක් මෙලෙස අපි ඇවිස්සුවෙමු.

උපාලි, ඔබ ඒ කාලේ චිත්‍රපට පිස්සෙක් කියලා දැනගන්නට ලැබුණා?

ඔව්. ඒක හරි. චිත්‍රපටවලට, නළු නිළියන්ට මං හරිම ප්‍රියයි. ඔවුන්ව හමු වෙන්නත් ආස කළා. චිත්‍රපට නැරැඹුවා. රුක්මණී ඉන්න චිත්‍රපට දැකලා මට එතුමියව මුණ ගැසෙන්නම හිතුණා. අතේ සල්ලිත් නැහැ තිබුණේ. මං කළේ ගෙදර තිබුණුු කැටේ කඩපු එක. ඒකේ සල්ලි අරගෙන රුක්මණීව බලන්න ගියා. දෛවය හරි පුදුමයි, පසුකාලීනව මට එඩී මෙන්ම රුක්මණී දේවියට ද නර්ථන අංග හදන්න පුළුවන් වුණා.

ඒතනට තමයි මං ඊළඟට එන්න හිටියේ. ඔබ කොහොමද චිත්‍රපට ලෝකයට එකතු වන්නේ?

කලාවට ඇති ළැදිකම නිසාම නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. මට මතකයේ හැටියට හැත්තෑවේ මුල වගේ අපි නාට්‍යයක් කළා අන්තෝ ජටා බහි ජටා කියලා. ඒකේ දර්ශන වාරයක් බලන්න අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහත්තයා ඇවිත් හිටියා. මගේ ඇඟේ ඩාන්සින් තියෙනවා කියලා එතුමාට පෙනෙනන්ට ඇති. නාට්‍යයෙන් පස්සේ මිස්ටර් කිංස්ලි මට කිව්වා දිනයක් දීලා එදාට ඔහුව හමුවෙන්න කියලා. මං කියපු වෙලාවට කියපු ටයිම් එකට ගියා.

මොනවද එදා ඇහැව්වේ?

මුහුණේ හැඟීම් ප්‍රකාශ වන විදිහට කොල්ලෙක් විදිහටයි කෙල්ලෙක් විදිහටයි නටලා පෙන්වන්න කිව්වා. මං එහෙම කළා. එතුමා ඉතාම සතුටට පත් වුණා. පහුවෙනිදා ඉඳන්ම මට චිත්‍රපටවලට එකතු වන්නට ලැබුණා.

කාටද හා හා පුරා කියලා නැටුම් කියා දුන්නේ?

සුමනා අමරසිංහට.

පළමු චිත්‍රපටය?

'හිනාවයි ඉනාවයි' ඒත් රිලීස් වුණ පළමු චිත්‍රපටය වුණේ 'සුහද පැතුම'.

ඔබ නර්තන අධ්‍යක්ෂවරයකු ලෙස සම්බන්ධ වූ චිත්‍රපට පෙළ මතක් කළොත්?

රන් තිලකා, යළි ඉපිදේ, සුදු පරවියයෝ, ටිකිරා, සකුන්තලා. වසන්තයේ දවසක්.

නර්ථනය කියා දුන් නළු නිළියනුත් බොහොමයි නේද?

ඒකනෙ. සුමනාගෙන් පසුව අපේ නිළි රැජන මාලිනිය, ස්වර්ණා කහවිට, පර්ල් කුරේ, සෝනියා දිසා, ෆරිනා ලායි, තලතා ගුණසේකර, විජය, ගාමිණී, තිස්ස විජේසුරේන්ද්‍ර වගේ අය මං නැටුම් කියා දුන් ප්‍රමුඛ පෙළේ නළු නිළියෝ.

ඒ කලේ මතක් වෙද්දි මොකද හිතෙන්නේ?

බොහොම සුන්දර සිහිනයක් වගේ දැනෙන්නේ. ආයෙත් ඒ කාලෙට යන්නත් බැහැ. ඒ කාලේ එන්නෙත් නැහැ.

රන් තිලකා චිත්‍රපටය කරද්දි ඔබ කට්ටිය බය කළාලු නේද?

ඒක වුණේ මෙහෙමයි. චිත්‍රපටයේ ෂුටිං යනවා දිගටම. හරි බෝරිං. ඔය අතරේ මට අධ්‍යක්ෂ විල්ෆ්‍රඩ් පෙරේරා කිව්වා මෙත්තා මොකක් හරි කරපං බං කියලා. දෙන්නම්කො වැඩේ කියලා මං එදා හවස ලොජ් එකේදී මීමැස්මොරය හැදුණා වගේ දඟලලා දඟලලා බිමට වැටුණා. කටේ සබං පෙන එහෙමත් දාගෙන හිටියේ. මට දැන් පේනවා හතර අතේ අපේ පිරිස දුවනවා. සමහරු යකඩ කෑලි හොයනවා. මිනිත්තු කිහිපයකට පස්සේ මුකුත් නොවුණා වගේ මං නැගිට්ටා. පහු වෙනිදා ඉඳලා ඔය ගැනමයි කට්ටිය කතා කළේ.

ශිල්පී ගරුත්වය කියන එක ගාමිණී ෆොන්සේකා බොහොම ඉහළින් සැලකුවා. ඒ පිළිබඳ ඔබටත් අත්දැකීමක් තියෙනවා?

චිත්‍රපටයේ නම කියන්නේ නැතුව සිදුවීම කියන්නම්. ඒක කාටත් හොඳයිනෙ. චිත්‍රපටවලට සම්බන්ධ වෙද්දි මං පොඩි කොල්ලෙක්. කිසි කෙනෙකු මං ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. ඔය කියන චිත්‍රපටයේ පිරිවර නැවතිලා හිටපු ලොජ් එකේ කාමර ඉවර වෙලා. මට දෙන්න කාමරයක් නැහැ.. අන්තිමේ නිෂ්පාදන කළමනාකරු මට එළියේ බූරු ඇඳක් දාලා දුන්නා. එවලේ ඔහුට කරන්න තිබුණේ මාව වෙනත් තැනක නවත්වන එකනෙ. නමුත් එහෙම කළේ නැහැ. මං ඉතින් මුකුත් කියන්නේ නැතුව සද්ද නොකර බූරු ඇඳට වෙලා හිටියා. ඔතනට ආවා ගාමිණි. ඔහු මාව එහෙම ඉන්නවා දැකලා තුෂ්නිම්භූත වුණා. වහාම කතා කළා නිෂ්පාදන කළමනාකරුට. මාව පෙන්නලා කිව්වා මේ ඉන්නේ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂ කියලා. වහාම තැනක් දෙන්න කිව්වා. නිෂ්පාදන කළමනාකරු දඩි බිඩියේ වෙන නවාතැනක් මට හොයලා දුන්නා.

ටෝනි රණසිංහගේ ලණුවක් කෑ අන්දමත් මේ වෙලාවේ මතක් කරමු?

ටෝනියි මමයි යාබද කාමරවල නැවතලා හිටියා. එදා ටෝනිට ෂූටිං නැහැ. මං උදේ පාන්දරම ලක ලහැස්ති වෙලා කාමරයෙන් එළියට බහින්න හදද්දි ටෝනි දොරකඩ ඉන්නවා. එකොට මං මූණෙ රැවුල වවලා ලස්සනට කට් එකක් තියලා හිටියේ. ටෝනි මගේ මුහුණ දිහා බැලුවා. 'අයිසෙ මෙත්තා තමුසෙ නැටුම් උගන්වද්දි මුහුණේ හැඟීම් හොඳට පේන්න ඕන නේද. දැන් බලනවා ඔය මූණෙ රැවුලත් එක්ක කිසිම හැඟීමක් පේන්නේ නැහැනෙ. කපනව ඔය රැවුල. එතකොට නිළියකට වුණත් හොඳට තමුසෙගේ මුහුණේ හැඟීම් පෙනේවි.

ඔහු එහෙම කිව්වේ ඇත්තට කියාලා හිතාගෙන එවලෙම මං රැවුල කැපුවා. දර්ශන තලයට ගියාම හැමෝම කොක් හඬලා හිනා වෙනවා. එතකොටයි මං දැනගත්ත් ඒක ටෝනි ඇත්තට කියපු කතාවක් නෙවෙයි තියලා.

ප්‍රසාද් සමරතුංග

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2581973 Suhada Pathuma සුහද පැතුම Actor Kingsly Rajapaksha
2 2641973 Sinavai Inavai සිනාවයි ඉනාවයි Actor Kingsly Rajapaksha
3 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
4 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actor Ananda Hewage
5 3461976 Ranthilaka රන්තිලකා Actor W. Wilfred Silva
6 3481977 Sakunthala සකුන්තලා Actor Villiam Olamas
7 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Actor Kingsly Rajapaksha
8 3601977 Yali Ipade යලි ඉපදේ Actor M.P.Gamunu
9 3831978 Tikira ටිකිරා Actor Sherly P.Wijerathna
10 4071979 Ran Kurullo රාන් කුරුල්ලෝ Actor Kingsly Rajapaksha
11 6281986 Gimhane Gee Naadey ගිම්හානේ ගී නාදේ Actor Dharma Sri Kaldera

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 3601977 Yali Ipade යලි ඉපදේ Choreographers M.P.Gamunu