Sohoyuro

Sohoyuro

සොහොයුරෝ

Black & White 35mm

Film No: 50  ·  Released: 15 Mar 1958

57.72% · 2,615 votes
Rate this film

Summary

NameSohoyuro / සොහොයුරෝ
Film No50
Released Date15 Mar 1958
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanySri Murugan Nawa Kala Films
StudioSundara Sounds - Kandana
Main Actor: Aruna Shanthi Main Actress: Clarice De Silva Director: L.S. Ramachandran Director: A.B. Raj Producer: S.M. Nayagam Producer: Richard Albert

Description

ග්‍රැමෆෝන් තැටි – කලාෆෝන් තැටි අංක එස් එම් එන් 106 සිට එස් එම් එන් 108 දක්වා

ශ්‍රී මුරුගන් නවකලා මගින් කදානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේදී සම්පූර්ණයෙන්ම රූපගත කල සොහොයුරෝ චිත්‍රපටය එස්.එම්.නායගම් විසින් නිෂ්පාදිත හත්වෙනි නිෂ්පාදනයයි. ඔහුගේ චිත්‍රපට අතුරෙනි මාතලන් චිත්‍රපටය පමණක් මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ නිපදවු නමුදු අනෙක් සියළුම චිත්‍රපට නිපදවනු ලැබුවේ ඔහුටම අයත් සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දීය.

සීමාසහිත සිනමාස් සමාගමට අයත් මරදානේ ගාමිනි, වැල්ලවත්තේ සැෆයර්, මහනුවර වෙම්බිලි ඇතුළු සිනමාශාලා කිහිපයක සොහොයුරෝ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1958 මාර්තු 15 වෙනිදාය.එය සිංහල සිනමාවේ 49 වෙනි චිත්‍රපටය ලෙස සැලකේ.සොහොයුරෝ අධ්‍යක්ෂණය සඳහා මේවර නායගම් විසින් තෝරාගනු ලැබුවේ, ද්‍රවිඩ චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කළ එල්.එස්.රාමචන්ද්‍රන්ය.ඔහු අධ්‍යක්ෂවරයෙකු පමනක්ම නොව පළපුරුදු සංස්කරන ශිල්පියා වූයේද රාමචන්ද්‍රන් බව සඳහන් කළයුතුය.එබැවින් සොහොයුරෝ චිත්‍රපටය අධ්‍යක්ෂන්ණය සහ සංස්කරන කටයුතුද ඔහු වෙතට පැවරින.පැරණි පුවත්පත් සඟරා වල ඇතුළත්වූ ලිපිලේඛන අනුව මෙම චිත්‍රපටයේ කතාව සකස්කර ඇත්තේ ඒ.එස්.නාගරාජන් විසින් බව සඳහන් වන අතර දෙබස් සහ ගීත සම්පාදනය කරන ලද්දේ ඩබ්ලිව්.බෙනඩික් ප්‍රනාන්දු විසිනි.කැමරා ශිල්පීයා බී.එස්.මානියම් වූ අතර ශබ්ද පරිපාලනය කලේ වෝල්ටර් පී.ජයතිලකය.කලා අධ්‍යක්ෂනය සහ වේශ නිරූපනය පිලිවෙළින් එම්.ජී.නාරායන් සහ පී.කේ.තංගප්පන් වෙතින් ඉටුකෙරින.නිරංජලා දේවිය නම් නැටුම් අධ්‍යක්ෂිකාව වූවාය.ආර්.මුත්තුසාමි සංගීතවත් කළ සොහොයුරෝ චිත්‍රපටයට ගීත දහයක් ඇතුළත් විය.එම ගීත සඳහා දායක වූයේ ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, සිඩ්නි ආටිගල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා පෙරේරා සහ චන්ද්‍රා ද සිල්වා වැනි ප්‍රකට ගායක ගායිකාවන්ය.

සරත්ගේ වයස අවුරු දොළසකි.ඔහුගේ මළනුවන්ගේ වයස අටකි.මේ වනවිට ඔවුන්ගේ පියා මියගොසිනි.දුගීභාවයේ පත්ල බලමින්, කුඩා පැල්පතක දිවිගෙවන ඔවුනට අසනීප තත්වයෙන් පෙළෙන තම මෑණියන් රැකබලා ගැනීමේ වගකීමද පැවරින.තම ජීවන මාර්ගය යම්තරමකින් හෝ පවත්වාගෙන යාම තම යුතුකමසේ සැලකු සරත් පළාතේ ප්‍රභූවරයෙකු වූ ජයසිංහ මුදලිතැනගේ නන්ධිරයේ බැලමෙහෙවර කිරීමට ගියේ තම මෑණියනුත් මලනුවනුත් රක්ෂා කරනු පිණිසය.ජයසිංහ මුදලිගේ තම පළමු බිරිඳ මියයාමෙන් පසුව දෙවෙනි විවාහයක් කරගත්තේය.එම කාන්තාව කිසිදු තෙතමනයක් නොමැති සැරපරුෂ එකියකි.

සුළු අත්වැරදීම් වලදි පවා සරත්ට ඇයගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් නිමක් නැත.කෙසේ හෝ ඔහු ඒ සියල්ල ඉවසාගෙන සිටියේ මුදලිගේ පළමු බිරිඳගේ දියණිය වූ තිලකා තමා කෙරෙහි දැඩි අනුකම්පාවක් දැක්වීම නිසාය.එහෙත් කුඩා තිලකාටද ඒ නිසා තම කුඩම්මාගෙන් ගුටිබැට කන්නට සිදුවිය. දිනක් සරත් තම සේවය නිමවා නිවෙස කරා යද්දී හදිසියේම මේඝ ගර්ජනා සහිත මහා වරුසාවක් කඩා හැලෙන්නට විය.අකුණු කෙටීම්,විදුලි කෙටීම් බහුල විය.මහ මඟ ගසතු ඇඹරී බ්මට පතිත වෙද්දී හදිසියේම සරත් වෙත එල්ලවුනු අකුණු පහරකින් ඔහු අන්ධයෙකු බවට පත්වින.එතැන් පටන් රැකියාවද අහිමිවූ සරත් තමා විසින්ම තනාගත් පොල්කටු වීණාවක් වයමින් මහමඟ සිඟා යදින්නට විය.සරත් මෙවැනි අසරන තත්වයකත පවුවද තිලකා තුළ ඔහු කෙරෙහි පැවති කරුණාව දයාව කිසිවිටෙකත් නොබිඳින.කාලය කෙමෙන් ගෙවී යද්දී සරත්, ජගත් සහ තිලකා යොවුන් වියේ ඵල නෙලන අවධියට පැමින සිටියහ.ධෛර්යමත් තරුණයෙකු වූ ජගත් මේ අතර නැටුම් ශිල්පය ප්‍රගුණ කර තම දැනූම හා හැකියාව උපයෝගි කරගනිමින් නැටුම් පුහුණු කෙරෙන පාසැලක් ආරම්භ කළේය.මේ නිසා සරත්ට තවදුරටත් සිඟමන් යැදීමේ අවශ්‍යතාවයක් ඇති නොවූයේ තම බාල සොයුරා පවුලේ සියළු අගහිඟ සපුරා දීම නිසාය.

මේ අතර තිලකා තම දෙමාපියන්ට හොරෙන් සරත්ටත් ඔහුගේ මවටත් ආවතේව කරමින් නිතර නිතර ඔහුගේ නිවෙසට යාමීම් කළාය.මේ බව දැනගත් මුදලිතැන තිලකට නිවසින් පිටව යාම තහනම් කළේ තර්ජනය ද කරමිනි.ඇයට අවසර ලැබුනේ පාසැල් යෑමේ අවස්ථාව පමණි.කාලයක්ම තිලකාගේ නොපැමිණීම නිසා කනස්සල්ලටපත් සරත් ඇය උගෙනුම ලබන පාසැල අසලට ගොස් තම වීණාව වාදනය කරන්නට වූයේය.මෙය දුටු ජගත්ගේ ශිෂ්‍යාවෝ ඒ බව ඔහුට සැලකර සිටියෙන් ඉන් ලජ්ජාවටත් කෝපයටත් පත් ජගත් තම අන්ධ සොයුරා සා මෑණියන් තනිකරදමා නිවෙසින් පිටව ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචි වූයේය.එම පළාතේ ඩනවතෙකු වූ පිලෝරිස් මුදලාලිගේ එකම දියණිය වන සුනිලාද ජගත්ගේ නැටුම් පංතියට පැමිණියාය.කාලය ගෙවී යද්දී ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක්ද ඇතිවිය.මේ අතර පිලෝරිස්ගේ බෑණා කෙනෙකු වන විලී නමැත්තාද සුනිලා කෙරෙහි බලාපොරොත්තුවෙන් කල් ගෙවද්දි ඇය ජගත් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින බව දැනගත් හෙතෙම ඔවුන්ගේ සම්බන්ධය කඩාබිඳ දැමීමට නොයෙකුත් උප්පරවැට්ටි යෙදූ නමුත් සුනිලාගේ ප්‍රේමය කිසිසේත් වෙනස් නොවින.

මේ වනවිට ජගත් කෙරෙහි පැහැදී සිටින පිලෝරිස් මුදලාලි තම දියණිය ඔහුට විවාහ කරදීමට කටයුතු යෙදුවේය.විවාහ උත්සවය පැවැත්වෙන දිනයේ ඒ බව දැනගත් සරත් තම මෑණියන් ද සමඟ පැමිණියේ නව යුවලට ආශිර්වාද කිරීම පිණිසය.එහෙත් සුනිලාගේ මව ඔවුන්ව නිවෙසින් පන්නා හැරියේ අනේක නින්දා අපහාස කරමිනි.විලී වූ කලි සියළු දුශ්චරිතයන්ගෙන්ම පෝෂිතවූ දුෂ්ඨයෙකි.ඔහුගේ එක් උපායක් වූයේ තම මාමා වන පිලෝරිස් මුදලාලිව පොළඹවාගෙන චිත්‍රපටයක් නිපදවීම සඳහා ඔහුව යොදවාගැනීමයි.එහෙත් විලී චිත්‍රපට සම්බන්ධ කිසිවක් නොදත්තෙකු වූ බැවින් සුළු කලකින්ම බංකොලොත් වූයේ පිලෝරිස් මුදලාලි අන්ත් ණයකාරයෙකු බවට පත්වෙමිනි.

මෙම තත්වයෙන් ගොඩගැනීම සඳහා ඉදිරිපත්වූ ජගත් තම මාමන්ඩිය ණය බරින් ගලවාගනු වස් තමා දන්නා ජයසිංහ මුදලාලි සොයාගෙන ගියේ ඔහුගෙන් ණය මුදලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.මෙහිදී සරත්ගේ සොයුරු ජගත්ව හඳුනාගත් තිලකා තමා කෙසේ හෝ සරත් ළඟට කැටුව යන ලෙසට කන්නලව් කළාය.ඒ අනුව පසුදිනෙක තිලකා වෙත ලිපියක් යවන ජගත් පසුදා රාත්‍රී 12 ට තමා මෝටර් රථයකින් පැමිනෙන බවත් ඒ සඳහා ගමනට සූදානම්ව සිටීන ලෙසත් දැනුම්දෙයි.මෙම වැඩපිළිවෙල දැනගත් විලී එදින රාත්‍රියේදි ජගත්ට බොරු හිතවත්කමක් පාමින් තිලකාව රැගෙන යාමට තමාද උදව් කරන බව පැවසුවේ ජගත්ට සිහි නැතිවන බීමක් දීමෙනි.ඉන්පසු ඒ මෝටර් අන්ධකාර රාත්‍රියේ මෝටර් රථය රැගෙන ගිය විලී තිලකාව පැහැරගෙන යාමට තැත්කරද්දි හදිසියේම එතැනට පැමිණෙන තිලකාගේ පියාට විලී විසින් වෙඩි තබයි.එයින්ම ඔහු මරණයට පත්විය.ඒ හාම බලහත්කාරයෙන් තිලකාව රැගෙනගිය විලී පාළු කඳුකරයක ඇයව සිරකර තබනු ලබයි.තිලකාව පැහැරගෙන යන අවස්ථාවේදි ඇය අතින් ගිලිහුනු ජගත්ගේ ලිපිය පොළිස් නිළධාරින් අතට පත්වීම තුළින් මුදලිගේ මිනීමරුවා ජගත් බවට සැක කරමින් ඔහුව පොළිස් අතඩංගුවට ගනු ලබයි.

මිනීමැරුම් චෝදනාව මත උසාවිය මගින් ජගත්ව එල්ලුම්ගසට තීන්දු කරයි.මේ අතර තම සොයුරා මරණීය දණ්ඩනනයෙන් නිදහස් කරගැනීම පිණිස සරත් නීතියේ පිළිසරන පතයි.මුදලිතුමා මරණයට පත්කළ පිස්තෝලයත්,ඒ සමඟම තිලකාද සොයාගත හැකි වූවොත් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් කරගත හැකි බව නීති වේදීන් සරත්ට පවසයි.ඉන්පසු විලීගේ කල්‍යාන මිත්‍රයින් වන ජිමී, සැමී සහ විලීගේ ආදරවන්තිය වන නීටා හමුවූ සරත් ඔවුන්ට මුදල් ප්‍රදානය කරමින් උදව් ඉල්ලා සිටියේය.තිලකා සිරකර සිටින ගල්ගුහාව පිළිබඳව සියළු විස්තර දන්නා ජිමී ඇතුළු පිරිස සරත්ට උපකාර කිරීමට පොරොන්දු වූහ.තම සගයින්ගේ වැඩ පිළිවෙල දැනගත් විලී කෝපයෙන් වියරු වැටී ඔහු වෙනත් පිරිසක් සමඟ ගුහාවට ගොස් ඔවුන්ව බැඳ තබා සියල්ලෝම මරණයට පත්කිරීමේ අභිලාෂයෙන් ඩයිනමයිට් වෙඩිල්ලක් දල්වා වහා එතැනින් පලා ගියහ.ගිනිගෙන දැවෙන නූල ක්‍රමක්‍රමයෙන් පිරිස දෙසට ලංවෙමින් තිබේ.(මෙහිදී සිදුවනුයේ කිසියම් හාස්‍ය රසයක් මතු කරවන සිදුවීම් මාලාවකීවෙඩි නූල පත්තුවීමට පෙරාතුව එය කෙසේ හෝ නිවා දැමීමට උත්සාහ කරන්නට වූ ජිමී ඇතුළු පිරිස ඉන්පසු කළේ හැකිතරම් වෙඩි නූල වෙතට කෙළ ගසමින් එය නිවා දැමීමටය.අවසානයේදී ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ අප්‍රමාන ලෙස කෙළ ගැසීම නිසා වෙඩි නූල නිවී යාමයි.ඒ නිසා ඔවුන්ගේ ජීවිත ගැලවුනා පමණක් නොව තිලකා සහ ඇයගේ පියා මරණයට පත්කළ විලීගේ පිස්තෝලයද පොලිසියට සොයාගත හැකිවීමෙන් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් වූ අතර, තිලකාගේ පියා මැරීමේ චෝදනාව මත විලී නීතියේ රැහැනට අසුවීමය.

-කලාභූෂන-වැළිහිඳ මුනිරත්න-

Film No: 50 - Year: 1958

Cast

Crew

Other Crew