Rekava

Rekava

රේඛාව

Black & White 35mm

Film No: 39  ·  Released: 28 Dec 1956

58.94% · 3,307 votes
Rate this film

Summary

NameRekava / රේඛාව
Film No39
Released Date28 Dec 1956
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyChithra Lanka
StudioStudio Vijaya Wahini - Madras
Main Actor: Somapala Dharmapriya Main Actor: Ananda Weerakoon Main Actress: Mallika Pilapitiya Main Actress: Myrtle Fernando Director: Dr. Lester James Peries

Trailer

National Awards

For The Film

1 Best Film 2nd Deepashika Award Ceremony 1957 - 1957

For Artists

1 Best Director 2nd Deepashika Award Ceremony 1957 - 1957 Dr. Lester James Peries
2 Best Actress 2nd Deepashika Award Ceremony 1957 - 1957 Iranganie Serasinghe

Description

ප්‍රදර්ශකයෝ - සීමාසහිත සිලෝන් තියටර්ස්

මංගල දර්ශනය කොටුව රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ජගත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය

1957 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙල

1957 චෙකොස්ලොවේකියාවේ

කර්ලෝවිවාරි චිත්‍රපට උළෙල

1958 එඩින්බරෝ චිත්‍රපට උළෙල

1958 ස්ට්‍රැම්පර්ඩ් චිත්‍රපට උළෙල

1956 හොඳම චිත්‍රපටය දීපශිකා සම්මානය

1956 වසර අවසන් වුයේ එතෙක් පැවති සිංහල සිනමාව නව නැම්මකට යොමුකරමින්, අන්තර්ජාතික සම්මාන උළලේදී ප්‍රමුඛතාවය ලත් රේඛාව නමැති සිනමා කෘතිය දායාද කරරමිනි. එතෙක් කාලයක් එකම රාමුවේ වට්ටෝරු සම්ප්‍රදායට අයත් චිත්‍රපට 54 ක් සිනමාවට එක්වීම තුලින් සහින ලෝකවල පැය 2 1/2 ගතකල සිනමා ලෝලයින්ගේ රසඥතාව ලෙහෙසියෙන් ඉවත්කිරිමට නොහැකි වීම නිසා බොහෝ ප්‍රේක්ෂකයින්ට ‘‘රේඛාව‘‘ දිරවාගැනීමට අපහසු විය.

එකල පුවත්පත් වල පලවනු වාර්ථා අනුව, සුපුරුදු සිහින ලෝකයේ සැරිනැරීමට ප්‍රේක්ෂකයා රේඛාව නරඹා සිනමා හලෙන් ඉවතට ආවේ, ටිකට් පතට වැය කල මුදල් අපතේ ගියේ යැයි සිතමිනි.

එහෙත් සිංහල සිනමාවට පැයූ මෙම අළුත් රිදී රේඛාව අන්තර් ජාතික කීර්තියට පත්වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැත රේඛාව චිත්‍රපටය අගය කල යුත්තේ එය ජාත්‍යන්තර කීර්තීය ලත් නිසාම නොව එය එතෙක් පැවති වට්ටෝරු සිනමාවට අභියෝගයක් ද වු බැවිනි. මෙතෙක් චිත්‍රාගාර තුලම කැමරාගත කල දර්ශන සම්පුර්ණයෙන්ම එළිමහනේදී රූප ගත කිරීම එහි නිෂ්පාදකවරුනට අභියෝගයක් විය.

ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්‍රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්‍රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.

ගාමිනී ‍ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.

රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.

The film starts with a tilt walker cum musician Miguel (Sesha Palihakkara) arriving in the village of Siriyalas with a monkey it performs various antics for the public. Two thieves of the village try to rob him and Sena (Somapala Dharapriya), a young boy prevents the robbery. The tilt walker , who is also a palm reader, read the boy's palm and predict the future, said that Sena will become a famous healer and bring dignity to the village. One day, when Sena and his friend Anula (Myrtle Fernando) were playing with a Kyte, Anula suddenly loses her eye sight. The native doctor of village was unable to restore Anula's sight but Sena touches her eyes, miraculously Anula begins to see. After that Sena got a reputation of a boy with a magical touch. Sena's father who is a notorious money lender of the village, used his talent to earn money. His father organize a healing campaign among the villagers. One day a rich land owner brought his son for the treatment, but after that boy died. The villagers are outraged say that it is Sena's fault. To make the situation worse the village undergoes a huge drought. Later on the peace and tranquility return to the village of Siriyala with the blessings of Sena.

Cast

Crew

Other Crew