DESCRIPTION
ප්‍රදර්ශකයෝ - සීමාසහිත සිලෝන් තියටර්ස්
මංගල දර්ශනය කොටුව රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ජගත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය
-
1957 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙල
-
1957 චෙකොස්ලොවේකියාවේ
-
කර්ලෝවිවාරි චිත්‍රපට උළෙල
-
1958 එඩින්බරෝ චිත්‍රපට උළෙල
-
1958 ස්ට්‍රැම්පර්ඩ් චිත්‍රපට උළෙල
-
1956 හොඳම චිත්‍රපටය දීපශිකා සම්මානය
1956 වසර අවසන් වුයේ එතෙක් පැවති සිංහල සිනමාව නව නැම්මකට යොමුකරමින්, අන්තර්ජාතික සම්මාන උළලේදී ප්‍රමුඛතාවය ලත් රේඛාව නමැති සිනමා කෘතිය දායාද කරරමිනි. එතෙක් කාලයක් එකම රාමුවේ වට්ටෝරු සම්ප්‍රදායට අයත් චිත්‍රපට 54 ක් සිනමාවට එක්වීම තුලින් සහින ලෝකවල පැය 2 1/2 ගතකල සිනමා ලෝලයින්ගේ රසඥතාව ලෙහෙසියෙන් ඉවත්කිරිමට නොහැකි වීම නිසා බොහෝ ප්‍රේක්ෂකයින්ට ‘‘රේඛාව‘‘ දිරවාගැනීමට අපහසු විය.
එකල පුවත්පත් වල පලවනු වාර්ථා අනුව, සුපුරුදු සිහින ලෝකයේ සැරිනැරීමට ප්‍රේක්ෂකයා රේඛාව නරඹා සිනමා හලෙන් ඉවතට ආවේ, ටිකට් පතට වැය කල මුදල් අපතේ ගියේ යැයි සිතමිනි.
එහෙත් සිංහල සිනමාවට පැයූ මෙම අළුත් රිදී රේඛාව අන්තර් ජාතික කීර්තියට පත්වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැත රේඛාව චිත්‍රපටය අගය කල යුත්තේ එය ජාත්‍යන්තර කීර්තීය ලත් නිසාම නොව එය එතෙක් පැවති වට්ටෝරු සිනමාවට අභියෝගයක් ද වු බැවිනි. මෙතෙක් චිත්‍රාගාර තුලම කැමරාගත කල දර්ශන සම්පුර්ණයෙන්ම එළිමහනේදී රූප ගත කිරීම එහි නිෂ්පාදකවරුනට අභියෝගයක් විය.
ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්‍රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්‍රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.
ගාමිනී ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.
රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.