නළුවකු, ගායකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ පුවත්පත් කලාවේදියකු වූ ප්‍රේමනාත් මොරායස් ද්‍රවිඩ කතෝලික පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබීය.
1940 ‘සිලෝන් තියටර්ස්” සමාගමට අනුබද්ධ සිනමා ශාලා කළමනාකාරවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු එම සමාගමේ විවිධ තනතුරුවල කටයුතු කළේය.
1953 දී ‘එදා රෑ’ චිත්‍රපටයේ දෙබස් හා කතාව ලියමින් රංගනයට ද පිවිසි ඔහු ප්‍රථම වරට ගායනයට ද එක් විය.
පසුව ‘කපටි ආරක්ෂකයා’, ‘කතුරු මුවත්’, ‘දෙමෝදර පාලම’ චිත්‍රපටවල ද රඟපෑ ප්‍රේමනාත් මෙරට නිපද වූ විදෙස් චිත්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
1959 දී ‘ශ්‍රී චිත්‍රපට’ සමාගම අරඹමින් ‘ශ්‍රී 296’ චිත්‍රපටය නිපද වූ ඔහු එය අධ්‍යක්ෂණය ද කළේය. 1998 මැයි 24 වැනිදා ප්‍රේමනාත් මෙලොවින් සමු ගත්තේය.