Shirani Kurukulasuriya

Shirani Kurukulasuriya

ශිරාණි කුරුකුලසූරිය

58.97% · 1,802 votes
Rate this artist

Summary

NameShirani Kurukulasuriya
Sinhala Nameශිරාණි කුරුකුලසූරිය

Biography

ඔහු කඩවසම්කම උතුරා ගිය තරුණයකි. කවදා හෝ නළුවකු වීම ඔහුගේ සිහිනය විය. තරුණයකු වුවත් ඔහුට සිය සිනමා සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වූයේ පවුලේ නෑ හිත මිතුරන් ඒ සොඳුරු ගමනට හරස් වූ නිසයි.

මියෙන්නට නොදී ඔහු ආදරයෙන් ඒ සිහිනය රැක ගත්තේ එක් අදිටනකින් යුතුවයි. අධිෂ්ඨානය මල්ඵල ගැන්විණි. ඔහු තමන්ගේ දියණියන් සිවු දෙනාම සිනමාවට දායාද කළේය. පියකුගේ සිහිනය සැබෑවක් කළ ඒ දියණිවරු ජීවරාණි, ශිරාණි, ජානකී සහ මැණික්ය.

දිගු කලක් සිනමාවේ රැඳී නොසිටිය ද හෙළ සිනමා වංශ කතාවේ නොමියෙන මතකයක් ඉතිරි කිරීමට මේ දියණිවරු සිවු දෙනාම සමත් වූහ.

ඔවුන් නොරටක සිටියදී අපෙන් ගිළිහී නොයන මතකය මෙරටට පැමිණි විට රසබර ලෙස අලුත් වන්නේ එනිසයි. මේ අක්කලා නගාලා අතරින් මහද්වීප හතරක්ම තරණය කර වසර තිස් තුනක් තරම් දීර්ඝ කාලයක් පිටරට පදිංචිකාරියක් වී සිටින්නිය, ශිරාණිය. ඉඩ ලැබෙන විට මවුබිමට ඒමට අමතක නොකරන ශිරාණි මෙවර පැමිණි විගසම හමුවීමට අපි ද අමතක නොකළෙමු.

නිළිකම කුරුකුලසූරිය පවුලේ දූවරුන් හතර දෙනාගේම ඉරණමේ ලියවුණකි. රංගනයට ඔවුන්ට ඇරැයුම් ලැබුණේ ඔවුන් ද නොදැනුවත්වය.

ශිරාණිට ඒ අතීතය අද මෙන් මතකය.

'රන්මුතු දූව රූගත කරද්දී අක්කාගේ තනියට අම්මත් ගියා. මං අම්මගේ අතේ එල්ලිලා ගියේ රූගත කිරීම බලන්න තියෙන කැමැත්තට.'

අධ්‍යක්ෂවරයා 'ඇලිස්' විදියට එක් රූප රාමුවකට පෙනී සිටින්න කිව්වා. ඒක රඟපෑමක් කියලා මට හිතුණෙ නැහැ. ගලන ගඟකි ජීවිතේ ගීතයට නාන ගෑනු ළමයි අතරත් හිටියා.

රන්මුතු දූව තිරගත කෙරුණා. පසුවදා පාසල් යන විට පාර දෙපැත්තෙ ඉන්න පිරිමි ළමයි 'අන්න ඇලිස් යනවා' කියලා කෑ ගැසුවා. එතකොටයි මතක් වුණේ එහෙම කොටසකට හිටියා කියලා.

දර්ශන තලයට යන විට අක්කාව බලන්න වගේම මාව බලන්නත් රසිකයන් පොර කනවා.

ප්‍රධාන චරිතයක් රඟපෑවේ මනමාලයෝ චිත්‍රපටයේ. ටෝනි අයියාගේ විහිළුත් එක්ක ඒ රඟපෑම හරිම රසවත් වුණා.

'සිඟිති සුරතල්' සිනමා පටයට මාව ඇදලා ගත්තෙ බලෙන්ම වගේ. ශිරාණි මේ ටික කියවන්න කියලා පොතක් දුන්නා. දෙබස් ටික පාඩම් කරන් රඟපෑවා.

තාත්තා රඟපාන්න කිරිල්ලියන්ට වගේ නිදහස දුන්නත් අපි හැමෝටම නියෝගයක් පනවලා තිබුණා. 'පවුලේ නම කැත කරන්න එපා! නම බබළවන ගෑනු ළමයි ටිකක් වෙන්න' පියාගේ අවවාද අක්කා සීරුවට පිළිපැද්දා. අපි නිළියන් වුණේ තිරයට විතරයි. ගෙදරදි නිළියන් වෙනවට තාත්තා කොහෙත්ම කැමැති වුණේ නැහැ. ලිප්ස්ටික් ගෑම, කොට, පළලා ඇඳුම් ඇඳීම සපුරා තහනම්.

ගෙදරින් එලියට යද්දී තාත්තා වැඩිපුරම බලන්නෙ අක්කා දිහා. අපි පොඩි නිසා අවධානය අඩුයි.

ං ලිප්ස්ටික් ගාලා ලේන්සුවෙන් කට වහගෙන කොහොම හරි ගේට්ටුවෙන් එළියට යනවා. ජානකී නංගි හිටපු ගමන් 'මෙන්න ශිරානි අක්කා ලිප්ස්ටික් ගාලා' කියලා මාව පාවලා දෙනවා. තාත්තා ලිපස්ටික් පිහිදා ගෙන මිසක් ආයෙ නම් යන්න දෙන්නෙ නැහැ.

ජීවා අක්කා හරි තැන්පත්. ඒත් මායි ජානකියි දඟයි. සමහර වෙලාවට ජීවා අක්කා තාත්තටත් වඩා අපට නීති දානවා.

ජානකීටයි මටයි මිදුලෙ ඉන්න දෙන්නෙ නැහැ. පිරිමි ළමයි දිහා බලන්න දෙන්නෙ නැහැ.'

මල් වයසේ මල් වගේ දූලා තුන් දෙනෙක් සිටියත්, කුරුකුලසුරිය නිවෙස හැට හැත්තෑව දශකයේ පාළුවට ගිය තැනක් වගෙයි. දූලා තුන් දෙනාම රූගත කිරීම්වලට යන දවස් බොහොමයි. එක දුවකගේ තනියට මව යද්දී තවත් දියණියකගේ තනියට පවුලේ වෙනත් වැඩිහිටි කාන්තාවක් ගියේ වැඩි පරිස්සමටයි.

ජීවා, ශිරාණි, ජානකී තිදෙනාම සිනමාපට තුනක රඟපෑ අවස්ථාද තිබුණි. ඇතැම් චිත්‍රපටිවල මොවුහු සොයුරියන් ලෙසම රඟපෑහ. රඟපෑ සිනමාපට අතරින් ශිරාණි වඩාත් ඇලුම් කරන්නේ 'ළසදා' සිනමා රංගනයටයි.

ජීවරාණි අක්කා නැගණියන්ගේ දෛවය වෙනස් කළේ ඔවුන් රංගන ශිල්පිනියන් කිරීමෙන් පමණක් නොවෙයි. ඔවුන්ගේ ඉරණම් ගමන ලියන්නට ද ඇය නොදැනුවත්වම මුල පිරුවාය.

ජීවා අක්කා ලංකා විජේසේන තරුණ කඩවසම් වෛද්‍යවරයාට තීන්දු වූ පසු ඒ දෙදෙනාට තනිවම කතාබහ කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණි. එහෙත් තනියම දෙදෙනා හමු වීම, හැදුණු දියණියකට තරම් නොවන නිසා අක්කාගේ තනිියට, නැගණිය ශිරාණිට යාමට සිදු විය. ලංකාගේ තනියට පැමිණියේ ඔහුගේ මලණුවන් වූ සිවිල් ඉංජිනේරුවකු වූ කිත්සිරි විජේසේනයි. අක්කාගේ තනියට ගිය ශිරාණි සහ කිත්සිරි ද තනි නොවූහ. එකම පවුලේ අක්කලා නංගිලාට සහ අයියලා මල්ලිලාට මංගල සීනු හැඬවිණි.

අක්කා නිසාම සිනමාවට පැමිණි නංගිලා අක්කා නිසාම සිනමාවෙන් සමුගත්හ. සිනමාවෙන් පමණක් නොව මවුබිමෙන්ද දුරස් වූහ. ජානකී නැගණියගේ අත ගත්තේ කිත්සිරි විජේසේනගේ හොඳම මිතුරායි. එයත් ජීවාගේ තනි නොතනියට යාමේ ප්‍රතිඵලයකි.

අද ශිරාණි රංගනයට උනන්දු කරන්නේ කිත්සිරිය. අවසන් වරට ශිරාණි රඟපෑවේ 1999 දී ඔස්ට්‍රේලියාවේදී තිරගත කළ 'මන්දාකිණි' සිනමාපටයේයි.

චම්පිකා දීපානි රණසිංහ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actress K.A.W. Perera
2 1341966 Delovak Athara දෙලොවක් අතර Actress Dr. Lester James Peries
3 1371966 Kapatikama කපටිකම Actress K.A.W. Perera
4 1471967 Hathara Kendare හතර කේන්දරේ Actress L.M. Perera
5 1501967 Manamalayo මනමාලයෝ Main Actress T. Bawanandan
6 1691968 Singithi Surathal සිඟිති සුරතල් Actress Kingsly Rajapaksha
7 1751968 Akka Nago අක්ක නගෝ Actress Vincent David
8 2111970 Akkara Paha අක්කර පහ Actress Dr. Lester James Peries
9 2611973 Hathdinnath Tharu හත්දින්නත් තරු Actress Pathiraja L.S. Dayananda
10 2851974 Lasanda ලසඳා Actress K.A.W. Perera
11 3071975 Kokilayo කෝකිලයෝ Main Actress Tissa Hewawitharana
12 3331976 Loka Horu ලෝක හොරු Main Actress Tissa Abeysekara, Sarath Gunarathna
13 3671977 Nivena Ginna නිවෙන ගින්න Actress Amaranath Jayathilake
14 3891978 Seetha Devi සීතා දේවි Actress Manik Sandra Sagara
15 9041999 Mandakini මන්දාකිනි Actress H.D. Premarathna