Seetha Devi

Seetha Devi

සීතා දේවි

Colour 35 mm

Film No: 389  ·  Released: 20 Oct 1978

61.28% · 2,443 votes
Rate this film

Summary

NameSeetha Devi / සීතා දේවි
Film No389
Released Date20 Oct 1978
ColorimeterColour
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Gamini Fonseka Main Actress: Mamtha Shankar Director: Manik Sandra Sagara Producer: Ajantha Wijesena

Description

සිතා දෙවි - පතිවත රකින ළඳකගේ සුදානුස්මරණීය කතා පුවත.

භාරතයේ වාල්මිකී නම් මහා පඬිවරයාගේ "රාමායනය", ස්ත්‍රීයකගේ සුපරිසිදු බවත්, රජ කුමරුවන්ගේ පෞරෂත්වයත් විදහා දක්වමින් පාඨකයා "වීර චාරිකාවක" ගෙනයනවා. සිතා දෙවි චිත්‍රපටය සකස්වෙලා තියෙන්නේ මේ පැරණි කතාවට අනුව.

රාමායනය : ස්ත්‍රියකගේ පතිවත.....! සෑම සියලු පුරශයින්ම ස්ත්‍රියකගෙන් බලාපොරොත්තුවන පතිදම ගැන කතාවක් - සිතා දෙවි.

රාමායනය මතකයි නේ ! අයෝද්‍යා නුවර දසරත රජතුමාගේ වැඩිමහල් පුත් රාම කුමාරයා සිතා කුමරිය විවාහ කරගෙන හිමාල වනයේ හුද කලාව ගත කරන්න ගියා. අයියාගේ තනියට රාම කුමාරයාගේ බාල සහෝදරයා ලක්ෂ්මනුත් ආව. මේ තුන්දෙනා බොහොම සමාදානයෙන් සතුටින් වනයේ කල් යවනවා. ලංකාවේ රාවණ රජුගේ නැගණිය හිමාලයේ සැරිසරන කොට මේ පිරිස දැකල තියෙනවා. රාම කුමරු ඇගේ නාසය කපා මුහුණ විකුර්ති කොට දැමීම ගැන කේන්තියෙන් දැවෙන රාවණ නපුරුකමින්ම ඒ පලිය ගන්න හිතා ඉන්නවා. ‘මරිෂ’ නම් යක්ෂයා ලස්සන මුවකු ලෙස වෙස් මවාගෙන සිතාගෙ දෑසට පේන්ට යනවා.

ඇ මුවාට මුලාවෙලා උව කොමෝම හරි අල්ලා දෙන්න කියා තම ස්වාමිපුර්ශයාට පෙරැත්ත කරනවා. ඇගේ ආදර ඉල්ලීම ඉටු කිරීමට දුනු ඊතල සමග රාමා පිටව යන්නේ ඇගේ තනිය ලක්ෂ්මන්ට බාර කරලා. මුව වෙස් අරගෙන පැමිණි යක්ෂයා රාම කුමාරයාව කැලෑවේ ඇතට ගෙන යනවා. රාම කුම්රයාගේ හීයෙන් යක්ෂයා මිය යන්නේ, රාමාගේ කටහඬින් ලක්ෂ්මන් කැඳවා කෑ ගසමින්. තම සොහොයුරාට මහ අනතුරක් වෙලා කෑ ගහන නිසා වහාම තමා තනිකර ගොස් ඔහු බේරාගෙන එන ලෙස සිතා ලක්ෂ්මන්ට බල කර සිටිනවා. ඇයව සිමා බන්දයකින් ආරක්ෂා කොට රාම කුමරු සොයාගෙන ලක්ෂ්මන් යන්නේ සිතාව තනියම පැලේ නවත්වල. සන්නාසියෙක් මේ අතරතුර වතුර ඉල්ලාගෙන එනවා. ඔහුට වතුර බඳුනක් ගෙන එන සිතා අර සීමාව අසලට එන්ම ලක්ෂ්මන්ගේ අවවාදය මතක් වෙනවා. "කොයිම වෙලාවකවත් මේ ආරක්ෂා සිමාවෙන් පිටතට යන්න එපා." එත් වාඩිගත් තැනින් නැගිට ගන්ඩවත් බැරි තරමට මහන්සිව සිටි සන්නසියාගේ බැගැපත් හඬ නිසා, ඈ ආරක්ෂා සීමාව පැනල ඇවිත් මහල්ලාට වතුර දෙනවා..........ඒ මහල්ලා තමයි වෙස්වෙලාගත් රාවණා. තම දඬුමොනරය යන්ත්‍රය වෙතට, උඩුගුවනට ඔහුගේ දෑස් එසවෙනවා..........ඒ පැරණි කතාවෙන්............රිදී යුගයයේදී සිදුවූ අයුරින්..........

කලියූගයේ දි හෙලිකොප්ටරයෙන් ඉන්දියාව බලා යන ආචාර්ය රවී රණරාජ රාවණාගේ ඉපැරණි ලංකාපුරය සොයා කරන මහා ගවේෂණය සඳහා කරුණු රැස් කරනවා. ඒ අතර ඔහුගේ විනෝදාංශය වන වේග මෝටර් බෝට්ටු දාවනයට හිත නැමුණු ඉන්දියාවේ මහරාජා කෙනෙකුටත් ලංකාවේ බෝට්ටු තරඟයකට රවී අරාධනා කරනවා. ඒ මහා රජාගේ නම රාම්. ඔහුගේ මල්ලි ලාල් සහ බිරිඳ ජානකි. ඔහුගේ උපදේශක මිතුරා මිකී. ආරක්ෂාවට එන්නේ හනුමන්සිං කියන හමුදා නායකයෙක්.

රාමායනයේ කියවෙන ලංකා පුරය අද අපේම ලංකාවද? මේකයි මේ උගතුන්ගේ පැනය. රවී රණරාජගේ මතය පැරණි රාමායනයේ කියවෙන්නේ ලංකා පුරය ත්‍රිකුඨ කඳුමුදුනේ තිබුනා කියලයි. එය භුමි කම්පාවකින් මාලදිවියිනට ඔබ්බේ මහා සයුර මැදට කිඳා බැහැළලු. ඒ රාවණයන්ගේ පුරය සොයන්නයි රණරාජ දෙවෙනි වතාවටත් මේ ලෑස්ති වෙන්නේ. ඒ ගමනට අර ඉන්දියාවේ මහා රජාත් ඔහුගේ පිරිසත් එක්වෙන්න කැමති වෙනවා.

ඒ සමුද්‍ර ගවේෂණයට ඉසෙල්ලා පවත්වන මෝටර් බෝට්ටු තරගයෙන් දිනන්න ඔන්න මෙන්න කියා තියෙද්දී රවී රණරාජගේ බෝට්ටුව තව බෝට්ටුවක් එක්ක හැප්පෙනවා. රවී රණරාජගේ හිසට ශල්‍ය කර්මයක් කරන්න සිද්ද වෙනව. ඔහු එම බෙහෙතින් මත්වූ නින්දෙන් අවදිවෙන්නේ පැරණි රාමායනයේ චරිත සියල්ල (තමා රාවණයන්, සිතා, රාමා, ලක්ෂ්මන, විභූෂණ, කුම්භකරණ, හනුමාන්, වාල්මිකී) තමා වට කොට සිටනු දැකීමෙන්. .....ඒ සුන්දර සිහිනය.......

තම දඩුමොනර යන්ත්‍රයේ රඳවාගෙන සිතා කුමරිය ලංකා පුරයට ගෙන ආව රාවණා, ඇයව අසෝක උයනක නතර කරනවා. සිතාවන් තිර අදිටනින් පතිවත රකින කතක් ! තම පිරිස ගෙන ගොස් අයෝධ්ය පුරය සුනු විසිනු කර ඇගේ දෙමාපියන් ඥාති පිරිස මරා දමන බවට තර්ජනය කරලා රාවණා ඉවතට යනවා.

ආරෝග්‍ය ශාලාවෙන් පිටවෙන රවී රණරාජ පැරණි පොතක උපදෙස් අනුව කටයුතු කරනවා. තම ගුප්ත ගවේෂණයන් පිලිබඳව, අර මොලයේ ශල්‍යකර්මයට පස්සේ, රණරාජට ඇත්තේ විශාල විශ්වාසයක්. ඒ කියන්නේ දැන් ඔහු හිතන් ඉන්නේ ඒ පැරණි රාවණ රජු, රවී රණරාජ ලෙස නැවත ඉපදී ඇති බවයි. එතකොට අනිත් අය.....රාම්, ලාල්, මිකී, ජානකි? සිතාවට තවත් නමක් ජානකි. අර පුස්කොළ පොතේ උපදෙස් වලට අනුව ඔවුහු සීගිරියෙන් ගමන් අරඹවනවා. එහිදී රවී රාවණාගේ කට්ටිය නිදි බෙහෙත් දීල ජනකිව පැහැරගෙන යනවා. රවීගේ අමුතු උමතුව තේරුම් ගන්න මිකී, රාම් ගේ සිත සනසා, තමාට මතක පැරණි ග්‍රන්ථයේ මග සටහන් අනුව රවිව ලුහු බඳිනවා. මිකී කියනවා හින්දු දෙව් කතාවලට අනුව සීතා බොහෝ ඉස්සර ආත්මයකදී වෙදාවති දෙව් දියණිය හැටියට ඉපදිලා හිමාලයේ වත් පිළිවෙත් රකින කොට, රාවණාත් පෙර ආත්ම භවයකදී හිමාලය සැරිසරා යමින් සිටියා. වෙදවතිගේ රුවට වශිවන ඔහු ඇය තාම වසගයට ගැනීමට උතසහ කළා. මහා පුරිස් තෙම වූ මහා විෂ්ණුගේ බාර්යාව වනවා මිස තමා අන් අයකු නොපතන බව ඇ කිව්වා. "විශ්නුටත් වඩා මම ප්‍රබලයි" කියා තම බිරිඳ වන්නැයි බල කරමින් ඔහු ඇයව කෙස් කළඹින් අල්ලා ගන්නවා. පිහියකින් තම කෙස් කලඹ කපා දමා ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන ඇය "පාපිෂ්ඨය, නුඹගෙ විනාශය සිදු කිරීමට මා නැවත නැවත ඉපදෙමි." මහා ශාප පැතුමක් පත ඈ ගිනි මලයකට පනිනවා.

එහෙත් රවිගෙන් ජානකීට අබමල් රේණුවක තරම්වත් හානියක් සිදු නොවන බවට හේතුවක් එකී පැරණි කතාවකින් මිකී පෙන්නලා දෙනවා.

රාවණ තවත් එක්තරා ආත්මයකදී තම නැදැයකුගේ බිරිඳ වූ රම්බා නම් ස්ත්‍රියකට බලහත්කාරකම් කරනවා. ඈ ගොස් ඒ බව තම ස්වාමියට සැළකර සිටිනවා. රාවණ මින්මතු ඇයගේ මනාපය නොලබා කිසියම් ස්ත්‍රියක් ස්පර්ශ කරයිද, එවිටම ඔහුගේ හිස සත් කඩකට පැලෙවා යි ඔහු සාපයක් කරනවා.

ඒ සාපයට බියෙන් රාවණ කිසිම දිනක, ඇයගේ කැමැත්ත නැතිව ස්ත්‍රියක් තම වසගයට ගන්නේ නැහැ." මිකිගේ කතාවෙන් රාම්ගෙ සිත සැහැල්ලු වෙනවා.

සිතා තමා ළග ඇත්නම් ලංකාපුරය තමාට සොයා ගත හැකි යයි රවිට හොඳටම විශ්වාසයි. ඉතින් එයා සිතාව අරගෙන ත්‍රිකුණාමලයේ ස්වාමි ගලේ කෝවිලේ පූජා පවත්වලා, අර පැරණි සිතියමට අනුව මුහුදට බහිනවා. රාම්, ලාල්, මිකී, රවීගේ පොඩි මල්ලි විජයටත් රවිටත් නොදැනෙන්න ලුහු බැඳ ගෙන එනවා.

සිතා තමා ළඟ නිසා ඒ ගෙවී ගිය රිදී යුගය වගේ නෙමෙයි, මේ කලියුගයේදී නම් තමා ජය ගන්නා බව රවී නැවත නැවතත් කියනවා. ඒ නිසා දෝ ඔහුට මුහුදු පතුලේ තිබිල පැරණි සෙල් ලිපියක් හම්බ වෙනවා. එහි සංඥා කියවන්නට වෙරළේ ඉහලට ගොඩ ඇදගන්න රවී තවත් හෝඩුව සොයමින් නැවත මුහුදේ කිමිදෙනවා.

කල්යල් බලා රාම්, ලාල්, රවිව ලුහු බැඳ එනවා.

ඒ කෙසේ වෙතත් මිකී පඬිවරයා දන්නවා, සිතාවන් නිසා රාවණාගේ ජිවිත විමුක්තිය මහා විෂ්ණු අවතාරය වන රාමා අතින්ම ලැබිය යුතු බව. ’සිතාදේවි’ කතාව පෙර ආත්මයත් - මේ ආත්මයත් අතර සම්බන්ධත්වය ගැන කියන චිත්‍ර පටියක්. චිත්‍රපටියේ එන ස්වාමිගේ චරිතය තමයි පෙර - පසු කතා එක්කර දෙන පොතේ ගුරා. ඔහු නැවත නැවතත් කියන දේ තේරුම් ගන්න ඕන; "මේ තිබුන මේ නැහැ" කාලය ඒවගේ නේද?

ඔහු රවිට කියන්නේ; "අවබෝධය කොහේද මේ සොයන්නේ, තමන් ඒ මත වාඩිවෙලා ඉඳගෙනම. ඒ කියන්නේ අපි යමක් සොයා බලන කොට ටිකක් දුර ඉඳල දුර දිග කල්පනා කරලා බලන්දත් ඕනය කියන එකද?"

සිතා දෙවි චිත්‍රපටයේ රාවණ - රාමා - සීතා, මේ කලි යුග කාලේ නැවත ඉපදුනානම් කොහොම වෙයිද කියල දුරදිග බලන්න ඔබට අරදනාවක්.

රාමායනය ඒ අයුරින්ම කෙළවර වෙයිද?

රාවණාට මේ කළියුගයේදීවත් ජයක් ලැබෙයිද?

Cast

Crew