Mervin Jayathunga

Mervin Jayathunga

මර්වින් ජයතුංග

Born 09 March 1940 Died 01 November 1993

09 March 1940 - 01 November 1993

57.97% · 2,421 votes
Rate this artist

Summary

NameMervin Jayathunga
Sinhala Nameමර්වින් ජයතුංග
Born09 March 1940
Died01 November 1993

Biography

1968 වසරේ එක් දිනයක කොළඹ හැව්ලොක් ටවුමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාල ශාලාවේදී (අද ලුම්බිණි රඟහල) හෙන්රි ජයසේනගේ 'හුණුවටයේ කතාව' නැරඹීමට ගිය පාසල් ශිෂ්‍යයකු වූ මට නාට්‍ය අවසානයේ පාසල් කොරිඩෝවේදී අපූරු ජවනිකාවක් දැකගන්නට ලැබිණ. ලුම්බිණි රඟහලේ සිසිල් බීම විකුණන වයෝවෘධ අන්කල්ගේ හිස මේසයකට ඔබාගෙන තරුණයන් දෙදෙනකු පහර දෙන පිළිකුල් දර්ශනයකි. කාලයක් තිස්සේ මේ රඟහලේ සිසිල් බීම විකුණන මේ අන්කල්ට මේ පහරදීම අවට බලා සිටි අයගේ අප්‍රසාදයට ලක් වුවත් එය නවතාලීමට කිසිවකු ඉදිරිපත් නොවීය.

'හුණුවටයේ' හේවායකු ලෙස රඟපෑ උස නළුවකු තම ඇඳුම් පිටින්ම එතැනට පැමිණියේ විදුලි වේගයෙනි. ඔහු අන්කල්ට පහර දෙන එක තරුණයකු ඉවතට ඇද ඔහුට විදුලි සැරයෙන් පහරක් දුන්නේය. ඔහු පහර කා ශාලාවේ ඈත කෙළවරට ඇදී ගියේය. දෙවැනි තරුණයා තවමත් අන්කල්ට පහර දෙයි. ඉවතට ඇද ගත් ඔහුට ද අත් වූයේ අර ඉරණමය. මේ දර්ශනය බටහිර චිත්‍රපටයක චාල්ස් බ්‍රොන්සන්ගේ සටන් දර්ශනයක් සිහි ගන්වන අවස්ථාවකි.

මර්වින් ජයතුංග නම් වේදිකා නළුවා මා දුටු මුල් අවස්ථාව මෙය විය. ඔහු හා මුල්වරට කතා කිරීමට අවස්ථාව ලැබුණේ 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ ඔහු ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා සමඟ ද්වන්ද සටනකට සැරසී සිටි අවස්ථාවකය. ඒකකාරී චිත්‍රපට සටන් කලාවෙන් මිදී නවතාවයකින් එදා ගාමිණී සමඟ මර්වින් කළ සටන් දර්ශනයෙන් පසු ගාමිණී ඔහුට සුබ පැතුවේය. මම මර්වින් ජයතුංග හඳුන්වා දෙමින් විශේෂාංගයක් මුල්වරට 1976 වසරේ 'සරසවිය' පත්‍රයට ලීවෙමි.

1940 මාර්තු 09 වෙනිදා පිටියගේ මර්වින් පියදාස ජයතුංග උපන්නේ මොරටුවේ කොරලවැල්ලේය. ඔහුගේ පියා වූ ජේම්ස් ජයතුංග වෝකර්ස් සමාගමේ සේවය කොට පසුව පූර්ණකාලීනව ලී වැඩ කර්මාන්තයේ යෙදී ඇත. මර්වින්ගේ මවගේ නම මර්ලින් ෆ්ලෝරිඩා ප්‍රනාන්දුය. පවුලේ වැඩිමලා වූ මර්වින්ට පිරිමි සහෝදරයන් තිදෙනෙකු සිටි බව මට කියා ඇත. ලොකු මල්ලි සුමනදාස කැප්ටන් මුද්‍රණාලයේ සේවය කළ බවත් ඊළඟ මල්ලී ලින්කන් කරුණාදාස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ද, මිලින්ටන් ජිනදාස මල්ලි ලංකා විදුලි බල මණ්ඩලයේ ද, බාල මල්ලී ජයන්ත විමලදාස නාට්‍ය වේදිකා සැරසිලි නිර්මාණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ බවත් පැවසූ මර්වින් තමාට මානෙල් චන්ද්‍රවතී, පද්මා කුසුමාවතී, අශෝකා ඉන්දුවතී හා භද්‍රා කාන්ති නම් බාල සොහොයුරියන් සිටි බව කීවේය..

'මම මුලින්ම ඉගෙන ගත්තේ හොරේතුඩුවේ ශී‍්‍ර චන්ද්‍රශේකර විද්‍යාලයේ. හතරවන පන්තියෙන් පසු මම මොරටු විද්‍යාලයට ගියා. අපි මේ ඉස්කෝලෙට යන කාලයේ එහි තිබුණා විශාල නා ගහක්. නා ගස යටදී මුලින්ම ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු කියන ගුරු මහතා අපට ස-රි-ග-ම-ප-ධ-නි-ස හඬ නඟා කියා දුන්නා. අපි බොහෝම ආසාවෙන් ඒවා ඇහුම්කන් දීලා ඉගෙන ගත්තා. මට ගායනය ගැන ඇල්මක් ඇති වුණේ ඊට පස්සේ. පුංචි කාලේ මොරටුවේ ජස්ටින් අයියාගේ වෙසක් කැරොල් සන්දර්ශනවල මා ගීත ගයමින් ගමේ හැම තැනම ගියා.

ළමා කාලයේ මට අමතක නොවන සිද්ධියක් තියෙනවා. දවසක් මගේ මල්ලී (කරුණාදාස) මොරටු ගඟේ ගිලෙන්න ගියා. මම එයාව ගලවා ගන්න ගඟට පැන බේරා ගත්තා. මගේ මුල්්වරට පීනපු දවස එදා. මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. හිතේ හයියට ගඟට පැන්නේ. ඒ වගේ පුංචි සන්දියේ මම මගේ වයසේ ළමුන් එක්ක ගහ ගත්තා. දබර කර ගත්තා. මාව 'චණ්ඩියෙක්' හැටියටයි මොරටු විද්‍යාලයේ ප්‍රසිද්ධ වී තිබුණේ. පුංචි කාලේ ඉඳලම ප්‍රසිද්ධ වේදිකාවල පෙනී සිටීමට මම අකමැතියි. දවසක් සාහිත්‍ය සංගමයේ සභාපති ගාමිණී විජේසූරිය කතාවක් පවත්වන්න මටත් නොකියා න්‍යාය පත්‍රයට මගේ නම ඇතුළත් කර තිබුණා. මේ බව දැකපු මට හොඳටම කේන්ති ගිහින් ශිෂ්‍ය සභාපතිට පහර දුන් දවස මට කිසිදා අමතක වෙන්නේ නැහැ. එදා මර්වින් තමාගේ කුඩා අවදිය සිහිපත් කළේය.

එහෙත් මර්වින් පාසලේදී මුලින්ම නාට්‍යයක රඟපා ඇත්තේ මොරටු විදුහල්පතිව සිටි ඒ. එම්. ද සිල්වා මහතා නිසාලු. හොඳ කලාකරුවකු වූ ඒ මහතා රුක්මණී දේවි සමඟ එකට රඟපා ඇති අතර පාසලේදී වේදිකා ගත කළ ශේක්ස්පියර් නාට්‍යයක් ඇසුරෙන් පාසලේ රඟදැක් වූ නාට්‍යයේ රඟපෑමට මර්වින්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. මර්වින්ගේ පියා ටවර් නාට්‍ය බැලීමේ රසිකත්වය තිබූ ගමේ කැපී පෙනෙන කලාකරුවකු ලෙස ප්‍රකටව සිට ඇත. ඒ නාට්‍ය ගමේ රඟපෑ මිතුරන් රස ගැන් වූ ඔහුට හොඳට ගීත ගැයීමටත් හැකියාව තිබී ඇත. තාත්තාගේ උරුමය මර්වින්ටත් බාල මල්ලී වූ ජයන්තටත් කලා උරුමය ලැබී ඇත.

මොරටු විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ මර්වින් පවුලේ වැඩිමලා වීම නිසා ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමට සිතුවේය. 'පුතේ උඹ තවදුරටත් ඉගෙන ගන්න බලපං. අපට ඇහැක් විදියට ගෙදර වැඩ බලා ගන්නං' අම්මා ඔහුට කීව ද ගෙදරට හොරෙන් කොළඹ රැකීරක්ෂා කාර්යාලයේ ලියා පදිංචි වී ඇත. 1959 මැයි 14 වෙනිදා ඔහුට විදුලි පණිවුඩයක් ලැබුණේ කොටුවේ කාර්ගෝ කෝපරේෂන් හි රැකියාවක් සඳහාය. එතැනින් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳී දුම්රිය රියදුරෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඉන් පසු ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියකු ලෙස සේවයට බැඳෙයි. ඒ පිළිබඳව ඉන්දියාවේ හයිඩ්රාබාද් නුවර පුහුණුවක් ලබා ගෙන ඇත. එදා මර්වින් කලාවට යොමු වුණේ රජයේ සේවයට බැඳීමෙන් පසුවය. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ කීවේය.

'ඉස්සර තිබුණා රජයේ සේවා නිලධාරීන්ගේ කලා කවයක්. 1961 ජේ. එන්. එස්. වර්ණකුලසූරිය කියන පෝස්ට් මාස්ටර් කෙනෙක් නාට්‍යයක් පුහුණු කළා. 'සුමුදු භාර්යා' කියන මේ නාට්‍යයේ මම මුලින්ම සුළු චරිතයක් රඟපෑවා. ඊට පස්සේ මම හෙන්රි ජයසේනගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මා සමඟ මිනුම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මිතුරන් දෙදෙනකු සැන්ටින් ගුණවර්ධන සහ පිට්ස්රෝයි ද මෙල් (ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවෙක්) මාව නාට්‍ය රංගනයට දිරිමත් කළා. මම කාර්යාලයේ සිටින අයගේ ඉරියව් අනුගමනය කරලා රඟපාලා පෙන්නුවා. මේ නිසා සැන්ටින් හා පිට්ස්රෝයි කිව්වා 'අයිසේ මර්වින් අපි තමුසෙට නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්නම්' කියලා. සැන්ටින් හා පිට්ස්රෝයි මාව යොමු කළ නිසා හෙන්රි ජයසේන මහතාගේ 'හුණුවටයේ කතාවක', 'දිරිය මව', 'අපට පුතේ මඟක් නැතේ' වගේ නාට්‍යවල රඟපෑවා. මේ අතර හෙන්රි ජයසේන මහතාගේ රෙකමදාරුව මත මට 'එලිෆන්ට් බෝයි' නම් රූපවාහිනී චිත්‍රපටයේ මම දඩයක්කාරයෙක් හැටියට රඟපෑවා එස්රම් ද සේරම් සමඟ'.

මර්වින් තමාට වේදිකා නාට්‍යවලට රඟපෑමට අවස්ථාව ලබා දුන් හෙන්රි ජයසේන මහතාටත් සැන්ටින් හා ද මෙල් යන මිතුරන්ට කෘතඥතාවය පළ කළා. හෙන්රිගේ නාට්‍යවල වේදිකා සැරසිලි අංශයත් භාරව සිටි මර්වින් නැගෙනහිර ජර්මනියට ගොස් වේදිකා නාට්‍ය කලාව ගැන අධ්‍යයනයක් කිරීමට අවස්ථාව ලැබී ඇත. පෙරළා පැමිණි ඔහු ගමනක් සහ මිනිහෙක් - ඒකාධිපති - ස්ත්‍රී - රන් සලකුණ - ඒකාධිපති - කඩදාසි කොටි නාට්‍යවල රඟපෑවේය. ඔහු සිනමාවට හඳුන්වා දි ඇත්තේ වේහැල්ලේ පියතිලක බව ද කියා ඇත.

'මම මුලින්ම රඟපෑවේ චාල්ස් පෙරේරාගේ 'විස්මය' චිත්‍රපටයේ. එහි රඟපෑවේ සංගීත උපදේශකවරයෙක් ලෙස. ඊට පස්සේ 'පෙම්බර මධූ' චිත්‍රපටයේ සටන් නළුවෙකු ලෙස ද රඟපෑ මම 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ දඩබ්බර සමාජ ශාලා හිමියා. එකම වර්ෂයේ චිත්‍රපට තුනක එකවර රඟපෑම මගේ චිත්‍රපට නළු ජීවිතයේ හැරවුම් ලක්ෂය 'චණ්ඩි පුතා'. මාව චරිතාංග නළුවකු කිරිමට අත හිත දුන් සෝමපාල ලීලානන්ද, ආරියරත්න පෙරේරාට කෘතඥ වෙනවා. ගාමිණී ෆොන්සේකා සමඟ සටන් දර්ශන කිරීමේදී මට අවවාද කිහිපයක් දුන්නා. එකක් තමා සමඟ සටන් කරන සහාය නළුවාට තුවාල නොකොට රඟපාන හැටි.

'චණ්ඩි පුතා චිත්‍රපටයේ එක් දර්ශනයකදී ගාමිණීගේ පහරක් ලබා ජනේලයක වීදුරු කඩාගෙන ඉවතට විසි වුණා. ඒත් කැමරාවේ කාර්මික දෝෂයක් නිසා මේ දර්ශනය රූපගත වුණේ නැහැ.'

තම ජිවිතයේ ලස්සනම දවස ලෙස මර්වින් සලකන්නේ විවාහ වූ දවසය. අනික් දවස එස්. එස්. සී. විභාගය එකවරින්ම සමත් වූ දවස බව මට කියා තිබුණි. මගේ බිරිඳ නාලිනී හේමලතා මොරගල්ල. ඇය උපන්නේ ගල්කිස්සේ. මොරටු විද්‍යාලයේ මලල ක්‍රීඩා උත්සවය බලන්න නාලිනී ඇවිත් සිටියේ ඇගේ යෙහෙළියක් සමඟ. මම පාසල් යන කාලයේ ක්‍රීඩාවලට හරිම දක්ෂයි. බටහිර කොට්ඨාසයේ හොඳම ක්‍රීඩකයකු ලෙස මම තේරුණා. මීටර් 400 දිවීමේ තරඟය, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම වැනි තරගවලිනුත් ජය ගත්තා. මලල ක්‍රීඩා උලෙළ අවසානයේ නාලිනීටත්, ඇගේ සොහොයුරියටත්, අපේ පාසලේ ළමයි විහිළු කරනවා මට ඇහුණා. ඇය නිල් ඉරි වැටුණු ගවුමක් ඇඳ සිටින බව මම දුටුවා. ඒ කලේ පාසලේ ළමුන්ට මම සැරෙන් මොනව හරි කිව්වම ළමයි අහන ගතියක් තිබුණා.

'ළමයි සද්ද කරන්න එපා. නිශ්ශබ්ද වෙන්න'

මම කීවාම ළමයි විහිළු තහළු කිරීම නවත්වන්න කියලා ළමයි විහිළු කිරීම නවත්වල නිශ්ශබ්ද වුණා. ඇය මා දෙස කෘතඥතා පූර්වකව බැල්මක් හෙළුවා. ඇය තුළින් මම අහිංසක සුන්දරත්වයක් දුුටුවා. නාලිනී ඉගෙන ගත්තේ ගල්කිස්ස ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයේ. අපි හමු වෙලා කතා කළා. අපි එකිනෙකා හඳුනා ගත්තා. වසර 3 කට පස්සේ විවාහ වුණේ.'

මර්වින් සටන් ක්‍රම ඉගෙන ගෙන ඇත්තේ නැසීගිය කරාටේ උපදේශක ඩී. ඒ. වෙල්ගම මහතාගෙන් බව කෘතඥතා පූර්වකව මතක් කළේය. ඔහු සංගීතය ප්‍රිය කළ අතර විශාරද ඩබ්ලිව්. එෆ්. විමලසිරි මහතාගෙන් ඔහු සංගීතය ඉගෙන ගෙන ඇත. සිතාර් වාදනයට මර්වින් දක්ෂයෙක්ව සිටියේය.

මර්වින්ගේ ලොකු දුවගේ නම ප්‍රියදර්ශනී හේමාලි ජයතුංග. පුතා සංජය ප්‍රභාත් ජයතුංගය.

මර්වින් රඟපෑ චිත්‍රපට අතර 'රක්තා' චිත්‍රපටයේ ගෝරාසිං ගේ චරිතයට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. 'පස මිතුරෝ' චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට ජනාධිපති කුසලතා සම්මානයෙන් පුද ලැබීය. 'පෙති ගෝමර' චිත්‍රපටයේ වන්නකු වු ඔහු සෙනෙහසක කඳුළු චිත්‍රපටයේ දාබරේ ඇත්තෝ ලෙස ද 'අමල් බිසෝ' හි සාදිරිස් ලෙස ද, 'වජිරා' හි ෂෙල්ටන් ලෙස ද, සාගරයක් මැද' හි හිර ගෙදර හයිකාරයා ලෙසද, 'රිදී තැල්ලේ' චාරා ලෙස ද, 'සටන' හි කාල් ලෙස ද සුවිශේෂ රංගනයක යෙදුණේය. 1992 වසරේ ඔහු රඟපෑ චිත්‍රපට 17 ක් තිරගතවීම සිනමා ඉතිහාසයේ වාර්තාවකි. ඒ චිත්‍රපට නම් රණබිමේ වීරයා - ජය ශ්‍රී වේ කුමරියේ - බජාර් එකේ චණ්ඩියා - වියරු මිනිසා - සක්විති රජ - සක්කර සූත්තර - මල්සර දෝණි - චණ්ඩි රැජින - සිංහ රජා - කියල වැඩක් නැහැ - මේ වාරේ මගේ - ඔක්කොම කණපිට - රූමතියයි නීතියයි - සුරනිමල - සත්‍යා - සිංහයන්ගෙත් සිංහයා - රජෙක් වගේ පුතෙක් යන චිත්‍රපටය.

මර්වින් සරසවිය, ජනාධිපති සම්මානලාභී නළුවෙකි. ප්‍රතිපත්ති ගරුක නළුවෙකි. මියගියදාත් ඔහු 'ෆෙලෝ මී' ඉංග්‍රිසි රූපවාහිනි චිත්‍රපටයේ රඟපෑවේය. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකු ලෙස රඟපෑමට ඔහු හිස මුඩු කරගෙන සිටියේය. මර්වින් මිය යන විට චිත්‍රපට 75 ක පමණ රඟපා තිබුණි.

චිත්‍රපට රංගනයේ කාර්යබහුල අවිවේකී ජීවිතයක් ගත කළ ද ඔහු වේදිකාව අමතක නොකළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ තුන් වන වැදි රජු ඔහු විය.

ඔහු සහෝදර නළු නිළියන්ගේ අවංක මිතුරෙක් විය. කෝපය ඔහු තුළ දක්නට ලැබුණේ නම් ඒ ඔහු තුළ තිබූ සංවේදිතාවය නිසාමය. දුකට පිහිට වීම, අසරණයන්ට පිහිට වීම, සරණ වීම, බිරිඳට ගෞරව කිරීම, දරුවන්ගේ දරුවන්ට දැඩි ලෙස ආදරය කිරීම ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයන් විය. ඔහුගේ මානව දයා ගුණය දුටු එක් සිද්ධියක් මගේ මතකයට එයි. ඒ එක්තරා නළු නිළි ක්‍රිකට් තරගයකදීය මර්වින් තම බිරිඳ සමඟ මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. දිවා භෝජන වේලාවේදී මර්වින්ට කෑම පාර්සල් දෙකක් ලැබිණ. ඔහු තම බිරිඳ සමඟ කෑම පාර්සල් දෙක ලෙහා ගත්තා පමණි. තම මිතුරකුගේ බිරිඳක් හා කුඩා පුංචි පුතා සමඟ සිටිනු ඔහු දුටුුවේය. ඔවුන්ට බත් පාර්සල් ලැබී නොතිබුණි. කුඩා දරුවා මර්වින්ලා කෑම අනුභව කරන දෙස බලා සිටියේ බඩගින්න නිසාය. වේලාව තුනට පමණ ඇති. තමා කෑමට සිටි පාර්සලය කුඩා දරුවාට කතා කොට පරිත්‍යාග කළ මර්වින් තම බිරිඳගේ කෑම පාර්සලයෙන් කටවල් දෙක තුනක් කා ඉතාමත් තෘප්තියකින් නැඟී සිටියේය. ඒ මර්වින්ගේ හැටිය. ඔහු පදවන ජීප් රථය හැමෝගේම වාහනය විය. එය කාටත් ප්‍රයෝජනවත් වන පොදු වාහනයක් විය. ඉහවහා ගිය මානව ගුණාංගවලින් පිරුණු මර්වින් චිත්‍රපට 200 ක පමණ රඟපා 1993 නොවැම්බර් 01 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ අභාවයෙන් වසර 25 ක් ගත වී ඇත. ඔහු කලා ලොවට හඳුන්වා දුන් හෙන්රි ජයසේනයන් ලියා මට දුන් කාව්‍ය සංකල්පයකි මේ. මම එය 1993. 11. 18 වෙනිදා 'සරසවිය' පත්‍රයේ පළ කළෙමි. 'යෝධයෙක් . . . දරුවෙක්' නම් ඒ කාව්‍ය සංකල්පනාව මෙසේ යළිත් ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි.

ඒ. ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 Best Supporting Actor Hithawathiya - 1984 13th Sarasaviya Awards - 1985 - 1985
2 Merit Award Pasamithuro - 1983 6th Presidential Award 1984 - 1984

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2821977 Chandi Putha චන්ඩි පුතා Actor -
2 3551977 Pembara Madu පෙම්බර මදූ Actor Sugathapala Senarath Yapa
3 3741978 Vishmaya විශ්මය Actor Charles Perera
4 3801978 Selinage Walawwa සෙලීනාගේ වලව්ව Actor Pathiraja L.S. Dayananda
5 3891978 Seetha Devi සීතා දේවි Actor Manik Sandra Sagara
6 3951978 Anupama අනුපමා Actor Sunil Ariyaratne
7 4001979 Jeewana Kandulu ජීවන කඳුළු Actor Daya Wimalaweera
8 4011979 Amal Biso අමල් බිසෝ Actor Neil Rupasinghe
9 4121979 Chuda Manikyaya චුඩා මානික්‍ය Actor Vijaya Darma Sri
10 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actor W. Wilfred Silva
11 4371980 Raktha රක්තා Actor Gamini Hewawitharana
12 4441980 Sankapali සන්කපාලි Actor Anton Gregory, Sarath Rupasinghe
13 4551980 Mayurige Kathawa මයුරිගේ කතාව Actor Gamini Fonseka
14 4561980 Kinduru Kumari කිඳුරු කුමාරි Actor Sunil Ariyaratne
15 4591981 Thavalama තවලම Actor Lal Perera
16 4721981 Vajira වජිරා Actor Sunil Ariyaratne
17 4731981 Suriyakantha සූරියකාන්ත Actor Vijaya Darma Sri
18 4741981 Amme Mata Samawenna අම්මේ මට සමාවෙන්න Actor W. Wilfred Silva
19 4751981 Sagarayak Meda සාගරයක් මැද Actor Gamini Fonseka
20 4771981 Ridee Thella රිදී තැල්ල Actor Siri Kularathna
21 4881981 Sudda සුද්දා Main Actor Rathnaweera De Silva
22 4981982 Sakvithi Suvaya සක්විති සුවය Actor Gamini Fonseka
23 5011982 Thani Tharuwa තනි තරුව Actor Rathnaweera De Silva
24 5041982 Pethi Gomara පෙති ගෝමර Actor Siri Kularathna
25 5071982 Anuradha අනුරාධා Actor Siri Kularathna
26 5181982 Mihidum Sihina මිහිදුම් සිහින Actor Daya Wimalaweera
27 5281982 Piya Saha Daruwo පියා සහ දරුවෝ Actor Sugathapala Senarath Yapa
28 5321983 Ran Mini Muthu රන් මිනි මුතු Actor W. Wilfred Silva
29 5331983 Chandira චන්දිරා Actor Danny W. Pathirana
30 5351983 Sumithuro සුමිතුරෝ Actor Roy De Silva
31 5421983 Chutte චුට්ටේ Actor Thilak Wehalla
32 5481983 Hasthi Viyaruva හස්ති වියරුව Actor H.D. Premarathna
33 5491983 Senehasaka Kandulu සෙනෙහසක කඳුළු Actor Hemasiri Sellapperuma
34 5501983 Pasamithuro පසමිතුරෝ Main Actor Ananda Hewage
35 5521983 Manik Maliga මැණික් මාලිගා Actor Gamini Hewawitharana
36 5601983 Rathu Makara රතු මකරා Actor Thilak Wehalla
37 5631983 Bonikka බෝනික්කා Actor Louie Vanderstraeten
38 5661984 Maala Giravi මාල ගිරව් Actor -
39 5701984 Parasathuro පරසතුරෝ Actor S.A.Premarathna
40 5711984 Nivan Dakna Jathi Dakva නිවන් දකිනා ජාති දක්වා Actor Somaweera Bopitiya
41 5751984 Hitha Honda Kollek හිත හොඳ කොල්ලෙක් Actor Roy De Silva
42 5771984 Bambara Patikki බඹර පැටික්කී Actor Somapala Leelananda
43 5791984 Hithawathiya හිතවතිය Actor Anton Gregory, Camilus Perera
44 5861984 Hadawathaka Vedana හදවතක වේදනා Actor Joseph Francis Lane
45 5951984 Birinda බිරිඳ Actor Dayananda Jayawardena
46 5971984 Jaya Sikurui ජය සිකුරුයි Actor Yasapalitha Nanayakkara
47 6011985 Maubima Nathnam Maranaya මව්බිම නැත්නම් මරණය Actor Louie Vanderstraeten
48 6021985 Rajina රැජින Actor Thilak Lakshman Senawirathna
49 6021985 Rajina රැජින Actor Thilak Lakshman Senawirathna
50 6071985 Puthuni Mata Samavenna පුතුනි මට සමාවෙන්න Actor Thilak Wehalla
51 6091985 Aya Waradida Oba Kiyanna ඇය වැරදිද ඔබ කියන්න Actor W.Vilfrida Silva
52 6161985 Du Daruwo දූ දරුවෝ Actor Gamini Hewawitharana
53 6201985 Kiri Madu Wel කිරි මදු වැල් Actor Ariyadasa Withanage, Saman Weeraman
54 6231986 Prarthana ප්‍රාර්ථනා Actor Priyantha Rathnayaka
55 6251986 Athuru Mithuru අතුරු මිතුරු Actor Ariyarathna Vithana
56 6271986 Dushyanthi දුෂ්‍යන්ති Actor S.Thewendra
57 6311986 Jaya Apatai ජය අපටයි Actor Sunil Soma Peiris
58 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
59 6341986 Soora Saradiyel සූර සරදියෙල් Actor Anton Gregory
60 6351986 Dinuma දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
61 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Actor Lenin Morais
62 6391987 Hitha Honda Chandiya හිත හොඳ චන්ඩියා Actor Ranjith Siriwardhana
63 6431987 Podi Vijey පොඩි විජේ Actor Nishantha De Alwis
64 6461987 Yukthiyada Shakthiyada යුක්තියද ශක්තියද Actor Yasapalitha Nanayakkara
65 6471987 Kele Kella කැලැ කෙල්ල Actor Bernard Reginold
66 6481987 Nommara Ekai නොම්මර එකයි Actor Dinesh Priyasad
67 6511987 Randamwel රන්දම්වැල් Actor Aleric Lionel Fernando
68 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
69 6541987 Ahinsa අහිංසා Actor Malani Fonseka
70 6561988 Chandingeth Chandiya චන්ඩින්ගේත් චන්ඩියා Actor Hemasiri Sellapperuma
71 6591988 Amme Oba Nisa අම්මේ ඔබ නිසා Actor Anton Kingsley
72 6601988 Angulimala අංගුලිමාල Actor Baptist Fernando
73 6621988 Durga දුර්ගා Actor K.A.W. Perera
74 6631988 Satana සටන Actor Ananda Wickramasinghe
75 6641988 Ko Hathuro කෝ හතුරෝ Actor Sunil T. Fernando
76 6651988 Newatha Api Ekwemu නැවත අපි එක්වෙමු Actor Anura De Silva, Milton Jayawardhana
77 6711989 Nommara 17 නොම්මර 17 Actor Hemasiri Sellapperuma
78 6721989 Obata Rahasak Kiyannam ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
79 6731989 Shakthiya Obai Amme ශක්තිය ඔබයි අම්මේ Actor Anton Kingsley, Ranga Wijendra
80 6741989 Sinasenna Raththaran සිනාසෙන්න රත්තරන් Actor Sunil Soma Peiris
81 6751989 Varadata Daduvam වරදට දඬුවම් Actor Dinesh Priyasad
82 6761989 Randenigala Sinhaya රන්දෙනිගල සිංහයා Actor Ranjith Siriwardhana
83 6801990 Yukthiyata Wada යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
84 6821990 Dedunnen Samanaliyak දේදුන්නෙන් සමනලියක් Actor Yasapalitha Nanayakkara
85 6831990 Veera Udara වීර උදාර Actor Shirley P. Wijeratne
86 6851990 Hondin Nathnam Narakin හොඳින් නැත්නම් නරකින් Actor V. Siwadasan, Thilak Wehalla
87 6881990 Pem Rajadahana පෙම් රජදහන Actor Dayananda Jayawardena
88 6911990 Palama Yata පාලම යට Actor H.D. Premarathna
89 6921990 Chandi Raja චන්ඩි රජා Actor Sunil Soma Peiris
90 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Actor Sunil Ariyaratne
91 6941990 Honda Honda Sellam හොඳ හොඳ සෙල්ලම් Actor Dinesh Priyasad
92 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
93 7041991 Obata Pamanai Adare ඔබට පමණයි ආදරේ Actor S.V. Chandran, Anton Kingsley
94 7051991 Hithata Dukak Nathi Miniha හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
95 7071991 Raja Kello රජ කෙල්ලෝ Actor Shirley P. Wijeratne
96 7081991 Raja Sellam රජ සෙල්ලම් Actor Sunil Soma Peiris
97 7101991 Love In Bangkok ලව් ඉන් බැංකොක් Actor Hemasiri Sellapperuma
98 7111991 Esala Sanda ඇසළ සඳ Actor Lionel Panduwawala
99 7131991 Ran Hadavatha රන් හදවත Actor Sunil Soma Peiris
100 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
101 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actor N. Vimalasena
102 7221992 Ranabime Veeraya රණබිමේ වීරයා Actor Ranjith Siriwardhana
103 7241992 Jaya Sri Wey Kumariya ජය ශ්‍රී වේ කුමරියේ Actor Yasapalitha Nanayakkara
104 7271992 Bajar Eke Chandiya බජාර් එකේ චන්ඩියා Actor Hemasiri Sellapperuma
105 7281992 Viyaru Minisa වියරු මිනිසා Actor Sugath Samarakoon
106 7291992 Sakvithi Raja සක්විති රජ Actor Sunil Soma Peiris
107 7301992 Sakkara Sooththara සක්කර සූත්තර Actor Hemasiri Sellapperuma
108 7321992 Malsara Doni මල්සර දෝනි Actor Hemasiri Sellapperuma
109 7331992 Chandi Rajina චන්ඩි රැජින Actor Sunil Soma Peiris
110 7341992 Sinha Raja සිංහ රජා Actor Hemasiri Sellapperuma
111 7351992 Kiyala Wadakne කියල වැඩක් නැ Actor Hemasiri Sellapperuma
112 7371992 Me Vaare Mage මේ වාරේ මගේ Actor Lionel Panduwawala
113 7381992 Okkoma Kanapita ඔක්කොම කණපිට Actor Roy De Silva
114 7391992 Rumathiyai Neethiyai රූමතියයි නීතියයි Actor Mu Arukgoda
115 7411992 Suranimala සුරනිමල Actor Yasapalitha Nanayakkara
116 7431992 Sathya සත්‍යා Actor Ranjith Siriwardhana
117 7451992 Sinhayangeth Sinhaya සිංහයන්ගෙත් සිංහයා Actor Sunil Soma Peiris
118 7461992 Rajek Wage Puthek රජෙක් වගේ පුතෙක් Actor Upali Piyarathna
119 7481993 Chaya චායා Actor Daya Wimalaweera
120 7541993 Sasara Serisaranathek Oba Mage සසර සැරිසරනතෙක් ඔබ මගේ Actor Ananda Wickramasinghe
121 7551993 Veli Sulanga වැලි සුළඟ Actor Nishantha Pradeep
122 7561993 Mevila Penevi Rupe මැවිලා පෙනේවි රූපේ Actor Alaric Lionel Fernando
123 7581993 Come Or Go Chikago කම් ඕ ගෝ චිකාගෝ Actor Dinesh Priyasad
124 7591993 Yasasa යසස Actor Ananda Wickramasinghe
125 7651993 Sandarekha සඳරේඛා Actor Hemasiri Sellapperuma
126 7671993 Lassanai Balanna ලස්සනයි බලන්න Actor Sunil Soma Peiris
127 7681993 Langin Giyoth Ehek Ne ලඟින් ගියොත් ඇහැක් නෑ Actor Hemasiri Sellapperuma
128 7691993 Juriya Mamai ජූරිය මමයි Actor Louie Vanderstraeten
129 7711993 Soora Veera Chandiyoo සූර වීර චන්ඩියෝ Actor Hemasiri Sellapperuma
130 7761994 Nohadan Kumariye නොහඩන් කුමරියේ Actor Ranga Wijendra
131 7771994 Jayagrahanaya ජයග්‍රහණය Actor Samson Kumarage
132 7791994 Abhiyogaya අභියෝගය Actor Hemasiri Sellapperuma
133 7921994 Athmaa ආත්මා Actor Somapala Leelananda
134 7951994 Vijaya Geetha විජය ගීතා Actor Kandapola Kumarathunga
135 7961994 Shakthi ශක්ති Actor Sherly P.Wijerathna
136 7981994 Hallo My Darlin හලෝ මයි ඩාලින් Actor Hemasiri Sellapperuma
137 8001995 Inspector Geetha ඉන්ස්පෙක්ටර් ගීතා Actor Danny W. Pathirana, Kusumchandra Gamage
138 8011995 Wasana Wewa වාසනා වේවා Actor Sunil Soma Peiris
139 8051995 Ira Handa Illa ඉර හඳ ඉල්ලා Actor Sunil Soma Peiris
140 8061995 Pudumai Eth Aththai පුදුමයි ඒත් ඇත්තයි Actor Hemasiri Sellapperuma
141 8071995 Deviyane Sathya Surakinna දෙවියනේ සත්‍ය සුරකින්න Actor M.V. Balan
142 8091995 Demodara Palama දෙමෝදර පාලම Actor Dinesh Priyasad
143 8101995 Maruthaya මාරුතය Actor Wasantha Obeysekara
144 8121995 Chandiyage Putha චන්ඩියාගේ පුතා Actor Sunil Soma Peiris
145 8131995 Ege Vairaya ඇගේ වෛරය 1 Actor Louie Vanderstraeten
146 8171995 Hitha Hoda Surayoo හිත හොඳ සූරයෝ Actor Victor Manage
147 8201995 Sudu Valassu සුදු වලස්සු Actor Samson Kumarage
148 8211995 Dalulana Gini දළුලන ගිනි Actor Aleric Lionel Fernando
149 8231996 Bawa Sasara භව සසර Actor Mario Jayathunga
150 8251996 Api Baya Ne අපි බය නැ Actor Louie Vanderstraeten
151 8261996 Body Guard බොඩි ගාර්ඩ් Actor Upali Piyarathna
152 8271996 Raththaran Malli රත්තරන් මල්ලි Actor Sunil Soma Peiris
153 8281996 Obatai Me Aradana ඔබටයි මේ ආරාධනා Actor Dharmashri Wanaguru
154 8301996 Naralova Holman නරලොව හොල්මන් Actor Dinesh Priyasad
155 8331996 Hitha Hoda Nam Waradinne ne හිත හොඳනම් වරදින්නේ නැ Actor W. Ranjith Perera
156 8411996 Sihina Vimane Raja Kumari සිහින විමානේ රාජ කුමාරි Actor Upali Piyarathna, Sherly P.Wijerathna
157 8461997 Yasoma යසෝමා Actor Mohan Niyaz
158 8531997 Ramba Saha Madhu රඹා සහ මධු Actor Roy De Silva
159 8541997 Vijayagrahanaya විජයග්‍රහණය Actor Kusumchandra Gamage
160 8581997 Apaye Thathpara Asu Haradahak අපායේ තත්පර අසුහාරදාහක් Actor Dinesh Priyasad
161 8681997 Good Bye Tokyo ගුඩ් බායි ටෝකියෝ Actor Lionel Panduwawala
162 8791998 Girl Friend ගර්ල් ෆ්‍රෙන්ඩ් Actor Louie Vanderstraeten
163 8831998 Ragini රාගිනි Actor D.L. Raja Nihal De silva, Raja De Silva
164 8931999 Akunu Pahara අකුණු පහර Actor Samson Kumarage
165 9422001 Dinuma Kageda දිනුම කාගේද Actor Ananda Wickramasinghe
166 9422001 Dinuma Kageda දිනුම කාගේද Actor Ananda Wickramasinghe