තොරතුරුගීතඡායාරූප
Ranmuthu Duwa / රන්මුතු දූව
[ Colour 35mm ]
චිත්‍රපට අංකය : 83
නිකුත් වූ දිනය : 1962-08-10
62.709883103082
63% |   1882  Vote(s) | Vote Here
1 2 3 4 5
 
මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය
සාරාංශය

Ranmuthu Duwa / රන්මුතු දූව
චිත්‍රපට අංකය : 83
නිකුත් වූ දිනය : 1962-08-10
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
කාලය : 137mins
සමාගම : Serendib Films
ප්‍රධාන නළුවා : ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය : ජීවරාණි කුරුකුලසූරිය
අධ්‍යක්ෂණය : මයික් විල්සන්
නිෂ්පාදනය : ශේෂා පලිහක්කාර
නිෂ්පාදනය : ශේෂා පලිහක්කාර
නිෂ්පාදනය : Arthur C. Clarke

සම්මාන

   FOR THE FILM

1Famouse Film [3rd]
1 වැනි සරසවිය සම්මාන උළෙල - 1964
Votes : 32,843

   FOR ARTISTS

1Best Male Singer
1 වැනි සරසවිය සම්මාන උළෙල - 1964
Narada Disasekara
2Best Singer - Female
1 වැනි සරසවිය සම්මාන උළෙල - 1964
නන්දා මාලනී
3Best Lyricist
1 වැනි සරසවිය සම්මාන උළෙල - 1964
Chandraratne Manawasinghe
4Favourite Producer
3 වන දීපශිකා සම්මාන උළෙල 1972
මයික් විල්සන්
 
විස්තරය

Ranmuthu Duwa (English: Island of Treasures) was the first colour full-length Sinhalese language film to be produced in Sri Lanka in 1962. It was produced by Shesha Palihakkara and directed by Mike Wilson, who also made his debut as a feature director. The film stars some of those who would go on to become big names in the Sinhala Cinema, such as Gamini Fonseka, Joe Abeywickrema and Jeevarani Kurukulasooriya in the leading roles. Playback singing was by Nanda Malini, Narada Disasekara and W.D. Amaradeva. Lyrics were written by Mahagama Sekara. It was an instant hit among the audiences and some of its songs are still famous today.

The film was shot in and around Trincomalee, Eastern Sri Lanka.

1962 ඔක්තෝබර් 8 වන දින ලාංකේය සිනමාවේ විශිෂ්ට ලෙස සනිහටහන් වූ දිනයක් විය. ඒ සිංහල සිනමා වංශකථාව තුලට මුල්ම සම්පූර්න වර්ණ චිත්‍රපටය එකතු වූ හෙයිනි.
 
මුහුදට ගිලා බැසුණු නැවක සුන්බුන් අතරේ ඇතැයි කියන කෝටි ගනනක් වටිනා වස්තු සම්භාරයක් සොයා යන මිනිසුන් සමූහයක් වටා ගෙතුනු අපූරුවූ කථාවක් තේමා කර ගත් මෙය, "රන් මුතු දූව" ලෙස නම් කෙරුණි. 
 
ශේෂා පලිහක්කාර, ආතර් සී ක්ලාක්, හා මයික් විල්සන් විසින් පිහිටුවා ගත් "සෙරන්ඩීබ්" යන නිශ්පාදන සමාගම විසින් මෙයට ආයෝජනය කළ අතර, කථාව හා තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කලේ මයික් විල්සන් විසිනි.
 
බැලූ බැල්මට මෙහී කථාශාරය,තුල බටහිර සිනමාවක ලක්ෂණ පෙන්නුම් කළ හෙයින් එය දේශීය කරණය කිරීමට තිබූ එකම ක්‍රමය, ගීතය හා සංගීතය බව ඔවුන්ට වැටහුණි. ඒ නිසා ඩබ්ලියු.ඩී. අමරදේවයන්ට ඔවුන් සංගීතය භාර කළේය.
 
චිත්‍රපටය පටන් ගන්නේ වෙසක් උත්සවයෙනි. මයික් විල්සන් බටහිරට ගැති කථා තේමාවක්, ලාංකේය බෞද්ධ ජනතාව අතරට, ගෙන යෑමේ ප්‍රථම ජිමික් එක පටන් ගත්තේ එලෙස වෙසක් උත්සවය ඈදෑ ගනිමිනි. අමරදේවයන්ද, ජාඩියට මූඩිය මෙන්, නාමවලියට බෞද්ධ ගීතයක් එකතු කළේය. ඒ "පාරමිතා බල පුජිත පූජිත, බුද්ධ දිවා කර යානෝ, වෙසක් පොසෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවා කර යානෝ" ගීතයෙන්ය.
 
චිත්‍රපටයේ අභ්‍යන්තරය බටහිර ශෛලයට නෑ කම් කීවද, මයික් විල්සන් හැකි හැම උත්සහයක්ම ගත්තේ දේශීය මුහුණුවරක් ගෙන ප්‍රේක්ෂකයන් ගේ ඇස් බදින්නටය.
 
බන්දු ,සේන, හා රාජුගේ වෙසක් බැලීම නිම කර මධ්‍යම රාත්‍රියේ වෙසක් වලට දමන වෙස් මුහුණු පැලදගෙන නිවසට එන දර්ශනය තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ප්‍රේක්ෂකයන් ට දැනෙන්න ඉඩ හැරිය මයික් තමන්ට ඕන ඉසව්වට පැමිණෙන්නෙ ඉන් පසුවය.මෙවන් තේමාවක් ගොඩදාගත හැක්කේ මුලින්ම ලංකාවේ බහුතරයක් අදහන බෞද්ධාගමට "ප්‍රමෝෂන්" එකක් දෙමින් යන "මාර්කටින්" සිතුවිල්ල ,මයික් ට පැමිණියේ ඔහු චිත්‍රපට නිර්මාණයට පමණක් නොව, මාර්කටින් වලටත් දක්ෂ නිසාය.
 
සිනමා පටයේ නියම හරය පටන් ගැනුනේ, බන්ධු දකින සිහිනයක් හරහාය. ඔහුගේ මියගිය පියා සිහිනෙන් පැමිණ, බන්දුගෙ කරේ එල්ලී තිබෙන රත්තරන් කාසියක් ගැන කියයි. කාසිය හරහාය මෙම වෘත්තාන්තයේ සුල මුල එළියට එන්නේ. කාසියේ මාලෙට එල්ලෙන කොක්ක කැඩී, එය සාදා ගැන්මට යාමෙදී මෙය ධනපාල නම් කූට ව්‍යාපාරයෙකුගෙ ඇස ගැටුණි. ඔහු කෙසේ හෝ උප්පරවැට්ටියකින් එය අයිති කර ගැන්මට උත්සහා කලද එය ව්‍යාවර්ථ වූ පසු, ඔහු ඔහුගේ සේවකයෙක්ව, බන්ධු හා ඔහුගේ සගයන්ගේ පසු පසින් අරින්නේ මේ කාසියේ සුලමුල හරියටම දැනගැන්මටය.
 
කාසියේ අභ්‍යන්තරය සොයා ගිය බන්ධු ඇතුලු සගයන්ට, මෙය පෘතුගීසි කාලයේ ලංකාද්වීපයෙන් කොල්ලකා යන්නට සැරසුණු රත්තරන්, මුතුමැණික්, පිරුනු වස්තුවක් රැගෙන ගිය නැවක් මුහුදුබත් වීමේ කථාවක් අසන්නට ලැබුනු අතර, එයද සිදුවී ඇත්තේ බන්ධුගේ නිවසට යාබද වූ මුහුදු වෙරලේ පිහිටි රන්මුතු දූවේ බවද දැනගන්නට හැකි විය.
 
බන්දුගෙ පියා මිය ගොස් තිබුණේද මෙම වස්තුව සොයා මුහුදේ කිමිදී යන අතරේ වුවද, එම මරණය අභිරහසක් බව ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නෙ, බන්ධු වස්තුවටත් වඩා තම පියා මැරුනු අභිරහස සොයා ගැන්මට උත්සහා කරන බව ඇගවීමටය . ලාංකේය හා ඉන්දියානු චිත්‍රපටවල පිතෘ සෙනෙහසට, මව් සෙනෙහසට තිබෙන්නේ පුදුමාකාර "ඩිමාන්ඩ්" එකකි. මයික් එතනින් ප්‍රේක්ෂකයාව ග්‍රහණයට අසුකරගත්තේ, බන්ධුගේ අභිලාෂය පියා මැරුණු අයුරු සොයා ගැන්ම ලෙස ඒත්තු ගන්වමිනි.
 
බන්ධු, සේන, රාජූ සහ බන්ධුගෙ මාමා දැන් වැල්ලේ "ෆුල් ටයිම් ඩියුටිය". ඒ මේ මුහුද යට තිබෙන වස්තුව ගැනීමටය. මයික් ඔතැනට දුෂ්ඨයෙක්ද සම්බන්ධ කර ගතී. ඒ ධනපාලය. අර සාප්පු හිමියාය. ඔහුද, හිටි අඩියේම නැවකින් මෙතැනට කඩා වැටේ. ඔහුට රෙංගා සහ ඔහුගේ පියා කාලිදාසත්, මුත්තුසාමිත් එකතු වේ. දැන් දුෂ්ඨයෝ ටිකත් "ටීම් වර්ක්ය". මෙතනට ලව් එකක් සෙට් විය යුතුය. මුත්තුසාමිගේ දුව කුමාරි ගෙන් මයික් ඒ අඩුව පිරීය.
 
මුත්තුසාමිත් ධනපාලත් බන්ධුලට විරුද්ධව කරන්නට යන හැම සැලැස්මක්ම කුමාරි විසින් බන්ධුට දන්වයි. සේන, රාජු, හා බන්ධුගේ මාමා, කුමාරී පොඩි කරන සුදුළුණු අදුනා ගනී. බන්ධු හා කුමරි "ලව්" බව සහ සුද්දයෙන්ම දැන ගත් පසු වැල්ලෙ සිංදු කියමින් ආතල් ගන්නේ ඔවුන්ය.
 
"පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා, වරෙන් වරෙන් හුලං පොදක් අපේ ඇගේ ගෑවිලා"
 
ඒ අතරෙ කුමාරි බන්ධු හමුවීමට නිතර නිතර එයි. ඔවුන් ගමක සිටියායයි කියා පෙන්වුවද කුමාරි සිටින්නේ නිතරම පාට පාට සාරි ඇදගෙන, මුණ රතු ගාගෙන, දෙතොල් හී ලිප්ස්ටික් උලාගෙන කොන්ඩෙ මල් ගසාගෙන හරියට ගෝල්ෆේස් හෝටලයේ මගුල් ගෙදරකට යන්නට වගේය. ප්‍රථම වර්ණ චිත්‍රපටය නිසාත්, චිත්‍රපටයේ කැපී පෙනුණු එකම කාන්තා චරිතය නිසාත් කුමාරිගෙන් චිත්‍රපටය "ග්ලැමර්" කිරීමට මයික් උත්සහ ගන්නට ඇත. කුමාරිට රගපෑවේ එවකට නැගී එන නිළියක් වූ ජීවරාණි කුරුකුලසූරියය. ඇය එහී සුඛෝපබෝගි සාප්පුවක විශාල වීදුරුකූඩුවක දමා සිටි ලස්සන බෝනික්කියක් මෙනි. ඇය ගේ රගපෑම්ද, ඇවිදින කථා කරන බෝනික්කියක් මෙනි.
 
පොතේ වචනවලින් ඇය "මං බන්දුට ආආආදරෙයි" කියන විට බලන් සිටින ප්‍රේක්ෂකයාත් ඇඹරෙන්නට පටන් ගනී.
 
"ගලන ගගකි ජීවිතේ
 
දයා ලූ ලෝකයේ
 
මිහිර පතා ආදරේ
 
ලපලු නටයි ගං තෙරේ"
 
බන්ධුයි,කුමාරියි ආදරය කරන බව අපට "ෂුවර්"ම වන්නෙ ඔය ගීතයේ දර්ශනයෙන් පසුවය.
 
චිත්‍රපටයට මුල සිටම තාපසයෙක් එකතු වේ. ඒ එකල චිත්‍රපටවල හැටිය. හාමුදුරු නමක් නැත්නම් අවම වශයෙන් තාපසයෙක් සිටිය යුතුමය. මේ සුන්බුන් වූ නැවේ කථාව ටක්කෙටම දන්නේ මේ තාපසයාය. පෘතුගීසින් ලංකා භූමියේ වස්තු කොල්ල කා යනවිට, විශාල සුළිසුළගක් හමා එතන තිබූ දේවාලය
 
බිමට සමතලා වී එම නැවද සුළගට අසුවී මුහුදුබත් වූයේ, දේවශාපයක් නිසා බවත්, කිසිවෙක් වස්තුව තමා සතු කර ගැන්මේ චේතනාවෙන් එය සොයා ගියහොත් ඒකාන්තයෙන්ම මරණයට පත් වෙන බවක් කීය. බන්දුගේ පියාටද සිදු වූයේ එය බව තාපසයා කීය.
 
මේ අතර රෙංගාද කුමාරිට ආදරය කිරීමට සැරසෙන අතර, රෙංගා කුමාරිගේ ඇවැස්ස මස්සිනා කෙනෙක් බවද අගවයි. මුත්තුසාමි ගේ දුව කුමාරි, කාලිදාසගේ පුතා රෙංගාටය. එය නියම වී තිබුනේ එසේය. එහෙයින් රෙංගා සහ බන්ධු අතර ⁣"කොක්කක්" නිර්මාණය වේ. ඒ කොක්ක පසුව "වලියක්" දක්වා ව්‍යාප්ත වේ. දිනක් බන්ධු ලව දෙව නැතිව රෙංගට කුමාරි ඉදිරියේම නෙලයි. ඒ රෙංගා බන්දුගෙන් ඉල්ලන් කන්නට ගොසිනි. එයින් රෙංගා බන්ධු කෙරේ ඇති වෛරය දැඩි වේ.
 
මේ අතර බන්ධු මුහුදේ කිමිදෙමින් පතුලේ සුන්බුන් වූ නැවේ හිරවුණු වස්තුව සොයන්නට උත්සුක වෙයි. නැවතත් චිත්‍රපටය වෛවර්ණ වෙයි. එලෙසම ත්‍රාසජනක වෙයි. වෛර්ණ වන්නේ දිය යට ඇති ⁣⁣ ⁣⁣සුන්දර දර්ශනයන්ය. ලස්සන පාට පාට නොයෙකුත් වර්ගයේ මාලුන් පෙන්වමින්, මයික් ප්‍රේක්ෂකයාව අන්ද මන්ද කරයි. එමෙන්ම දිය යට සටන් දර්ශන තුළින් මයික් ප්‍රෙක්ෂකයන්ව ත්‍රාසජනක කරයි.
 
රන්මුතු දූව ගලා ගෙන ගියේ එවන් වූ කථා මාලාවකි. රෙංගා තනියෙන් වස්තුව ගන්නට යෑමේදී මුහුදටම බිලිවී යයි. ධනපාලටද සිදුවන්නේ එයට සමානම ඉරණමකි. කාලිදාස තම පුතුට පන ගැන්මට, යකදුරු වැඩ කරන්නට විය. කුමාරිව මුහුදේ ගලක බැද තැබුව හොත්, තම පුතු රෙංගා මුහුද දෙබෑකරගෙන පැමිනෙණු ඇතැයි, කාලිදාස විශ්වාස කලේය. එහෙත් ඔහේ ආ රෙංගෙක් නැත. ඉමහත් පරිශ්‍රමයකින් බන්ධු ඇතුලු පිරිස ගලේ බැද සිටි කුමාරිව බේරා ගති. බන්දුට වස්තුව ලැබුනි. එහෙත් ඔහු එවා යලි රජයටම භාරදුන් අතර දේවාලය සැදීමටද කොටසක් වෙන්විය. බන්දුයි, කුමාරියි එක් වන්නට ඇත. එහෙම නොවුණානම් සිංහල චිත්‍රපටයක් යැයි කිව නොහැක.
 
ගාමිණී ෆොන්සේකා බන්දු ලෙසත්, ජෝ අබේවික්‍රම සේන ලෙසත්, ශේන් ගුණරත්න රාජු ලෙසත් ඇන්තනි සී පෙරේරා බන්දුගේ මාමා ලෙසත් වින්සන්ට් වාස් කුමාරිගේ පියාවූ මුත්තුසාමි ලෙස ප්‍රාණවත් රගපෑමක නිරත විය.
 
ජිවරාණි කුරුකුලසූරිය කුමාරි ලෙසත්, ඔස්ටින් අබේසේකර ධනපාල ලෙසත්, තිලකසිරි ප්‍රනාන්දු තාපසයා ලෙසත් සෙසු චරිත රගපෑහ.
 
රන්මුතු දුව, සිනමාත්මකව කෙසේ වෙතත් ලාංකේය සිනමාවට නැවුම් අත්දැකීම් රාශියක් ගෙන දුන්, එලෙසම ලාංකේය ජනතාව ඉමහත් ආදරයෙන් වැලද ගත් චිත්‍රපටයකි. එය කිසිසේත්, කිසිකලකත් අමතක නොවෙන, එලෙසම අමතක කිරීමට බැරි විචිත්‍රවත් නිර්මාණයකි.
 
ශෝන් මැක්ස්මස් දිසානායක
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
මයික් විල්සන්
නිෂ්පාදනය
ශේෂා පලිහක්කාර
නිෂ්පාදනය
ශේෂා පලිහක්කාර
නිෂ්පාදනය
Arthur C. Clarke
කැමරාකරණය
මයික් විල්සන්
කලා අධ්‍යක්ෂණය
J.A. Vincent
සංගීත අධ්‍යක්ෂණය
ඩබ්ලිව්.ඩී. අමරදේව

අමතර ශිල්පින්

සහාය කැමරාකරණය
Sumiththa Amarasinghe
සහාය කැමරාකරණය
M.S. Anandan
සහාය අධ්‍යක්ෂණය
Raja De Silva
සහාය කැමරාකරණය
V. Wamadevan
ගීත පොත්
M.K. Ponnaiya Pille
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS