Nanda Malini

Nanda Malini

නන්දා මාලනී

Born 23 August 1943

23 August 1943

62.16% · 2,286 votes
Rate this artist

Summary

NameNanda Malini
Sinhala Nameනන්දා මාලනී
Born23 August 1943
Sinhala SinduView profile

Biography

නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.

මුල් කාලය

නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව‍ යෞවන වියේදී කොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය. ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි. ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීමට සලස්වන ලදි. එම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර නිතර නිතර ඇසෙන්නට විය. ඉන්පසුව ලංකා ගුවන් විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලවීර මහතා නන්දා මාලනියන්ගේ ශාස්ත්‍රීය සංගීත දිවිය සදහා සියලු අනුග්‍රහයන් දක්වන ලදි.

අධ්‍යාපනය

නන්දා මාලනිය ඇගේ නිරන්තර පුහුණු කිරීම් අනතුරුව කීර්තිමත්, බී. වික්ටර් පෙරෙරා යටතේ සංගීතය හදෑරීය, ඇය පසුව 1984 වසරේදී විශාරද උපාධිය ලබා ගැනීම සඳහා නැවතත් එම විශ්ව විද්‍යාලයට ගියාය.

ගායිකාවක් ලෙස

ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය ලෙස "රණ්මුතු දූව" චිත්‍රපටිය නිෂ්පාදනය කරීමට සෙරන්ඩිබ් සමාගම විසින් 1961 දී තීරණය කරන ලදි. එහි සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරාගැනුනේ පණ්ඩිත් අමරදේවයන්ය.එම චිත්‍රපටියට නාරද දිසාසේකර සමඟ යුග ගීතයක් ගායනා කිරීම සඳහා පණ්ඩිත් අමරදේවයන් විසින් නන්දා මාලනියට ඇරයුමක් ලැබුණි.ඇරයුම පිළිගත් ඇය ඇගේ කුලුදුල් චිත්‍රපටි ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගයනා කළාය. එම චිත්‍රපටිය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවිය සම්මාන සියල්ලම දිනාගන්නාලදි."ගලන ගඟකි ජීවිතේ" ගීතය සමඟ ඇය අතිශය ජනප්‍රියතාවකට පත්විය.

සංගීත කර්තව්‍යයන්

ඩී. ඩී. ඩැනී ගේ සංගීත ප්‍රසංගයේ ගායනා කරන ලද "බුදු සාදු" ගීතය ඇයගේ සංගීත දිවියේ අති විශාල බලපෑමකට තුඩුදුනි. මෙමඟින් පණ්ඩිත් අමරදේවයන්ගේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "මධුවන්තී" හි ගීත ගායනයට ආරාධනාවක් ලැබුණි. එහිදී නන්දා මාලනියන් විසින් "සන්ණාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" යන ගීත එම වැඩසටහනෙහි ගායනා කරමින් විශාල අද්දැකීමක් සහ තත්වයක් ලබා ගැණිනි.

මාලනියන්ගේ සාර්ථක නිෂ්පාදනයන් : පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යය ගීතය, “පවන ගී එකතුව“,හේමන්තයේදී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරිමදුවැල් , ලන්ඩනයේදී ගැයූ ගී, යතුර, හඳහාමි , සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ , සාරි පොඩිත්තක් සහ පිරිත් පැන්.

ආදර ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව ඇයගේ අවධානය යොමුවූයේ ආගමික ගීත ගායනා කිරීමත්ටයි. උදාහරණයක් ලෙස "සාදු නාද" කැසට් පටයේ "දන්නෝ බුදුන්ගේ" ගීතය දැක්විය හැක. එම ගීතය දෙවන ජාතික ගීය ලෙසද සලකයි. එය ගායකයෙක් ලෙස පුද්ගලයෙකුට ලැබීමට හැකි දුර්ලබම අවස්ථාවකි.පසුව ඇයගේ අවධානය යොමුවූයේ ළමා ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස "හඳ හාමි" ගීත ඇල්බමයේ ගීත 14 ක් අතුලත් වූ අතර ගී පද ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ පූජ්‍ය එස්. මහින්ද හිමි විසින් ලියන ලදි.1990 වසරේ නිර්මාණය කළ "සිංදු හෝඩිය" ගීත 16 කින් සමන්විත වූ අතර එහි අරමුණවූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හදුන්වාදීමයි.

සම්මාන

නන්දා මාලනිය හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.එම ලැබූ සම්මාන වලින් ඇය නිතරම වෙනස් දෙයක් කිරීම සඳහා ගවේෂණාත්මක වූ අතර කැසට් සහ CD මාර්ගයෙන් එම නව නිර්මාණ රසිකයන්හට දායාද කෙරිණි.

හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි සම්මාන - , ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව 1963 , මේ සිංහල අපගෙ රටයි සාරවිට 1965 ,රංග සැඩොල් කඳුලු 1967 , කින්චි පින්චි පුන්චි පැන්චි ආදරවන්තයෝ 1968 , හඳ හාවුන් මොණර තැන්න 1979 , සිංගින් පොයට් සිරිබෝ අයියා 1980 , දෙනෝදහක් නුවණ් අතරේ වජිර 1981 , අම්මාවරුනේ යස ඉසුරු 1982 , අහසින් පොළවට පෙම් රජදහන 1992 , ඉවුරු බිදුනු ගං තලාව අඹුදරුවෝ 1995 ඇය මේ දක්වා සෑම වසරකම පාහේ සම්මාන දිනා ඇත.සිංගප්පූරුව, මලයාසියාව, පාකිස්තානය, ජර්මනිය, සෝවියට් දේශය, ඉතාලිය, ප්‍රංශය, මැද පෙරදිග සහ මාලදිවයින වැනි රටවල් ඇයට ප්‍රසංග සඳහා ආරාධනා කල අතර එහිදී සාර්ථක ලෙස ප්‍රසංග ඉදිරිපත් කෙරිණි.1988 දෙසැම්බර් 16, ඇය ඇගේ 250 වන ප්‍රසංගය පවත්වන ලදි. 2010 සැප්තැම්බර් මාසයේ නන්දා මාලනියන් සිරස නාලිකාව සමඟ එකතු වෙමින් දිවයින පුරා සජීව ඒක පුද්ගල ගීත ප්‍රසංග 25 ක් ද පවත්වන ලදි.

Awards

National Awards

1 Abhimani Award 33rd Sarasaviya Awards - 2016 - 2016
2 Best Singer - Female Ragini - 1998 12th Presidential Award 2000 - 2 - 2000
3 Best Singer - Female Paadadaya - 1999 13th Presidential Award 2000 - 2000
4 Best Singer - Female Mee Haraka - 1994 7th Swarna Sanka Cinema Awards Ceremony 1996 - 1 - 1996
5 Best Singer - Female Ambu Samiyo - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995
6 Best Singer - Female Pem Rajadahana - 1990 19th Sarasaviya Awards - 1991 - 1991
7 Best Singer - Female Gedara Budun Amma - 1988 2nd Swarna Sanka Cinema Awards Ceremony 1990 - 1990
8 Best Singer - Female Puja - 1986 9th Presidential Award 1987 - 1987
9 Best Singer - Female Sivu Ranga Sena - 1983 6th Presidential Award 1984 - 1984
10 Best Singer - Female Yasa Isuru - 1982 11th Sarasaviya Awards - 1983 - 1983
11 Special Jurry Award Yasa Isuru - 1982 10th OCIC Award Ceremony 1983 - 1983
12 Best Singer - Female Yasa Isuru - 1982 5th Presidential Award 1983 - 1983
13 Best Singer - Female Vajira - 1981 10th Sarasaviya Awards - 1982 - 1982
14 Best Singer - Female Sathara Peranimithi - 1981 4th Presidential Award 1982 - 1982
15 Best Singer - Female Siribo Ayya - 1980 9th Sarasaviya Awards - 1981 - 1981
16 Best Singer - Female Siribo Ayya - 1980 3rd Presidential Award 1981 - 1981
17 Best Singer - Female Monarathenna - 1979 8th Sarasaviya Awards - 1980 - 1980
18 Best Singer - Female Monarathenna - 1979 2nd Presidential Award 1980 - 1980
19 Favourite Female Singer 3rd Deepashika Award Ceremony 1972 - 1972
20 Best Singer - Female Adaravanthayo - 1968 1st Gunwan Viduli Sammana Ulela 1970 - 1970
21 Best Singer - Female Adaravanthayo - 1968 6th Sarasaviya Awards - 1969 - 1969
22 Best Singer - Female Sadol Kandulu - 1967 5th Sarasaviya Awards - 1968 - 1968
23 Best Singer - Female Saaravita - 1965 3rd Sarasaviya Awards - 1966 - 1966
24 Best Singer - Female Ranmuthu Duwa - 1962 1st Sarasaviya Awards - 1964 - 1964
Film NoYearFilmSongRole
78 1961 Daruwa Kageda දරුවා කාගේද Sinhala Mee Massa Run Runමී මැස්සා රූං රූං Vocalists
83 1962 Ranmuthu Duwa රන්මුතු දූව Sinhala Galana Gangaki Jeevitheගලන ගඟකි ජීවිතේ Vocalists
Paramitha Bala Pujitha Pujithaපාරමිතා බල පූජිත පූරිත Vocalists
102 1964 Patachara පටාචාරා Sinhala Baloli Baloliබාලොලි බාලොලි Vocalists
Nodamunu Rala Therapeනොදැමුණු රළ තෙරපේ Vocalists
116 1965 Saaravita සාරවිට Sinhala Me sinhala apage ratai.. api ipadila marena rataiමේ සිංහල අපගෙ රටයි Vocalists
134 1966 Delovak Athara දෙලොවක් අතර Sinhala Balani Ektam Gein Besaබලනි එක්ටැම් ගෙයින් බැස Vocalists
138 1966 Vesathuru Siritha වෙසතුරු සිරිත Sinhala Rathata Pipena Sapu Kekuluරතට පිපෙන සපු කැකුළු Vocalists
Ruwan Wala Duhul Kadinරුවන් වලා දුහුල් කඩින් Vocalists
Wane Palaa Palaවනේ පලා පල Vocalists
150 1967 Manamalayo මනමාලයෝ Sinhala Sulalith Sulange Oba Nelaweddiසුලලිත සුළඟේ ඔබ නැලවෙද්දී Vocalists
164 1967 Rena Girawu රෑන ගිරවු Sinhala Etha Sonduru Lowak Atheඈත සොඳුරු ලොවක් ඇතේ Vocalists
Rena Gira Joduwaiරෑන ගිරා ජෝඩුවයි Vocalists
182 1968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Sinhala Neela Nuwan (Female)නීල නුවන් (ගැහැණු) Vocalists
185 1968 Adaravanthayo ආදරවන්තයෝ Sinhala Dawasaka Muthuwel Genenawaදවසක මුතුවැල් ගෙනෙනවා Vocalists
191 1969 Naarilatha නාරිලතා Sinhala Doi Doi Bilinduදොයි දොයි බිළිඳු Vocalists
196 1969 Mee Masso මී මැස්සෝ Sinhala Run Run Run Mee Messoරුං රුං රුං මී මැස්සෝ Vocalists
198 1969 Binaramalee බිනරමලී Sinhala Wananthare Kanduwaliyeවනන්තරේ කඳුවලියේ Vocalists
204 1969 Mokada Une මොකද වුනේ Sinhala Gahakola Pibide Mal Pala Ganweගහ කොළ පිබිදේ මල් පල ගැන්වේ Vocalists
206 1969 Hanthane Kathawa හන්තානේ කතාව Sinhala Mahagiri Arane Me Divi Uyaneමහගිරි අරනේ මේ දිවි උයනේ Vocalists
Sara Sonduru Mal Petaliසරා සොඳුරු මල් පැටලී Vocalists
207 1969 Bakmaha Deege බක්මහ දීගේ Sinhala Diyata Namunu Malදියට නැමුණු මල් Vocalists
Malakin Malakataමලකින් මලකට Vocalists
215 1970 Penawa Neda පේනවා නේද Sinhala Jeewitheta Amila Neumජීවිතේට අමිල නැවුම් Vocalists
Podu Eliyak Lowa Pawathinaපොදු එළියක් ලොව පවතිනා Vocalists
231 1971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Sinhala Dedunu Pata Pata Watenawaදේදුනු පායා පාට වැටෙනවා Vocalists
234 1971 Samanala Kumariyo සමනල කුමරියෝ Sinhala Ihata Udin Nil Ahasaiඉහට උඩින් නිල් අහසයි Vocalists
Mangala Madu Madiraමංගල මධු මදිරා Vocalists
245 1972 Athithayen Kathawak අතීතයෙන් කතාවක් Sinhala Atheethaye Diyaniyaneඅතීතයේ දියණියනේ Vocalists
249 1972 Lokuma Hinawa ලොකුම හිනාව Sinhala Hangum Wisira Dasa atheහැඟුම් විසිර දස අතේ Vocalists
251 1972 Sihina Lowak සිහින ලොවක් Sinhala Mee Pup Ladinමී පුප් ලදින් Vocalists
252 1972 Ihatha Athmaya ඉහත ආත්මය Sinhala Ada pamanak Nove apataඅද පමණක් නොවේ අපට Vocalists
332 1976 Duhulu Malak දුහුළු මලක් Sinhala Ran Kenden Bandaරන් කෙන්දෙන් බැඳ Vocalists
335 1976 Asha ආශා Sinhala agak Mulak Nathi Ashaඅගක් මුලක් නැති ආශා Vocalists
357 1977 Eya Dan Loku Lamayek එයා දැන් ලොකු ළමයෙක් Sinhala Ma Hada Thula Wikasitha Vunaමා හද තුළ විකසිත වුණ Vocalists
Pinidiyen Wikasithawa Pirisiduපිනි දියෙන් විකසිතව පිරිසිදු Vocalists
409 1979 Monarathenna මොණරතැන්න Sinhala Handa havun handeහඳ හාවුන් හඳේ Vocalists
688 1990 Pem Rajadahana පෙම් රජදහන Sinhala අහසින් බසින් හිරු මඬලින් Vocalists